Posts

Showing posts from July, 2013

ලංකාවේ පිරිමි දක්ෂතා ඇති ගැහැනුන්ට බිය ඇයි? (ජානකීගේ සිට ශිරානි දක්වා)

Image
මා මෙහි පහත යළි පළ කරන්නේ 2008 ජනවාරි මස පළ කරන ලද ලිපියකි. මට එය නැවත පළ කරන්නට සිතුණේ ජානකී සූරියආරච්චි පිළිබඳ ලියන ලද පසුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර කියවීමේදී ය. ජානකී සූරියආරච්චි පමණක් නොව සුනේත්‍රා රාජකරුණානායක වැනි ලේඛිකාවන් ද ලංකාවේ විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා පිරිමින්ගේ නිර්දය ප්‍රහාරයට ලක් වූහ. ඇය අවුරුදු පතා පොත් ලියනවා ය, භාෂාව හොඳ නැති ය වැනි විගඩම් මිස හරයක් ඇති විචාරයක් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කිරීමට සුචරිත ගම්ලත් දක්වා කිසිදු විචාරකයෙක් සමත් වූයේ නැත. තමන්ගේ බැනිල්ලට පදනමක් අවශ්‍ය නිසා අන්තිමේදී බොහෝ දෙනෙක් එල්ලුණේ ‍ගුණදාස අමරසේකරගේ කරේ ය. ඔහු කී දෙයක් වන්නේ ඇගේ පොදු පුරුෂයා ව්‍යාජයක් ය කියා ය. ඒ කියන්නේ යථාර්ථවාදී නො වනවා ය කියා ය. අමරසේකර දන්නා යථාර්ථවාදයේ අග්‍ර ඵලය ඔහුගේ ගමනක මුල, මැද, අග නම් තුන් ඈදුතු නවකතාවයි. මට නම් එය නවකතාවක ව්‍යාජයෙන් ලියන ලද වංශ කතාවකි. සුචරිත ගම්ලත් නම් කීවේ මෙවැනි දේ ය: "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය

Image
ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ලේඛිකාවකි. ව්‍යවසායිකාවකි. ඇගේ මුල් කාලීන ළමා පොත්බොළඳ කතාවලින් පිරී තිබිණි. එහෙත් පසුකාලීනව ඇය විසින් කරන ලද ඇතැම් නිර්මාන ළමයින්ගේ හද බැඳගත්, ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රස විඳිය හැකි අපූරු ඒවා ය. විශේෂයෙන් ම ඇගේ 'දොයි අම්මා' නම් පැදි පෙළ හා ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ සහිත පොත හා වීඩි‍යෝව සුවිශේෂ ප්‍රතිභාවක් පළ කරන අනගි කෘතියකැයි මට සිතේ. එහි දරුවකු අම්මා දෙස හෙළන ආදරණීය බැල්ම ගෘහස්ථ ශ්‍රමිකාවක් ලෙස ඇගේ භූමිකාව දෙස අලුත් ඇසකින් බලන්නට සමාජය පොළඹවයි. ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ ප්‍රකාශනශීලිත්වයෙන් අනූන ය. ජානකී සූරියආරච්චි කිසි දිනෙක තමන් ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා ඇති බවක් මම නො දනිමි. එහෙත්, තමන් ස්ත්‍රීවාදීන් යයි කියන බොහෝ අය වෙතින් පළ නො වන නිර්මානශීලිත්වයක් ඇගේ මෙම කෘතිය තුළින් මතු වේ. එසේ වීමට මූලික හේතුව වන්නේ මෙම නිර්මානය තුළ ඇති අව්‍යාජත්වයයි. අද වන විට ලංකාවේ ළමයින් සඳහා වූ කලාව කෲර වෙළඳපොළක් වී තිබේ. ළමා නො වන චිත්‍රපට ළමා චිත්‍රපට යයි ළමයින් රවටා පෙන්වා මුදල් ගසා කෑම අද වන විට ජාතික සිනමාව වී තිබේ. රූපවාහිනී චැනල් ළමයින්ට පෙන්

ටිපර් රියකට යට වී මිය ගියෙමි

Image
මේ ඔහු මෙන් ම ඔබ හෝ මා හෝ ද වන්නට පුළුවන අටවන ශ්‍රේණියේ පාසල් දරුවකු යයි කියන්නේ තවමත් කොට කලිසම් අඳින, තනිව සිය කටයුතු කර ගැනීම පුහුණු වන එකෙකි. මට මතක හැටියට තනිවම බයිසිකලය පැදගෙන මතුගම නගරයට එන්නට මට ද පුළුවන් වුණේ ඒ වයසේදී ය. අපේ ජීවිත සමග බස්වල තිබුණු සම්බන්ධය ගැන මම මින් පෙර 'සිලෝන් ටකරං බස්' ලිපියේ ලිව්වෙමි. අටේ ංතියේ හෝ නමයේ පංතියේ ඉන්න කා‍ලේ එක් සති අන්තයක මම මට පිටුපසින් එන බසයකට කලින් යාම සඳහා වේගයෙන් බයිසිකලය පැද්දෙමි. ඒ කාලයේ තිබුණු ලොරි එහෙම එතරම් වෙගයෙන් ධාවනය නොවූ ඒවා බැවින් සුළඟට ආවරණය වෙමින් ඒ පසුපස බයිසිකල් පැදීමට පුළුවන්කම තිබිණි. ඇතැම් පුරුදුකාරයෝ එක් අතකින් ලොරියේ එල්ලී වේගයෙන් බයිසිකලය පදවන්නට සමත් වූ හ. එය අතිශය අනතුරුදායක වූමුත් ත්‍රාසජනක ය. ආපසු කතාවට..... මම කෙතරම් වේගයෙන් පැද්දත් බසය මා ඉස්සර කර යාම වළක්වන්නට බැරි විය. බසය මා ඉස්සර කරද්දීත් මම වේගයෙන් එය පදිමින් සිටියෙමි. බසයේ පාපුවරුවේ මිනිසුන් එල්ලී ආ බව මම නො දුටුවෙමි. එසේ එල්ලී ආ අය මගේ ඇඟේ වැදීමෙන් මම පාරෙන් ඉවතට විසි වී වැටුණෙමි. වාසනාවට මා වැටුණේ පස් ගොඩකට ය. අට ශ්‍රේණියේ ළමයකු එසේ කා

W3Lankaට හතරයි; මල්වඩම් අනවශ්‍යයි

Image
මුල් කාලේ බැනර් එකක් දන්නේ ම නැතිව W3Lankaට වසර හතරක් සම්පූර්ණ වී තිබේ. මා සිතා සිටියේ මෙය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ කියාමුත්, ඇත්තෙන් ම මෙහි පළමු ලේඛනය ඇතුළත් කර තිබෙන්නේ 2009 ජුනි 28දා ය. W3Lanka මුලින් පටන් ගත්තේ 2009 පෙබරවාරියේදී පුවත් හා විශ්ලේෂණ වෙබ් අඩවියක් ලෙස ය. ලාංකිකයන්ට අවශ්‍ය සාමාන්‍ය තොරතුරු කැටි කර ගත් හෝම් පේජ් එකක් ලෙස එය ඉදිරිපත් කිරීමෙන් ජනප්‍රිය වීමට අපි උත්සාහ කළෙමු.  W3Lanka වෙනුවෙන් බ්ලොග් එකක් ආරම්භ කළේ වෙබ් අඩවිය ජනප්‍රිය කරවීම පිණිස උපාය මාර්ගයක් ලෙසයි. එහෙත්, මේ බ්ලොගය විසින් පසුව W3Lankaහි හැඩරුව තීරණය කරන ලදී. බ්ලොගය ආරම්භ කර කෙටි කලකින් අපි වෙබ් අඩවිය අතහැර දැමුවෙමු.  බ්ලොගර් සංඛ්‍යා දත්ත අනුව, මේ වන විට 1,672,474ක් දෙනා මෙම බ්ලොගයේ පිටු කියවා තිබේ. එහි බ්ලොග් සටහන් ගණන 2552කි. කියවන්නෝ අදහස් 12,192ක් පළ කර තිබේ. ෆේස්බුක් ඔස්සේ ද තවත් පිරිසක් අප සමග එක් වෙති. අප විසින් ලියන ලද්දේ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය වීම ඉලක්ක කර ගත් ලිපි නො වේ. ජනප්‍රිය වුවත්, නැතත්, කාලීන දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ යම් දැක්මක් ඉදිරිපත් කරමින් සංවාද ආරම

ජීවිතයේ හා දේශපාල‍නයේ දයාසිරි ලක්ෂණ

Image
Body language දයාසිරි යනු පොදු මිනිස් ලක්ෂණයකි. ඒ මෙසේ ය: විශේෂ දක්ෂතා නැතත්, තිබෙන දක්ෂතා අදාළ වන්නේ වෙනත් අංශවලට වුණත්, අපි මාර දක්ෂ යයි අපි සිතාගෙන සිටිමු. අපට ඕනෑ දෙය අපට කර ගන්නට බැරි විට අපට එය කිරීමට බැරි කවුරුහරි අපට කැපිල්ල දමන නිසා යයි අපි සිතමු. හැමෝ ම තමන් සමග ඉරිසියා නිසා හැමෝ ම බලන් ඉන්නේ තමන්ගේ ඉදිරි ගමනට අකුල් හෙළන්නට යයි අපි සිතමු.  තමන් මෙතෙක් සිටි සමාජ කණ්ඩායම සමග ගැටලුවක් ඇති වූ විට අපි එම සමාජ කණ්ඩායමේ සතුරා හෝ අනෙකා හෝ සමග මිතුරු වෙමු.  ඉන්පසු අපේ පරම අධිෂ්ඨානය අර සමාජ කණ්ඩායම විනාශ වනු දැකීමයි.  අප නොමැති වීමෙන් අප විසින් කරන ලද කාර්යභාරය අවුල් වී යනු දැක අපි සතුටු වෙමු. අප‍ වෙනුවට පැමිණි අනුප්‍රාප්තිකයා අසාර්ථක වනු බලා සතුටු වෙමු. අනුප්‍රාප්තිකයා අසාර්ථක වේ නම් ඔහු සමග මිතුරු වී ඔහුට උදව් කරන මුවාවෙන් ඔහු ද අපේ සතුරන් සමග බිඳවමු. අනුප්‍රාප්තිකයා සාර්ථක වේ නම් ඔහු අපේ පරම සතුරකු ලෙස සලකා ඔහු අසාර්ථක බව පුන පුනා කියමින් ඔහු අසාර්ථක කිරීම සඳහා හැම දෙයක් ම කරමු.  තමන් කලින් සිටි පිලේ නායකයාට වඩා වත්මන් පිලේ නායකයා තමන්ට සමීප බව පෙන්වීමට ඔහු අසල ඉතා දී

වැසිකිළියේ හැංගුණ ළමයා හා අපි

Image
පහත පළ වන්නේ මේ දිනවල ජනප්‍රිය පුවතක්. කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබේ. මීට පෙර අවස්ථාවකදී පොල්ගහවෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසුවියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරිසරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී තිබේ. අල්ලාගත් සිසුවාගෙන් පාසල් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර සිදුවීම්වලදීත් පැන දිව්වේ තමා බවට පාපෝච්චාරණය කර ඇතැයිද 'මව්බිම'ට වාර්තා වෙයි. සිසුවාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කොළඹ ජනප්‍රිය විද්‍යාලයක වාණිජ විෂය ධාරාවෙන

දළු කඩන "තේමිස්ලා" හා ඵල නෙළන සර්ලා

Image
පසුගිය දිනෙක මගේ මිතුරන් පිරිසක් වි‍දේශ රැකියාවල යෙදෙන ගැහැනුන් ගැන කරමින් සිටි කතාබහකට සහභාගි වුණෙමි. ඔවුන් කතා කරමින් සිටියේ ලංකාවේ ගෘහ සේවිකා ගැහැනුන් මැද පෙරදිගදී හිංසනයට ලක් වන්නේ ඇයි ද යන්නයි. ඔවුන් එයට එක් හේතුවක් ලෙස දුටුවේ ගැහැනුන්ගේ වනච‍රකමයි. ගෘහ සේවිකාවන් ලෙස ලාංකීය ගැහැනුන් රට යැවීම තහනම් කළ යුතු බව එකෙක් කීවේ ය. එහෙම කළොත් රජයේ සේවකයන් වන ඔවුන්ට වැටුප් ගෙවීමට රජයට මුදල් නැති වන බව මම කීවෙමි. මේ වන විට රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ ලාංකීය ගැහැනුන් වහල් සේවය සඳහා රට පැටවීම බව මම‍ පෙන්වා දුන්නෙමි. එපමණක් නො ව, තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තයේ ද යෙදී සිටින බහුතරය කාන්තාවෝ ය. සම්ප්‍රදායිකව ම තේ, රබර් වැනි කර්මාන්තවල යෙදී සිටින්නන්ගෙන් බහුතරය ද කාන්තාවෝ ය. එහෙත්, ලංකාවේ මධ්‍යම පංතික‍යන් මෙවැනි වෘත්තීන් දෙස බලන්නේ මහත් පිළිකුළෙනි. අම්මලා මැද පෙරදිග රටවල රැකියාවල යෙදී සිටින දරුවෝත්, අම්මලා ඇඟලුම් කම්හල්වල රැකියාවල යෙදී සිටින දරුවෝත් ගුරුවරුන්ගේ අවඥාවට ලක් වන ආකාරය මම දැක ඇත්තෙමි.. එවැනි අවඥාවට ලක් කිරීම්වලට කාන්තාවෝ ද සහභාගි වෙති. අපේ පැත්

දයාසිරි ගියේ කැපිල්ල නිසා ද? බැරි නිසා ද? නැතිනම් හැටි ද?

Image
දයාසිරි ජයසේකර ද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේය.  දයාසිරි ගියේ ඔහුට තිබුණු කැපිලි නිසා ය, ඔහුට එජාපයෙන් අවස්ථාවක් නො ලැබුණු නිසා ය ආදී කතා තිබේ.  දයාසිරි ජයසේකර ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඔහු වැනි අය එක්සත් ජාතික පක්ෂයේ රඳවා ගන්නට බැරි වීම ඇත්තට ම නායකත්වයේ බරපතල දුබලකමකි. එහෙත්, ඔහු වනාහි දක්ෂ දේශපාලනඥයකු ය යන්න නම් පිළි ගත නො හැක. එහු සිංදු කියන්නට නම් දක්ෂයෙකි. බලය, ධනය හා වරප්‍රසාද ඔස්සේ ඔහු ආකර්ශනය කර ගන්නට හැකි වීම රාජපක්ෂ පවුල් පාලනයේ විශේෂ දක්ෂකමක් නො වේ. ඒ වනාහි දයාසිරි ජයසේකර චරිතයේ තිබෙන දීන ලක්ෂණයකි. අවසානයේදී ඔහු ද සන්ධානයේ සිටින සෙසු දීන බත්බැලයන් ද අතර වෙනසක් නැති බව ඔප්පු වී තිබේ. කොන්ද පණ ඇති මිනිස්සු කරන්නේ තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් තනිව හෝ සටනේ යෙදී සිටීමයි. ප්‍රතිපත්ති පාවා දී, තමන්ගේ විවේචනයට ලක් වූ දුෂ්ටත්වයන් සමග ලජ්ජා විරහිත ලෙස සන්ධානගත වන්නට පුළුවන් මිනිස්සු වනාහි බලාපොරොත්තු තැබිය හැකි අය නො වෙති. ලංකා‍වේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්ෂ නායකයන්ගෙන් සිය ගමනට සහයෝගයක් නො ලැබුණු තැන පක්ෂයේ සතුරු බලවේගය සමග එක් වීම ලංකා

අසපු බුද්ධාගම හා ආගමික ප්‍රාග්ධනයේ ගැටුම්

Image
මම 1973 ඉඳන් මෙම ස්‌ථානයේ කුඹුරු කළා. මගේ එක ඇහැක්‌ පේන්නේ නැහැ. කොටි කපලා මගේ එක අතක ඇඟිලි නැහැ. මට දරුවෝ 05 ක්‌ ඉන්නවා. ගිය අවුරුද්දේ ග්‍රාමසේවා මහත්තයායි සී. ඕ. මහත්තයයි ඇවිල්ලා මේවා රජයේ ඉඩම් කියලා ඉඩම් කොටසක්‌ අල්ලාගෙන අපව පන්නා දැම්මා. පස්‌සේ ඉතිරිවෙලා තියෙන කොටසකුත් මෙයාලා භාවනා අසපු හදන්න කියලා අල්ලා ගත්තා. ඒක නිසා අපි කියන්නේ අපිට භාවනා අසපු නොවෙයි බඩගින්න නිවා ගන්න කුඹුරක්‌ කරන්න ඉඩ දෙන්න. - කරංගාවේ ජී. ජයසිංහ (ගොවියෙක්) නූතන ලෝකයේ ආගම යනු දැවැන්ත ව්‍යාපාරයකි. එහි විශේෂ ලක්ෂණ වන්නේ ලාභයෙන් බදු නො ගෙවීම, රාජ්‍යයෙන් ආධාර ලබා ගැනීම හා මහජන මුදල් සම්මාදම් කර ගැනීමයි. ඔවුන් ලබන ලාභය බොහෝ විට ආගමික ප්‍රචාරයටම යෙදවේ. එසේම, ආගමික සංස්ථාවල රැකියාවල නියුතු අය පුණ්‍ය ‍සේවාවන් කරන්නන් ලෙස පෙනී සිටිමින් සුවිසල් ආදායමක් ලබා ගනියි. ආගමික ලාභය වෙනත් ව්‍යාපාරවල ද ආයෝජනය වන අවස්ථා දැකිය හැකි ය. පොත් ප්‍රකාශනය හා අලෙවිය එයින් ප්‍රධාන ය. ලෝගෝස් හෝප් පොත් නැව උදාහරණයකි. එය රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් ලංකාවේ පවා ආගමික ප්‍රචාරයේ යෙදුනේ ය.  මෙබඳු ආගමික ආයතනවලට උපකාර කිරීම සඳහා වූ බටහිර රටවලි

ශිරානි බංඩාරනායක හිරේ යැවිය යුතු ද?

Image
ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකාරියක් කර පෙන්වීමට රජයේ උත්සාහයක් පවතින බව නීතිවේදීන්ගේ එකමුතුව කියයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීම එහි අරමුණ බවයි, නීතිවේදීන්ගේ එකමුතුව පවසන්නේ. මේ අනුව හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදීහු පවසනවා. එම උත්සාහය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කෙරෙන බලපෑම තවත් උත්සන්න කිරීමක් ලෙසින් විග්‍රහ කරන නීතිවේදීහු, එය වහාම අත්හිටුවන මෙන් ආණ්ඩුවට බල කරනවා. හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු තළා. එම තීන්දුවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් වී තිබෙනවා. මමත් හිතන්නේ දොෂාභියෝග ක්‍රියාවලිය වැරදියි. ඒත්, හිටපු අග විනිසුරුවරිය බැලූ බැල්මටම බලය අනිසි ලෙස භාවිතා කරමින් දූෂිත ගනුදෙනු කීපයක යෙදී තිබෙනවා. ඒවා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ. මේ අය මේ දූෂණවල යෙදුනේ තමන් ආණ්ඩුවට කඩේ යන නිසා හා තමන්ට තිබුණු බලය නිසා තමන්ට විරුද්ධව

විග්නේශ්වරන්ට ඉරිසියා කරමු

Image
ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කර තිබෙන සුවිශේෂ තේරීම වන්නේ ‍කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය. දයා මාස්ටර් තම මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීම කොටි සංවිධානයේ ද මුග්ධකමකි. දයා මාස්ටර් වැනි චරිතයක් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීමෙන් කොටි සංවිධානය ප්‍රකාශ කළේ ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට නිගරුවකි. එය කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමක් විය හැකි ය. කිලිනොච්චියේ කොටින්ගේ මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කෙරුනු නිවසක් භාරව සිටි, ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකුව සිටි එහෙත් ඉංග්‍රීසි කතා කළ නො හැකි ‍අසරණ පෙනුමක් ඇති මේ මිනිසාට වඩා විප්ලවීය තේරීමක් ආණ්ඩුවට උතුර සම්බන්ධයෙන් නැති වීම ඇත්තෙන් ම ආණ්ඩුවේ අසරණකම ප්‍රදර්ශනය කිරීමකි. එහෙත්, දෙමළ ජාතික සන්ධානය සිය මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.වී. විග්නේශ්වරන් තෝරාගෙන තිබේ. ඔහු දේශපාලනයට අලුත් මිනිසෙකි. මම එහුට කැමැත්තක් දක්වන්නේ ඔහු තුළ ඇති ඇතැම් පුළුල් ලක්ෂණ හේතුවෙනි. සිය භාෂාවට, ජාතියට, ආගමට ගරු කරන ගමන් ම ඔහු පුළුල් ලාංකික අනන්‍යතාවක් සිය පවුලේ ජීවිතය තුළින් ප්‍

සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත්

Image
(මෙම ලිපියේ මුල් කොටස සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1 මැයෙන් කලින් පළ විය.) වේබ් 2 හෙවත් අන්තර්ජාලයේ දෙවන පරම්පරාවේදී සිදු වූ දෙයක් තමයි, හුදෙක් එක් පැත්තක සිට තොරතුරුලබා දෙන වෙබ් අඩවි වෙනුවට සන්නිවේදකයාගේ අන්තයෙන් මෙන් ම ග්‍රාහකයාගේ අන්තයෙන් ද පණිවුඩ සන්නිවේදනය සිදු වන අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය අවකාශයක් විවෘත වීම. මේක පණිවුඩ හා ප්‍රතිචාර සම්බන්ධ වන සාමාන්‍ය සන්නිවේදන ආකෘතිය වෙනස් කළ තත්වයක්. මෙහිදී සිදු වුණ තවත් දෙයක් තමයි, ඇතැම් වෙබ් අඩවිවල ප්‍රකාශකයා හුදෙක් ම තාක්ෂණික වේදිකාවක් සපයන්නකු බවට පත් වී පාඨකයා ම අන්තර්ගතයන් නිර්මානය කරන්නා බවට පත් වීම.  පුරවැසි මාධ්‍යකරුවාගේ භූමිකාව සජීවී වුණේ මෙම තත්වය තුළයි. ඕනෑම පුරවැසියකුට තමන්ගේ තොරතුරු හා අදහස් සෙසු අයත් සමග පහසුවෙන් බෙදා හදා ගන්න පුළුවන් අවකාශයක් අන්තර්ජාලයේ නිර්මානය වුණා.  එහි පළමු විප්ලවීය වෙනස තමයි, මාධ්‍ය වෘත්තිකයාගේ ආධිපත්‍යය බිඳ වැටීම. තොරතුරු හා අදහස් නිර්මානයේදීත්, ඒවා බෙදා හදා ගැනීමේදීත්, එය පාලනය කරන්න මාධ්‍ය වෘත්තිකයාට තිබුණු බලය දිය වී යන්න පටන් ගත්තා. පුරවැසි මාධ්‍යකරුවාගේ ප්‍රධාන මාධ්‍ය අවකාශය වුණේ සමාජ මාධ්

සිංදු කියන බුද්ධාගම

Image
Art of Living Ashram in Bangalore මම දින කීපයක් ඉන්දියාවේ බැංගලෝර්හි ශ්‍රී ශ්‍රී රවි ශංකර් නම් ශාස්තෘවරයා විසින් පවත්වාගෙන යන 'ආට් ඔෆ් ලිවිං' මධ්‍යස්ථානයේ පුහුණුවකට සහභාගි වුණා. සහභාගි වුණා කියනවාට වඩා එය නිරීක්ෂණය කළා ය කියන එක නිවැරදියි. මන්ද, මම ශරීරයට වධ දී සැප අපේක්ෂා කරන සුදර්ශන් ක්‍රියා වැනි මිථ්‍යා විශ්වාස කරන්නේ නැහැ. මම එක් වතාවක් එය කර බලා අතහැර දැම්මා. පස්සෙ කාලෙක 'ශාස්තෲ' නවකතාව ලියද්දී මෙතැනදී ලැබූ ඇතැම් අත්දැකීම් මට මහත් සේ ප්‍රයෝජනවත් වුණා. එහි සිටි සන්ධ්‍යා කාලවලදී මා මහත් ප්‍රමෝදයට පත් වූ අවස්ථාවක් තමයි හැන්දෑවට එහි ශ්‍රවණාගාරයේදී භජන් ගායනයන්ට සවන් දීම. ආගමික භක්තියෙන් කරන ගීත ගායනා විසින් ගයන්නාත්, අසන්නාත් මහත් සතුටටට පත් කරනවා. 19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා. පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත

අනුන් නිරුවත් කරමු ද? අලුත් ඇඳුමක් අඳිමු ද?

Image
පොලීසිය විසින් ඝාතනය කරන ලද පාතාල නායකයකු වන මාමස්මි බුර්කා ඇඳගෙන සිටි බවක් කියමින්, බුර්කා හා නිකාබ් තහනම් කළ යුතු බවට ගෝරනාඩු කරන සිංහල, බෞද්ධ ආගමික අන්තවාදීන් විසින් මෙම ඡායාරූප අධ්‍යයනය කළ යුතුව තිබේ.  බුද්ධගයාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු චීවරයට සමාන ඇඳුමක් ඇඳගෙන සිට ඇති බව එරට බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබූ දළ රූප සටහන් වලින් පෙනේ.  සිවුරෙන් මුහුණ වැසෙන්නේ නැතිමුත්, එතුළ ද සෑහෙන දේවල් සඟවාගන්නට පුළුවන. මේ බෝම්බ සඟවාගෙන ආවේ සිවුරු අස්සේ වන්නට පුළුවන. දැන් ඉතින් අපි සිවුර තහනම් කළ යුතු යයි තර්ක කරනවා ද? මේ විදියට ආවුද සඟවාගෙන පැමිණිය හැකි සියලු ඇඳුම් තහනම් ක‍රන්නට ගියොත් අපට යළි රෙදි නො ඇඳි යුගයට යන්නට සිදු වනු ඇත.  අප විසින් කළ යුතුව තිබෙන්නේ මිනිසුන්ගේ තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇවිරීම නො‍වේ. මිනිසුන් තවත් මිනිසුන්ට හිංසා කිරීම සඳහා අවි පරිහරණය කරන අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයට ඉඩ නො තබන අන්දමින් සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කිරීමයි. සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස වැනි කාරණා වැදගත් වන්නේ මෙහිදී ය. එසේ

අයිසෙ ළමයාගෙ ඉල්ලීම පිට කක්කා ‍පෝස්ට් එකක්

Image
මගේ ප්‍රියතම චිත්‍රපටය තුන්මංහන්දිය. මම කැමතියි ඒකෙ අයිසෙ කියන චරිතෙට‍. එක තැනකදි අයිසෙ අබිලිං (ජෝ අබේවික්‍රම) එක්ක සැරසිල්ලක් කර කර ඉන්නකොට අබිලිංගෙ අම්මා (දෙනවක හාමිනේ) ඇවිත් අහනවා "අයිසෙ ළමයෝ උඹටත් තේ එකක් දෙන්න ද?" කියලා. "දෙනව අයිසෙ ඕනැ එකක්," කියලා අයිසෙ කියනවා.  ඉස්කෝලෙ යන කාලෙ අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වි‍ජේරත්න සර් කතා කරන්නෙත් අයිසෙලා කියලා. "අයිසෙලා ගණන් හැදුව ද?" ඒ වගේ අයිසෙ කෙනෙක් ඊයෙ අපේ බ්ලොග් එකට ගොඩ වෙලා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා.  "අයිසෙ පැරකුම්, මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර සම්බන්ධ පෝස්ට් එකක්." මං එවෙලෙම ඔහුට පිළිතුරක් දැම්මා, "නැගල යන්නෙ නම් අර අන්තිමට කිව්ව ජාතිය විතරයි." කියලා.  තවුරුදෝ කියලා තිබුණා, " එහෙම නැතුවත් යන වෙලාවල් තියනවා.... නමුත් අපේ වෙද මහත්තය ඉන්නකල් බය වෙන්න එපා..." කියලා.  චූ, කක්කා ආදිය ගැන ලිවීම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බව ඇත්ත. ඒවත් ඉතින් ජීවිතේ කොටස් නිසා ලිව්වම මොකද?  හැබැයි, මේ සටහන ලියන්න නම් හිතුනේ ඊයේ දිවයිනේ ගිය ප්‍

උතුරු පළාත් සභාව ගැන සුබවාදීව

Image
පළාත් සභා මකබෑ කරන්නෙමුයි පසුගිය දිනවල රෙදි උස්සාගෙන ආ අය දැන් ‍කෝ? දැන් ඒ සියල්ලන්ගේ මුඛ පූට්ටු වෙලා ය. ඇයි ඒ? ඉන්දියාව ඇමති බැසිල් එහි ගෙන්වාගෙන සත්තමක් දැමුවේ ය. මෙනන් ලංකාවට ඇවිල්ලා ද පෙන්නුවේ තමන් කරන බලපෑමේ තරම ය.  ජුනි 26දා නෙත් රේඩියෝවෙන් විකාශය වූ මේ ප්‍රවෘත්තිය බලන්න:    13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරයේ රැඳීසිටින බව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද කියා සිටියා.  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සාකච්ඡාවක් සඳහා අද ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවී ඇති බවයි. ඊට අදාළව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. එම යෝජනා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ස්ථිර කර තිබෙනවා. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල කි‍්‍රයාත්මක කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිද

"අයියෙ..මම තමයි ප්‍රවාහන ඇමති".මම මටම කියාගත්තා

Image
පහත පළ වන්නේ සෑම අතින් ම විශිෂ්ට නිර්මානයක් ලෙස සැලකිය හැකි කෙටි ම‍ කෙටි කතාවකි. රචකයා එය එවැනි කෙටි කතාවක් වීම අරමුණු කරගෙන ම ලියුවා ද යන්න නො දනිමි. එහෙත්, එහි තිබෙන අව්‍යාජ සුන්දරත්වයට මම කැමතියි. කථකයා දේශපාලනයට කැමති, එහෙත්, දුප්පත් තරුණයෙකි. මෙවැනි අය බොහෝ විට එක් වන්නේ රැඩිකල් වාමාංශික පක්ෂ සමගයි. එහෙත්, සමාජවාදය පිළිබඳ ඔවුන්ගේ සිහින ධනවාදයේ ම රතු පාට අනු පිටපත් වැනි ය.  මා කියන කාරණය පැහැදිලි කිරීම සඳහා නිර්මාල් රංජිත් දේවසිරි වරක් පැවසූ උදාහරණයක් ගෙනහැර දක්වමි. නිර්මාල් පෙන්වා දුන්නේ සමාජවාදී රටවල නගර නිර්මානයේදී අනුගමනය කරනු ලැබුවේ ධනවාදී රටවල නගර නිර්මාන සැලසුම් ම බවයි. ඔවුන්ගේ සමාජවාදය තුළ සමාජවාදී නගර නිර්මාන සැලසුම් තිබුණේ නැත.  අප විසින් දිගින් දිගට ම පෙන්වා දෙන ලද කාරණයක් වන්නේ සමාජවාදය යනු හුදෙක් නිර්ධනයන් විසින් බලය අල්ලා ගැනීම නො ව විකල්ප ජීවන විලාසයක් බවයි. සමාජවාදය අද ම, ඔබෙන් ම පටන් ගන්නට පුළුවන. ඒ සඳහා බලය ගැනීමට අවශ්‍ය නැත. අප මේ කතාව තුළින් ධනවාදී සිහින ම දකින ඊනියා සමාජවාදී රැඩිකල්වාදියකුගේ ජීවිත අත්දැකීමක් විඳින්නෙමු. ඔහුගේ සිහින ඇමති තනතුරු තුන ව

බ්ලොග් අවකාශයේ අලුත් ම රැල්ල

Image
සිංහලයන්ගේ සමාජ මාධ්‍යවල සුවිශේෂ ලක්ෂණ රැසක් තිබේ.  ෆේස්බුක්හි කුමන අන්දමක හෝ ගැහැනියක පිංතූරයක් දැමූ විට පිරිමි එය ලස්සනයි කියති . සමහරු විවෘතව ම ලිංගික ආරාධනා කරති.  තවත් ඇතැමෙක් ගැහැනුන්ගේ ඉතා සාමාන්‍ය පිංතූර සිංහල වල් කෙල්ලෝ, සිංහල වැල වැනි යෙදුම් සහිත ෆේස්බුක් කණ්ඩායම්වල හා බ්ලොග්වල දමති. කොටින් ම කියනවා නම් දැන් ලංකාවේ ගැහැනියකට තමන්ගේ පිංතූරයක් ෆේස්බුක්වල පළ කරන විට දෙවරක් හිතන්නට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ.  මා මෙම ලිපියේ සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ තවත් අමුතු තත්වයකි. එය සිදු වන්නේ බ්ලොග් අවකාශයේ ය. ලංකාවේ බ්ලොගර්වරුන් ලෙස පෙනී සිටින ඇතැමුන් කරන්නේ බ්ලොග් ලිවීමට වඩා වෙනත් පාඨකයන් පැමිණෙන වෙබ් අඩවිවල කමෙන්ට් දැමීමයි.එය නරක දෙයක් යයි මම නො කියමි. මේ කමෙන්ට් දැමීම ද බොහෝ විට සිදු වන්නේ බ්ලොග් ලියන පුද්ගලයාට නිස්කාරණේ බැන වැදීමට, කුණුහරුප කීමට ආදියටයි. ඇතැම් කමෙන්ට් බලන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ එම අදහස් පළ කරන අය අදාළ ලිපිය කියවා නැති බවයි. කතන්දරකාර‍යාගේ බ්ලොගයේ නම් ඇතැම් අදහස් පළ කරන්නෝ විවෘතව ම තමන් එහි එන්නේ ඔහු ලියන ඒවා බැලීමට නොව කමෙන්ට් කිරීමට බව

සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1

Image
දැන් මම බ්ලොගර් කෙනෙක්. පුරවැසි මාධ්‍යකාරයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. හැබැයි, මම මුලින් පත්තරකාරයෙක්. අපි පත්තර කෙරුවාව කළේ බඩ රස්සාවට නොවෙයි. සමාජවාදය වෙනුවෙන් කරන අරගළයේ කොටසක් හැටියට.  පත්තර කියන්නේ සුවඳ හමන කඩදාසි. ඒවා අතට අහු වෙනවා. පිටු පෙරළනකොට කොළ සර සර ගානවා. එක පත්තරේ කීපදෙනෙක් බලනවා. අපි පත්තරෙන් බතුත් ඔතනවා.ඉස්සර මම පත්තර එකතු කළා. ලිපි කපලා ගොනු කළා. මා ළඟ පරණ නවයුගය පත්තර මිටියක් කහ ගැහි ගැහී බොහෝ කාලයක් තිබුණා.පත්තරවලට ලියපු මුල් කාලේ ඒ ලියපු ලිපි කපලා අලවලා තියා ගත්තා. පස්සෙ කාලේ සමහර පත්තර ළඟ තියා නො ගෙන විනාශ කරන්නත් වුණා. අන්තර්ජාලයට ආවාට පස්සේ කඩදාසි එක්ක සම්බන්ධය නැතිව ගියාට, ඒ ස්පර්ශයේ, සුව‍ඳේ රොමැන්තික ගතිය තවමත් තියෙනවා.  බ්ලොගර්වරයෙක් වුණාට තවමත් මගේ හිතේ පත්තරවලට ලියන්න ආසාවක් තිබෙනවා. පත්තරවලදී අපට අන්තර්ජාලයේදී හමු වන පාඨකයන්ට වඩා වෙනස් පිරිසක් හමු වෙනවා. සමාජ මාධ්‍ය හරි ම අන්තර් ක්‍රියාකාරීයි. පාඨකයෝ ක්ෂණිකව ම ප්‍රතිචාර දක්වනවා. ඒත්, පුවත්පත් ලිපි එහෙම නෙවෙයි. ඒවායේ ප්‍රතිචාර කල්ගත වනමුත්, ඒවා ගැඹුරුයි කියා මට හිතෙනවා. තවමත් ලංකාවේ පුවත්ප