සිංහල ටයිප් කරන හැටි මුල සිට

සිංහල අකුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. එම වර්ග දෙක යුනිකෝඩ් සහ යුනිකෝඩ් නොවන ලෙස වර්ග කළ හැකියි.
යුනිකෝඩ් නොවන අකුරු තමයි මුලින් ම භාවිතයට පැමිණියේ. උදාහරණයක් තමයි FM fonts. සුලබව භාවිතා වන අභය, අභය බෝල්ඩ්, මලිති, දෙරණ, බාසුරු වැනි මනහර පරිගණක අක්ෂර නිර්මාණය කළේ The Font Master සමාගමෙන්. එහි නිර්මාතෘවරයා වන්නේ පුෂ්පානන්ද ඒකනායක මහතායි. ඔවුන්ගේ වෙබ් පිටුවට මෙතනින් යොමුවන්න. isiwara.lk. ඔහුගේ FM අභය, මලිති ඇතුළු ෆොන්ට් මුලින් ම නිකුත් වුණේ 1997 දීයි.
යුනිකෝඩ් නොවන අකුරු ග්‍රැෆික් ඩිසයින්වලදී සුලබව භාවිතා වෙනවා. එයට හේතුව වන්නේ ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වැනි ග්‍රැෆික් ඩිසයින් මෘදුකාංග සමග යුනිකෝඩ් අක්ෂර භාවිතා කරන්නට බැරි වීම. ඒ නිසා මුද්‍රණ කටයුතුවලදී යුනිකෝඩ් අක්ෂර භාවිතා කරන්නට බැහැ.
එහෙත් යුනිකෝඩ් නොවන අක්ෂර පරිගණක බුද්ධියට කියවා අර්ථය උකහාගන්නට බැහැ. අදාළ ෆොන්ට් වර්ගය පරිගණකයේ ෆොන්ට් ෆෝල්ඩරයේ නැතිනම් ඒවා පරිගණකයේ දිස් වන්නේ සංකේත ගොඩක් ලෙසයි.
යුනිකෝඩ් අක්ෂරවල විශේෂම ලක්ෂණය වන්නේ ඒවා පරිගණක බුද්ධියට කියවා අර්ථය උකහාගන්නට හැකි වීමයි. වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ආදියේ භාවිතා වන්නේ යුනිකෝඩ් අකුරුයි. එහෙත්, යුනිකෝඩ් අක්ෂර වර්ග කීපයයි තියෙන්නේ. ඉස්කෝල පොත සහ මලිති එවැනි වර්ග දෙකක්.
සිංහල අක්ෂර නිර්මාණයේ ප්‍රවීණයකු වන පුෂ්පානන්ද ඒකනායක මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මෙතනින් කියවන්න.
මේ ලිපියත් සිංහල අක්ෂර කලාවේ පුෂ්පානන්ද ඒකනායකගේ කාර්යභාරය හඳුනාගන්නට උපයෝගී කරගත හැකි රසවත් ලිපියක්.
පුෂ්පානන්දගේ අක්ෂර බන්ධනය, මැයි 31, 2019 – අනිද්දා

‘පුෂ්පානන්ද ඒකනායක’ කියන නම සමහරුන් දන්නේ හඳුනන්නේ නැති විය හැකි නමුත්, ලංකාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ඕනෑම දෙයක් – පාරේ සිටුවා … Continue reading


න්ට් මාස්ටර්ගේ අක්‍ෂර බන්ධනය

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා