විදුහල්පති කර්නල් තනතුර ගැන කොරනෙල් පරීක්ෂණයක්
දෙමළ බැරි වුණත්, නිකම් දෙනවානම් දෙමළ පත්‍තරේ වුණත් ගෙදර අරන් යන මිනිස්සු ඉන්න රටේ උපන් තෙකට ව්‍යායාමයක් කරලා නැති විදුහල්පතිවරයෙකු වුණත් නිකම් දෙන කර්නල් තනතුරක් ගන්න කොර්නෙල් පරීක්ෂණයකට පවා මුහුණ දෙන්න යන එක ගැන පුදුම වෙන්න ඕනැ නැහැ.
මගේ ජීවිතේ අවුරුදු දෙකක් මහරගම ගුරු විද්‍යාලේ ගෙවුණා. අල්ලපු වැටේ ජාතික අධ්‍යාපන ආයතනේ පුස්තකාලය තිබුණ නිසා මේ අවුරුදු දෙක සම්පූර්ණයෙන් ම නිෂ්ප්‍රයෝජන වුණේ නැහැ. අපට හිටියා හරි ෂෝක් ගුරු අධ්‍යාපනඥයෝ ටිකක්. එක්කෙනෙක් අවුරුදු දෙකක් අපට ශාරීරික අධ්‍යාපනය ඉගැන්වූවා පංති කාමරයේ, පිට්ටනියක පස් පාගන්නේ නැතිව. මනෝ විද්‍යාව උගන්වපු ගුරු අධ්‍යාපනඥයා අවුරුදු දෙකක් ම පරණ සටහන් පොතක් බලාගෙන සටහනක් කියෙව්වා. එහි ඉංග්‍රීසි අංශ ප්‍රධානි වෙලා හිටපු මැඩම් නම් ටිකක් යමක් කමක් දන්න කෙනෙක්. හැබැයි, එයාට ඔය අධ්‍යාපනඥ පට්ටම තිබුණෙ නැහැ. මේකෙ තව හාදයෙක් මුළු අවුරුදු දෙකම කළේ මිනිහා තමයි සුදුස්සා, ඒ වුණාට මිනිහාට තැනක් නැහැ කිය කියා අඬපු එක. පස්සෙ මේ හාදයා පළාතක ඉංගිරිසි විෂය භාරව වැඩ බලන තනතුරකට ගිහින් ඒක කෑවා.
මේ ළඟදි දවසක් පරිවර්තන අතානාත්තුවක ගනුදෙනුවක බේරාගන්න මහරගම පැත්තේ යන ගමන් ගුරු විද්‍යාල පාර අයින දිගේ ගියා. එතකොට මට මතක් වුණා මෙතනින් දෙන සහතිකේ තාම ගත්තෙ නැහැ නේ ද කියලා. නිකම් දෙන එකනේ. ඒ නිසා ගුරු විද්‍යාලයට ගොඩ වෙලා ඒකත් ඉල්ලාගෙන ආවා. දැන් ගුරු විද්‍යාලය පුස් කාපු, පරණ පාන් ගෙඩියක් වගේ. ගුරු විද්‍යාලවලින් දෙන දැනුමත් ඉතින් ඒ වගේ තමයි.
ගුරු විද්‍යාලයට යන්නේ ඉතින් ඔය විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණ අයනේ. හැබැයි ඉතින් ඇතැමෙක් ගුරු විද්‍යාලයට යනකොට ගුරු වෘත්තියේත් අවුරුදු ගණනක් ඉඳලා, කසාද බැඳලා, ළමයි-බමයි ලැබිලා, ඇට්ටකුණා වෙලා.
ඒ වුණාට ගුරු විද්‍යාලයට ගියාම සමහරුන්ට අර සැබෑ කර ගන්න බැරි වුණ කැම්පස් හීනය මතක් වෙනවා. මම ගුරු විද්‍යාලෙ යනකොටත් පුත්තලම් බූරුවෝ දෙන්නෙකුගේ විතර වයස. ඒ වුණාට අපට කලින් බැච් එකේ හිටපු 'අයියලා' අපට කිව්වෙ 'මල්ලිලා' කියලා. ඒ කට්ටිය අපට 'රැග්' වගේකුත් කළා. ශිෂ්‍ය සංගමේ සභාපති වුණ එක 'අයියා' කෙනෙක් අපට කිව්වා 'අඩෝ තොපි ශිෂ්‍ය ව්‍යාපාරය පාවා දෙන්න එපා' කියලා. මං කල්පනා කළේ එතකොට ගුරු ව්‍යාපාරයට මොකද කරන්නේ කියලා.
ඉතින් ගුරු විද්‍යාලේ හිටපු මේ කාලේ අවුරුදු පතා එහි ක්‍රීඩා උත්සවයක් තිබුණා. මමත් ඒකෙ මැරතන් එක දුවලා අන්තිමයාට ඉවර කළා. මේ ස්පෝට්මීට් කාලෙට අර ඇට්ටකුණා වෙච්ච ගුරුවරුත් ළමයි වගේ කකුල් බැන්ඩේජ් කරගෙන බොරුවට අද්ද අද්දා ඇවිදිනවා, තමන් ස්පෝට්ස්මන්ලා ය කියා පෙන්වන්න.
විදුහල්පති මහත්තුරුන්ටත් මං හිතන්නේ කර්නල් පට්ටම ඉහට ගහලා තිබෙන්නේ තමන් වැඩි දෙනෙක් පාසල්වල කරන භූමිකාවට එයින් නෛතික බලයක් ලැබෙන නිසා වෙන්න ඇති. පාසල්වලට කර්නල්ලා පත් කරන ක්‍රමය අනුව තව ටිකක් කල් යනකොට පන්සල් පල්ලිවලට බ්‍රිගේඩියර්ලා පත් වෙන්නත් ඉඩ තියෙනවා. මම නම් මේක මිලිටරිකරණයක් විදියට දකින්නේ නැහැ. මේක එක්තරා මිලිටරි ජෝක්කරණයක්.
පාසල්වල තිබෙනවා කැඩෙට් කෝ කියලා එකක්. මේක හරහා මාර දෙයක් වෙනවා. ගුරු වෘත්තියට නො ආවා නම් සාමාන්‍ය සෙබළු විදියට හැර වෙනත් ආකාරයකට හමුදාවට යන්න බැරි ඇතැම් පිරිසකට මේ හරහා තරු ලැබෙනවා. ඒකෙන් ඒගොල්ලෝ මාර සතුටක් ලබනවා. පදවියේ ඉන්න කාලේ අපේ එක්තරා යාලුවෙක් මෙහෙම තනතුරකට පත් වුණා. ඔහුට තාත්තා ගෙදරින් ලියුම් එව්වේ '2 ලුති අහවලා' කියලා. යුද්දෙ උත්සන්න වෙනකොට මේ කට්ටියට සැබෑ ම හමුදාවට එක් වෙන්න කියලා බලපෑම් තිබුණා. ඒ නිසා අපේ යාලුවා තරුව එපා කියලා අයින් වුණා. දැන් යුද්දේ නැති නිසා මේ කට්ටියට හොඳයි. පණ වගේ ආරක්ෂා කරන එක ම එක යුනිෆෝම් එක ඇඳගෙන ඉඳ හිට දවසක පාසලේ ඇවිදින්නේ හරි ආඩම්බරෙන්. පව්!
එක අතකට වත්මන් විදුහල්පති භූමිකාවට නම් මේ හමුදා තනතුරු ආභරණයක්. ඉස්සර විදුහල්පතිවරු පාසල වටේ යනකොට කිසියම් පංතියක ගුරුවරයෙකු නැතිනම් විදුහල්පතිවරයා ඒ පංතියට ගිහින් ඒ විෂය හෝ වෙනත් ඵලදායී දෙයක් උගන්වනවා. දැන් ඉතින් කරන්නේ ගිහින් කොල්ලන්ට තඩි ගහන එකනේ. ඒකට ඔය වගේ පුහුණුවක් නරක නැහැ. අද කාලේ ඇතැම් විදුහල්පතිවරු හිතන්නේ ළමයි කියන්නේ ඉස්කෝලෙන් ගහලා පැන්නිය යුතු ජාතියක් කියලා නේ.
හැබැයි ඉතින් ඔය විදුහල්පතිවරුන්ට සීරුවෙන් ඉන්න එහෙම පුහුණු කරන එක නරක දෙයක් නෙමෙයි. මොකද, ඔය කොඳු නාරටි හැම තිස්සේ ම නැමිලා නේ තියෙන්නේ. මට බය ඔය කර්නල් විදුහල්පතිලා යුනිෆෝම් එහෙම ඇඳගෙන පාසලේ ඉන්නකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු එහෙම ආවොත් දඩාං ගාලා සැලියුට් ගහයි ද කියලායි.
හැබැයි, මම නම් ඕකේ හොඳ පැත්තකුත් දකිනවා. මට එහෙම ඔය වගේ තනතුරක් ලැබුණොත් මම නම් ඒක පාවිච්චි කරලා පැන්ෂන් ගියාට පස්සේ සිකියුරිටි කොම්පැනියක රස්සාවක් හොයා ගන්නවා. මොකද, පැන්ෂන් ගියත් අපි ඉතින් තව අවුරුදු හතරක් පහක්වත් මොනවා හරි කරන්න එපායැ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Saamaanya dayakata ai machara vadagath denne?
ReplyDeleteඅද ඔය වෘත්තියේ විතරක් නෙමෙයි, රාජ්‍ය සේවයෙම තත්වය ඕකයි. එහෙම තියෙන රාජ්‍ය සේවය නගා සිටුවීම කෙසේ වෙතත්, තව තවත් හාල්පාරුවෝ දාලා ඒක ජනතාවට බරක් කරනවා. අනෙක් පැත්තෙන් පාඩු ලබන ආයතනවලය හෙංචයියෝ පුරවනවා. සුදුස්සාට කිසිම තැනක් නෑ. මේක නම් ඉතින් අහඹු සිඳුවීමක්. උන්නෑහේ ගෙදර උන්නත් කවදා හරි මැරෙන්න එපාය. දැන් අඬලා දොඩලා වැඩක් නෑ. එහෙමනම් මේවා පටන් ගන්න කොටම විරුද්ධ වෙන්න, කෂේරුකාවක් තියෙන්න ඕන. අද ගොඩක් දෙනෙක්ට ඒක නෑ. නිකං සර් පයි වගේ...
ReplyDeleteඅන්තිම වාක්‍ය ටිකක් මෙහෙම වෙනස්වෙන්න ඕන නේද මාතලන්
Delete" එහෙමනම් මේවා පටන් ගන්න කොටම විරුද්ධ වෙන්න, කෂේරුකාවක් තියෙන්න ඕන. අද ගොඩක් දෙනෙක්ට ඒක නෑ. නිකං රනිලා වගේ..."
"මේකෙ තව හාදයෙක් මුළු අවුරුදු දෙකම කළේ මිනිහා තමයි සුදුස්සා, ඒ වුණාට මිනිහාට තැනක් නැහැ කිය කියා අඬපු එක.."
ReplyDeleteඅපරාදේ මිනිහටත් තිබුන blog එකක් ලියන්න
පට්ට කතාව
Deleteඊට කලින් ඇනොනිමස් ඇවිත් කොමෙන්ට් කරලා පොඩි ආතල් එකක් ගන්නත් තිබුන. අපරාදෙනම් තමයි .
Deleteකමෙන්ට් කරන එවුන් මේක ලියන එකා වගේ කුහක කමට ඉරිසියාවෙ පැලි පැලි අඬන්නෙ නෑ නේ.....ඇනොනිමස් ඇවිත් ඇනෝලට හිනා වෙන එවුන් දකින කොට බලන් ඉන්න අයට හිනා යන්නෙ පුකෙන්.....
Deleteපරිස්සමට හිනා වෙන්න බබා ගද ගහයි.
Deleteඑක නෙමෙයි "...මේක ලියන එකා වගේ කුහක කමට ඉරිසියාවෙ පැලි පැලි අඬන්නෙ නෑ නේ...."
මේක ඔයාටත් අදාලයි වගේ නේද
කොතනද පැරා කමෙන්ට් කරන එවුන් අඬල තියෙන්නේ.....ගඳ ගහන නිසා තමයි ගඳ ගස්සන්න එපා කියන්නේ.....හිනාව හංගන්න බෑනේ.....
Deleteවිදුහල්පතිවරුන්ට කර්නල් තනතුරක් දීමේ ගැටලුවක් මට නං පෙන්නේ නෑ,
ReplyDeleteඊටත් වඩා මම හිතන්නේ සියලුම පාසැල් ළමුන්ට යම්පමණක මිලිටරි පුහුණුවක් දිය යුතුයි කියා.
එතනින් පුළුවන් ළමයින හැඩගස්වා ගන්න.
හබැයි අවුරුදු 50 පැන්න, ජිවිතේට බස් එකක් අල්ලා ගන්නවත් නොදිව්ව් ප්‍රින්සිපල්ලට ශාරීරික පුහුවක් දෙනකොට මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනි.
"එතනින් පුළුවන් ළමයින හැඩගස්වා ගන්න"මහා ගොනා හැරෙන පැත්තටම හැරෙන, ඌ යන පැත්තටම යන පොඩි ගොන්නු රැලක් හැදීම ගැන වෙන්න ඇති මේ කියන්නේ.
Deleteනෑ මචං ......මහ ගොනා ඉන්න පැත්තට සැලියුට් ගහන සෙට් එකක් හදා ගන්න. වෙලාවකට මට හිතෙනවා ගෝටායි, මහින්දයි , ඇස්. බියයි ඔක්කොම වැඩ නවත්තල මෙතන කොමෙන්ට් කොටනවද කියල.
Deleteමියගිය පුද්ගලයා ගැන කණගාටුයි.
ReplyDeleteපැරා, සිරාවට "අතානාත්තුවක" හරි වචනයක්ද එහෙම නැත්නම් ටයිපින් මිස්ටේක් එකක්ද? සිඅරාවට අහන්නෙ.
ප. ගෝ.
ගැමි වහරේ වචනයක්
Deletekamathi aya saha sudusu aya thamanta galapenawanam pamanak , me traning gaththata kamak na .
ReplyDeleteඉතිහාස කතාව අනුව ජෙෆ්‍රි බාවා මේ කාලේ හිටියානං මිනිහාගේ බාවාට මේ ආංඩුව සමෘධියක් හදලා දෙයි,ඇයි හෙවිල්ලක් බැලිලක් නෑ උන් කියන ඒක අපේ එවුන් නිදහස කියලා හිතනනවානේ.
ReplyDeleteපැරා,what's the meaning of "අතානාත්තුවක".
ReplyDeleteI haven't heard or encountered it in any literary work. Certainly Sinhala folklore is such a rich, classy language.
Please define that terminology.
Thanks.
මම මේක අහුලා ගත්තේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවලින්. අර්ථකථනය කරන්න දන්නේ නැහැ.
ReplyDelete