කබල්ලෑවා මං ආවා - මං ඉත්තෑවා

රාවණා හිටියේ රාමායනයේ ය. රාමායනයේ සඳහන් වූ ලංකාද්වීපය මේ ලංකාව ද කියා දන්නේ කවුරු ද?

මිථ්‍යා කතා ප්‍රවර්ගයට අයත් වන රාමායනයේ චරිතයක් වූ රාවණා ඇත්තට ම ජීවතුන් අතර සිටියා යයි සිතීම ඇට්ලස් නම් යෝධයා මහ පොළව උසුලාගෙන සිටින්නේ යයි සිතීම වැනි ම වූ දෙයකි.

එහෙව් රාවණා රජෙක් නිසා ලංකාවේ ඇතැම් සිංහල බෞද්ධයෝ මිථ්‍යා අතීතකාමයකින් මත් වී වර්තමානයේ ප්‍රශ්නවලට නො දන්නා අතීතයකින් විසඳුම් සොයති.

ලංකාවේ බෞද්ධ අන්තවාදය දැන් ත්‍රස්තවාදයක් වී හමාර ය. සිවුර අවිය කර ගනිමින් භීෂණය වපුරන මෙම බලවේගයේ අලුත් ම ගොදුර, ජ‍යසේකර අපොන්සුගේ 'සීතා මං ආවා' චිත්‍රපටයයි.

ජයාස්කර අ‍පොන්සු යනු කලාකරුවෙක් නො ව කලා ශිල්පියෙකි. ඔහු ‍‍කිසියම් නිෂ්පාදකයකු සොයාගෙන මේ රාවණා කතාව හදන්නට ඇත්තේ ජාතිකවාදී සිනමා රැල්ලේ එල්ලී ගානක් හොයා ගන්නට ය. රාවණා රජ්ජුරුවන්ව කිසියම් ආකාරයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සමාන කර පෙන්වා රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන, පාසල් ළමුන් ද රවටා පුරවා ගන්නට හැදූ මඩියට රාවණා බලය නම් සංවිධානය තට්ටු කර තිබේ.

දැන් ලංකාවේ සිදු වෙමින් තිබෙන්නේ අයතුල්ලා කොමේනිගේ නායකත්වයෙන් ඉරානයේ සිදු වූ ඉස්ලාමීය මූලධර්මවාදී විප්ලවය වර්ගයේ බෞද්ධ අන්තවාදී විප්ලවයකි.

මිනිසුන් බැලිය යුත්තේ කුමන චිත්‍රපට ද, මුස්ලිම් කාන්තාවන් මුහුණ හා හිස ආවරණය කළ යුතු ද නැද්ද, සිංහල ගැහැනුන් ගවුම ඇන්ද යුත්තේ කොපමණ දිගට ද, පිරිමින් රෑට සංසර්ගයේ යෙදෙන්නේ කොන්ඩම් දමලා ද, අප කෑ යුත්තේ මොන සතාගේ මස් ද ආදි බොහෝ දේ නිරීක්ෂණය කිරීමේ බලයක් දැන් මේ ත්‍රස්ත භික්ෂු බලකාය විසින් භාර ගෙන තිබේ.

මොවුන්ට නීතිය භාර දී දෑත් හකුළා ගන්නට සූදානම් පොලිසියක් ද ඇති බව බොරැල්ල පොලිසිය ක්‍රියා කර ඇති ආකාරයෙන් පෙනේ.

දැන් මෙහිදී අනතුරට පත්ව තිබෙන්නේ දෙමළෙකු, මුස්ලිම් ජාතිකයකු, වාමාංශිකයකු හෝ එන්ජීඕකාරයකු නො වේ. සාමාන්‍ය සිංහල වානිජ කලා ශිල්පීන් හා කලා ව්‍යාපාරිකයන් පිරිසකි. දැන් ඔවුහු එක්කෝ ලොකු කප්පමක් ගෙවිය යුතු ය. නැතිනම් චිත්‍රපටය හකුළා ගත යුතු ය. 

දැන් සිංහලයන්ට මාටින් නිමොලර් පියතුමාගේ කවිය ඇහැට ඇඟිල්ලෙන් අනිමින් සිටියි. සිංහලයිනි, මුන්ට තව ඉඩ දුන්නොත් ඔබේ ජීවිතය මුන් විසින් සහමුලින් ම කාලකණ්ණි කරනු ඇත.

අරගෙන යන විට උන් ඇවිදින්
සමාජවාදීන්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින්
කම්කරු නායකයින්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින්
යුදෙව් ජාතිකයන්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ

අන්තිමේදි උන් එනකොට
අරගෙන යන්නට මා
කවුරුත් නෑ හිටියේ මට
හිටියේ මම තනියම

මාටින් නිමොලර්ගේ කවිය මම මීට වසර කීපයකට පෙර මේ අන්දමින් ගීයක් කළා අග්නීමා සංගීත කණ්ඩායම වෙනුවෙන්. අන්තිමේදී සිංදුවක්වත් කියන්න නො ඉඳ අපි හැමෝ ම විසිරුණා නේ ද කියා හිතෙනවා.

ඉතින් තවත් මෙහෙම ඉන්නවා ද, සහෝදරයිනේ?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ලන්කාවෙ ඉතිහාසය ගෑන චිත්‍රපටි හදන්න පුලුවන් ජෑකාටය් සොමෙටය් විතරය්

    ReplyDelete
  2. ලංකාවේ දැන් බන්දුල ටෙනිසන්ල විජය නන්දසිරිලා ගිරිරාජ්ල විතරක් නෙමේ චුටි මල්ලිලා පොඩි මල්ලිලා වගේ කොමඩියන්ලත් ෆුල් නන්නත්තාර වෙලා ඉන්නේ ..සුදු අඳින සාදුලයි කහ අඳින සාදුලයි දාන කොමඩි ජෝක් දැක්කම ජෝ මහත්තයත් පරාදයි!

    ReplyDelete
  3. කෝ අපේ මීවනපලානේ ජයරත්නයන්?

    ReplyDelete
    Replies
    1. ඌ ට busy මේදවස්වල. රාවනා මේදවස් වල මොණරේ flight testing උයි තව upgrading කරනවා වෙන්න ඇති. එකට උදාවට ගිහිල්ලවගේ, උගේ බ්ලොග් එකත අවරුද්දකින් update නැ

      Delete
  4. i watched th trailer and its stupid as stupid could ever be, bt wat the hell this monks think of themselves, we have to have th rite to decide wat we want not some stupid monk,,,,, i have learnt buddhism frm school then vidyalankara sunday school and hv read few books written by various people i may nt have the knowledge or education more than these people bt even a montesorry kid can understand that this is turnin buddhism in to a religion like islam ,i wonder wat happnd to the free thinking buddhists in this country

    ReplyDelete
    Replies
    1. True. I did see some of it. It is a darn stupid movie. I guess the film maker is paying so called Rawana folks for the publicity.

      Delete
  5. බ්ලොග් වසපියව් කියලත් කට්ටිය පෙලපාලි යයි තමා මෙහෙම ගියොත්.

    ReplyDelete
  6. ජයසේකර අපොන්සු ගැන අමතක වෙලා ගිහින්ම තිබුණේ...

    ReplyDelete
  7. කඩප්පුලියාSeptember 15, 2013 at 7:05 PM

    ඔන්න බලාපල්ලා බුද්ධාගම ධනවාදයේ ගොදුරක් වු හැටි.මහින්දවත් විමල් වීරවංසවත් දන්නේ නෑ මහින්ද චින්තනයත්,වීරවංසගේ කඩේ යෑමේ චින්තනයත් ඉතා නුදුරේ ධනවාදය විසින් ගිලගන්නා බව.ඒ කියන්නේ ඒ අය ධනේෂ්වරයට ගැලපෙන්නේ නෑ.ගෝත්‍රිකයි.කොටින්ම උන් ලඟින් එන්නේ ගූ ගඳ.ධනවාදීන් ඒ ගඳට කැමති නෑ.

    ReplyDelete
  8. කඩප්පුලියාSeptember 15, 2013 at 7:06 PM

    ඔන්න බලාපල්ලා බුද්ධාගම ධනවාදයේ ගොදුරක් වු හැටි.මහින්දවත් විමල් වීරවංසවත් දන්නේ නෑ මහින්ද චින්තනයත්,වීරවංසගේ කඩේ යෑමේ චින්තනයත් ඉතා නුදුරේ ධනවාදය විසින් ගිලගන්නා බව.ඒ කියන්නේ ඒ අය ධනේෂ්වරයට ගැලපෙන්නේ නෑ.ගෝත්‍රිකයි.කොටින්ම උන් ලඟින් එන්නේ ගූ ගඳ.ධනවාදීන් ඒ ගඳට කැමති නෑ.

    ReplyDelete
  9. ඈත්ත--//මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සමාන කර පෙන්වා රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන, පාසල් ළමුන් ද රවටා පුරවා ගන්නට හැදූ මඩියට රාවණා බලය නම් සංවිධානය තට්ටු කර තිබේ//
    ඈත්ත--//බොහෝ දේ නිරීක්ෂණය කිරීමේ බලයක් දැන් මේ ත්‍රස්ත භික්ෂු බලකාය විසින් භාර ගෙන තිබේ.//
    ඈත්ත--//මුන්ට තව ඉඩ දුන්නොත් ඔබේ ජීවිතය මුන් විසින් සහමුලින් ම කාලකණ්ණි කරනු ඇත//

    තිත්ත ඈත්ත ----- අන්තිමේදි උන් එනකොට
    අරගෙන යන්නට මා
    කවුරුත් නෑ හිටියේ මට
    හිටියේ මම තනියම

    ReplyDelete
  10. Niyametama liyala thiyenawa sahodarayaa... Isthuthiy..

    ReplyDelete
  11. ///මිනිසුන් බැලිය යුත්තේ කුමන චිත්‍රපට ද, මුස්ලිම් කාන්තාවන් මුහුණ හා හිස ආවරණය කළ යුතු ද නැද්ද, සිංහල ගැහැනුන් ගවුම ඇන්ද යුත්තේ කොපමණ දිගට ද, පිරිමින් රෑට සංසර්ගයේ යෙදෙන්නේ කොන්ඩම් දමලා ද, අප කෑ යුත්තේ මොන සතාගේ මස් ද ආදි බොහෝ දේ නිරීක්ෂණය කිරීමේ බලයක් දැන් මේ ත්‍රස්ත භික්ෂු බලකාය විසින් භාර ගෙන තිබේ.///
    +++++++++++++++++

    ReplyDelete
  12. මාටින් නිමොලර් කියන්නෙ මුලින් හිට්ලර්ට හිතවත්ව හිටපු කෙනෙක්. හිට්ලර් පල්ලියට මැදිහත් නොවුණ නම් මාටින් නිමොලර් හිට්ලර්ට විරුද්ධ නොවී ඉන්නත් තිබුණ කියල විශ්වාෂ කරනව. මාටින් නිමොලර් නිෂ්චිතවම කියපු ප්‍රකාෂය මොකක්ද කියන එක ගැනත් ගැටළුවක් තියෙනව. පෙනෙන හැටියට මාටින් නිමොලර් එක එක තැනදි ඕක තැනට ගැලපෙන හැටියට අතින් අඩුවැඩිය දාල කියල තියෙනව. පස්සෙ මේක ඉවක් බවක් නැතුව කෝට් කරල පොරවල් වෙන්න දඟලපු අයත් මේක තමුන්ට ගැලපෙන විදියට වෙනස් කිරීමෙන් වැඩේ තවත් සංකීර්ණ වුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මේකෙ සමහර සංස්කරන වල ජනමාධ්‍යවේදීන්ව මැරුව කියල කියවෙනව. ඒව දාල තියෙන්නෙ ජනමාධ්‍යවේදියො. සමහර ඒවයෙ කලාකාරයො අල්ලං ගියා කියල කියවෙනව. ඒව ලියල තියෙන්නෙ කලාකාරයො. තවත් සමහර ඒවයෙ ශිෂ්‍යයො ඝාතනය උනා කියල කියවෙනව. ඒව දාල තියෙන්නෙ ශිෂ්‍යයො. එක අවස්ථාවක මේකෙ සුළුජාතිකයොත් (දෙමළ කියල ඉරි ඇඳල කියන්න ගියොත් අවුල් නිසාද කොහෙද) ඉන්නව දැක්ක. හැබැයි ඒක නම් දාල තිබුණෙ සුළුජාතිකයො නෙමේ, රාජ්‍ය නොවන සිවිල් ගැංසිය.

    ReplyDelete
    Replies
    1. ඔය මොනවා අඩු වැඩි කරත් කව්රු ලිවුවත් මේ poem ඒකෙන කියවෙන අන්තිම පද ටික තමයි වැදගත් වෙන්නේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා