දිල්හානි ඒකනායකගේ සරළ වදන් තුළින් මතු වන ගැඹුරු දහම

දිල්හානි ඒකනායක සුන්දර නිළියකි. ප්‍රසන්න විතානගේගේ 'ආකාස කුසුම්' චිත්‍රපටයේ ඇගේ රංගනය මගේ මතකයේ රැඳී තිබේ.

ඇය සාමාන්‍යයෙන් ගැඹුරු කතිකාවන්ට සම්බන්ධ වන කාන්තාවක නො වේ. එහෙත්, ඇය ඇගේ සරළ අදහස් ඔස්සේ ගැඹුරු දැක්මක් ප්‍රකාශ කරන්නට දක්වන උත්සාහයක් මෙම වීඩියෝව තුළ දුටිමි. ඇයට මහපටැඟිලි දෙකක් ඔසවමින් එම වීඩියෝව මෙහි ගැබ් කරමි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Yes, Para.. her simple words are philosophical. One does not necessarily need to use flowery language to express a deep notion. She very lightly and easily tells the tale. Thumbs up.. to Para and Dilhani.

    ReplyDelete
  2. කඩේ යන කාළකන්නින් වගේ නැතුව මෙහෙම කතා කරන එකටම මල් මිටක් දෙන්න ඕන..

    ReplyDelete
  3. අපි අපිම ‍තෝරාගත්ත කො‍ටුවකට රින්ගාගන්න ඕනේ???
    Chaan

    ReplyDelete
  4. නියමයි! බොහොම ස්තුතියි, ඔබට.

    ReplyDelete
  5. කව්ද කියන්නෙ අජිත් සමාජයට වයිර කර කර මාක්ස්වාදය බොරුවට වපුරනව කියලා. බලාගෙන යනකොට මූ දිල්හානිට ලව් කරනවනෙ. ජයසිරිමන්ගලම්!

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ කට්ටිය ගැන තමයි දිල්හානි කියන්නේ. අර "පසුගාමී ගෝත්ත්‍රිකයා" කියල කොමෙන්ට් දාන්නේත් ඔයද ?

      Delete
    2. නෑ, උඩ කොමෙන්ට් එක මගෙ නෙවෙයි.

      -පසුගාමී ගෝත්‍රිකයා (උඹල මට කියන්නෙ එහෙමනෙ )

      Delete
    3. අනික මම ඔය වගෙ ආතල් පාර්ට් දාන්නෙ නෑ, මම කරේ පෑරා ලියපු දෙයක් ගැන ප්‍රශ්න කරපු එක විතරයි. පරාට සහ පැරාට පක්ශ අයට වගේම මටත් අයිතියක් තියනවා මම පිලිගන්න මතය ප්‍රකාශ කරන්න. උඹල කරන්නේ සමාජ සාධාරණේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොවෙත් නැති ටෝක්ස් දෙන ගමන් විරුද්ධ මතයක් කිව්ව ගමන් පසුගාමියා, ගෝත්‍රිකයා, ලිං මැඩියෝ කිය කිය ඉන්න එකයි. කෝ බන් උඹලම කියන "භාෂණ" අයිතිය, උඹලම එක "භක්ෂණය" කරනවානේ.

      (කලින්න් කොමෙන්ටුවේ කොටසයි වැටුනෙ )
      -පසුගාමී ගෝත්‍රිකයා (උඹල මට කියන්නෙ එහෙමනෙ )

      Delete
    4. මචං පසුගාමී ගෝත්‍රිකයා (උඹ උඹටම කියාගන්නෙ එහෙමනෙ ),
      පොඩි උත්ප්‍රාසයක් මතුකරන්න හැදුවේ. මොකද June 25, 2013 at 10:13 PM ඇනාගේ සිරාවටම "පසුගාමී ගෝත්‍රික" කොමෙන්ටුවක් නිසා. උබට ඩොන් යන්න දෙයක් නැ. උබේ අර භාෂණයේ නිදහස බුක්ති විදපන්. අපේ මොකෝ!


      Delete
    5. පසුගාමී ගෝත්‍රික රටක් ගැන මෙන්න ලස්සණ කෙටි කතාවක්.
      http://www.lankadeepa.lk/index.php/articles/143192

      Delete
  6. WHAT IS THIS PROGRAMME?LET US KNOW PLEASE.

    ReplyDelete
  7. පොඩි පරස්පරයක් තියෙනවා. ලෝකෙම පිරිහෙනවා නම් ඒකට හේතුව ලංකාවේ දේශපාලකයන්ගේ චරිත අප්සෙට් වීමද? ලෝකෙම පිරිහෙනවා නම් ඒක ලෝකෙටම පොදු හේතුවක් වෙන්ඩ එපැයි. බටහිර සංස්කෘතියේ ස්වභාවය මෙයයි. එනම් ඉන්ද්‍රිය පිනවීම, පුද්ගලිකත්වය ඉස්මතු කිරීම ආදිය. ඒකත් එක්ක ගුණධර්ම (මේ ගුණ ධර්ම කියන ඒවාත් එක එක සංස්කෘතියේ වෙනස්) පවත්වාගෙන යන්ඩ අමාරුයි. වාණිජකකරණය එන්නේත් ඒකේ ප්‍රතිඵලයක් ලෙසයි. නැතුව වාණිජකරණය මූල හේතුව නොවේ. සල්ලි හම්බකරන්නේ මොකටද? හොදින් හරි නරකින් හරි උපරිම සැප විදින්ඩනේ.

    ReplyDelete
    Replies
    1. නලින්ද සිල්වගෙ ගොබ්බ තර්ක. බටහිර සංස්කෘතියෙ විතරයි දැන් ඉන්ද්‍රිය පිණවන්නේ. ඇත්තටම බටහිර රටවල ආධ්‍යාත්මික නැඹුරුව පෙරදිග පම්පෝරි වලට වඩා බොහොම දුරක් ගිහින් තියෙන්නෙ කියල අවභෝධ කරගන්න මේ ගොබ්බයන්ට කවදාවත් තේරුම් ගන්නවත් බැරි වෙයි. (ආධ්‍යාත්මික ියන්නෙ බුද්ධ්ගම වැළඳගැනීම නෙමෙයි)
      ලෝකයම අයහපතට යනව තමයි. නමුත් සංසන්ධනාත්මකව ලංකාව වගේ සමාජයක චින්තන දුෂණය සිදුවන වේගයෙන් බටහිර ඒක සිදු වෙන්නෙ නැහැ. ඒවගෙ තවමත් නිතිය ආරක්ෂා වෙනව. සියලු දේවල් සිදුවෙන්නෙ මනුෂ්‍යත්වය වෙනුවෙන්.. නමුත් ලංකාවෙ සමස්තයක් වශයෙන් සිදුවන පරිහානිය නම් මනින්න බැ.. මේක තමයි දිල්හානි කියන්නේ.

      Delete
    2. මචන්, නලියගෙ ඒවා එහෙමම ගිල්ලට කමක් නෑ, තැන් තැන් වල වමාරලා ඔහොම පච වෙන්න එපා. උඹ හොඳ තැන්වලින් ඉගෙන ගත්තු එකෙක් හින්දා කියන්නෙ. අනුකාරකයො හදන බටහිරක් ගැන කියව කියව ඒ බමුණා හදන්නෙම උඹලා වගේ පුස් අනුකාරක අනුගාමිකයො. මේ රටේ දැන් පැතිරෙන කැත අන්තවාදයට උඹලගෙ ඔය පිස්සු බමුණත් වගකියන්න ඕනෙ.

      Delete
  8. විජය කුමාරතුංග හොද නළුවෙක් වගේම සාර්ථක ගායකයෙක්. මං හිතන්නේ විවිධ ක්ෂේත්‍රවලට ගියාට කමක් නෑ. හැකියාව තියෙනවානම්. සමහරුන්ට විවිධ ක්ෂේත්‍රවල හැකියාව තියෙනවා. දිල්හානි උනත් මුලින් නර්තන ශිල්පිනියක්. චේතනාවයි වැදගත් වෙන්නේ. හුදෙක් සල්ලි හම්බ කිරීමේ හෝ ‘මූණ පෙන්නීමේ‘ උවමනාවට විවිධ ක්ෂේත්‍රවලට යනවානම් තමයි අවුල

    ReplyDelete
  9. මාක්ස් කීවේ මොකද්ද . සියළුම ශුද්ධවුදේවල් මේ ක‍්‍රමය ධනවාදය තුල කෙලෙසෙනවා කියලා. දිල්හානි ඒකනායක නම් මැය අද එය තවදුරටත් සනාථ කරනවා. හොට තවත් අයෙක් එය කරාවී. වටිනාකම නම් අද දිල්හානි කල දෙය කරන්න හෙට අයෙක් ඉතුරු වේවිද කියලා. දිල්හානි ඔකියන දේ අහන්න ඔය කේෂෙත‍්‍රයේ ඉන්න අනිත අයට හේතුවාසනා ලැබේවා. ඔබ කොන්දක් තියාගෙන කියපු දෙය රටටම ආඩම්බරයක්

    ReplyDelete
  10. පැරා උඹ කන්න තමයි හදනේ. ඇයි ඔයා දන්නැද්ද දිල්හානිව දීප්තිගේ තිරිමනෙට ස්බ්ජෙක්ට් වෙනවා කියල.

    ReplyDelete
  11. ලංකාවෙ රංගන ශිල්පීන් වරිග කීපයක්ම ඉන්නවා. වෙිදිකා නාට්‍ය හරහා බිහිවූවන්, ටෙලි නාට්‍ය හරහා බිහි වූවන්, සහ සිනමාව හරහා බිහිවුවන්,

    ඒ අතර දිල්හානි අයත්වන්නේ සිනමා නිලියන් අතරට, මගේ මතකය සහ දැනිම නිවැරදි නම් අය එකම ටෙලියකවත් රඟපාලා නැතුව ඇත. හරියටම ස්වර්ණා මල්ලවාරච්චි වගේ.
    ඒ නිසා ඇය සිනමාවෙ වානිජ රංගනවලට හැඩගැනුණ නිළියක් වුනත් ඇයට ඒ පිළිබදව ගැඹුරු අවබෝධයක් තියෙනවා ඒක සිනමාව වැනි පුළුල් තෙවන ඇසකින් ලැබූ දැනුමක්.ඒ අතින් ඇයගේ අදහස් නිවැරදියි.

    විහේෂයෙන්ම ටෙලි නළු නිලියන් හතු පිපෙන්නා සේ එක රැයින් බිහිව අතුරුදහන් වෙනවා.ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය ඉතාම පටුයි. සිමාසහිතයි.ඇතැම් වෙලාවට රංගනය කියන්නේ කුමක්දැයි පවා නොදැන ක්සේත්‍රයට අවතීර්ණ වූවන්. ඒවැනි අය සිනමාවට ඒකත් කාලා ගණිකාවන් විදියට එළියට යනවා ඒක ඔවුන් ලැබූ ජනප්‍රියත්වය එයයි.

    ලංකාවෙ සෝප් ඔපෙරා ටෙලිනාට්‍ය වල රගපා හැම සම්මානයක්ම ගන්නවා. ඒත් ජාත්‍යන්තර සිනමාවේ අඩුම තරමේ නමක් කියවෙන් ලංකාවෙ රංගන ශිල්පි ශිල්ිණියන්ගේ දූවිල්ල්ක තරම්වත් ඔවුන්ගේ වටිනාකමක් නෑ. එයයි සැබැ තත්වය.

    ReplyDelete
  12. “බිල්ඩිං වැඩිවෙයි, හැමදේම දියුණු වෙයි. ඒත් ගුණයහපත් සමාජයක් මේ රටේ ඇතිවෙයි ද මම දන්නේ නෑ.“- සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete
  13. විඩ් එක කෝ මට පෙනෙන්නේ නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා