Posts

Showing posts with the label පාසල්

ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම

Image
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ.  බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය,  දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත.  මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද? මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි. මේ සමග ම මේ ක...

විදුහල්පති කර්නල් තනතුර ගැන කොරනෙල් පරීක්ෂණයක්

Image
දෙමළ බැරි වුණත්, නිකම් දෙනවානම් දෙමළ පත්‍තරේ වුණත් ගෙදර අරන් යන මිනිස්සු ඉන්න රටේ උපන් තෙකට ව්‍යායාමයක් කරලා නැති විදුහල්පතිවරයෙකු වුණත් නිකම් දෙන කර්නල් තනතුරක් ගන්න කොර්නෙල් පරීක්ෂණයකට පවා මුහුණ දෙන්න යන එක ගැන පුදුම වෙන්න ඕනැ නැහැ.  මගේ ජීවිතේ අවුරුදු දෙකක් මහරගම ගුරු විද්‍යාලේ ගෙවුණා. අල්ලපු වැටේ ජාතික අධ්‍යාපන ආය‍තනේ පුස්තකාලය තිබුණ නිසා මේ අවුරුදු දෙක සම්පූර්ණයෙන් ම නිෂ්ප්‍රයෝජන වුණේ නැහැ. අපට හිටියා හරි‍ ෂෝක් ගුරු අධ්‍යාපනඥයෝ ටිකක්. එක්කෙනෙක් අවුරුදු දෙකක් අපට ශාරීරික අධ්‍යාපනය ඉගැන්වූවා පංති කාම‍රයේ, පිට්ටනියක පස් පාගන්නේ නැතිව. මනෝ විද්‍යාව උගන්වපු ගුරු අධ්‍යාපනඥයා අවුරුදු දෙකක් ම පරණ සටහන් පොතක් බලාගෙන සටහනක් කියෙව්වා. එහි ඉංග්‍රීසි අංශ ප්‍රධානි වෙලා හිටපු මැඩම් නම් ටිකක් යමක් කමක් දන්න කෙනෙක්. හැබැයි, එයාට ඔය අධ්‍යාපනඥ පට්ටම තිබුණෙ නැහැ. මේකෙ තව හාදයෙක් මුළු අවුරුදු දෙකම කළේ මිනිහා තමයි සුදුස්සා, ඒ වුණාට මිනිහාට තැනක් නැහැ කිය කියා අඬපු එක. පස්සෙ මේ හාදයා පළාතක ඉංගිරිසි විෂය භාරව වැඩ බලන තනතුරකට ගිහින් ඒක කෑවා. මේ ළඟදි දවසක් පරිවර්තන අතානාත්තුවක ගනුදෙනුවක බේරාගන්න ...

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

Image
නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්.  මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ඉන්න කවුරුවත් පූජනීය නැහැ.  ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න. ඒ සඳහා ගුරුවරු තමන් උගන්වන විෂය හා ශික්ෂණ විද්‍යාව අඛන්ඩව හදාරන්න ඕනැ. නව ඉගැන්වීම් ක්‍රම අත්හදා බලන්න ඕනැ. නිර්මානශීලී වෙන්න ඕනැ.  ගුරුවරු උත්සාහ කරන්න ඕනැ ළමයින්ගෙන් වැඳුම් ගන්න නො වෙයි. ළමයින්ගේ ආදරය ලබන්න. මට නම් ඒකත් අදාළ නැහැ. මොකද, මට නම් මං කරන වැඩේට පඩියක් ගෙවනවා. පඩිය මදි නිසා මම වෘත්තීය සමිතියක් එක්ක එකතු වෙලා ඒක වැඩි කර ගන්න සටන් කරනවා. පඩි වැඩි කරනකල් ජීවත් වෙන්න ඕනැ නිසා හවසට හවසට ඔය පරිවර්තන වැඩක් වගේ අතානාත්තුවක් කරගන්නවා. ඉර හඳ අල්ලන්න උත්සාහයක් නැති නිසා ලැබෙන ප්‍රමාණයට වියදම් කරලා, ලොකු ...

පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය

Image
පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලේ සුසිලා හේරත් ගුරු මහත්මියව බිම දන ගැස්සුවේ ආනන්ද‍ගේ දුවගේ ගවුමේ වාටිය ලිහුවා කියලානේ.  සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් ව‍ගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට අඳින්නේ නැහැ.හැබැයි සමහර ගුරුවරියෝ නම් බුරිය පේන්න සෙක්සි විධියට සාරි ඇඳගෙන පාසල් එනවා. නිල ඇඳුමක් වුණා ම ඒකේ දිග, පළල, කොලර්, සාක්කු, රැළි ආදිය ‍යොදන විධි තියෙනවා. ඒ විලාසිතාව වෙනස් කරමින් අලුත් විලාසිතා නිර්මානය කරන එක සුදුසු නැහැ. නිකම් හිතන්නෙකෝ පොලිස් රාළහාමිලා කොලර් උස්සගෙන, නර්ස් නෝනලා කොණ්ඩ වනා දාගෙන එහෙම හිටියොත් තත්වය කොහොමද කියලා. හැබැයි ඉතින් ළමයි කියන්නේ ළමයි‍ නේ. උන්ට මේක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. දෙමව්පියන්ටත් වැඩිය තේරුමක් නැති වුණා ම තත්වය තවත් නරක අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය කියන්නේ මිලිටරි විනයකුත් නොවෙයිනේ. අධ්‍යාපනය කියන්නේ නිදහස්, නිර්මානශීලී පරිසරයක් තුළ සිදු විය යුතු ශික්ෂණයක්. ...

අහිංසකයන් අංගුලිමාලයන් කරන්න හමුදා විදුහල්පතිවරු පාසල්වලට

Image
ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක විදුහල්පතිවරුන්ට යුද හමුදාවේ කර්නල් තනතුරු පිරිනමා ඇත. ඔවුහු ඇතැමෙක් හමුදා ඇඳුම් ඇඳගෙන පාසලටද පැමිණි බව වාර්තා‍ වේ.  මේ මිලිටරි විදුහල්පති/පතිනියන්ගෙන් බලාපොරොත්තු වන්නේ පාසල්වල විනය ගොඩනැඟීමයි. ඔවුන් පාසල්වල ගොඩනඟන විනය සඳහා පරමාදර්ශය යුදහමුදාවයි.  පාසල් විනය හමුදා විනය බවට පත් වූ විට අනාගතයේදී රටේ විනයද හමුදා විනය බවට පත් වනු ඇත.  හමුදා විනයේ මූලික ලක්ෂණය කුමක්ද? තර්ක කිරීමකින් තොරව ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීමයි.  ඒ අනුව, පාසල් සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම ගුරුවරුන් දෙන අණ කරුණු විමසීමකින් තොරව පිළිපැදීමයි.  අංගුලිමාල කළේද එයයි.  අහිංසකයන් අංගුලිමාලයන් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ පාලකයන්ගේ ඒකාධිපති මානසිකත්වයෙනි. එසේම අධ්‍යාපනය යනු කුමක්ද යන්න පිළිබඳ ඇති නොදැනුමෙනි.  පාසලට අවශ්‍ය වී ඇත්තේ දරදඬු මිලිටරි ඒකාධිපතියකුගේ නායකත්වය නොව ආදරණීය මවකගේ පියකුගේ නායකත්වයකි. එවැනි අධ්‍යාපනඥයන් බිහිකරගැනීමේ නොහැකියාවේ විලි හමුදා නිලඇඳුමෙන් වසාගත නොහැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්...

කෙවිටේ බලෙන් නුවණ අදින්නට සැරසෙන අධ්‍යාපන බලධාරීන්ටයි

Image
(2011 මාර්තු 08,  W3Lanka )  අධ්‍යාපනය පිළිබඳ පැරණි සංවාදයක් යළි අලුත් වී තිබේ. ඒ ගුරුවරයාගේ වැඩ කාලය පිළිබඳවයි. අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට පාසල් සවස 3.30 දක්වා පවත්වන්නට උවමනා වී තිබේ.  මේ වනාහි දැවැන්ත සමාජ පෙරළියක් ඇති කරන පියවරකි. එවැන්නක් පිළිබඳ මීට වඩා පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය ය. මන්ද, ලංකාවේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන්ගේත්, ඔවුන්ගේ මවිපියන්ගේත්, ගුරුවරුන්ගේත් අධ්‍යාපනයට සම්බන්ධ වන සෙසු සියලු අංශවලත් හැඩගැස්ම සියවසක් පමණ කාලයක් තිස්සේ සිදු වී තිබෙන්නේ උදේ 7.30 සිට දවල් 1.30 දක්වා පවත්වනු ලබන පාසලක නිසා ය.  නිදසුනක් ලෙස, පාසල් තරගකාරිත්වය නිසා ඉතා දුරබැහැර පාසල්වලට යන දරුවන් දැනුත් ගෙදර එන්නේ සවස තුන හතර වෙලා ය. අලුත් ක්‍රමය යටතේ ඔවුන් ගෙදර එනු ඇත්තේ තවත් රෑ බෝ වී ය. දෙවනුව, සවස් කාලයේ පැවැත්වෙන ටියුෂන් පංති රෑ කාලයට මාරු වනු ඇත. ළමා කාලයට කුමක් වේ ද යන්න අපි නො දනිමු.  අධ්‍යාපන ඇමතිවරයාගේ තවත් මැසිවිල්ලක් වන්නේ සෙසු රජයේ සේවකයන් පැය අටක් වැඩ කරද්දී ගුරුවරුන් වැඩ කරන්නේ පැය හයක් ය යන කාරණය හා ඔවුන්ට මාස තුනක් නිවාඩු තිබේ ය යන්නයි. මාස තුනක් නි...

අධ්‍යාපන දෙපාර්තමේන්තුව නො දන්නා ඉංග්‍රීසි මාධ්‍යයට ගොස් වරිගෙ නහ ගන්න හැටි | The counter productivity of the English medium education of government schools of Sri Lanka

Image
( 2010 දෙසැම්බර් 23,  W3Lanka )  රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කීපයක් උගැන්වීම වසර කීපයකට පෙර ඇරඹිණි. සිසුවෝ පන්තියෙන් පන්තියට උසස්ව ගොස් සාමාන්‍ය පෙළ සමත් වූ හ. උසස් පෙළට ගිය විට බොහෝ පාසල්වල විශේෂයෙන් ම උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි බසින් උගැන්වීමට ගුරුවරු නොමැති වූ හ.  මෙම ගුරු හිඟයට පිළියම් ලෙස ගුරුවරුන් බඳවා ගැනීමට උපාධිධාරීන් සඳහා තරග විභාගයක් පවත්වන ලදී. එයට 8000ක් පෙනී සිටි අතර, 4000ක් සමත් වූ අතර 554ක් සම්මුඛ පරීක්ෂණයෙන් පසු බඳවා ගන්නා ලදී.  මෙම ගුරුවරුන්ගෙන් බොහෝ දෙනකුට ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉගැන්විය නොහැකි බවට සිසුන් හා විදුහල්පතින්ගෙන් ලද පැමිණිලි හා මැසිවිලි නිසා ගුරු සේවයට මින් ඉදිරියට බඳවා ගන්නා සියලු දෙනාම වසරක ඉගැන්වීම් පුහුණුවකින් තොරව පාසලේ සේවයට නොයොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉගැන්විය නොහැකි බව පවසා පත්වීම් ලිපි ආපසු බාර දුන් බවත් හේ සඳහන් කළේ ය. සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරා ගත්තේ ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් විසිනි.  විද්‍යා උපාධි හිම...

පත්තර විකුණන අලුත් ම උපාය: පාසල්වල බ්ලැක් ලයන් මාෆියා ඇති බව කීම | Black Lions: the latest sales gimmick of newspaper industry of Sri Lanka

Image
ලංකාවේ ඡායාරූපයක් නො වේ. ( 2010 ඔක්තෝබර් 30,  W3Lanka )  පාසලක ක්‍රියාත්මක වන බව කියන බ්ලැක් ලයන් නම් කල්ලියක් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයක් විසින් ආරම්භ කර තිබේ. මෙම ජනමාධ්‍ය විසින් කරමින් තිබෙන්නේ ඉතා සුළු තොරතුරක් හෝ ප්‍රබන්ධයක් හෝ අතිශයෝක්තියට නඟා ප්‍රචාරය කරමින් භීතිකාවක් නිර්මානය කිරීමයි. බ්ලැක් ලයන් කල්ලිය පිළිබඳ ලිපියක් මුලින් ම ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණු අතර, එය ජනප්‍රිය වීමත් සමග මේ සතියේ දිවයින පුවත්පත ද බ්ලැක් ලයන් වලිගය අල්ලාගෙන තිබේ. දිවයිනේ ලිපියට සබඳතා පුරුක මෙන්න . මෙවැනි කල්ලියක් පාසලක තිබෙන බව දන්නේ නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ ඒ පිළිබඳව පාසලේ පරිපාලන හා විනය අංශ වෙත ඒ පිළිබඳව සොයා බලන ලෙස දැන්වීමයි. නැතිනම් පොලිසියට පැමිණිලි කිරීමයි. අවශ්‍ය නම්, රහස් පොලිසිය හෝ යොදවා පරීක්ෂණයක් පැවැත්විය හැකි ය. පත්තරකාරයන් කියන හැටියට එතරම් රහසිගත සංවිධානයක ස්වරූපයක් දක්නට නැති මෙම සංවිධානය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිසියට පැයක්වත් ගත විය නො හැක. එහෙත්, මෙම සංවිධානය ගැන දන්නා බව කියන පුද්ගලයෝ පිරිසක් එසේ ...

පාසල් නො යන දරුවන් ලක්ෂ දෙකහමාරට අවහ්‍ය ආදරය බෙදා දෙන පාසල්

Image
( 2010 ඔක්තෝබර් 04,  W3Lanka )  ලංකාවේ පාසල් යන වයසේ සිටින දරුවන් 250,000ක් පාසල් නො යන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන තිබේ. යුද ගැටුම් පැවති ප්‍රදේශවල ළමුන් විශාල පිරිසක් ද පාසල් නො යන බව පසුගිය දිනවල වාර්තා විය.  සත්‍ය සංඛ්‍යාවන් මීටත් වැඩි විය හැකි ය. එයට හේතුවක් වන්නේ ඇතැම් දරුවන් පාසල් යන අය ලෙස ගණන් ගැනුනත් ඔවුන් ඇත්ත වශයෙන් ම පාසල් යන අය නො වීමයි. ස්ථිරව පාසල් නො යන, නිතර පාසල් නො ගොස් සිටින දරුවන් ද සැලකිය යුත්තේ පාසල් නො යන දරුවන් ලෙසයි.  නො මිළේ අධ්‍යාපනය පමණක් නො ව පෙළ පොත් හා නිල ඇඳුම් පවා දෙද්දී මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ කෙසේ ද?  පළමු හේතුව, පාසල ආදරය බෙදා දෙන මධ්‍යස්ථානයක් වෙනුවට තරගකාරිත්වයේ, පීඩනයේ හා මර්දනයේ මධ්‍යස්ථානයක් වීමයි. අද වන විට පාසලට ඇතුළත් වන දරුවා පංති භාර, විෂය භාර ගුරුවරුන්ගේ සිට විදුහල්පති, අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ඇමතිවරු හා අධ්‍යාපන ඇමති හරහා ජනාධිපති දක්වා වැඩිහිටියන් පිරිසකගේ උන්නතිකාමයේ ගොදුරක් බවට පත් වී සිටියි.  එය සිදු වන්නේ සෑම පාසලක ම ඵලදායිතාව ප්‍ර...

රජයේ පාසල්වලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වන්නේ ඇයි?

Image
(2009 ජුලි 20) 1994 වසරේ 254,000ක් පමණ වූ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට අතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව 2008 වන විට 222,000ක් පමණ දක්වා පහත බැස ඇති බවද, ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පවසන්නේ කුඩා පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබීමට හේතුව රජයේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති බවයි. නිදසුනක් ලෙස පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගුරුවරුන් සේවයට යෙදවීම කුඩා පාසල්වල සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය පැහැර ගන්නා බව පවසන ජෝසප් කියන්නේ ඒ වෙනුවට පාසලේ පංති සංඛ්‍යාව අනුව ගුරුවරුන් ප්‍රමාණය තීරණය කළ යුතු බවයි.  2007දී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂම විසින් නිර්දේශ කරන ලද ආකාරයට ජාතික පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පංති ඉවත් කළ යුතු අතර, කුඩා පාසල්වලට පහසුකම් හා ගුරුවරුන් ලබා දී ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවිය යුතුය.  එහෙත් ජාතික පාසල්වල ව්‍යූහයේ වෙනසක් සිදු කිරීම පහසු නැති බව විදුහල්පතිවරු පෙන්ව...