අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න
![Image](http://4.bp.blogspot.com/-fo0Ig-_fCMY/Uc78TOZaXkI/AAAAAAAAG9s/JBv5Fu47_L8/s797/Time.jpg)
ආණ්ඩුව බුරුමයේ බෞද්ධ බින් ලාඩන් ලෙස හැඳින්වෙන 969 ව්‍යාපාරයේ අධිපති විරතු නම් අන්තවාදී 'බෞද්ධ' භික්ෂුවගේ ඡායාරූපයෙන් 'හැඩ' වූ ජුලි මාසයේ ටයිම් සඟරාව කටුනායක ගුවන් තොටුපළේ රඳවාගෙන කවරය ඉරා නිදහස් කරනවා ද නැතිනම් නිදහස් නො කරම ඉන්නවාදැයි කල්පනා කරමින් සිටියි. කවරය ඉරුවා ය කියා දැන් වැඩක් නැත. දැන් ලෝක පරිමාණෙන් ම කොළේ ඉරාගෙන ඉවර ය. මේ කොළේ ඉරිල්ලට විරතු වගේ ම දායක වූ තවත් පිරිසක් ලංකාවේ සිටිති. නම් වශයෙන් කියනවා නම් මහ හුඟකි. ලංකාවෙන් හා බුරුමයෙන් මේ රැල්ල මතු වන තුරු බුදු දහම ගැන මෙවැනි නිශේධනීය අදහස‍් ලෝකයේ මුල් බැස ගත්තේ නැත. අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය කෙළෙසූ මේ බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බුදු සසුන බේරා ගැනීම සඳහා සැබෑ බෞද්ධයෝ දැන්වත් පෙරට පැමිණිය යුතු ය. බෞද්ධයිනි, සැබෑ බුදු දහම සොයා යන්න. බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com