Posts

Showing posts with the label සිනමා

ජනප්‍රිය ගෝලීයකරණ විරෝධයේ මිථ්‍යාව හා විමුක්ති ජයසුන්දරගේ හත්ත

Image
විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය. චත්‍රක් චිත්‍රපටයේ වස්තු විෂය වන්නේ සංවර්ධනයයි. සංවර්ධනය හේතුවෙන් ජීවිතයෙන් අවතැන් වන ජනයාගේ පරාරෝපණයේ කතාව එහි කදිමට නිරූපණය කර තිබේ. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ද වර්තමානයේ එක්තරා ජනප්‍රිය හා ප්‍රබුද්ධ විලාසිතාවකි. චත්‍රක් චිත්‍රපටයේ මුල් අර්ධය තුළ නිරූපණය වන සුදු සමැති දේශ සීමාරක්ෂක සෙබළා එවැනි අධි යථාර්ථවාදී රංගනයකි. එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නාගරික ජීවිතයෙන් පළා ගොස් වනගත ජීවිතයක් ගෙවන මානසික රෝගියාගේ මනසේ නිර්මිත භ්‍රාන්තියක් විය හැකි ය. එහෙත්, අධි යථාර්ථවාදය කලාත්මක වන්නේ කතා සංදර්භය තුළින් නිරායාසයෙන් පැන නැගි විටයි. එවැනි අවස්ථාවකට උදාහරණයක් ද චිත්‍රපටයේ අවසානයේ තිබේ. ඒ ගොඩනැගිල්ලේ ඉහළ සිට පහළට වැටී මිය ගිය ගෘහ නිර්මාන ශිල්පියා ඔහුගේ සේවකයා කියන කතාවක් අසා ‘බොරුකාරයා' යි කියන ජවනිකාව තුළයි. මෙම අවසානය දුටු මට මජීඩ් මජිඩිගේ කලර් ඔෆ් පැරඩයිස් චිත්‍රපටයේ...

මෝටර් බයිසිකල් හා තවත් භාණ්ඩ මැද භාණ්ඩ ඉක්මවා ගිය චිත්‍රපටයක්

Image
මෝටර් බයිසිකල් චිත්‍රපටයේ තරුණයා ලාංකික නාගරික හෝ අගනාගරික දිළිඳු තරුණයාගේ හරස්කඩක් ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත් ඒ තරුණයා වැනි තරුණයෝ අපට හමු වෙති. මා ඔහු කියවන්නේ මෙසේ ය. ඔහු නාගරික දිළිඳු සමාජයේ ඉපිද, එම සංස්කෘතියට ඇබ්බැහිව, එයින් මිදී නව ඉසව් සොයා යන්නට ආසා කරන, ඒ සඳහා දිරියෙන් සටන් ද නො කරන තරුණයෙකි. මතක හැටියට රංගන යන නම හිමි මෙම තරුණයා සමාජ හිනිපෙතේ ඉහළ යාමට අවස්ථා උදා කර දෙන උසස් අධ්‍යාපන ලොතරැයිය සඳහා අවස්ථා නො ලද අයෙකි.  කය වෙහෙසන රැකියා කරන්නට අකැමැති අයෙකි. කම්කරුවෙකු වීමට සිතක් ඔහුට නැත. ඔහු ඒ වෙනුවට වෘත්තීය කලාකරුවකු, ගායකයකු වීමට ආසා කරන අයෙකි. තරුණයන් ගායකයන් වන්නට ම පෙරුම් පුරන්නේ ඇයි? සිංදු කියන්නට හැකි අයට පමණක් සුපිරි තරු හා සුපිරි ධනවතුන් වීමට මාවත් තිබෙන නිසා ය.  එම තරුණයා රැඩිකල් සංගීත ශෛලීන් ඇසුරු කරන්නෙකි. එහෙත්, ඔවුන්ගේ ගීත සාහිත්‍යයේ ඇත්තේ බොල්, නිසරු අදහස් ය. සංගීතය ද ගැඹුරක් නැති විරෝධාකල්පයක් පමණි. ඔහුගේ උන්නතිකාමය වන්නේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ සුපිරි තරුවක් වීමයි. එහෙත්, ගිටාරයක් වාදනය කරමින් සිංදු කියනවා හැරෙන්නට සංගීතය ගැඹුරින් හැ...

ඉතිහාස මළ විකාර මැද කොස්තාපල් පුන්‍යසෝම

Image
පසුගිය දිනෙක මා ඉන්ටනෙට් කැෆේ එකක සිටියදී එහි පැමිණි අයෙක් එහි කොස්තාපල් පුන්‍යසෝම හොර වීඩියෝ එක තිබේදැයි විමසනු ඇසිණි. එවැනි හොර වීඩියෝ පටි ගැන දන්වන අයට තෑගි දෙන බවට පත්තරවල දැන්වීම් ද පළ වේ. ඉවත් කිරීමට පෙර හොරෙන් කොස්තාපල් පුන්‍යසෝම බලන්නැයි කියන ව්‍යාජ සබඳතා සමාජ ජාල වෙබ් අඩවිවල බෙදා ගැනේ. මේ රටේ කලා ශිල්පීන් රඟපාන, මේ රටේ නිපදවන ලද චිත්‍රපටයක් මුදල් ගෙවා චිත්‍රපට ශාලාවකින් බලන්නට තරම් නිර්ලෝභී මිනිසුන්සොයා ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න මට තේරුම් ගියේ කොස්තාපල් පුන්‍යසෝම බලන්නට චිත්‍රපට ශාලාවට ගිය විට ය. මේ තරම් ජනප්‍රිය කොස්තාපල් පුන්‍යසෝම බලන්නට සිටියේ දහදෙනෙක් පමණි.  ඉතිහාස කෝලම් සිනමා රැල්ල ඇතැමෙක් හඳුන්වන්නේ ජාතිකවාදී සිනමා රැල්ල කියා ය. එත්, අපේ ජාතියේ අය ඒ චිත්‍රපටවලත් බලන්නේ හොර වීඩියෝවයි. රෙද්දෙ ජාතිකවාදය කියන්නේ මේවාට ය.  ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් ඉතිහාසය වමාරා කන ජාතිවාදී සිනමා රැල්ලක් මැද කොස්තාපල් පුන්‍යසෝම වැනි චිත්‍රපටයක් නිර්මානය වීමත් ලොකු දෙයකි. එහෙත්, මුළු චිත්‍රපටය පුරාම දකින්නට ලැබෙන්නේ ලංකාවේ කතාකරුවන්ගේ පොදු දුර්වලතාව වන කතාවක් ගොතා ගැනීමේ න...

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'

Image
'සමනල සංධ්වනිය' ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම මතුගම ජානකී සිනමාහලේදී එය නැරඹීමි. එය රසවත් අත්දැකීමක් විය. විශිෂ්ට චිත්‍රපටයක් නො වුණත්, යමක් කතා කිරීමට සිතෙන චිත්‍රපටයකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයයේ අදීශගේ අත්දැකීම ජී.බී. සේනානායක විසින් ලියන ලද 'උදුරා ගත් සපත්තුව' කෙටිකතාව සිහිගන්වයි. මෙම කෘති දෙකෙහි ම ඉන්නේ සුළු සිද්ධියක් විසින් සිතෙහි ඇති කරන ලද ශෲංගාරාත්මක බලපෑම හේතුවෙන් විඳවන පුද්ග‍ලයෝ දෙදෙනෙකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ අදීශ නම් පාසල් සිසුවා අත අහම්බයකින් පත් වන අනුන්ගේ පෙම් හසුනක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සපුරා වෙනස් වේ. ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් විසින් ඇගෙන් වෙන් වුණ පෙම්වතාට ලියන ලද මෙම පෙම් හසුන ඔහු තුළ කම්පනයක් ඇති කරයි. තමන් දෙදෙනාට වැදගත් දිනයක් වන මාර්තු 07දා සෑම අවුරුද්දකදී ම තමන් කුමාරි උද්‍යානයට එන බව ඇය සිය පෙම්වතාට පවසයි. අදීශ එහි යන්නේ ඒ ලිපිය ඇයට දීමටයි. එහෙත්, ඔහුට එය දෙන්නට ලැබෙන්නේ නැත. ඔහු එම ලිපිය විනාශ කරන්නට උත්සාහ කළ ද ඔහුට එය කරන්නට බැරි ය. ඒ ලියුම නිසා ඔහු කරදර රැසකට මුහුණ දෙයි. ඔහුගේ සොහොයුරා එය ඔහුගෙන් උදුරා ග...

දිල්හානි ඒකනායකගේ සරළ වදන් තුළින් මතු වන ගැඹුරු දහම

Image
දිල්හානි ඒකනායක සුන්දර නිළියකි. ප්‍රසන්න විතානගේගේ 'ආකාස කුසුම්' චිත්‍රපටයේ ඇගේ රංගනය මගේ මතකයේ රැඳී තිබේ. ඇය සාමාන්‍යයෙන් ගැඹුරු කතිකාවන්ට සම්බන්ධ වන කාන්තාවක නො වේ. එහෙත්, ඇය ඇගේ සරළ අදහස් ඔස්සේ ගැඹුරු දැක්මක් ප්‍රකාශ කරන්නට දක්වන උත්සාහයක් මෙම වීඩියෝව තුළ දුටිමි. ඇයට මහපටැඟිලි දෙකක් ඔසවමින් එම වීඩියෝව මෙහි ගැබ් කරමි. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

ලාංකීය කලාවේ අලුත් ම ප්‍රවණතාව: යකුන් ගොනාට ඇන්දවීම

Image
(2011 ජුලි 07,   W3Lanka )   ලංකාවේ සිනමාවේ මාර නවෝදයකි. හේතුව එයට දී ඇති බදු සහන ය. චිත්‍රපට කර්මාන්තය දැන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයකි. එපමණක් නො ව මානසික හා පෞරුෂ ප්‍රශ්න ඇති අය සුවපත් කිරීම සඳහා ද එය යොදා ගැනේ. ලිංගික ව්‍යාපාර නම් කවදත් සිනමා කර්මාන්තයේ ප්‍රධාන කුළුනක විය. ලිංගික සේවා සපයන්නන් මේ සමාජයේ පීඩිත ජන කොටසක් නිසා අප එය විවේචනය කරන්නේ නැත. අවර ගණයේ ධනවතුන් වන දේශපාලකයන්, ජාවාරම්කාරයන් වැනි අයට සිය ෆැන්ටසි සජීවීකරණය කර දීම අද කලාකරුවන්ගේ කාර්යය වී ඇත. ඒ සඳහා ධනවත්තු කලාකාරයන්ට මුදල් විසි කරති. කලාකරුවන් මෙසේ පීචං වීමත් සමග ම කලාකරුවාත්, බිස්නස්කාරයාත් අතර සීමා ඉර මැකී යයි. දෙන්නා ම එක ම ආකාරයේ පීචං පොරවල් වේ. අවසානයේදී සිදු වන්නේ බිස්නස්කාරයාට කලාකරුවන්ට මුදල් විසි කිරීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යාමයි.  නිදසුනක් ලෙස කලක් කලාකරුවන්ට මුදල් විසි කළ ඒ.එස්.පී. ලියනගේ දැන් තමන් ම ගායකයකු වී සිය පවුලේ අයත් සමග ගී ගයමින් මුදල් ගෙවා ටී.එන්.එල්. රූපවාහිනියෙන් පෙන්වමින් සිටියි.  මෙම ගමන් මාර්ගය අනුව, මෙම ඡායාරූපයේ සිටින නළුවා තව වැඩි කලක් ය...

විනූ වෙත්තමුනි සරාගී චිත්‍රපට නිළියක් ද? සිනමා කලාකාරියක් ද?

Image
(2011 පෙබරවාරි 17,  W3Lanka )   'සරාගී සිංහල චිත‍්‍රපට ගණනාවක රඟපා ඇති නිළියක වන විනූ වෙත්තමුණි' ඉහත සඳහන් කළේ ලංකා ටෲත් වෙබ් අඩවියේ ඝාතනයට ලක් වූ නිළි විනූ වෙත්තමුණි පිළිබඳ සඳහන් වන ආකාරයයි.  මේ වනාහි ඇය 'හොඳ චරිතයක්' ඇති ගැහැනියක නො වන බව වෙනත් බසකින් කීම සඳහා යොදා ගත් යෙදුමකි.  පහත පළ වන්නේ විනූ වෙත්තමුනි 2007 අගෝස්තු මස 15දා ඩේලි නිව්ස් පුවත්පතට කරන ප්‍රකාශයකි.  “I am a professional actress. Hence I can not pick and choose. But it does not mean I am going to accept any role. I give myself fully to the films I choose to act. But I do not wish to be branded or identify as an actress `good only’ for some particular role” "මම වෘත්තීය නිළියක්. ඒ නිසා මට තෝර තෝරා ඉන්න බැහැ. එහෙත්, මම ඕනෑ චරිතයක් කෙරෙන කෙනෙකු ය කියා එයින් අදහස් වන්නේ නැහැ. මා තෝරා ගන්නා චිත්‍රපට වෙනුවෙන් මම පූර්ණව කැප වෙනවා. එහෙත්, ඇතැම් විශේෂ චරිත වෙනුවෙන් 'පමණක් හොඳ' නිළියක ලෙස හංවඩු ගැසෙන්න මගේ අදහසක් නැහැ."  සරසවිය පුවත්පත විසින් සංවිධානය කරන ලද 'ලස්සන මුහුණු'...

බුඩීගේ 'මාතා' හා සංස්කෘතික ත්‍රස්තවාදය | Boodi Keerthisena's 'Matha' and cultural terrorism

Image
(2010 අප්‍රේල් 17 -  W3Lanka )  යාල්දේවි දුම්රිය පිපිරවූ ස්ථානයේ සිට වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමූ නන්දිකඩාල් කළපුව දක්වා සටන්වල රූප රාමු ඇතුළත් 'මාතා' චිත්‍රපටයේ හාඩ් ඩිස්ක් හෙවත් දෘඪාංග තැටිය හා චිත්‍රපටයේ වටිනා දර්ශන ඇතුළත් සීඩී තැටිය නාවල රූ සිනමා ක්‍රියේෂන් හවුස් චිත්‍රාගාරයෙන් පසුගිය දිනෙක පැහැරගෙන ඇත. මෙය ඉතා පැහැදිලිව ම සංස්කාතික ත්‍රස්තවාදයකි. මීට පෙර ප්‍රභාකරන් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ තුෂාර පීරිස්ට ද මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු විය.  යුද්ධය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨි කෝණයෙන් කලාත්මක නිර්මාණයක් කරන්නට හෝ යමක් විකුණාගෙන කන්නට හෝ නිර්මාන නිදහස ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ බුඩී කීර්තිසේනට තිබිය යුතුය.  කලාකරුවන් ඉතිහාසය තුළ කරන කාර්යභාරය ප්‍රචණ්ඩ මැදිහත්වීමකි. එහෙත් ඒ වනාහි සංවාදයට භාජනය කළ යුතු විෂයක් මිස හාඩ් ඩිස්ක් පොඩි පට්ටම් කරන යුද්ධයක නිමිත්තක් නොවේ.  බුඩී කීර්තිසේන ලංකාවේ මිනිසුන් සහ ගැහැනුන්ට ඇති බටහිර රටකට ගොස් සල්ලි හම්බ කර ගැනීමේ හා එහි පදිංචි වීමේ සිහිනය පිළිබඳ 'මිල්ලෙ සොයා' නම් විශිෂ්ඨ යථාර්ථවාදී චිත්‍රපටය නිර්මානය කළ කලා...

'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

Image
(2010 පෙබරවාරි 03- W3Lanka )   'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, එවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් සිද්ධි හා හොරෙන් පළා යාමයි.  මෙය 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමකි.  දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.  මචං චිත්‍රපටයේ අත්පන්දු ක්‍රීඩාව හාස්‍යෝත්පාදනය සඳහා සත්‍යය ඇසුරෙන් කරන ලද ප්‍රබන්ධ කරන ලද්දකි.  එහෙත්, පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය.  1 කොටස 2 කොටස 3 කොටස

ජැක්සන් කඩේ යන ගමන් ම බඩුත් ව්කුණයි

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක රැළිවල කලාකරුවන් නියෝජනය කරමින් කතා පවත්වන ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටය දෙසැම්බර් 31දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට අති විශාල මුදලක් ගෙවා ඇති බව ද එයින් සැලකිය යුතු පංගුවක් ජැක්සන් විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. මීට පෙර ද මෙම චිත්‍රපටය දිවයින පුරා පාසල් ළමුන්ට පෙන්වා මුදල් උපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරය ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකව ම මැදිහත් වී ප්‍රකාශයක් කළේ ය.  කලාත්මක හෝ ඓතිහාසික වශයෙන් හෝ සම්භාවනීය කෘතියක් නො වන අබා චිත්‍රපටය ඔස්සේ කෝටිපතියකු වීමට ජැක්සන්ට අවස්ථාව ලැබිණි.