Posts

Showing posts from 2024

මනාප බලු පොරයට ප්‍රත්‍යක්ෂ විසඳුම්

Image
  මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එ කම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. මෙය විශේෂයෙන්ම මනාප ගණන් කරද්දී සිදුවෙනවා. 2010ට පෙර පැවති ඡන්දය ගණන් කිරීමේ ක්‍රමයේ සිදු කළ වෙනස්කම් හේතුවෙන්අ මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. මෙය විශේෂයෙන්ම මනාප ගණන් කරද්දී සිදුවෙනවා. 2010ට පෙර පැවති ඡන්දය ගණන් කිරීමේ ක්‍රමයේ සිදු කළ වෙනස්කම් හේතුවෙන් අසාධාරණයට ලක්වන අයට විසඳුම් ලබාගැනීම දුෂ්කර වෙලා. දේශපාලන පක්ෂයක කළමනාකරුවකු ලෙස දීර්ඝ කාලීන අත්දැකීම් ඇති සරත් අබේසිංහ ඒ ගැන කියන දේ කාටත් වැදගත් විය හැකියි. අහන්න. අපේ වට්ස්ඇප් චැනලයත් ෆලෝ කරන්න. https://www.youtube.com/watch?v=kqnqVGhnj4g Adapted from praja.lk

ආණ්ඩුව මේ කරන්නේ මොකක්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ මහවිරු සමරු කියන්නේ එල්ටීටීඊ සංවිධානයේ බ්‍රෑන්ඩ් එකක්. වෙන කවුරුවත් මහවිරු සමරු පවත්වන්නෙ නැහැ. මිය ගිය එල්ටීටීඊ කාඩර්වරුන් හැර වෙන කවුරුවත් මහවිරුවන් වෙන්නෙත් නැහැ. මිය ගිය ඥාතීන් සමරනවා නම් ඒක පෞද්ගලිකව හෝ කුඩා පරිමාණෙන් කෙරෙන දෙයක්. මේ මහ විරු සමරු පිටුපස ගොඩක් සල්ලි තිබුණ බව ඒවායේ පුළුල් පරිමාණයත්, මහේ පෙනෙනවා. බොහෝ විට ඩයස්පෝරා මුදල් වෙන්න ඇති. ඩයස්පෝරාවල කොටින්ගේ මෙහෙයවීමක් තියෙනවා. මහවිරු හෙවත් මාවීරර් කියන්නෙම එල්ටීටීඊ සලකුණක්. කහයි රතුයි කොඩිය, නියඟලා මල ආදී තවත් දේත් ඒ වගේ. එල්ටීටීඊ වෙන්නෙ ප්‍රභාකරනුයි, කොටි සංකේතයයි, උතුර නැගෙනහිර වෙන් කරපු සිතියමයි විතරක් නෙමෙයි. එය ජවිපෙ වගේම උප සංස්කෘතියක්. මේ සමරුව වගේම සමරු අපි සටන් විරාම කාලෙ උතුරෙ දැකල තියෙනවා. වෙනසකට තිබුණෙ ඒවා නිල ඇඳුම් ඇඳගත් කොටි සාමාජිකයන් විසින් මෙහෙයවීම හා ඍජුව කොටි සංකේත භාවිතා කිරීම විතරයි. මහවිරු සමරුව අවසානයේ කොටි නායක ප්‍රභාකරන් ඊලාම් ජාතිය ඇමතුවා. මේ අවුරුද්දෙ පැවැත්වුණ මහ විරු සමරුවල ඒ ටික විතරයි අඩු වුණේ. ඉල්මහ විරුවන් සමරන්නට ජවිපෙට අයිතියක් තියෙනවා වගේම, මහවිරුවන් සමරන්නට කොට...

රාජ්‍ය සේවය කප්පාදු කිරීම හමුදාවලින් ඇරඹීම

Image
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ එය හමුදාවෙන් ආරම්භ කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති හා බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමති යටතේ පාසල් 1-5 සහ 6-13 ලෙස වර්ගීකරණය කරද්දි ඒකට විරුද්ධ වුණ අපේ ගමේ පාසලක මුග්ධ ආදි ශිෂ්‍ය සංගමයක් හා ගුරුවරුන් තර්ක කළේ එය හොඳ දෙයක් නම් රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කර පෙන්වන ලෙසයි. අන්තිමට එම පාසල මහින්දෝදය ව්‍යාපෘතියෙන් ඉවත් කරන ලද අතර අවශ්‍ය පහසුකම් ලැබුණේ නැත. නිර්මාල් රංජිත් හිතාගෙන ඉන්නේ තමන් මාර ගැටයක් ගැසූ බවයි. ලංකාවේ හමුදාවල 2023 වන විට ලක්ෂ තුනක පමණ භට පිරිස් සිටියා. ඒවා අඩු කිරීම ඒ කාලෙම ආරම්භ කළා. ඒවා කළේ ක්‍රමානුකූලව. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ යෝජනා 2023 අයවැයෙන් ඉදිරිපත් කළා. ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහෙම ඒ කටයුතු කාර්යක්ෂමව මෙහෙයෙව්වා. 2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ආරක්ෂක භට පිරිස් අඩු කිරීම...

හාල් සීයට පිටරටින් එන එක නවත්වා කරන දේශීය ගොවිතැන

Image
  මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන්න පැරණි කුලවාදී කතාවකි. එයින් අදහස් කරන්නේ වෙනත් කුලවල අය රජකමට නුසුදුසු බවයි. කෙසේ වෙතත්, මෙම කතාව වර්තමානයේදී භාවිතා කරන්නේ ග්‍රාමීය දිළින්දන් ගොවීන් ලෙස මෝඩයාට අන්දා, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි බහුතර බලයෙන් පාලනය දිනාගැනීමටයි. ඒ වෙනුවෙන් යැපුම් ගොවිතැන නඩත්තු කරනු ලැබේ. යැපුම් ගොවීන් රැකගන්නා මුවාවෙන් ඉඩම් වෙළඳපොළ නිදහස් වීමට ඉඩ නොදී රජය අත රැකගනු ලැබේ. වී ගොවිතැන මුල් කරගත් ඊනියා කෘෂිකර්මාන්තයේ නාමයෙන් රාජ්‍ය ආයතන, නිලධාරීන් හා දේශපාලකයන් සමුදායක් නඩත්තු කරනු ලැබේ. ඒ ආයතන පද්ධතියෙන් කෘෂිකර්මාන්තයට තිබෙන සේවය අවමය. මේ අතර, දේශගුණික විපර්යාසවලට සංවේදී කාර්යක්ෂම සුහුරු කෘෂිකර්මාන්තයක් අවශ්‍ය යුගයක, ලංකාවේ මිනිස්සු තවමත් සූදු කෙළින්නා සේ විවිධ බෝග වගා කරති. ලාභ මෙන්ම පාඩු ද ලබති. දේශීය ගොවියා ආරක්ෂා කරගත යුතු යයි කියමින් නිදහස් වෙළඳපොළට ඉඩ නොදී පාරිභෝගිකයා මත අධික බරක් පටවයි. මේ අතර දේශීය යයි කියන ගොවිතැන සිදුවන්නේ මෙසේය: පොහොර පිටරටින්ය. බීජ පිටරටින්ය.ප කෘෂි රසායන පිටරටින්ය. යන්ත්‍ර සූත්‍ර පිටරටින්ය. ඒවාට ගහන ඉන්ධන පිටරටින්ය. වාරිමාර්ග හදන ...

මතුගම හැදී වැඩී නාවලපිටියෙන් පාර්ලිමේන්තු ගිය කාන්තා නායිකාවක්, තුෂාරි

Image
මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් මහින්දානන්ද අලුත්ගමගේ අභිභවමින් ජාතික ජන බලවේගයෙන් පත් වූ තුෂාරි ජයසිංහ මහත්මිය මතුගමින් බිහි වූ කාන්තාවක්. ඇය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලද දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පාසල් කාලයේ නම තුෂාරි ජයනෙත්ති. ඇගේ පියා ආනන්ද ශාස්ත්‍රාලයේ නියෝජ්‍ය හා වැඩබලන විදුහල්පතිවරයකු ද ලෙස සේවය කළ දක්ෂ විද්‍යා ගුරුවරයකු වන ජයනෙත්ති සර්ගේ දියණියක්. ඇගේ මව ද ඉංග්‍රීසි ගුරුවරියක්. තුෂාරි ජයනෙත්ති පාසල් වියේදීත් සක්‍රිය, දීප්තිමත් ශිෂ්‍යාවක්. මේ පවුල පාසල් අවධියේ සිටම දක්ෂ දරුවන්ගෙන් සමන්විත වුණ පවුලක්. ඇගේ සොයුරන් දෙදෙනා පාසල් කාලයේදී නවෝත්පාදකයන් ලෙස ප්‍රසිද්ධ වුණා. ඔවුන්ගේ නවොත්පාදන නිර්මාණ පිළිබඳ එකල විදුසර වැනි පුවත්පත්වලත් වාර්තා වුණා. Adapted from praja.lk

පැහැර හරින ලද ස්වෛරී බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර

Image
  ඩොලර් බිලියන 43ක විදේශ ණය පැහැරහැරීම සම්බන්ධ අර්බුදය විසඳීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින් ඩොලර් බිලියන 12.55 ක පැහැර හරින ලද ස්වෛරී බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් සිටියි. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, බැඳුම්කර හිමියන්ට 2024 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ නව සුරැකුම්පත් සඳහා තම වත්කම් හුවමාරු කර ගත හැක. රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එහි වැදගත්කම අවධාරණය කරමින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහාය දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම පියවර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියකි. ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි ඉදිරි වාරික ලබාගැනීම සඳහා මෙය අදාළ වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ණය සේවා බර ඩොලර් බිලියන 9.5 කින් අඩු කිරීමට පුරෝකථනය කර ඇත. පශ්චාත්-කොවිඩ් සංචාරක ප්‍රකෘතිමත් වීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හේතුවෙන් ආයෝජකයින් අතර ශ්‍රී ලංකාවේ...

වන්නිනායකලා නැවත සොයා යාම

Image
  අජිත් පැරකුම් ජයසිංහ, මවුන්ට් ලැවීනියා හෝටලෙන් නොමිලේ දීපු ටිකට් අරන් රටට ෂෝ දාපු අගමැතිනි හරිනි අමරසූරිය හා ටිල්වින් සිල්වා ඇතුළු බොළඳ මාලිමා/ජවිපෙ නායක පිරිසට ආදර්ශයක්. ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ගේ තනතුරු හා රාජ්‍ය බලය නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. ටිල්වින් සිල්වාට රාජ්‍ය තනතුරක් නැති බව ද ඔහුට අමතක වී ඇති නිසා මතක් කර දිය යුතුය. එවැනි තැන්වලදී පවා ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරීමට සිදු වේ. අපි මෙහෙමයි ආතල් ගන්නෙ යන්න රටට පෙන්නීම සඳහා ඒ අන්දමින් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම බොළඳකමකි. ජවිපෙ දේශපාලන සංස්කෘතිය තුළ යම් වෙනසක් කරමින් සිටියි. එහි සාධනීය පැතිකඩක් ද තිබේ. ඔවුන්ගෙන් බොහෝ අය ද කලින් සිටි බොහෝ අය ජාතියේම පුද්ගලයන් බව මෙසේ පෙන්වා දීම ද ඉතා වැදගත්ය. මේවායින් වැඩිපුර පාඩම් ඉගෙන ගත යුත්තේ ජවිපෙ/මාලිමා බොරු හා වෛරී ප්‍රකාශ නිසා වින්දිතයන් බවට පත් වූ විපක්ෂ ධනේශ්වර දේශපාලනඥයන්ය. වර්තමානය මෙන්ම අනාගතය ද ධනේශ්වර දේශපාලනයේ යුගයක් බැවින්, බාගෙට තැම්බුණු මෙවැනි සමාජවාදීන් විසින් විශේෂයෙන්ම ආර්ථිකයට සිදු කර යන විනාශය හානිපූර්ණය කිරීම සඳහා දියුණු ධනේශ්වර දේශපාලනයක් අවශ්‍යය. ඒ වෙනුවෙන්...

කොරියන් වීසා ප්‍රශ්නය හා තැනැත්තන් වෙළඳාම

Image
  අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLFEB) දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා වූ E-8 වීසා ක්‍රමයට ලාංකිකයන් කොරියාවට යාම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර, ඒ හේතුවෙන් දැන් උද්ඝෝෂණයක් ද ආරම්භ වී ඇත. කොරියාවට යාමට E-8 වීසා ලද 170ක පිරිසක් ද පස් අවුරුදු කාල සීමාව නිමවා පැමිණීමෙන් පසු නැවත කොරියා යාමට අවස්ථා අපේක්ෂා කරන පිරිසක් ද දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කරති. ඔවුන්ගේ උද්ඝෝෂණ පොලිසිය ලවා මර්දනය කරනු ද දක්නට ලැබිණි. අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රමිකයන්ට ඇති විය හැකි අවදානම් සහ ශ්‍රී ලංකාවේ ස්ථාපිත රැකියා ගිවිසුම්වලට ඇති විය හැකි හානිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විරෝධයට හේතුවයි. E-8 වීසා බලපත්‍රය මඟින් දකුණු කොරියානු පළාත් ආයතනවලට විදේශීය රටවල පළාත් ආයතන සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර අවශ්‍ය වන පරිදි මාස පහේ සිට අට දක්වා කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍රවල කෙටි කාලීන රැකියා සඳහා අවසර ලබා දීමට හැකිය. ශ්‍රී ලංකාව සඳහා E-8 වීසා වැඩසටහන හඳුන්වා දී ඇත්තේ දකුණු කොරියාවේ වැන්ඩෝ පළාත සමඟ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අත්සන් කරන ලද ගිවි...

තුඩුගල ඇල්ල පෙණ දමයි

Image
  දොඩන්ගොඩ, තුඩුගල ඇල්ල පහුගිය දින කීපයතුල ඡායාරූප වල දැක්වෙන පරිදි පෙන වලින් පීරී පැවති අතර වර්ෂාවත් සමග පහලට ගලා ගොස් ඇත. වතුරට යම් රසායනයක් මිශ්‍ර වීම නිසාවෙන් මෙලෙස දිය ඇල්ල පෙන මතුවී ඇති බවට ප්‍රදේශ වාසීන් සැක පල කරයි. ජලයත් සමග ඇති මෙම පෙන ඉතා සැරකින් යුක්ත බවද පැවසේ. – මතුගම හරිත මිතුරෝ ෆේස්බුක් පිටුවෙනි. පහළ ඡායාරූපය තුඩුගල ඇල්ල සාමාන්‍ය දිනෙක Adapted from praja.lk

වේයන්ගොඩ නිදානෙ රන් දෑකැති තියෙන්න බැරිද

Image
  අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ රත්තරං තිබුණේ නැත. මුතු මැණික් නම් තිබිණි. එහෙත්, ලංකාව ඉතිහාසයේ කවදාවත් ලොව ප්‍රධානම ධනවත් රාජ්‍යයක්ව සිටියේ ද නැත. ලංකාවේ රජවරු නිතරම අභ්‍යන්තර කැරලි, කුමන්ත්‍රණ ආදියටත්, පරසතුරු ආක්‍රමණ ආදියටත් මුහුණ දුන්හ. ඔවුන් ළඟ අති විශාල ධනස්කන්ධයක් එකතු වෙන්නට විදියක් නැත. එහෙම එකතු නොවූ ධනස්කන්ධයක් නිදන් කරන්නට විදියක් ද නැත. පසුව ගන්නට නිදන් කරපු ඒවා රජුගේ උරුමකරුවන් හෝ ඒ ගැන දැන සිටි වෙනත් අය අරගන්නට ඇත. ආගමික භක්තිය නිසා වෙහෙර විහාරවල නිදන් කරපු ඒවා නිදන් හොරුන් විසින් ඩැහැගෙන දැන් බොහෝ කල්ය. ලංකාවේ අතන මෙතන හැමතැනම නිධාන ඇතැයි කියන එක අර පියාඹන පීරිසි කතාව වගේ සාහිත්‍යමය හා සිනමාත්මක දෙයකි. පිටසක්වළ ජීවීන් ගැන කතාවක් රූපවාහිනියක විකාශය වූ ගමන්ම ලංකාව පුරාම පියාඹන පීරිසි පාවේ. ඒ ගැන ගොසිප් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පත්තරවලට ලියති. රන් දෑකැති ගෙන නිති සැරසෙනවා – රත්‍ රන් පටි ඉන වට දිලිසෙනවා – රිවි දුටු පිනි බිඳු ලෙස පහවෙනවා – දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා. ඉහත දැක්වෙන්නේ ජනකවියකි. සාහිත්‍ය නිර්මාණයකි. පුරාණ සාහිත්‍ය නිර්මාණවල අතිශයෝක්තිය බහුලය. එය සාහිත්‍යමය ලක්...

චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා

Image
  චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා Posted on  November 23, 2024 November 23, 2024  by  admin අජිත් පැරකුම් ජයසිංහ කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ දැන් ඩොලර් බිලියන 15ක් වන අපනයන 2030 වන විට ඩොලර් බිලියන 35ක් දක්වා වැඩි කරනවලු. ඒ කියන්නෙ දිනපතා ඩොලර් මිලියන 10.5කින් විතර අපනයන ආදායම වැඩි කරනවා. අවුරුදු පතා 15%කට වඩා අපනයන වර්ධනයක් අවශ්‍යයි. මේක කරන්න නම් අවුරුදු කීපයක් ඇතුළත යටිතල පහසුකම් සංවර්ධනයට ඩොලර් බිලියන 10ක් විතර ඕනැ වේවි. අලුතෙන් අපනයන කර්මාන්ත 500කට විතර ඩොලර් බිලියන 25ක් විතර ඕනැ වේවි. සුරංගනාවියක් අල්ලගත්තොත් නම් පුළුවන් වේවි. හැබැයි, ප්‍රතිවාද කණ්ඩායමෙන් පාර්ලිමේන්තු ගිය ජාතික ජන බලවේගයේ ලක්මාලි හේමචන්ද්‍ර කියන දුෂ්ට සුරංගනාවි ඒකටවත් ඉඩ දෙයිද? කියවන්න: https://www.facebook.com/share/p/14m7kShz3L/ Adapted from praja.lk

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අපේ මතය

Image
  අජිත් පැරකුම් ජයසිංහ නොවැම්බර් 21දා ජවිපෙ දසවන පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වන ලද කතාවෙන් රජය අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරන ලදි. ජවිපෙ/ ජාජබ බලයට පත්වීමෙන් ඇස් ගිනිකණ වැටී සිටින අඳබාලයන් හානේ, මාරයි, කොලයක් බලාගන්නෙ නැතුව කොහොම මෙහෙම කතා කරනවද ආදී වශයෙන් විස්මය පළ කළහ. ජනාධිපතිවරයාගේ මේසය මත කොළයක් විය. ටෙලිප්‍රොම්ප්ටර පාවිච්චි කරන්නට ද ඇත. ඒවායේ කිසි වරදක් නැත. මුළු ජීවිත කාලයම කතා පැවැත්වීම සිදු කළ නායකයෙකු මෙවැනි අවස්ථාවලදී හොඳ කතාවක් පැවැත්විය යුතුමය. එහෙත්, මේ කතාව එහෙමම එකක්ද? සුපුරුදු පරිදිම ආදායම් උපයා ගන්නා ආකාරය මේ කතාවේ නැත. බදු අඩු කරන ආකාරය ගැන පසුගිය කාලයේ දුන් පොරොන්දු ගැන හාංකවිසියක් නැත.වෙනත් සුපුරුදු කයිවාරු නම් ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ඇති වැදගත්ම කොටස පහත දැක්වේ. එය පවසන්නේ අප වැනි විරුද්ධ මතධාරීන් දිරිමත් කිරීමටයි. ආණ්ඩුවට දැන් අවශ්‍ය වන්නේ ඇස් ගිනි කණ වැටී සිටින වහලුන් නොව, තමන් ඉදිරියේ ලොකු කර බලන කන්නාඩියක් තබන අප වැනි විපක්ෂ ක්‍රියාකාරිකයන්ය. ජනාධිපතිවරයා මෙසේ කීය: “ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍ර...

ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපතිතුමා හෙට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටිනවා. උපයන විට බදු අය කරන අවම සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නංවන්නට ජාතික ජන බලවේගය පොරොන්දු වුණා. ඒ කාරණය රජය ජා.මු.අ. සමග සාකච්ඡා කරනවා ඇති. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන බවටත් පොරොන්දු දුන්නා. දිළිඳු සහනාධාර වැඩි කරන්නටත් පොරොන්දු වුණා. බෙහෙත් සඳහා වැට් බද්ද අඩු කරන්නටත් පොරොන්දු වුණා. ඒවා කරනවා නම්, උපයන විට අය කරන බදුත් අඩු කරගන්නවා නම්, වෙනත් බදු වැඩි කරගන්නට වේවි. වැට් බද්ද දැනටත් 18%ක්. ජා.මු.අ. වැඩසටහන අනුව රාජ්‍ය ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට වැඩි කරගන්නට ඕනැ. ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන 2.3%ක් විය යුතුයි. ණය තිරසරභාවය හෙවත් ප්‍රතිව්‍යූහගත කරගන්නා ලද ණය ගෙවන්නට ඒ මට්ටම් අවශ්‍යයි. නැතිනම් නැවතත් බංකොලොත් වෙයි. ලබන අවුරුද්දේ වාහන ආනයනය සම්බන්ධ නීති ලිහිල් කරන්නට රජය තීරණය කරලා. එයින් රජයට විශාල ආදායමක් ලබාගන්නට පුළුවන්. වැඩි වන බොහෝ රාජ්‍ය වියදම් එමගින් පියවා ගත හැකියි. හැබැයි, ඒ සඳහා රටේ ඩොලර් පිටරට යා ය...

සුහුරු කෘෂිකර්මාන්තයේ යුගයක වී වපුරා අපෙන් පෝර ඉල්ලන ගොයියෝ

Image
  අජිත් පැරකුම් ජයසිංහ ආහාර නිෂ්පාදනයෙදි කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඉතා වැදගත්. එම ක්ෂේත්‍රවල සාකච්ඡා කළ යුතු නවීන විෂයයන් වන්නේ, තිරසාර කෘෂිකර්මාන්තය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව, ඩිජිටල් තාක්‍ෂණය සහ නවෝත්පාදනය, ආර්ථික ශක්‍යතාව, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, හානි සහ නාස්තිය අවම කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි විෂයන් පිළිබඳවයි. දියුණු කෘෂිකර්මාන්තයක් ඇති රටවල සාකච්ඡා කරන්නේ නිරවද්‍ය (precision) කෘෂිකර්මය, පෝෂක කළමනාකරණය, බෝග විවිධාංගීකරණය, පස හා ජලය සංරක්ෂණය කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, ආදාන භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පසු අස්වනු හානි අවම කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා අගය එකතු කළ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ද එතනට පැමිණිය යුතුය. එහෙත්, ලංකාවේ සිදුවන්නේ වෙනත් දෙයකි. අන්න වී ගොවීන් කුඹුරු වපුරා පොහොර දියව් කියා ජනමාධ්‍යවලින් බදු ගෙවන ජනතාවට අණ කරනු පෙනේ. සරල ප්‍රශ්නයක් ඇත. පොහොර ගසන්නට සල්ලි නැතුව වී වැපුරුවේ ඇයි? දැන් මෙය කොතරම් කලක් තිස්සේ සිදු වෙනවාද? සියවසක් පමණ තිස්ස...

ජාජබ ඇමති මණ්ඩල විශ්ලේෂණය

Image
  අද දින දිවුරුම් දෙන ලද කැබිනට් මණ්ඩලයේ සමස්ත ඇමතිවරුන් සංඛ්‍යාව ජනාධිපතිවරයා ද ඇතුළත්ව 22කි. අග්‍රාමාත්‍ය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ පමණක් කාන්තාවන්ට හිමි වී ඇත. ඇමතිවරුන් හයදෙනෙකු පත්කර තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙනි. ගම්පහ දිස්ත්‍රික්කයට ඇමති තනතුරු තුනක් ද මාතර දිස්ත්‍රික්කයට ඇමති තනතුරු දෙකක් ද ලැබී ඇත. උතුරු නැගෙනහිර පළාත්වල ජනයා ඍජුව නියෝජනය කරන කිසිවකුට ඇමති තනතුරු ලබාදී නැත. ගාල්ල, හම්බන්තොට, මොනරාගල, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඇමතිවරුන් නැත. ජනවාර්ගික වශයෙන් ගත් කල දෙදෙනෙකු දෙමළ බව පෙනේ. මුස්ලිම් නියෝජනයක් ඇමති මණ්ඩලය තුළ නැත. කුල හා ආගමික වශයෙන් ගත් කල ඇමතිවරුන් අතරින් හතරෙන් තුනක් පමණ සිංහල බෞද්ධ ගොවිගම අය වෙති. අග්‍රාමාත්‍ය තනතුර ඇතුළු ඇමති තනතුරු කීපයක් කරාව සහ වෙනත් කුලවලට හිමි වී තිබේ. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථික ඇමති ජනාධිපතිවරයායි. සෙසු ඇමතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (කොළඹ දිස්ත්‍රික්කය) විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ ...

දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ගැටලුව මොකක්දැයි නැවත ඇසීම

Image
  අජිත් පැරකුම් ජයසිංහ දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රධාන ගැටලුව වෙන මොකක්වත් නෙමෙයි දේශපාලන බලය පිළිබඳ ගැටලුව. යටත් විජිත සමය තුළ ඉදිකළ මාර්ග පද්ධතිය හා කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ ඔස්සේ නිර්මාණය වුණ සිලෝන් ඒකීය රාජ්‍යය 1948 නිදහසෙන් පසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයට යටත් ශ්‍රී ලංකාව බවට පත් වීමෙන් පසු රාජ්‍ය ආධිපත්‍යයෙන් මුළුමනින්ම පිටමං කරන ලද ප්‍රජාව තමයි දෙමළ කතාකරන ජනයා. සිංහල මිනිසුන් මොන ස්වරූපයෙන් ඇවිත් ශ්‍රී ලංකාව ඔවුන්ට ගිල්ලවන්න හැදුවත් ඒක ඔවුන් දායක වෙලා නිර්මාණය කරපු රාජ්‍යයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒක භාරගන්නෙ නැහැ. දැන් තියෙන කොළඹ කේන්ද්‍රීය සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය යටතෙ නම් ඔවුන් ඒක කිසි සේත්ම භාරගන්නෙ නැහැ. ඒකට තමයි දෙමළ ජාතිකවාදය කියන්නෙ. සිංහල ජාතිකවාදය නිර්මාණය වෙන්නෙ ඒකට පරස්පරව. දෙමළ ජාතිකවාදය නැතිනම් සිංහල ජාතිකවාදයකුත් නැහැ. සිංහල ජාතිකවාදය නැතිනම් දෙමළ ජාතිකවාදයකුත් නැහැ. ඔය ගැටලුවට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ ස්ථිර විසඳුමක් නැහැ. මර්දනය එක විසඳුමක්. බලය බෙදාගැනීම තව විසඳුමක්. ඔය කොයික කළත්, දෙමළ ජනයා ශ්‍රී ලංකාවට එකතු වෙන්නෙ නැහැ....