රාජපක්ෂ පවුල් බලය හා ජනප්‍රියත්වය මහින්දගෙන් ගෝඨාභය අතට හුවමාරු වන ඓතිහාසික තීන්දුව හෙට!

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක බවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුම උච්චස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සමීපස්ථ පවුලේ කැමැත්ත කුමක් වුවත්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම 100%ක් ස්ථිර බව වාර්තා වේ.
Sinhala Tamil English Translations and Content Writing
මේ වන විට සෑම අංශයකින් ම මහින්ද රාජපක්ෂ පීඩනයට පත් කර ඇති බැවින් ඔහුට හා ඔහුගේ පවුලේ අයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කිරීම වැළැක්විය නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් ම බැසිල් රාජපක්ෂගේ සහයෝගය ද ගෝඨාභය රාජපක්ෂට ලැබී තිබේ.
මෙය ඓතිහාසික තීන්දුවක් වන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගතහොත් ඇතැම් විට රාජපක්ෂ පවුල් බලය තීරණාත්මක ලෙස වෙනස් විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති. මෙතෙක් ජනප්‍රිය ම නායකයා ලෙස විරුදාවලි ලබා සිටි මහින්ද රාජපක්ෂගෙන් ජනප්‍රියත්වයේ කිරුළ ගිලිහී යාමේ ඉඩක් පවතී. එසේම, අනාගත ජනාධිපති පදවියට සූදානම් කරමින් සිටින නාමල් රාජපක්ෂට ද එය අභියෝගයක් වනු ඇත.
රාජපක්ෂ පරපුරේ මුල් නායකයා වූයේ ඩී.එම්. රාජපක්ෂ ය. බෙලිඅත්ත මන්ත්‍රීවරයා වූ ඔහුගේ හදිසි මරණයෙන් පසු ඩී.ඒ. රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ ඇතුළු සහෝදරයින්ගේ පියා මන්ත්‍රී පදවියට පත් විය. ඩී.එම්. රාජපක්ෂගේ පුතුන් වන ලක්ෂ්මන් රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ ද කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අතර ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වන නිරූපමා රාජපක්ෂ ද පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.
ඩී.ඒ. රාජපක්ෂගේ පුතුන් වන චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දැනට දේශපාලනයේ නියුතුව සිටිති. මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ ද දේශපාලනයේ යෙදෙති.
ගෝඨාභය රාජපක්ෂට ද පුතකු හා දියණියක සිටින අතර ඔවුන් දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෝ වෙති. ඔහුගේ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ දැනට දේශපාලනයට සම්බන්ධ නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා