Posts

Showing posts from September, 2013

උතුර අවුල්! අපි නම් ෂෝක්!

Image
දෙමළ ජාතික සන්ධානය දිනුවත්, උතුරු පළාත් සභාව අවුල් යයි දකුණේ සිංහලයෝ සතුටු වෙති.  තවම බෝනස් ආසනවලට පත් කරන අය ගැන හා ඇමති මණ්ඩලය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ සංවාද තිබේ.  දකුණේ නම් එහෙම නැත. පළාත් සභාවලට තරග කරන්නේත්, දිනන්නේත් මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ ය. බෝනස් ආසන දෙන්නේත්, මහ හා පොඩි ඇමතිවරු පත් කරන්නේත් ජනාධිපතිට ඕනෑ හැටියට ය. ඕනෑවට වඩා නටන්නට ඇවිත් පස්ස බිම ඇන ගත් එක්කෙනෙක් අද අවසන් ගමන් ගියේ ය. දකුණේ සංවාද නැත. ඇත්තේ රාජපක්ෂ පවුලට ඕනෑ හැටියට වැඩ කිරීමයි. ඉතින් සතුටුද? උතුරේ සංවාද ය. බෝනස් ආසනයක් මුස්ලිම් ජාතිකයකුට  දීමට යෝජනාවක් තිබිණි. ‍එයට එතරම් විරෝධයක් නැත. එසේම කාන්තාවනට, වෙනත් සුළු ජාතීන්ට, සුළුතර ආගමික නියෝජිතයන්ට බෝනස් ආසනයක් මාරුවෙන් මාරුවට දීමේ යෝජනාවක් ද තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය කාන්තාවක් විසින් දිනා ගත්ත ද කාන්තා නියෝජනය මදි බවට අදහස් තිබේ. වයඹ හා මධ්‍යම පළාත් සභාවල‍ට කාන්තාවන් කීදෙනෙකු පත් වී තිබේ ද යන්න පිළිබඳ කිසිදු විමසුමක් දකුණේ තිබේ ද?  ආණ්ඩුකාරයා ඉදිරිපිට දිවුරුම් නො දීමට ද ජනාධිපතිවරයා යාපනයට ගෙන්වා ඔහු ඉදිරිපිට දිවුරුම් දීමට ද න

ආණ්ඩුව කෘෂිකර්මය සංවර්ධනය කරන හැටි ගැන නිදසුනක්

Image
අපේ නිවස අසල කුඹුර හාපු දවසක් දැන් ටිකකට කලින් මම ඉංග්‍රීසි පත්තරේකට ප්‍රාදේශීය වාර්තා වගයක් පරිවර්තනය කළා. එකක තිබුණේ දකුණු පළාතේ පුරන් වී ගිය කුඹුරක් ගැන. කුඹුර පුරන් වෙන්න හේතුව ගංවතුර. ගොවියන් ඉල්ලා සිටින්නේ වාරි පද්ධතිය වැඩි දියුණු කර දෙන්න කියලායි. ඉස්සර මේ කුඹුර සරුසාර එකක් බව කියා තිබුණත්, දැන් අවුරුදු පතා එය ගංවතුරට ගොදුරු වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය වාර්තාකරුවා පැහැදිලි කර තිබුණේ නැහැ. සමහර විට අලුත් සංවර්ධන ව්‍යාපෘති නිසා වෙන්න පුළුවන්.  ගොවීන් පවසන්නේ තමන්ට උපකාර මඳ බවයි. ආණ්ඩුවෙන් දෙන පොහොර සහනාධාරය ගන්න දින ගණන් රස්තියාදු වෙන්න සිදු වන බව ගොවීහු පවසනවා. ආණ්ඩුවෙන් කළ ඇල වේලි නඩත්තු කිරීම් ආදී කටයුතු දැන් සිදු නො වෙන තරම්. අපේ ගේ ඉදිරිපිට ඉතා පැරණි කුඹුරු යායක් තිබෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද මේ කුඹුරු යාය නිසරු වෙමින් යනවා. ඒ විතරක් නොවෙයි, අපි පුංචි කාලේ එහි දුටු අනගි පරිසර පද්ධතියත් පසු කාලෙක කෘෂි රසායනික නිසා විනාශ වෙලා ගියා. අපි පුංචි කාලේ පොල්කටුවලට අල්ලපු තිත්ත පැටව් දැන් වක්කඩවල ඇත්තේ ම නැහැ. දණ්ඩි, කොරළි වැනි මාළු විවිධත්වයට මොනවා වුණා ද? දැන් ඒ ඇලක, දොලක නාන

සමාජවාදී ජීවිතයකට y සහෝදරයාගෙන් අදහස් කීපයක්

Image
සමාජවාදය වෙනුවෙන් අරගල කරන ජීවිතයක් ගෙවන්න අපි කාටත් පුළුවන්. ඒ සඳහා ඕනැ තරම් විධි තිබෙනවා. මම කීපයක් විතරක් සඳහන් කරන්නම්. මේවාත් අර y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය තුළ තිබෙන ඒවා.  හැමෝ ම කරන්නන් වාලේ කරන හුඟක් දේ අපට නො කර ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය හා බිය නැතිකමයි.  අපි මොකට ද මේ රාජපක්ෂලා හා උන්ගේ ඇම්බැට්ටයන් ගණන් ගන්නේ? උන් අපේ ජීවිතවලට සම්බන්ධ බව ඇත්ත. ඒත්, ඒ සම්බන්ධය ඇති වන්නේ අප සූරාකෑමෙන් හා අපේ අනාගතය අඳුරු කිරීමෙන්. උන් හරියට කොකු පණුවෝ, පටි පණුවෝ වගෙයි. කවුරුද පණුවන්ට ආදර ගෞරව කරන්න යන්නේ? ඒත් දැන් සමාජය කරන්නේ ඒකනේ. ඉතින් ඒක නො කරන ඉන්න එක කොයි තරම් සුළු දෙයක් ද?  මේ වගේ හාල් පාරුවන් වීරයන් ලෙස සලකන්න එපා. උන් මරණෙට, මඟුලට ගෙන්න ගන්න එපා. බලෙන් ආවත්, ලොකුවට පිළි ගන්න එපා. උන් එන උත්සව ආදිය බලන්න යනවා නම් වාර්තාකාර කුතුහලයෙන් විතරක් යන්න. කීයටවත් උන්ට ඡන්දෙ දෙන්න එපා කියන එක කියන්න ඕනැ නැහැනේ.  උන්ව විතරක් නොවෙයි, උන්ගේ ඉඳුල් කන, උන්ගේ පස්සා ලෙවන එවුන්වත් අවඥාවෙන් සලකන්න. අත්හළ නො හැකි මිනිස්සු ඒ දේ කරනවා නම් උන්ට උන්ගේ ආතල් එක ගන්න ඉඩ දෙන්න. හැබැයි,

y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය

Image
සමාජවාදී ජීවිතයක් ගැන අපි මේ බ්ලොගෙන් කතා කරලා තියෙනවානේ. අපි මතු කරපු කාරණාව තමයි, සමාජවාදය කියන්නේ රාජ්‍ය බලය අරගෙන ගොඩනගන කල් බලා සිටිය යුතු එකක් නො වන, තමන්ගේ ජීවිතවලින් අද ම පටන් ගත යුතු දෙයක් බව. සමාජවාදය කියන්නේ ආර්ථික ඌනිතවාදයක් නොවෙයි කියන එක දැන් කවුරුත් පිළිගන්නවා. සමාජවාදය සංස්කෘතියක් ලෙස ගන්නත් පුළුවන්.  සමාජවාදය කියන්නේ සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්න කරන නො නවතින අරගලයක්. සංවාදය එහි ප්‍රධාන අංගයක්. සමාජවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දෙයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු හොඳ ලක්ෂණ කැටි කරගත් ඉදිරිගාමී වැඩපිළිවෙලක්. ඉතින් කවුරුද ඔහොම සමාජවාදී ජීවිතයක් ගත කරන්නේ?  මං දන්න කෙනෙක් ඉන්නවා. අපි මිනිහට y සහෝදරයා කියමුකෝ. මේ වගේ තැනකට හොඳ x කියන අකුර වුණාට ලංකාවේ ඒකට විකෘති තේරුමක් තියෙන නිසා අපි ඔහුට y සහෝදරයා කියමුකෝ.   y සහෝදරයාගේ මව්පියෝ ගුරුවරු. ඔහු කුඩා කාලේ ම රුසියානු සාහිත්‍යය කියෙව්වා. රුසියානු, කියුබානු, නිකරගුවානු විප්ලව, වියට්නාම් යුද්ධය වැනි දේ ඔහුට බලපෑවා. සමාජවාදී ලංකාවක් ගැන හීනයක් දකිමින් ඔහු දේශපාලනයට පිවිසුණේ වයස අවුරුදු විස්සක් ලබන්නත් කලි

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ

Image
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පහත සඳහන් ප්‍රකාශය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දරුණු විවේචනයට හේතු වී තිබේ.  "A process free of violence and intimidation in the Northern Province is required for greater civilian administration and to help further the reconciliation process four years after the war. These elections provided a starting point for that process. Democracy is not simply about elections, however, and more must be done to ensure that Sri Lankans of all communities can live with peace and dignity that they deserve." එයින් කියවෙන්නේ මෙයයි: "උතුරු පළාතේ වඩා හොඳ පුරවැසි පරිපාලනයක් පිහිටුවීම සඳහාත්, යුද්ධය නිමාවෙන් වසර හතරකට පසුව සංහිඳියා ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහාත්, ප්‍රචණ්ඩත්වයෙන් හා බලපෑම්වලින් තොර ක්‍රියාවලියක් අවශ්‍ය ය. මෙම මැතිවරණ එම ක්‍රියාවලිය සඳහා ආරම්භක පියවරකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ. සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් වීම තහවුරු කරනු පිණිස තව බොහ

රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානය

Image
ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ලංකාවේ විපක්ෂය මේ වන විට අතිශය දුර්වල ය. එසේ වී තිබෙන්නේ විපක්ෂයේ දුර්වලකම නිසා ම නො වේ. විපක්ෂය දුර්වල කිරීම ගොඩනැගෙන ඒකාධිපතිත්වයක ප්‍රධාන ලක්ෂණයකි.  ඒකාධිපතීන් විසින් දේශපාලනයේදී ප්‍රවර්ධනය කරනු ලබන්නේ විනය හෝ ප්‍රතිපත්ති ගරුකත්වය හෝ නො වේ. ඔවුන් විසින් දිරි ගන්වනු ලබන්නේ දූෂණය, පාවා දීම, දීනකම වැනි දේ ය. දේශපාලනයට පිවිසෙන පසුගාමී ධනේශ්වර කොටස් අල්ලස් හා වරදාන ඔස්සේ තමන් වෙත ආකර්ශනය කර ගැනීමෙන් ඒකාධිපති පවුල විසින් විපක්ෂය සම්පූර්ණයෙන් ම දුර්වල කර දමන ලදී. ඒ සමග ම සමස්ත දේශපාලන ප්‍රජාව ම මහා දූෂිත මානසිකත්වයකින් හා අපේක්ෂා භංගත්වයකින් වෙළා දමන ලදී. ප්‍රතිපත්ති නො තකන, උපයෝගිතාව ම එක ම ප්‍රතිපත්තිය වූ නායකත්වය විසින් ඔවුන්ට ම ගැලපෙන දේශපාලන ප්‍රජාවක් ද නිර්මානය කරගෙන තිබේ.  මේ වන විට ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව වාමාංශික මුහුණුවරක් ඇති ජනතා විමුක්ති පෙරමුණ තුළ පවා සිටින්නේ අපේක්ෂා භංගත්වය මූලික ලක්ෂණය වූ අසහනකාරීන් පිරිසකි.   ලංකාවේ ක්ෂුද්‍ර බුර්ෂුවා පංතියේ අවශ්‍යතා යම් දුරකට නියෝජනය කරන රනිල් වික්‍රම

උතුරු පළාත් සභාවෙන් පසු ලංකාවේ දේශපාලනය

Image
උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය විසින් සිංහල ජාතියේ නායකත්වය අන්දමන්ද කර ඇති බවක් පෙනේ. සිංහල නායකයන් විසින් බිය ප්‍රකාශ කර ඇති ආකාර දෙකක් මෙසේ ය. ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩපිළිවෙලක් සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය පදනම් කර ගනු ඇත. ත්‍රස්තවාදය නැවත ලංකාවේ හිස ඔසවනු ඇත.  මෙහිදී දෙවන කාරණය සම්බන්ධයෙන් නම් ලංකාවේ ‍සිංහල දෙමළ බහුතරයක් ජනතාව අතර සම්මුතියක් ඇති බව මම සිතමි. ඒ වනාහි තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලංකාවේ අනවශ්‍ය බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ රටේ සෙසු ප්‍රදේශ සමග සම්බන්ධ වීමත් සමග හා ධනවාදයේ ව්‍යාප්තියත් සමග ත්‍රස්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය බිලි බෝයිලා නිර්මානය කර ගත හැකි සමාජ පසුගාමිත්වය නඩත්තු කර ගැනීමට නො හැකි ය. අනෙක් පැත්තෙන්, දෙමළ සමාජය මුස්ලිම් සමාජය මෙන් පර්දාවෙන් වැසූ සමාජයක් ද නො වේ. සිංහල ජාතිය ත්‍රස්තවාදය ඔස්සේ පැරදවිය නො හැකි බව ද, ත්‍රස්තවාදයෙන් තමන්ට උරුම වන්නේ කාලකණ්ණිකම පමණක් ම බව ද දෙමළ සමාජයට අලුතෙන් ඉගෙන ගන්නට දෙයක් නැත.  කාලාන්තරයක් තිස්සේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතිවාදීන් උපකාර කළේ සිංහල සමාජය

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හා ඉදිරි ජනාධිපතිවරණය

Image
පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ, විශේෂයෙන් ම කලින් පැවැත්වෙන ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂට සැලකිය යුතු අභියෝගයක් එල්ල වනු ඇති බවයි. පළාතෙන් පළාත‍ට ඡන්දය ප්‍රකාශ කර තිබෙන ප්‍රතිශතයන් හා එයින් රාජපක්ෂ රෙජිම ලබාගෙන තිබෙන ප්‍රතිශතයන් මෙසේ ය: මධ්‍යම පළාත - ප්‍රකාශිත 67.35 %කින් 60.16 %ක් වයඹ පළාත - ප්‍රකාශිත 63.54 %කින් 66.43 %ක් උතුරු පළාත - ප්‍රකාශිත 67.52 %කින් 18.38 %ක් ජනාධිපතිවරණයකදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් වෙනස් විය හැකි ය. එසේ ම, එවන් පසුබිමකදී 50% ඉක්මවා ගිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ජනාධිපති මහින්ද රා‍ජපක්ෂට පහසු නැත. මෙම මැතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අලුතින් ගොඩනඟා ගත් ඡන්ද පදනම ද විකල්පයක් කෙරෙහි ජනතාව තුළ ඇති නැඹුරුව පිළිබඳ ඉඟියක් ලෙස සැලකිය හැකි ය‍. එහෙත්, මෙහිදී අතිශය වැදගත් සාධකය වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ඡන්දයි. 2005 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට තහවුරු වුණේ ද ක

මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ අදහස් දක්වන්න

පළාත් සභා තු‍නේ ආසන මට්ටමේ ප්‍රතිඵල බොහොමයක් නිකුත් වී තිබේ.  ප්‍රතිඵලය අප ඊයේ කී ආකාරයෙනි.  මධ්‍යම හා වයඹ පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජය‍ ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම්වල වර්ධනයක් සිදු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත. එහෙත්, එම පක්ෂයේ ප්‍රතිඵලය පවත්නා තත්වය තුළ නරක නැති බව පෙනේ.  ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්වත් හිමි වේ ද යන්න සැක සහිත ය. ජනතා විමුක්ති පෙරමුණේ බිඳී යාමේ ප්‍රතිඵලය එයයි.  සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එක් ආසනයක් දිනා ගන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීමෙන් පැහැදිලි ප්‍රතිඵලයක් අත් කර ගෙන ඇති බවක් නො පෙනේ. ඔවුන්ට උතුරු පළාතෙන් හිමි වී තිබෙන්නේ එක් ආසනයක් පමණි. ඒ මන්නාරමෙනි. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමි වන්නට පුළුවන.  මාතලේ දිස්ත්‍රික්කයට වෙන ම තරග ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් දිනාගෙන තිබේ.  උතුරු පළාතේ මැතිවරණ ප්‍රතිඵලය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය. අපි ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරමු.   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැන

මමත් ඡන්ද දායකයෙක් වුණා නම් ..............

Image
අද පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ය: වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසුවෙන් ජය ගනු ඇත.  දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා පහසුවෙන්, ඇතැම් විට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින්   උතුරු පළාත් සභාව   ජය ගන්නට ඉඩ තිබේ. වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය.  මේ මැතිවරණයේදීත් වර්ණවත් මැතිවරණ ඝෝෂාව තුළ ජනතාව දේශපාලනිකව අන්ධ හා බිහිරි තත්වයට පත් කර ගොළු ප්‍රකාශකයකු බවට පත් කර ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ. විපක්ෂයේ දුර්වලකම හා මැතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නට ඇති බලපුළුවන්කාරකම වාසියට තිබුණත්, මේ මැතිවරණයේදීත් ආණ්ඩුව යැපුණේ ජාතිවාදය මතයි. උතුරු පළාත් සභා මැතිවරණයේදී ශක්තිමත් අන්දමින් මතු වූ දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන දෙමළාට එරෙහිව ආණ්ඩුව ශක්තිමත් කළ යුතු ය යන මතයක් ආණ්ඩුව විසින් ඉස්මතු කරන ලදී.  අලුත් ජාතිකවාදී දේශපාලන රැල්ල ගැන අපි මැතිවරණයෙන් පසුව කතා කරමු.  මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි විරුද්ධ පක

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු නැතිව නඩුවකට පෙනී සිටි මිනිසකුට වූ සිද්ධියක්

Image
ලංකාවේ උසාවියකදී භික්ෂුවක් නීතිඥයකුට පහර දුන් අවස්ථාවක්. මෙම නිතිඥවරයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් ද හලන ලදී ශිෂ්ට සමාජයක නම් විනිසුරකු වූ පළියට කිසිවෙක් සාමාන්‍ය පුරවැසියකුට වඩා වෙනස් අමුතු මිනිසකු වන්නේ නැත. ශිෂ්ට සමාජයක විනිසුරුවරයකු යනු ජනතාවට යුක්තිය පසිඳලීම සිය වගකීම කර ගත් අයෙකි. ශිෂ්ට සමාජයක අධිකරණය යනු යුක්තිය සොයන පුරවැසියන්ට උදව් කරන ආයතනයක් මිස පුරවැසියන් බිය වද්දන, ඔවුන්ගේ හඬ අවදි කරන්නට නො දෙන තැනක් නො වේ. ශිෂ්ට සමාජයක මිනිසුන් විනිසුරන්ට බිය නැත. ඇත්තේ ගෞරවයකි. අනෙක් පැත්තෙන් ශිෂ්ට සමාජයක පුරවැසියෝ ද අධිකරණය හෑල්ලුවෙන් නො සලකති. එහි කා‍ලය වටිනා බව දනිති. තමන්ට වරදක් සිදු වී තිබේ නම් එය පෙන්වා දුන් විට තේරුම් ගනිති. පහත පළ වන්නේ ලක්බිම‍ පුවත්පතේ වාර්තාවකි. අනවශ්‍ය පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයේ කාලය හා මහජන මුදල් අපතේ නොයවන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බදාදා (18) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පෙත්සම්කරුවෙකුට දැඩි ලෙස අවවාද කරමින් පැවසුවේය. අගවිනිසුරුවරයා විසින් මෙසේ අවවාද කරන ලද්දේ රනිල් කුමාර් නැමැති පෙත්සම්කරුවෙකුටය. සමහර අවස්ථාවලදී ඇතැම් සිද්ධීන් සම්බන

නිනා දවුලුරි - කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

Image
අදාළ ලිපිය කියවන්න පහළට රූටන්න. ඊට කලින් බලන්න, මේ ලිපි කියෙව්වද? කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැත... ඔන්න බොලේ ශිරානි එනවා සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක් කොළඹ මහා පොත් පෙරළීම හා Book Seeker මෘදුකාංගය කබල්ලෑවා මං ආවා - මං ඉත්තෑවා දෙමළාගේ ප්‍රශ්නය බ්ලොක් කිරීම සුනිලා අබේසේකර ගැන ආදර කවියක් හෙවත් දේශපාලනික ගුණ ... ශාස්ත්‍රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශ නිනා දවුලුරි (උච්චාරනය හරිදැයි නො දනිමි) ඇමරිකානු රූ රැජින‍ ලෙස තේරීම මුලින් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ජාතිවාදී හා වර්ණවාදී අදහස් රැල්ලක ප්‍රචාරයට හේතු වූ මුත්, ඇමරිකානු ජනතාව හා මාධ්‍ය ඉතා කෙටි කලකින් තත්වය පාලනය කිරීමට සමත් විය. මෙම සිද්ධිය පිළිබඳ හෆින්ටන් පෝස්ට් වෙත ලිපියක් ලියන යේල් නීති පාසලේ සහායක පීඨාධිපති ආශා රංගප්පා කියන පරිදි ඇමරිකාව විසින් තත්වය මැනැවින් පාලනය කර ගන්නා ලද මුත් ඇත්තට ම ලජ්ජාවට පත් විය යුතු ඉන්දියාව මෙහිදී ඉලක්ක නො වූ බව පෙන්වා දෙයි.   ඇමරිකානු රූ රැජින කළු කෙල්ලකි. ඇය සත්‍ය ඉන්දීය ලක්ෂණ කැටි කර ගත් තැනැ

කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැතිතුමා අස් වෙන්නේ මොකට ද?

Image
ඉස්සර නම් කුඩු සමග කියවුන නම් වුණේ මර්වින්, දුමින්ද ආදියයි.  දැන් පකිස්තානෙන් ගෙන්වූ කුඩු තොගය සම්බන්ධව අගමැති දි.මු. ජයරත්නගේ හා ඔහුගේ පුතාගේ නම ද සඳහන් වී තිබේ.  එහෙත්, මේ කුඩු ජාවාරම්කරුවන් කර තිබෙන්නේ මේ බබාලාව නො මග යවා තමන්ගේ වැඩේ කර ගන්නට මාන බැලීමයි.  නො දන්නාකමට අනේ අපේ අගමැති කාර්යාලයෙන් කුඩු කන්ටේනරය නිදහස් කරන්නැයි කියා ලියුම් පවා දී තිබේ.  මෙවැනි සුළු දේකට අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත.  මෙම ලිපිය පළ කිරීමෙන් පසු අනුරාධ ජයරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කුමාරදාස ගිරිබාව මහතා අප අමතා පහත සඳහන් ප්‍රකාශය කළේ ය: අනුරාධ ජයරත්න මහතා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහු මෙතෙක් කිසිදු අවස්ථාවකදී වැරදි ක්‍රියා කිසිවකට නම සම්බන්ධ නො වූ දේශපාලක පුත්‍රයෙක්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ගිය විට මල්වතු මහ නාහිමියන් පැවසුවේ ඔහුගේ ගුණාංග හේතුවෙන් ඔහු දේශපාලනයට එනවාට පවා තමන් අකැමැති බවයි. මහනුවර දිස්ත්‍රික්කය පුරා ම ඔහු සම්බන්ධයෙන් ප්‍රසාදයක් තිබෙනවා. මෙම පුවත පළ වීමෙන් ඇතැම් බලවේග මැතිවරණයේදී වාසි ගන්න

ඔන්න බොලේ ශිරානි එනවා

Image
2010, 2011, 2012 අවුරුදුවලදී ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ප්‍රකාශ නො කිරීමේ චෝදනාව මත දෝෂාභියෝගයකින් ඉවත් කරන ලද ශිරානි බංඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමේ සිද්ධිය නාට්‍යමය ජවනිකාවක් බඳු විය.  නීතිඥවරු 100කට වැඩි පිරිසක් හා නීතිඥ සංගමයේ විධායක කමිටුව ඇය වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර තිබිණි. විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පැවසුවේ ඇය වරදකරු වුවත් ඇයට විඳින්නට සිදු වන දඬුවම වන්නේ රු. 1000ක දඩයක් පමණක් බවයි. හැබැයි ඉතින්, වරද නම් ඉතින් වරද ම ය. නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව අධිකරණය අප වැනි අසරණයන්ට නම් කියයි. ඇය අධිකරණයේ විත්ති කූඩුවට ද නැග්ගා ය. ඒකත් නරක නැත. එතැන සිටින මිනිසා ගැන අධිකරණ බංකුවේ සිටින විනිසුරුවරයාට අවබෝධයක් නැත.  කෙසේ වෙතත්, මේ සිද්ධියත් සමග ශිරානි බංඩාරනායක නැවතත් කරළියට පැමිණ ඇති බව ආණ්ඩුවට පෙනෙන්නට ඇත. ඇය පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ඇය වීරවරියක ලෙස මතු කර දක්වන ලද බව ද පෙනේ.  ගැහැනියකගෙන් අපල බව කියන රාජපක්ෂ පවුල් පාලනය නම් මේ ගැන එතරම් සතුටු නො වන්නට ඇත. ලංකාවේ ජනතාව රාජපක්ෂ පාලනයට එරෙ

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක්

Image
සුනිල් පෙරේරා ක්‍රිකට් සම්මාන උළෙලේදී ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය ගැන විවිධ අදහස් තිබේ. සුනිල් පෙරේ‍රා ගී ගයන්නේ සල්ලිවලට ය. ඔහු එක්කෝ තමන්ට මුදල් ගෙවීමට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ උවමනාව ඉෂ්ට කරන්නට ඇති බව හෝ නැතිනම් බ්‍රේක් නැති ගමනක් යන්නට ඇති බව හෝ එහෙමත් නැතිනම් හිතා මතා දෙබරෙකට ගල් ගසා දැවැන්ත ප්‍රචාරයක් බලාපොරොත්තු වන්නට ඇති බව හෝ ඇතැමෙක් පවසති. ඇතැමෙක් සුනිල් පෙරේරා ඇත්ත කතා කරන වීරයකු බව කියති.  මා නම් සිතන්නේ සුනිල් පෙරේරා කර තිබෙන්නේ සංගීතමය කාර්යයක් පමණක් බවයි. එය අමුතු දෙයක් ද නො වේ. එය ලංකාවේත්, මේ ආසියාතික කලාපයේත්, මුළු ලෝකයේත් ප්‍රචලිත නිර්ප්‍රභූ සංගීත සම්ප්‍රදායක දිගුවකි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහළ සිට පහළ දක්වා ම දූෂිත බව ඇත්ත ය. එහි කෑල්ලක් වූ පාසල් ක්‍රිකට් සම්මේලනය සමග මම යම් ගනුදෙනුවක් කරමි. මගේ නිරීක්ෂණවලින් පෙනෙන්නේ එහි මුල් පුටු අරක්ගෙන සිටින ගුරුවරුන් හා වෙනත් අධ්‍යාපන නිලධාරීන් අතරින් ඇතැමෙක් දූෂණයට ලොල්, අශිෂ්ට, අදක්ෂයන් පිරිසක් බවයි. පාසල් ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුඩා කරන ලද ඡායා පිටපතක් විය හැකි ය.   සුනිල් පෙරේරා ක්‍රිකට

කොළඹ මහා පොත් පෙරළීම හා Book Seeker මෘදුකාංගය

Image
පොත් කියවීමෙන් මිනිසුන් හොඳ අය වෙනවා ය කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඉතා හොඳ අදහස් ඇති පොත් ගැන කතා කරමින් ඉතා නරක අදහස් ඔලුවේ දරාගෙන සිටින මිනිසුන් මට සෑහෙන්න හමු වෙලා තිබෙනවා. මම දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස විශ්වාස කරන්නේ දැනුම කියන්නේ අනුන්ට ප්‍රදර්ශනය කිරීමට තිබෙන දෙයක් නොවෙයි කියලායි. දැනුමින් අප කළ යුතුව තිබෙන්නේ අපේ චරිතය හැඩගස්වා ගැනීමයි. එහෙත් අවාසනාවට වගේ ලංකාවේ පසුගාමී සමාජයේ පෙරටුගාමීන් පවා කරන්නේ තමන් කියවූ පොත්වලින් ගසා අනුන්ගේ ඔලු පලන්න උත්සාහ කිරීමයි. ගොඩා.........................ක් පොත් කියවන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ බුද්ධිමතුන් කියන්නේ මම මේ බ්ලොග් එකේ ලියන්නේ මගේ මූණ කැත නිසා ය කියා ය. මම කියන්නේ පොත් කියවනවා  ය, දැනුමින් හා මනෝ විද්‍යාවෙන් ද තමන් මාරෙට සන්නද්ධ ය කියන දීප්ති තුමාර ගුනරත්න වගේ කෙනෙකුට තවත් කෙනෙකුගේ මුහුණ කැත ය කියා නො කියා සිටින්න තරම් ශික්ෂණයක් ගොඩනැගී තිබිය යුතුයි. දීප්තිත් මං වගේ අනුන්ගේ මුහුණු කැතයි කියන්නට පෙර කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලනවා නම් ඔහොම කරන එකක් නැහැ.  ඊයේ මා සමග කතා කළ සිරිමල් විජේසිංහ පළ කළ අදහසක් මගේ සිත් ගත්තා. සාහිත

කබල්ලෑවා මං ආවා - මං ඉත්තෑවා

Image
රාවණා හිටියේ රාමායනයේ ය. රාමායනයේ සඳහන් වූ ලංකාද්වීපය මේ ලංකාව ද කියා දන්නේ කවුරු ද? මිථ්‍යා කතා ප්‍රවර්ගයට අයත් වන රාමායනයේ චරිතයක් වූ රාවණා ඇත්තට ම ජීවතුන් අතර සිටියා යයි සිතීම ඇට්ලස් නම් යෝධයා මහ පොළව උසුලාගෙන සිටින්නේ යයි සිතීම වැනි ම වූ දෙයකි. එහෙව් රාවණා රජෙක් නිසා ලංකාවේ ඇතැම් සිංහල බෞද්ධයෝ මිථ්‍යා අතීතකාමයකින් මත් වී වර්තමානයේ ප්‍රශ්නවලට නො දන්නා අතීතයකින් විසඳුම් සොයති. ලංකාවේ බෞද්ධ අන්තවාදය දැන් ත්‍රස්තවාදයක් වී හමාර ය. සිවුර අවිය කර ගනිමින් භීෂණය වපුරන මෙම බලවේගයේ අලුත් ම ගොදුර, ජ‍යසේකර අපොන්සුගේ 'සීතා මං ආවා' චිත්‍රපටයයි. ජයාස්කර අ‍පොන්සු යනු කලාකරුවෙක් නො ව කලා ශිල්පියෙකි. ඔහු ‍‍කිසියම් නිෂ්පාදකයකු සොයාගෙන මේ රාවණා කතාව හදන්නට ඇත්තේ ජාතිකවාදී සිනමා රැල්ලේ එල්ලී ගානක් හොයා ගන්නට ය. රාවණා රජ්ජුරුවන්ව කිසියම් ආකාරයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සමාන කර පෙන්වා රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන, පාසල් ළමුන් ද රවටා පුරවා ගන්නට හැදූ මඩියට රාවණා බලය නම් සංවිධානය තට්ටු කර තිබේ. දැන් ලංකාවේ සිදු වෙමින් තිබෙන්නේ අයතුල්ලා කොමේනිගේ නායකත්වයෙන් ඉරානයේ සිදු වූ ඉස්ලාමීය මූලධර්ම

දෙමළාගේ ප්‍රශ්නය බ්ලොක් කිරීම

Image
Blog has been removed Sorry, the blog at demalageprashnaya.blogspot.com has been removed. This address is not available for new blogs. දෙමළාගේ ප්‍රශ්නය බ්ලොගයේ සංරක්ෂිත රූපමය පිටපතක් මෙම ලිපිනයෙන් බැලිය හැකි ය. 2013 ජුලි මස ආරම්භ කරන ලද එහි පළ වී තිබුණේ ලිපි 5ක් පමණි. මෙම බ්ලොගයේ අරමුණ ඉහත රූපයේ පැහැදිලිව දැක්වේ. එහි පළ වූ නලින් ද සිල්වාගේ හා නිව්ටන් ගුණසිංහගේ ලිපි දුර්ලභ ඒවා ය. මෙම බ්ලොගය බ්ලොක් කිරීම පිළිබඳව එහි සංස්කාරකවරයා අප සමග පැවසුවේ හේතුව ලෙස දක්වා තිබෙන්නේ ස්පෑම් කිරීම බවයි. ඔහු කියන පරිදි ඔහු එවැන්නක් නො කළේ ය. එතරම් තාක්ෂණික දැනුමක් නැති වුවත්, අපට හැ‍ඟෙන ආකාරයට නම් සිදු වන්නට ඇත්තේ වෙනත් බලවේගයක් විසින් මෙම බ්ලොගය බ්ලොක් කිරීම සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන් සිදු කර, ඒ පිළිබඳව බ්ලොගර් සමාගම වෙත පැමිණිලි කිරීමයි. එසේ කළේ ඇයි? දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳ සිංහලයන් කතා කිරීමෙ මෙවැනි ප්‍රතිචාරවලට හේතු වන්නේ ඇයි? මේ අන්දමින් අදහස් වාරණය කිරීමෙන් දෙමළාට ප්‍රශ්නයක් නැති බව තහවුරු කරන්නට පුළුවන් ද? එසේ නැතිනම් දෙමළාගේ ප්‍රශ්නයේ ගැඹුරුකම මෙයින් තවත් තහවුරු වනවා න

සුනිලා අබේසේකර ගැන ආදර කවියක් හෙවත් දේශපාලනික ගුණ කථනයක්

Image
ජවිපෙ විමුක්ති ගී පටිගත කිරීමක්. සුනිලා අබේසේකර, ගුණදාස කපුගේ, නිමල් පෙරෙරා, බුද්ධදාස විතානාරච්චි, තිලක් ඉද්දමල්ගොඩ, මුනිදාස ගුණසිංහ සහ ඔගී රණවීර (ඡායාරූපය අප දුටුවේ පතුල වෙබ් අඩවියේ ය) සුනිලා අබේසේකර පිළිබඳ සටහනක් තබන්නැයි ආරාධනා කළ විට මට මතක් වූයේ සුනිලා අබේසේකර නම් ගායිකාවකි. බඹරු ඇවිත් චිත්‍රපටයට ඇය ගැයූ 'උදුම්බරා', හංස විලක් චිත්‍රපටයට ඇය ගැයූ 'සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්' ගීතය හා සුනිල් විජේසිරිවර්ධන සමග එක්ව නිර්මානය කළ 'දෝතට ගනිමු' වැනි ගායනා කීපයකින් ඇගේ අනන්‍යතාව ඇය සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ නො මැකෙන අන්දමින් සලකුණු කළා ය. දෙවනුව මා මතකයට පැමිණියේ ඇය ලංකාවේ සිටි වඩාත් ම ෆොටෝජෙනික් හෙවත් ඡායාරූපවල සුන්දර අන්දමින් නිරූපණය වන, නිරූපිකාවක නො වන ගැහැනියක ලෙසයි. එහෙත්, සුනිලා සිය අනන්‍යතාව ලෙස ප්‍රවර්ධනය කළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ය යන වෘත්තිකමය අනන්‍යතාවයි. ඇය ලෝක ප්‍රකට වූයේ මේ අනන්‍යතාවෙන් බවට සැකයක් නැත. එහෙත්, අග නාගරික සමාජයට අයත් නො වන අපට ඇගේ මෙම භූමිකාව නම් බොහෝ දුරස්තර වූ එකක් වූ බව කිව යුතු ය. කොටින් ම කියනවා නම් ඇගේ ප්‍රභූ මාන

ශාස්ත්‍රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා

Image
(මෙය ශාස්ත්‍රීය අධ්‍යයනයක් නො වන බව කරුණාවෙන් සලකන්න. මෙය සංවාදය අරමුණු කර ගත් දේශපාලන ලියවිල්ලකි)  දීප්ති කුමාර ගුණරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර නො කෙරෙන විවාදය ආශ්‍රිතව සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේදී දේශපාලන ක්‍රියාධරයා හා ශාස්ත්‍රාලීය බුද්ධිමතා යන දෙදෙනාගේ භූමිකාවන් පිළිබඳ යම් සංවාදයක් ඇති වී තිබේ. සමාජය වෙනස් කිරීම යනු දේශපාලන කාර්යයක් නිසා එහි මූලික වගකීම තිබෙන්නේ දේශපාලන ක්‍රියාධරයාට ය. එහෙයින් විපර්යාසයේ වැදගත් ම දායකයා වන්නේ ඔහු ය. ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ කාර්යභාරය ඊට වඩා වෙනස් එකකි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ශාස්ත්‍ර විද්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරමින් ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ කරයි. ඒ ඔස්සේ නිගමනවලට එළඹෙමින් මතවාද ඉදිරිපත් කරයි. ඒවා පිළිබඳ සංවාද පවත්වාගෙන යයි. ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ බුද්ධිමය නිෂ්පාදන දේශපාලන ක්‍රියාධරයාට අතිශය  වැදගත් ය. දේශපාලන ක්‍රියාධරයා ඒවා උපයෝගී කර ගනියි. ඒවා ඔහුට/ඇයට මග පෙන්වයි. එහෙත් දේශපාලන ක්‍රියාධරයාගේ කටයුතු තීරණය වන්නේ අර‍ගල භූමියේ ඓතිහාසික, භූගෝලීය හා සමාජ ආදී සාධක මතයි. දෘෂ්ටිවාදයන් ඔහුගේ භාවිතාව තුළ පරීක්ෂාවට ලක් වේ. දේශප

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ හැමදාමත් යන ඇත්ත

Image
අද කතන්දර පොඩි ජෝක්ස් කෑලි දෙකක් ලියලා ජෝකර් මල්ලිගේ බ්ලොග් එකත් අඳුන්වලා දීලා තිබුණා. අද උදේ ඇ‍හැරෙන්නත් ප්‍රාකු වෙලායි ඉන්නේ. ඒත් ඉතින් පසුගිය දවස්වලත් පානචොරා වාදය හෙවත් දීප්ති - නිර්මාල් නො කෙරෙන සංවාදය ගැනයි, ලංකාවේ ආර්ථික අර්බුදය ගැනයි කට් ඇන්ඩ් පේස්ට් දෙකක් ගහපු හින්දා මොකවත් නො ලියාත් බැහැනේ. ඒ නිසා මටත් හිතුණා පොඩි ජෝක් එකක් කොරන්න. (මම මුල් පත්වීම අරන් පදවියේ ඉස්කෝලෙ වැඩ කරන කාලේ අපිත් එක්ක චමරි ගුරු නිවාසෙ හිටිය නෙලා අපෙන් අහනවා "ඒයි, උඹලා ළමයින්ට ‍ජෝක් කොරන්නෙ නැද්ද?" කියලා. "පිස්සු ද, අපි ඔය ජරා වැඩ කරන්නෙ නැහැ," යි අපි කියනවා. "අඩේ ජෝක් කොරපල්ල බං. මං නම් ජෝක් කොරනවා," කියලා එතකොට නෙලා කියනවා.) සුනිලා අබේසේකර ගැන ලිපියක් ලියා දෙන්න කියලා, ජනරළෙන් ඉල්ලුවා. ඒක තවම බාගෙට. ලිව්වත්, දැන්ම පළ කරන එකත් හරි නැහැනේ පත්තෙරේ පිට වෙන්න කලින්. තව එකකුත් ලියන්න පටන් ගත්තා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය ගැන සිංහල ජාතික සංවිධාන එකතුවේ අදහස ගැන. ඒක මුලින් වෙන තැනකට ඉංගිරිසියෙන් ලිය ලියා ඉන්නකොට මෙන්න බොලේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයේත