Posts

Showing posts from August, 2019

ත්‍රිකුණාමලයේ කාන්තාව ඇඳ සිටියේ කලම්කාරි සාරියක්

Image
August 31, 2019   admin   Art   Fashion   News   Video ඊශා කප්පරගේ කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සාරි මෝස්තරයක්. කලම්කාරි සාරි ප්‍රධාන වශයෙන් ම නිෂ්පාදනය කරනු ලබන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ තෙලන්ගානාහියි. ( තෙලන්ගානා ගැන මෙතනින් කියවන්න>> ) එය එහි සම්ප්‍රදායික හස්ත කර්මාන්තයක්. කලම්කාරි සාරි ශෛලීන් කීපයක් තියෙනවා. එක් වර්ගයකදී මෝස්තරය පෑනකින් අතිනුයි අඳින්නේ. බ්ලොක් මගින් මුද්‍රණය කිරීමත් සිදුවෙනවා. කලම් කියන්නේ ඒවා ඇඳීමට ගන්නා පෑනටයි. කාරි යනු ශිල්පියායි. මේ මෝස්තර හින්දු දේවකතා සමග සම්බන්ධයි. වෛශ්නව හින්දු දහමේ විශ්වාසය අනුව ගෞතම බුද්ධ යනු විෂ්ණුගේ දස අවතාර අතරින් නවවැන්නයි. එබැවින් හින්දු සංස්කෘතිය තුළ බුදුන්ට හිමි ස්ථානය බෞද්ධයන් බුදුන්ට ලබාදෙන ස්ථානයට වඩා වෙනස්. අවසානයේ බුදුන් යනු භාරතයේ බිහි වූ, ලෝක ශාස්තෘවරයකු මිස කාගේවත් දේපලක් නොවෙයි. බුදුන් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරගැනීමට හින්දු හෝ බෞද්ධ ආගම් ඉතිහාසය පුරා ම විරෝධය පළ කර නැහැ. මෑතදී ජනප්‍ර

සජිත්ගේ දේශපාලන සියදිවි නසාගැනීමේ අව’මංගල’ මෙහෙයුම

Image
August 30, 2019   admin   Politics ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිටින ඇතැමෙකු ක්‍රියා කරන්නේ අවම හෝ ආචාරධර්මයක් නැතුව ය. වම, දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ගැහැණු, පිරිමි භේදයකින් තොරව බලය වෙනුවෙන් ඕනෑම ජඩ පාවාදීමක්, මිත්‍රද්‍රෝහීකමක් පමණක් නොව දීන වැඩක් කරන අය එහි බහුල ය. අලුත් ම හෙළිදරව්ව තවත් පැරැන්නෙකු ගැන ය. ඔහු වනාහි කුමන්ත්‍රණ පිළිබඳ චිරප්‍රසිද්ධ අයෙකි. නමින් මංගල සමරවීර ය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයකු ලෙස බලය දිනාගත් මංගල උපරිම අන්දමින් හා සදාචාර විරෝධී අන්දමින් බලය අවභාවිතා කළේ ය. පසුව, චන්ද්‍රිකාගේ දෙවන ධුර කාලය අවසන් වන විට චන්ද්‍රිකා සමග සියලු හිතවත්කම් පාවා දී මහින්ද රාජපක්ෂට සමීප වී යළි බලවත් විය. වයසෙන්, සිරුරෙන් වියපත් වුව ද, ඇතැම් විට රෝගී පවා වුව ද ලංකාවේ දේශපාලකයන් හැසිරෙන්නේ නොමැරෙන මිනිසුන් තරම් තෘෂ්ණාවකින්, බල ලෝභයකින් හා අධමකමකිනි. මංගලගේ අලුත් ම ගොදුර පසුගිය සමයේ ඔහුට ඉහළ නගින්නට උර දුන් රනිල් ය. අගමැති සහ එ ජා ප නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන භූමියෙන් සදහටම ඉවත් කිරීම සඳහා මුදල් ඇමති මංගල සමරවීර සිය ආරම්භයේදී ම අසා

අනුර කුමාර දිසානායක යනු කවුරු ද? (වීඩියෝ)

Image
August 19, 2019   admin   News   People   Politics   Video දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 18දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ. ඔහුගේ පියා කම්කරුවෙක්. මව ගෘහනියක්. ඔහුට එක් සහෝදරියක් සිටිනවා. ඔහු දැන් විවාහකයි දරුවන් දෙදෙනෙකි. මුලින් තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පසුව තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස උසස් පෙළ විභාගය ගණිතය විෂය ධාරාවෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහු ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වන්නේ පාසල් ශිෂ්‍යයකු ලෙසයි. 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා මුලින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු තවත් සිසුන් පිරිසක් සමග පසුව කැලනිය විශ්වවිද්‍යාලයට මාරුවෙයි. 1995දී

සජිත්ගේ දේශපාලන සියදිවි නසාගැනීමේ අව’මංගල’ මෙහෙයුම

Image
August 30, 2019   admin   Politics ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිටින ඇතැමෙකු ක්‍රියා කරන්නේ අවම හෝ ආචාරධර්මයක් නැතුව ය. වම, දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ගැහැණු, පිරිමි භේදයකින් තොරව බලය වෙනුවෙන් ඕනෑම ජඩ පාවාදීමක්, මිත්‍රද්‍රෝහීකමක් පමණක් නොව දීන වැඩක් කරන අය එහි බහුල ය. අලුත් ම හෙළිදරව්ව තවත් පැරැන්නෙකු ගැන ය. ඔහු වනාහි කුමන්ත්‍රණ පිළිබඳ චිරප්‍රසිද්ධ අයෙකි. නමින් මංගල සමරවීර ය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයකු ලෙස බලය දිනාගත් මංගල උපරිම අන්දමින් හා සදාචාර විරෝධී අන්දමින් බලය අවභාවිතා කළේ ය. පසුව, චන්ද්‍රිකාගේ දෙවන ධුර කාලය අවසන් වන විට චන්ද්‍රිකා සමග සියලු හිතවත්කම් පාවා දී මහින්ද රාජපක්ෂට සමීප වී යළි බලවත් විය. වයසෙන්, සිරුරෙන් වියපත් වුව ද, ඇතැම් විට රෝගී පවා වුව ද ලංකාවේ දේශපාලකයන් හැසිරෙන්නේ නොමැරෙන මිනිසුන් තරම් තෘෂ්ණාවකින්, බල ලෝභයකින් හා අධමකමකිනි. මංගලගේ අලුත් ම ගොදුර පසුගිය සමයේ ඔහුට ඉහළ නගින්නට උර දුන් රනිල් ය. අගමැති සහ එ ජා ප නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන භූමියෙන් සදහටම ඉවත් කිරීම සඳහා මුදල් ඇමති මංගල සමරවීර සිය ආරම්භයේදී ම අසා

ඇමසන් වනාන්තරයේ මාධ්‍ය ගින්නට ඊට පස්සෙ මොකක්ද වුණේ?

Image
August 29, 2019   admin   Development   Environment   Wildlife අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 1 ලංකා පුවත්පතේ පළ වේ) ඇමසන් වනය ගිනි ගනිමින් තිබෙන බව පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. ඇමසන් වනය පමණක් නොව කොංගෝ වනාන්තරය ද ගිනි ගැනීමට පටන්ගෙන ඇති බව ද ඇතැමෙක් පැවසූ හ. මෙය ලෝක විනාශයේ පෙරනිමිත්තක් ලෙස ද ඇතැමෙකු දුටුව හ. ඇතැමෙක් මෙය පෘථිවියේ පෙණහළු ගිනිගැනීමක් ලෙස හඳුන්වති. වැසි වනාන්තර අප ජීවත් වන ලෝකයේ පෙණහළු වන්නේ ඇයි? ශාක ප්‍රභාසංස්ලේෂණයේදී හෙවත් හිරුඑළිය, කාබන් ඩයොක්සයිඩ් හා ජලය භාවිතා කර ග්ලූකෝස් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ඔක්සිජන් මුදාහරියි. එසේම, ශාක විසින් තම පරිවෘත්තීය කටයුතු වෙනුවෙන් ශක්තිය ලබාගැනීම සඳහා ග්ලූකෝස් දහනය කිරීමට නැවතත් ඔක්සිජන් භාවිතා කරයි. ඇමසන් වැසි වනාන්තරය පිළිබඳ විශේෂඥයකු වන ඩෑන් නෙප්ස්ටඩ් පෙන්වා දෙන පරිදි ඇමසන් මෙන් ම වනාන්තරය එළිපෙහෙළි කර වගා කරන සෝයා බෝංචි ද එම දෙය ම කරයි. මෙම පෙණහළු කතාවේ යම් අතිශයෝක්තියක් ඇති බව එයින් පෙනේ. ඇත්තෙන් ම ඇමසන් වනාන්තරයේ ගිනි පිළිබඳ සමස්ත කතාව ම අතිශයෝක්තියෙන් හා අධි සංවේදීකරණයෙන් ද බොහෝ දුරට බොරුවෙන

ජනාධිපතිවරණයට එජාපෙන් රනිල්

Image
August 28, 2019   admin   Politics එක්සත් ජාතික පක්ෂයේ නිල ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌‌ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එජාප ව්‍යවස්ථාව අනුව වික්‍රමසිංහ සිය අපේක්ෂකත්වය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ තහවුරු කරගැනීමට නියමිත ය. එහිදී සජිත් ‌ප්‍රේමදාසට සිය අනාගතයට වාසිදායක විය හැකි සම්මුතියකට පැමිණීමට ‌හෝ නැතිනම් පක්ෂයෙන් ඉවත්ව ‌ගොස් ‌වෙන ම තරග කිරීමට සිදු වනු ඇතිි බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. සජිත් ප්‍රේමදාස සම්මුතියකට පැමිණීමට කැමැත්ත පළ කරමින් ඇති බව ද, ඔහු එජාප අපේක්ෂකයා ‌ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින මලික් සමරවික්‍රම, මංගල සමරවීර, අජිත් පී. ‌පෙරේරා, හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු වැනි පිරිස්වල බලපෑම නිසා සම්මුතියකට පැමිණීම පමා ‌වෙමින් තිබෙන බව ද වාර්තා ‌වේ. මෙම පිරිස අතර නිර්මාණය වූ සන්ධානයෙහි යම් පසුගාමී අශුද්ධ ලක්ෂණ පක්ෂය තුළ හා පක්ෂයට හිතවත් කණ්ඩායම් අතර දැඩි විරෝධයකට තුඩු දී ඇති බව වාර්තා ‌වේ. පසුගිය ඔක්තෝබර් 26දා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඒක්ව දියත් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී ද සජිත් ‌ප්‍රේ

2017, ’18 රජය ගත් ණය සියල්ල ණය බේරන්න යොදවලා

Image
August 28, 2019   admin   Economy 2017 සහ 2018 සඳහා රජය ගත් ණය සියල්ල භාවිතා වූයේ ණය ගෙවීම සඳහා පමණක් බව අමාත්‍ය එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන  factcheck.lk වෙබ් අඩවිය පැහැදිලි කරයි. මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන “ප්‍රාථමික ශේෂය” නම් සංඛ්‍යාලේඛනයන් භාවිතා කරමින් මෙම කරුණ ඇගයුම් කොට බැලිය හැකි බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. මෙය ගණනය කෙරෙන්නේ, රජයට ලැබුණු ආධාර ඇතුළු සමස්ත ආදායමෙන් ණය පොලී මුදල් ගෙවීම් හැරෙන්නට සියලුම රජයේ වියදම් අඩු කිරීමෙනි. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ: “අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය වේ නම්, නව රජය විසින් ලබාගත් ණය ගැනීම් අවශ්‍ය වී ඇත්තේ ණය මුදල් සහ ණය පොලී මුදල් ගෙවීම සඳහා පමණි. මෙහි අරුත වන්නේ වසරක අය වැය හිඟය, එම වසර සඳහා වන ණය පොලී ගෙවීම් වලට වඩා වැඩි නොවිය යුතු බවයි (ණය මුදල් නැවත ගෙවීම සලකා බැලී නැත්තේ මන්ද යන්න දැනගැනීම උදෙසා පහත සටහන බලන්න). එවැනි වසර සඳහා ප්‍රාථමික ශේෂය ධනාත්මක විය යුතුය. එවැනි අවස්ථාවක ප්‍රාථමික ශේෂය ධනාත්මක වී ඇත. කෙසේ වෙතත් ප්‍රාථමික ශේෂය සෘණාත්මක නම්, එයින් අදහස් වන්නේ එම වසරේ ණය පොලී ගෙවූම් න

මැතිවරණ, වත්කම් බැරකම් ප්‍රකාශ හා වගවීම

Image
August 27, 2019   admin   Politics සයුරි කංකානම්ගේ දේශපාලනඥයෙකු කිසියම් මැතිවරණයක් සඳහා තරගවැදීමේදී සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල බොහෝ විට ඔහු හෝ ඇය වාර්ෂිකව උපයන මුදලට වඩා සිය දහස් ගුණයකින් වැඩි බව රටේ සියලු දෙනා දන්නා කරුණකි. ඔවුන් එසේ කරන වියදම් නැවත ඉපැයීම සඳහා දූෂණයේ ‌යෙදෙන බව ද ‌බොහෝ ‌දෙනෙක් කියති. හැම වංචාවක් ම, දූෂණයක් ම අසුවන්නේ නැත. එහෙත්, ‌දේශපාලකයන් ‌මෙන් ම ‌ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ ආදායමට ‌නොගැලපෙන අන්දමේ වත්කම් උපයාගන්නා ආකාරය දැකිය හැකි ය. ඒ සම්බන්ධව සමාජය තුළ කිසියම් කතිකාවතක් නොඩ නැගී ඇති නමුදු, වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කිරීමට අදාළ ‌දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් පොළඹවන ආකාරයේ බලපෑමක් මෙතෙක් මහජනයා අතරින් ප්‍රබලව මතු වී නොමැති වීම කණගාටුවට කරුණකි. ‌දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ‌බොහෝදෙනෙකු තම ආදායම් මාර්ග ප්‍රකාශයට පත් කිරීමට දක්වන්නේ බලවත් අකැමැත්තකි. ශ‍්‍රී ලාංකීය දේශපාලනය හා රාජ්‍ය සේවයේ ඉතිහාසය වෙනස් කළ සංධිස්ථානයක් නම්, තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රසිද්ධියට

ඉදිරි මැතිවරණවලදී වාර්ගික ආගමික ආතති දේශපාලන වාසි සඳහා භාවිතා කරන්න එපා – එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ්

Image
August 26, 2019   admin   Human Rights   International   News   Religion පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු රජය ඉක්මණින් තත්වය පාලනය කරගත් මුත්, ඇතැම් ආගමික අන්තවාදීන් විසින් පතුරුවනු ලබන වෛරය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බොහෝ ආගමික ප්‍රජාවන් තම ආරක්ෂාව ගැන දැඩි කණස්සල්ලකින් පසුවන බව ආගම් හෝ විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ් අද පැවසී ය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දින 12ක දූත මෙහෙවරක් අවසානයේදී වාර්තාවක් ඉදිරිපත් කරමින් මාධ්‍ය අමතමිනි. මෙම දූත මෙහෙවර අතරතුරදී ඔහු උතුරු, නැගෙනහිර, මධ්‍යම, වයඹ පළාත්වල චාරිකා කරමින් වාර්ගික, ආගමික ප්‍රජාවන් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කළේ ය. පාලනයකින් තොර මාධ්‍ය විසින් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් පතුරුවනු ලබන වෛරී ප්‍රචාරවලට එරෙහිව රජය ක්‍රියාමාර්ග ගත යුතු බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥවරයා පැවසී ය. දේශපාලන වාසි පිණිස එම මාධ්‍ය වාර්ගික ආගමික ආතතිය අවුලුවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. “වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇවිලවීට එරෙහිව ක්‍රියා කිරීමට රජය අසමත් වීමෙන් අන්තවාදය තීව්‍ර වීමට ඉඩ සැලසෙන අතර

MANY COMMUNITIES IN SRI LANKA ARE INSECURE BEFORE HATRED AND VIOLENCE BY RELIGIOUS EXTREMISTS- UN SPECIAL RAPPORTEUR ON FREEDOM OF RELIGION OR BELIEF

Image
August 26, 2019   admin   English   Human Rights   International   News “While the Government promptly brought the situation more or less under control after the bomb blasts, many religious communities remain very concerned about their security because of incitement to hatred and violence by some religious extremists,” UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed said speaking to media at the end of his 12-day mission to the country. During his mission, Shaheed met Government officials, visited the north, east, central and northwest parts of the country holding meetings with representatives of ethnic and religious communities and civil society organisations. “The Government must take action against the hate propaganda targeting Muslim communities that is being spread through unregulated media and is instigating ethno-religious tension for political gain. “Failure by the State to take action to address incitement to hatred and violence will allow ex

TNL මහජන දේපල දුරාචාරයේ යොදවලා

Image
August 26, 2019   admin   Media ප්‍රදීප් එන්. වීරතුංග “මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වන්නේ ආණ්ඩුවලින්, හමුදාවලින් විතරක් නෙමෙයි. තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ට හිමි රූපවාහිනී නාලිකාව භාවිතා කරන මාධ්‍ය ආයතන හිමිකරුවන් ද මාධ්‍ය නිදහසට තර්ජනයක්”. රූපවාහිනී ප්‍රවෘත්ති ‍ ප්‍රකාශයක අනිවාර්ය අංග ලක්ෂණයක් විය යුත්තේ නිවැරදිබව, සමබව සහ අපක්ෂපාතීබවයි. අදාල රූපවාහිනී ආයතනයේ මතය, නිගමන, ප්‍රවෘත්තිවලට ඇතුළත් නොකළ යුතුයි යන්න ශිෂ්ටසම්පන්න රූපවාහිනී මාධ්‍ය භාවිතය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියක් (පොදු රාජ්‍ය මණ්ඩලීය ගුවන් විදුලිය සංගමය මාර්ගෝපදේශ, Red Lion Radio නඩුව, එංගලන්තයේ OfCom පනත). රූපවාහිනී මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න විකාශන බලපත්‍රයක් යම් පුද්ගලයෙකුට ලබාදෙන්නේ මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ මතය ප්‍රකාශ කිරීම සඳහා එම රූපවාහිනී මධ්‍යස්ථානය යොදා නොගත යුතුය යන අනිවාර්ය කොන්දේසිය යටතේ. එය සදාචාරය අතින් ද අනිවාර්ය කොන්දේසියක්. සීමිත සම්පතක් සහ මහජන පොදු දේපලක් වන රූපවාහිනී මධ්‍යස්ථානයක් පටන් ගන්න කෙනෙකුට බලපත්‍රයක් ලැබෙනවා කියන්නේ සමාජයේ අන් අයට නොලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්. ඒ වරප්‍රසා