බලය නැති දේශපාලකයන්ට මළ ගෙදරකවත් යන්න බැරි රටක්

බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස 
එජාපයෙන් බිඳී දෑත් ශක්තිමත් කරන්නට ආ අයුරු
මිනීමැරුමක් සම්බන්ධයෙන් පසුගියදා මරණීය දණ්ඩනයට නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිවරයාගේ විත්ති වාචකයේ ඒ තැනක තමන් දේශපාලනයට එන්නට පෙර කසිප්පු විකිණූ බව සඳහන් කරයි. 

අද වන විට බොහෝ පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා මන්ත්‍රීවරු මෙවැනි අයයි. ලජ්ජා විරහිත ඉතිහාසයට දේශපාලන බලය හා උන්නතිකාමය එක් වූ විට මේ පාදඩයෝ වැඩි දෙනෙක් තමන් කරන දේ නො දනිති. පළාත් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ඔවුන්ට ග්‍රීක් වැනි වේ.

මෙවැනි පාදඩයන් දේශපාලන නායකත්වයට ගෙන ඒමේ 'ගෞරවය' හිමි විය යුතු එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහට බලපිටියේදී මුහුණ දෙන්නට සිදු වූ ප්‍රහාරය ඇත්තෙන් ම දෛවයේ සරදමකි. බලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න ද සිල්වා කලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම පදවිය දැරූවෙකි. මෙවැනි පාදඩයන්ගේ දේශපාලන බලය කූටප්‍රාප්තියට පත් කළ වත්මන් පාලක රෙජිමට මුහුණ දෙන්නට සිදු වන අත්දැකීම් මීටත් වඩා කෲර වනු ඇත. 

දේශපාලකයන් විසින් නිර්මානය කර තිබෙන රට වනාහි පාලන බලය නැතිනම් උන්ට මළ ගෙදරකටවත් යන්නට නිදහස අහිමි රටකි.  

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. There r lot of Pradheshiya Shaba MPs r n jail these days.. What do u think abt that?

    ReplyDelete
  2. //මෙවැනි පාදඩයන් දේශපාලන නායකත්වයට ගෙන ඒමේ 'ගෞරවය' හිමි විය යුතු එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහට බලපිටියේදී මුහුණ දෙන්නට සිදු වූ ප්‍රහාරය ඇත්තෙන් ම දෛවයේ සරදමකි//

    ඔබගේ ප්‍රකාශය අනුව හැගෙන්නේ වැරදිවැඩ කරන සියළුම ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් දේශපාලනයට ගෙන අාවේ රනිල් වික්‍රමසිංහ බවයි.

    "චරා" "මරා" "බැරා" "ගෝරා" "පැරා"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා