දෙමළාගේ ප්‍රශ්නය බ්ලොක් කිරීම

Blog has been removed

Sorry, the blog at demalageprashnaya.blogspot.com has been removed. This address is not available for new blogs.

දෙමළාගේ ප්‍රශ්නය බ්ලොගයේ සංරක්ෂිත රූපමය පිටපතක් මෙම ලිපිනයෙන් බැලිය හැකි ය.

2013 ජුලි මස ආරම්භ කරන ලද එහි පළ වී තිබුණේ ලිපි 5ක් පමණි.

මෙම බ්ලොගයේ අරමුණ ඉහත රූපයේ පැහැදිලිව දැක්වේ. එහි පළ වූ නලින් ද සිල්වාගේ හා නිව්ටන් ගුණසිංහගේ ලිපි දුර්ලභ ඒවා ය.

මෙම බ්ලොගය බ්ලොක් කිරීම පිළිබඳව එහි සංස්කාරකවරයා අප සමග පැවසුවේ හේතුව ලෙස දක්වා තිබෙන්නේ ස්පෑම් කිරීම බවයි. ඔහු කියන පරිදි ඔහු එවැන්නක් නො කළේ ය.

එතරම් තාක්ෂණික දැනුමක් නැති වුවත්, අපට හැ‍ඟෙන ආකාරයට නම් සිදු වන්නට ඇත්තේ වෙනත් බලවේගයක් විසින් මෙම බ්ලොගය බ්ලොක් කිරීම සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන් සිදු කර, ඒ පිළිබඳව බ්ලොගර් සමාගම වෙත පැමිණිලි කිරීමයි.

එසේ කළේ ඇයි? දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳ සිංහලයන් කතා කිරීමෙ මෙවැනි ප්‍රතිචාරවලට හේතු වන්නේ ඇයි? මේ අන්දමින් අදහස් වාරණය කිරීමෙන් දෙමළාට ප්‍රශ්නයක් නැති බව තහවුරු කරන්නට පුළුවන් ද? එසේ නැතිනම් දෙමළාගේ ප්‍රශ්නයේ ගැඹුරුකම මෙයින් තවත් තහවුරු වනවා නොවේ ද?

මේ සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ප්‍රවණතාවක ආරම්භය ද?

මා ලියූ දේ එතරම් ඓතිහාසික නො වුණත්, අඩු තරමේ මට හෝ වැදගත් විය හැකි බැවින් ඒවා බැකප් කර තැබිය යුතු යයි මට සිතේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. This is the email received by the editors:

    Hello, Your blog at http://demalageprashnaya.blogspot.com/ has been reviewed and confirmed as in violation of our Terms of Service for: SPAM. In accordance to these terms, we've removed the blog and the URL is no longer accessible. For more information, please review the following resources: Terms of Service: http://www.blogger.com/go/terms Blogger Content Policy: http://blogger.com/go/contentpolicy -The Blogger Team

    ReplyDelete
  2. මෙය සිදු නොවිය යුත්තක්. මෙය බ්ලොග් කිරීම සිංහල ජාතිකවාදියෙකු වන මාද තද බල ලෙස විරුධ වෙමු. මා ඉතා හොදින් දන්නා ආකරයට දෙමලාට ප්‍රශ්නයක් නැතැයි කියූ නලින් ද සිල්වා මැතිතුමාද මෙය දැන ගත්තා නම් විරුද්ධ වන බව නිසැකය​. නලින් ද සිල්වා මහතා ගොඩ නැගූ කිසිදු සංගත ප්‍රශ්නයකට නිර්මාල් විසින් සංගත පිලිතුරක් දී නොමැත​. ඊට අමතරව කමෙන්ට්ස් මාර්ගයෙන් අපි ඇසූ ප්‍රශ්න වලටද නිර්මාල් කිසුදු පිලිතුරක් දී නොමැත​. මෙවැනි බ්ලොග් මාර්ගයෙන් නිර්මාල් වැනි ඊනියා බුද්ධිමතුන්ගේ හිස් කම​, අනුකාරක බව​, බටහිර දැනුමට දක්වන නිවට දාසකම මනාව ඔප්පු කල හැකිව තිබුණු. ජාතිකවාදීන් ලෙස අප නම් බලාපොරොත්තු වන්නේ දෙමලාට දෙමල වීම නිසාම ප්‍රශ්නයක් ඇත්නම් බ්ලොග් එකක් නොව දස දහසක් වුව නිර්මානය කර එය පෙන්වන ලෙසයි. මෙවැනි මුග්ද වැඩ වලින් දෙමල බෙදුම්වාදී ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින වාමාංශිකයන්ගේ හිස් බව​, වද බැහැපු බව ලෝකයට පෙන්වීමට ඇති අවස්ථාව මග හැරී යයි. "දෙමලාට දෙමල වීම නිසාම ඇති ප්‍රශ්නය උන්ට රටක් නැති කම​" යැයි නලින් ද සිල්වා මාක්ස්වාදියෙකුව සිටි අවදියේ ලියූ ලිපියක් ගෙන හැර දක්වමින් නිර්මාල් ද අද එයම පවසයි. මා දන්නා පරිදි මේ කරුණට ඒ මහතා සංගත පිලිතුරක් දී ඇත​. එකම කරුණක දිගින් දිගටම එල්ලෙමින් එයම හප හපා කිච පච වෙන එක නිර්මාල් ගේ හැටියක් බව අපි නම් දනිමු. "දෙමලාට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය උන්ට රටක් නැති කම නම්" උන්ට රටක් ලබා දීම සිංහල අපට අයිති දෙයක්ද​? එය අපේ ප්‍රශ්නයක් ද​? අපිට අලද​?. උන්ට වෙනම රටක් ලබා දීමට මේ රට දෙකඩ කල යුතුද​? අනෙක් අතට උන්ට මේ රටෙන් කොටසක් දීම උව අප රටේ ඉතිහාසයට අනුව සාධාරන හා සංගත විය යුතුය​. එවැනි දෙයක් ලබා දීම​ නොව කථා කිරීම පවා මේ රටේ ඉතිහාසයට අනුව කරන අසාධාරන ක්‍රියාවකි. දෙමල නිජබිම (ඉතිහාසිකව​) දකුණු ඉංදියාවයි. එය​ප්‍රමානාත්මකව උව අප රට මෙන් කිහිප ගුණයකි. එබැවින් ගෝලියව​ ඇති "දෙමලාට රටක් නොමැතිවීම​" නැමැති ප්‍රශ්නයට එකම හා සංගත ලෙසත් ඉතිහාසිකවත් හොදම විසදුම තමිල්නාඩුව තුල දෙමල ඊලම ගොඩ නැගීමයි. නමුත් අපේ රටේ නිර්මාල් වැනි නිවට, මුග්ද ඇකඩමික අනුකාරකයන් කරනුයේ උන්ගේ ස්වාමීන් කෘතිම ලෙස ඇතිකල ඉතිහාසික ප්‍රශ්නයක් දිගින් දිගටම හපමින් එයින් සිංහලයාට පහර ගැසීමයි. අද දවසේ ලාංකීය වාමාංශිකයාගේ ප්‍රධානම හතුරා "සිංහල බෞද්ධයායි" එබැවින් උන්ගේ ඉතිහාසයට​, සංස්කෘතියට​, රටට පහර ගැසීම මෙම මුග්ද වාමාංශිකයන් ගේ එදා වේලේ අනිවාර්‍ය අංගයකි.

    ReplyDelete
    Replies
    1. තුෂාන් අද පුක නම් වචනය යොදා නොගැනීම පුදුමයක්.

      Delete
    2. තුශාන්ගේ ප්‍රශ්නය අන්දයකුගෙන් ඇසුවොත් මෙහෙමද?
      අන්දයාට අන්දයකු වීම නිසා තිබෙන ප්‍රශ්නය කුමක්ද?
      අන්දයාට කන්න බොන්න අදින්න තියෙනවානම් ඉන්න තැනක් ගැහැනියෙක් සල්ලි තියෙනවානම් ඇති ප්‍රශ්නය කුමක්ද?

      Delete
  3. අජිත් වැඩි කාලයක් කෑෂ් එකේ ඔය සයිට් එක තියෙන්නේ නැහැ.. ඒ නිසා දැන්ම ඒවා සේව් කරගන්න හාර්ඩ් එකට..

    ReplyDelete
  4. මේ වාරණයට කෙලින්ම සම්බන්ධ නැති වුනත් වැදගත් යැයි සිතෙන වෙනත් ප්‍රශ්නයක් අහන්නම්.

    අජිත්, ඇයි ඔබේ බ්ලොගයේ ඔබ කියවන මෙවැනි වෙනත් බ්ලොග්වල ලයිස්තුවක් (බ්ලොග් රෝලක්) නැත්තේ?

    එවැන්නකත් තිබුණා නම් ඔබේ බ්ලොගයට නිරතුරු පැමිණණෙ මා ඇතුළු තවත් බොහෝ දෙනා මේ ප්‍රස්තූත බ්ලොගය ඇතුළු වෙනත් බ්ලොග් ගැනද දැන ගන්නවා නොවේද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පැරාට ඔයාට වගේ හිට් මේනියාවක් නැති හින්ද වෙන්න ඇති (නොකිය කියන්නේ මගේ බ්ලොග් එකට කින්ක් එකක් දාපන් කියලනේ, අනේ බන්..... කුජීතයි ඈ!)

      Delete
    2. correction- ලින්ක් එකක්

      Delete
    3. මගෙ බ්ලොග් රෝල මැකිල ගියා කකා අවාසනාවන්ත විදියට

      Delete
    4. මාවත් මැකිලා ගියා හැලපයියේ කකාගේ බ්ලොග් රෝලෙන් අවාසනාවන්ත විදිහට.ඒක උනේ කාලකන්නි පොඩි කොල්ලෙක් නිසා , ඒ පොඩි කොල්ලව අහු උනොත් අම්මපා ගහනවා උගේ ඔළු කට්ට කුඩු වෙනකම් බිත්තියක.. ඌ නිසා වෙච්චි පාඩුව මකන්න බැහැ .. :(

      Delete
    5. පොඩි කොල්ලගේ කතාව..... කතන්දරට ඒක මානුශීයත්වය පිලිබඳ ප්‍රශ්නයක්..සයිලන්ට් සහන්ට ඒක විනෝදය පිලිබඳ ප්‍රශ්නයක්...!

      - Dimithri

      Delete
    6. @ Dimithri


      මට ඒ සිදුවීම විනෝදයක් නෙවේ දිමිත්‍රි.. ඒ සිදුවීම නිසා මට සිද්ධ වුණු හානිය ගැන ඔබ දන්නවාද ? එයින් පසු මා මානසිකව ඇද වැටුණු බව ඔබ දන්නවාද ? මගේ බ්ලොගය පාළුවට ගිය බව ඔබ දන්නවාද ..?

      ඒත් කකාට ඒ සිදුවීම හුදෙක් විනෝදයක් උනා. මාව ඉතා අමානුෂීය විදිහට ඔහුගේ බ්ලොගයෙන් ඉවත් කිරීමට ඔහු පසුබට උනේ නැහැ. මම වැටි වැටී කිව්වා " අනේ මගේ එක එල්ලන්න එල්ලන්න " කියලා. ඒත් ඔහු ඒ පිළිබඳව තඹේකට මායිම් කලේ නැහැ. ඔහුට ඒ සිදුවීම් හුදෙක් විනොදයක්ම පමණයි දිමිත්‍රි..

      නමුත් මට එය ඉතා දුක්බර , හදකකියන සිදු වීමක්.. මේ බ්ලොග් තලය තුළ නැවත එවැනි සිදු වීම් සිදු නොවේවා යන්න මගේ පැතුමයි :(

      Delete
    7. /* ඒත් කකාට ඒ සිදුවීම හුදෙක් විනෝදයක් උනා. මාව ඉතා අමානුෂීය විදිහට ඔහුගේ බ්ලොගයෙන් ඉවත් කිරීමට ඔහු පසුබට උනේ නැහැ. */

      හා, එකකොට, බාලවයස්කාරයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමීම අනුමත කරමින් ලිපි ලිවීම සහ කමෙන්ට්ස් දැමීම හොඳ වැඩක්.

      එ විදියට අනුමත කළ අයගේ බ්ලොග් නොකියවා ඇරීමට මං පුද්ගලික තීරණයක් ගත්ත එක අමානුශික වැඩක්!

      අනේ සහන් කාට කියන්නද මේවා!

      Delete
    8. සහන්,

      ඔබේ මානසික ඇදවැටීමක් ගැන කර ඇති සඳහන දැක මා කම්පා වුණා. මට එතරම් සිවිල්/රීමෝට්/සයිබර් බලයක් ඇති බවක් මා දැන සිටියේ නෑ.

      නමුත් ළමයෙකුගේ මරණය ගැන කම්පාවීම සහ වැඩුණු මිනිසෙකුගේ බ්ලොගයක් පාලුවට යාම අතරින් කුමක් මා තෝරා ගන්නද යන්න ගැන නම් මට ගැටළුවක් නෑ.

      Delete
    9. පේනවද තව තවත් මා අපහසුතාවයට පත් කරමින් මා පෙළනයුරු මේ කකා. ඔබ ඉතා අමානුශීයයි කකා!

      Delete
    10. දැන් මට හිතෙන්නේ (දිමිත්‍රි කිව්වාක් මෙන්) ඔබ මේ කරන්නේ විහිළුවක් ය කියායි. ඒක සිරීයස් බාර ගත් මායි මෝඩයා!

      Delete
    11. කතන්දර කාරයා, පොඩි නිවැරදි කිරීමක් අවශ්‍යයි.... මා කිව්වේ විහිලුවක් කියා නොවෙයි. නියම වචනය 'විනෝදයක්' යන්නයි (මේ දවස්වල පට්ට ගහන වචනයක්! පච වෙමින් පවතින වචනයක්!!)

      බාලවයස්කාරයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමීම අනුමත කරමින් ලිපි ලිවීම සහ කමෙන්ට්ස් දැමීම යනු පාරේ කිරිබත් කමින් ලැබූ විනෝදයේ ම දිගුවක්!

      SilentSahan September 14, 2013 at 6:45 PM හි අවඥා සහගතව පෙන්වන්නේද එම විනෝදයයි.

      - Dimithri

      Delete
  5. බ්ලොග් රෝලක් දැමීම හොඳ අදහසක්. ඒත්, දිගට ගැලපෙන බ්ලොග් සංඛ්‍යාවක් විතරක් තෝරා ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව මාත් සියයට සියයක් අනුමත කරනවා,ඇති දිග ප්‍රමාණය අනුව කියවන සියලුම බ්ලොග් ඇතුළත් කරගැනීම කළ නොහැක්කක්,එතනදී අමනාපකම් පවා ඇතිවිය හැකියි.

      Delete
    2. අජිත්ට පුළුවන් ඔබ කියවන පොලිටිකල් බ්ලොග් ලයිස්තුව දාන්න. බ්ලෙගර් එකේ නම් සෙට් කරන්න හැකියි මුල් 10 පමණක් පේන්න, අළුත්ම ඒවා උඩින්, ඊලඟට යටට යනවා වඩා අළුත් ඒවා එනකොට.

      යාළුවෝ තරහා වෙන එක ගැන නම් මට කිසිවක් කියන්න බෑ.

      මගේ රොලෙන් බ්ලොග් අයින් කරීිම සහ අයින් කිරීම පමා වීම පවා ලොකු කේස් වෙලා වගෙයි පේන්නේ.

      Delete
    3. වර්ග අඟල් ගානට මිල නියම කරන්න... එතකොට තරහ වෙන එකක් නැහැ!

      Delete
  6. බ්ලොග් රෝලක් නැති වුණාට අපි හැම විට ම රසවත් බ්ලොග් ගැන මෙම බ්ලොගයෙන් හා ෆේස්බුක් මගින් හඳුන්වා දී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මා දැක තියෙනවා. නමුත් ෆේස්බුක් සහ ගූගල් ප්ලස් දාන ඒවා මේ දැක්කා මේ නෑ. පහුවදාට පේන්නම නෑ වගේ.

      බ්ලොග් රෝල සදාකාලිකව යාවත්කාලීන වෙනු ඇති.

      ඒක නොවෙයි පාන්දරම අවදි වෙනවා නේද ඉරිදා වෙලත්?

      Delete
  7. කරුනාකර , ඔබට බැරිද ඔය කියන රසවත් බ්ලොග් වල ලින්කු ලැයිස්තුවක් කමෙන්ට් කරන්න.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. 'දෙමළාගේ ප්‍රශ්නය' අලුත් ලිපිනය මෙන්න. පැරණි ලිපි ඉක්මනින් යලි පල කරමු. http://demalageprashnaya.wordpress.com/

    ReplyDelete
    Replies
    1. මගේ කතන්දර බ්ලොගයේ බ්ලොග් රෝලට මෙය ඇතුළත් කළෙමි.

      ස්තුතියි.

      Delete
    2. කකා ගෙදර අයවත් දෙයි හිට්ස් හම්බවෙනවනම්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා