Posts

Showing posts from March, 2020

කොවිඩ්-19 සහ ජනමාධ්‍යවේදියා

Image
March 31, 2020   admin   Media අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත (2020 මාර්තු 28) ලංකා පත්තරේ විද්‍යුත් පිටපතක් නිකුත් කරන එක ඉතා හොඳ දෙයක්. කොවිඩ්-19 වසංගත තත්වය මැද පවා පුවත්පත්වලටත් ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා. ජනතාවට වසංගතය ගැන සත්‍ය තොරතුරු වාර්තා කිරීම, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ගේ අඩුපාඩු පෙන්වා දීම පමණක් නොවෙයි ජනතාවගේ ජීවනෝපායන්, ආහාර සුරක්ෂිතභාවය, බලශක්තිය, බෙහෙත්, ඇඳුම්, ප්‍රවාහනය, සන්නිවේදනය, ජනමාධ්‍ය, සංස්කෘතික, ලිංගික, මනෝ සමාජ අවශ්‍යතා ආදිය පිළිබඳ සොයා බලා කටයුතු කිරීමෙහිදී ජනමාධ්‍යවලට ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා. සරලව කිව්වොත්, ජනමාධ්‍යකරුවන් වසංගත තත්වයන් තුළ පවා වැඩ කළ යුතුයි. හැබැයි, වසංගතවලින් තමාවත්, තම වෘත්තීය සගයන් සහ පවුලේ අයත්, ප්‍රජාවත් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක්. පසුගිය දිනවල අප දුටුවා, ලංකාවේ රූපවාහිනී මාධ්‍යකරුවන් ඉතා අපරීක්ෂාකාරී ලෙස ක්ෂේත්‍රයේ කටයුතු කරන ආකාරය. ඔවුන්ගේ අපරීක්ෂාකාරිත්වය ඔවුන්ගේ ජනමාධ්‍යවලින් ම විකාශය කරන විට සමාජ මාධ්‍යවලින් තමයි එහි අඩුපාඩු පෙන්වා දුන්නේ. ඒ විවේචන නිසා ඔවුන්

COVID-19 AND THE JOURNALIST

Image
March 31, 2020   admin   English   Media Ajith Perakum Jayasinghe This is the translation of a column I write to the Sinhala language Lanka newspaper. Publishing an electronic version of Lanka newspaper is commendable because the newspapers have a specific duty even amidst the epidemic outbreaks. In addition to reporting accurate information about the pandemic, the newspapers must look into the lapses in health and other essential services, livelihoods, food security, energy requirements, medical supplies, clothing, transportation, communication, mass media, cultural affairs, sexual and psychosocial needs. In a nutshell, the journalists must work even under Covid-19 pandemic. However, they must also protect their professional colleagues, family members and the community from the epidemy. We observed recently, how recklessly some journalists of popular TV channels of Sri Lanka reported from the field. Fortunately, they corrected themselves after social media criticism. A

கோவிட் -19 உம் ஊடகவியலாளரும்

Image
March 31, 2020   admin   Media   Tamil அஜித் பெரகும் ஜெயசிங்க இது சிங்கள மொழி லங்கா பத்திரிகைக்கு நான் எழுதுகின்ற ஒரு கட்டுரையின் மொழிபெயர்ப்பு. லங்கா பத்திரிகை தனது இலத்திரனியல் பதிப்பை வெளியிடுவது பாராட்டத்தக்கது, ஏனெனில் தொற்றுநோய் அச்சுறுத்தல்களுக்கு மத்தியிலும் பத்திரிகைகள் ஒரு குறிப்பிட்ட பொறுப்பைக் கொண்டுள்ளன. உலக அளவில் பரவி வரும் தொற்றுநோய் பற்றிய துல்லியமான தகவல்களைப் வழங்குவதோடு மட்டுமல்லாமல், சுகாதார மற்றும் பிற அத்தியாவசிய சேவைகள், வாழ்வாதாரங்கள், உணவுப் பாதுகாப்பு, எரிசக்தி தேவைகள், மருந்து பொருட்கள் விநியோகம், ஆடை, போக்குவரத்து, தகவல் தொடர்பு, வெகுஜன ஊடகங்கள், கலாச்சார விவகாரங்கள், பாலியல் மற்றும் உளவியல் தொடர்பான தேவைகள் போன்றவற்றை பத்திரிகைகள் கவனிக்க வேண்டும்.  சுருக்கமாக குறிப்பிடுகையில், பத்திரிகையாளர்கள் கோவிட் -19 தொற்றுநோய் பரவுகையின் கீழ் கூட பொறுப்புடன் பணியாற்ற வேண்டும். இருப்பினும், அவர்கள் தங்களுடன் பணியாற்றும் சகபாடிகள், குடும்ப உறுப்பினர்கள் மற்றும் சமூகத்தை தொற்று நோயிலிருந்து பாதுகாக்க வேண்டும். இலங்கையின் பிரபலமான தொலைக்காட்சிகளின் சில ஊடக

ඇඳිරි නීති, ලොක්ඩවුන් සාර්ථක ද? කොරෝනා මර්දනයේ අප කොතැන ද?

Image
March 31, 2020   admin   Governance   Health   Politics ඡායාරූපය මීගමුව රෝහලේදී මිය ගිය දෙවන කොවිඩ්-19 රෝගියා හට නොදැන නිරාවරණය වූ හෙදියන් පිරිසක් නිරෝධායනයට යාමට පෙර ගත් එකකි. උපුටා ගත්තේ ෆේස්බුක් වෙතිනි. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් වූ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට ඒ වන විටත් රජය පියවර ගෙන තිබුණේ නැත. ශ්‍රී ලංකාව කොරෝනා නිවාරණය හා මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රවේශය කෙතරම් දුරට සාර්ථක ද යන්න තවමත් පැහැදිලි නැතත්, එය අති සාර්ථක යයි පම්පෝරි ගසන්නට හැකි මට්ටමක නැති බව නම් පෙනේ. කෙසේ වෙතත්, රජයේ වැඩසටහනට පූර්ණ සහයෝගය දෙන ගමන් ම නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරමි. මෙම අර්බුදයේ දිග, පළල, ගැඹුර ගැන අවබෝධයක් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට මුල පටන් ම තිබුණා ද යන්න සැක සහිත ය. කොරෝනා දොරට තට්ටු කරමින් සිටියදී පාර්ලිමේන්තුව කල් ඇතුව විසුරුවා හැරියේ එක්කෝ දේශපාලන අපරිණතකමට ය. නැතිනම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකාධිපතිවාදයක් ගොඩනගා ගැනීමේ තීක්ෂණ බුද්ධියෙනි. මේ දෙක ම හොඳ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීක්ෂණ බුද්ධියක් ඇති නායකයකු ලෙස සැලකුවහොත්, ඔහු අනුගමනය කළේ දෙවෙනි පියවර යයි සිත

කොරෝනා ආර්ථික අර්බුදය නිසා ජර්මානු මුදල් ඇමතිවරයෙකු දිවි නසාගෙන

Image
March 30, 2020   admin   News කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන ආරථික කඩාවැටීම හැසිරවීමේ දුෂ්කරතාව හමුවේ ආතතියට පත් ජර්මනියේ හෙස රාජ්‍යයේ මුදල් අමාත්‍ය තෝමස් ෂීෆර් සියදිවි නසාගෙන ඇත. පනස් හතර හැවිරිදි දෙදරු පියකු වන මෙම ඇමතිවරයා හෙස රාජ්‍යයේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර ආසන්නයේ දුම්රිය මාර්ගයක සියදිවි නසාගෙන සිටියදී ඔහුගේ සිරුර පසුගිය සෙනසුරාදා හමු වී තිබේ. ෆ්‍රැන්ක්ෆර්ට් යනු ජර්මනියේ මුල්‍ය අගනුවර වන අතර ඩොයිෂ් බෑන්ක්, කොමර්ස්බෑන්ක් මෙන් ම යුරෝපීය මහ බැංකුවේ ද මූලස්ථාන පිහිටා තිබෙන්නේ එහි ය. හෙස රාජ්‍යයේ ආණ්ඩුකාරවරයා පැවසුවේ කොරෝනා වයිරසය හේතුවෙන් මහජනතාවට අවශ්‍ය වන මුල්‍යමය සහයෝගය සැපයීමට දුෂ්කර වීම පිළිබඳව ඇමතිවරයා දැඩි ලෙස ශෝකයට පත්ව සිටි බවයි. මෙම ඇමතිවරයා අවුරුදු දහයක් මෙම තනතුර දරා පළපුරුදු අයෙකි. ඔහු ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් නියෝජනය කරන මධ්‍යම දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකයෙකි. කොවිඩ්-19 වසංගතය විසින් ඇති කරනු ලබන අර්බුදය විසින් නිර්මාණය කරනු ලබන මානසික ආතති හුදෙක් රෝගයට පමණක් සීමා නොවන බවට මෙම සිද්ධිය පැහැදිලි උ

බෙලි කැපීමේ ඉතිහාසය හා වර්තමානය

Image
January 22, 2020   admin   Crime අජිත් පැරකුම් ජයසිංහ හමුදාව බෙලි කැපීමේ ඉතිහාසය දිගු එකකි. කඩුවලින් සටන් කරන සමයේ සතුරකු මැරීමේ පහසුම ක්‍රමය බෙලි කැපීම ය. තුවක්කුවලින් සටන් කරන කාලයේ අද පවා සටනේදී බෙලි කැපීම යොදාගැනීමට සිදු වන අවස්ථා තිබේ. සටන්වලදී බෙලි කැපීම එකකි. මිනිසුන්ගෙන් පළිගැනීම හෝ සතුට හෝ සඳහා බෙලි කැපීම තවත් එකකි. පහත පළ වන්නේ මවිසින් ලියා පළ කරන ලද කේපොයින්ට් නවකතාවේ දැක්වෙන එළියකන්ද වධ කඳවුරේ විස්තරයකි. කේපොයින්ට් නවකතාවේ අවසන් පිටපත් කිහිපය මිළ දී ගැනීමට අවශ්‍ය නම් විස්තර  මෙතැනින් එහි එක්තරා රසවත් සාජන්වරයකු සිටියේ ය. දිනපතා හැන්දෑවේ ඔහුගේ කාමරයෙන් මියුරු ගී හඩක් ඇසිණි. “සාජන් මේ දවස්වල අහන්නෙ රූකාන්තගෙ සිංදු.“ කෝප්‍රල් ගැමුණු මුර සේවයේ සිටි සාමාන්‍ය සෙබළාට කීවේ ය. “අද ටිකක් දාලා ඉන්නෙ. අන්න ඩාන්ස් කරනවා.“ රූකාන්තගේ ‘සඳ බැස ගිය තැන නෑ – ඉර බැස ගිය තැන නෑ‘ මහ හඬින් වාදනය කරමින් ඔහු නැටුවේ ය. “කෝප්‍රල් කොහොමද සාජන් මිනිසුන්ව දන ගස්සලා කෙස්සෙන් අල්ලලා පණ පිටින් බර බර ගාලා බෙලි කපන හැටි?“ කෝප්‍රල් ගැමුණු අනෙකාගෙන් ඇසුවේ ය. “හැම කෙනෙකුට ම ඒක කරන්න බැ

සුනිල් රත්නායක නිදහස් කිරීම නිවැරදි ය; වරද ඔහු පමණක් නිදහස් කිරීම ය

Image
March 27, 2020   admin   Crime   Politics අජිත් පැරකුම් ජයසිංහ මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටියදී ජනාධිපති සමාව ලැබූ සුනිල් රත්නායක ළමයින් ඇතුළු පිරිස ඝාතනය කළේ පිවිතුරු යුදමය අරමුණකින් විතරකැයි සිතමු. එසේ නම්, එතනින් කෙනෙකු පැන ගොස් මේ සමස්ත සිද්ධිය හෙළිදරව් වීම හා ඉන් පසු ලෝක ප්‍රසිද්ධ නඩුවක් වීමත්, සුනිල් රත්නායක පාපොච්චාරණය කිරීම හා තමන්ගේ කණ්ඩායමේ සෙසු අය පාවා දීමත් බරපතල යුදමය වැරදි වේ. එහෙම ගත්තොත්, සුනිල් රත්නායක සම්බන්ධ ගැටලුව හමුදාව විසින් යුදමය අන්දමින් ම විසඳාගත යුතුව තිබුණි. එහෙත් හමුදාව එසේ කළේ නැත. හේතුව, යුද්ධය යනු හුදෙක් ම යුදමය කාරණයක් විතරක් නෙමෙයි, දේශපාලනික කාරණයක් ද වන නිසා ය. ඒ නිසා සුනිල් රත්නායක ප්‍රශ්නය සැලකිය යුත්තේ යුදමය නොව දේශපාලනික ප්‍රශ්නයක් ලෙසයි. මේ ආණ්ඩුව බලයට එන්නට විකිණූ ජාතිවාදී සටන් පාඨ අතර සුනිල් රත්නායක නිදහස් කිරීම ද තිබිණි. එහෙත්, බලයට පැමිණි හැටියේ එය කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධෛර්යය නොතිබිණි. ජාත්‍යන්තර මට්ටමෙන් ම ඔහුටත්, රජයටත් චෝදනා එල්ල වන බව ඔහු දැන සිටියේ ය. තමන් කරන්නට යන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ව

පළමු කොවිඩ්-19 රෝගියාගේ කතාව හා අප උගත යුතු පාඩම්

Image
March 25, 2020   admin   Life ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ්-19 රෝගියා වන ජයන්ත රණසිංහ මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොසිනි. ඔහු තව දින 21ක් ස්වයං නිරෝධානයනට ලක්වනු ඇත. ඔහු මත්තෙගොඩ පැරණි පදිංචිකරුවෙකි. ඔහුගේ පියා මෙන් ම සීයා ද එහි ජීවත් වී තිබේ. එහෙත්, ඔහු කොවිඩ්-19 රෝගියකු බව දැනගත් විට ගෙදරට ගල්ගහන්නට, පන්නා දමන්නට පවා ඇතැම් අසල්වැසියන් කතා වී තිබේ. ලංකාවේ එහෙම අයත් සිටිති. එහෙත්, ඔවුන් වෙනුවෙන් බොහෝ අය කතා කළ බව ජයන්ත රණසිංහ පවසයි. එහිදී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විශේෂ සේවාවක් ඉටු කර තිබේ. ඔවුන් මහජනතාවට කරුණු පැහැදිලි කර දී තිබෙන අතර ජයන්ත රෝහල්ගත කළ දින සිට ඔහුගේ පවුලේ සහ නිවසේ අවශ්‍යතා සොයා බලා ඇත. ජයන්ත රණසිංහට කොවිඩ්-19 වැළඳුණ ආකාරය වැදගත් ය. ඔහු පසුගිය පෙබරවාරි අග සිට මාර්තු මුල දක්වා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම් තුනකට සේවා සපයා තිබේ. ඔවුන් දින හයක් ලංකාවේ සිට මාලදිවයිනට යන අයයි. ගුවන් තොටුපළෙන් ඔවුන් රැගෙන දඹුල්ලට ගොස් අමායා හෝටලයේ දින තුනක් නතරව හිඳිමින්, පොළොන්නරුව, දඹුල්ල බලා මහනුවරට ගොස් එතැනින් ගුවන් තොටුපළ හරහා මාලදිවයින බලා යාම මෙම සංචාරක ගමන් ම

හරියට මාස්ක් දාන හැටි

Image
March 24, 2020   admin   Health මුඛ ආවරණයක් පළඳින්නේ, ඉවත් කරන්නේ සහ බැහැර කරන්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. මේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පදනම්ව නැවත ලියා තිබේ. මුඛ ආවරණ පැළඳිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්, සත්කාර සපයන්නන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පමණක් බව මතක තබාගන්න. මුඛ ආවරණය අල්ලන්නට පෙර, දෑත් මධ්‍යසාර පාදක විෂබීජ නාශක ද්‍රාවණයක් හෝ සබන් හා වතුර පාවිච්චි කර සෝදාගන්න. මුඛ ආවරණයේ ඉරුණු තැන් හෝ සිදුරු තිබේදැයි පරීක්ෂා කරන්න. ඉහළ පහළ නිවැරදිව තබාගෙන පළඳින්න (තද පැත්ත ඉහළට). හරි පැත්ත පිටතට යොමු වන පරිදි පළඳින්න (වර්ණ පැත්ත පිටතට). මුඛ ආවරණය මුහුණ මත තබා, තද පැත්ත මිරිකා නාසයේ හැඩයට අනුව නිසි පරිදි ආවරණය වන පරිදි සකසා ගන්න.  මුඛය සහ නිකට ආවරණය වන පරිදි මුඛ ආවරණයේ පහත කොටස පහළට අදින්න.  පාවිච්චියෙන් පසු මුඛ ආවරණය ඉවත් කරන විට කණ්වලට පිටුපසින් ඇති ඉලාස්ටික් පටිවලින් අල්ලා ගලවා මුහුණෙන් හා ඇඳුම්වලින් ඉවතට ගන්න. මුඛ ආවරණයේ මතුපිට විෂබීජ තැවරී තිබිය හැකි ය.  වසන ලද පියන සහිත කසල බඳුනකට මුඛ ආවරණය වහාම දමන්න.  මුඛ ආවරණය ඇල්ලීමෙන් හා එය බැහැර කිරීමෙන් පසු දෑත් පිළිබඳ සෞ

මේ දවස්වල පිරිමි ගැහැණුන්ට ගහනවා වැඩි ද?

Image
March 23, 2020   admin   Life   People ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් රෝහල්ගත වීම ඇඳිරි නීති සමය තුළ වැඩි වී ඇති බවක් ඇඟවෙන පළකිරීම් සමාජ මාධ්‍යවල දැකිය හැකි ය. ඒවා දත්ත මත පදනම් වූ ප්‍රකාශවලට වඩා හැඟීම්බර ප්‍රකාශ බව පෙනේ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට ඒවා රසකෑම වැනි ය. එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මෙවැනි ආපදා අවස්ථාවන්හිදී වැඩි වීමේ ඉඩක් තිබේ. මත්පැන්, මත්ද්‍රව්‍ය හිඟය ද එයට බලපෑ හැකි හේතු අතර වේ. එසේම, ස්ත්‍රී පුරුෂාදී සම්බන්ධතා වඩා යහපත් වීමේ ප්‍රවණතාවක් ද පවතින අතර නිශේධනීයත්වය දෙස පමණක් බැලීම මාධ්‍ය, සංවිධාන, සමාජ ව්‍යාපාර හා ක්‍රියාකාරිකයන් අතර සාමාන්‍ය පුරුද්ද නිසා ඒවා වාර්තා වන්නේ නැත. මිනිස් සම්බන්ධතා යහපත් වීම අධ්‍යයන ප්‍රතිඵල මගින් හුවාදැක්වීමක් කිසිදා දැකිය නොහැකි ය. ප්‍රශ්න විසඳුනහොත් ප්‍රශ්න වෙනුවෙන් තවදුරටත් අරමුදල් සම්පාදනය නොවීම එයට හේතුවයි. කෙසේ වෙතත්, මෙම අර්බුද සමයේ පවුල් හා සහකරුවන් අතර ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වඩා යහපත් වීමට ඉවහල් විය හැකි කරුණු කීපයක් සටහන් කරමි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරම

කඩ ඇරියාම කළ යුතු දේ

Image
March 22, 2020   admin   Health   Life කඩ ඇරියාම පණ කඩාගෙන එහෙ දුවන්න එපා. ඇඳිරි නීතිය සදාකාලික නැහැ. මිනිසුන්ට කෑම බීම අවශ්‍ය බව රජය දන්නවා. ඒ නිසා දිගට ම කඩ වහලා තියන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ජීවනෝපාය කඩා වැටුණොත් මිනිසුන් බඩගින්නේ මියයන බවත් රජය දන්නවා. ඒ නිසා සියල්ල දිගුකාලීනව වසා දමන්නේ නැහැ. ආහාර හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කරන බව රජය කියනවා. ආණ්ඩුව විශ්වාස කරන්න. ඔබේ නායකයන් විශ්වාස කරන්න. එහෙම කිව්වාට, පසුගිය දින දෙකේදි ගබඩාවෙන් අඩු වුණ බඩු පුරවාගන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි නිකම් හරි හංදියට, ටවුමට යනවානේ. පොඩ්ඩක් නවතින්න! ආයෙමත් හිතන්න, එහෙම යන එක අත්‍යවශ්‍ය ද කියලා. අනවශ්‍ය ගමනකින් ඔබ ඔබේ ප්‍රියයන්ගේත්, ඔබේත් ජීවිතය අනතුරේ හෙළාගන්නට ඉඩ තිබෙනවා. මේක සෙල්ලමක් නෙමෙයි. ඔබ නගරයට ගොස්, මිනිසුන් අතරින් වයිරසය බෝ කරගෙන ආවොත්, ඔබ කරන්නේ රටටත්, ඔබේ ගමටත්, නෑදෑයන්ටත්, පවුලේ අයටත්, ඔබටමත් ද්‍රෝහීකමක්. ඒත්, ඔබ කියන දේ අපට පැහැදිලියි. ඔබට යන්නට හේතු තියෙනවා. හොඳයි, යනවා නම්, මෙහෙම කරන්න. කොවිඩ්-19 වයිරසයට උදව් නොකර, ඔබට ම රෝගයෙන් වළකින්නට උදව් කරගන්නට සෞඛ්‍ය අමාත්‍යාං

සියලු සෞඛ්‍ය සේවකයන් රැකගැනීම සමාජ වගකීමකි

Image
March 21, 2020   admin   Governance   Health සෞඛ්‍ය සේවකයන් කරන රැකියා කොරෝනා වයිරසය පැතිරීම අබිමුව වෙනදාට වඩා වැදගත්කමකින් යුක්ත ය. එහෙයින්, ඔවුන් රැකගැනීම, ඔවුන්ට උපකාර කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම මේ මොහොතේ සමාජ වගකීමකි. සෞඛ්‍ය සේවකයන් යම් දුරකට කොරෝනා වාහකයන් විය හැකි බව ඇත්තකි. ඒ නිසා ඔවුන්ට ආරක්ෂක උපකරණ සැපයීම හදිසි අවශ්‍යතාවකි. මේ වන විට, හදිසි කොරෝනා වසංගත තත්වයක් කළමනාකරණය කරගැනීම සඳහා රෝහල්වල සූදානම් කිරීම් සිදුවෙමින් තිබේ. එහෙත්, ඔවුන් සේවය අවසන් කර නිවෙස්වලට, නවාතැන්වලට යා යුතු ය. ඔවුන් මහමගදී, පොදු ප්‍රවාහනයේදී සහ වාසස්ථාන අවටදී වෙනස්කම් කිරීම්වලට භාජනය නොවී ආරක්ෂා කරගැනීම හා එවැනි දේ කරන අයට එරෙහිව නීති ප්‍රකාරව දැඩිව කටයුතු කිරීම රජයේ වගකීමකි. රෝහල් සේවකයන්ට මේ මොහොතේ සිට ම, ඇඳිරි නීති තිබුණත්, නැතත්, ප්‍රවාහන පහසුකම් සැපයිය යුතු ය. ඍජුව කොරෝනා රෝගීන්ට සත්කාර කරන සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය නම්, රෝහල් අවටින් නවාතැන් පහසුකම් සැපයිය යුතු ය. වෙන රටවල ඒවා සිදු කරනු ලැබේ. දීර්ඝ සේවා මුරවල යෙදෙන සේවකයන්ට ආහාර පාන සැපයීම වෙනුවෙන් රජය මුදල් වෙන්

කොරෝනා හා ප්‍රගතිශීලී චින්තනයකට පදනම

Image
March 20, 2020   admin   Life   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 මාර්තු 20 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය මෑත ඉතිහාසයේ ලෝකයේ පැතිරුණු දරුණු ම වසංගතය බවට තර්කයක් නැත. එහි මාරාන්තිකභාවය 4%ක් පමණ ය. එය තවමත් පැතිරෙමින් පවතින නිසා කෙතරම් මරණ සංඛ්‍යාවක් සිදු වන ඇද්දැයි තවම අනුමාන කළ නොහැකි ය. එහෙත්, චීනය වසංගතය පාලනය කරගත් ආකාරය විසින් ලෝකයට බලාපොරොත්තු ඇති කර තිබේ. මිනිස් වර්ගයා මෙම වසංගතයෙන් ද ඉතා ඉක්මණින් ගොඩ එනු ඇත. එහෙත්, ප්‍රශ්නය එය නොවේ. මේ අවසානය ද? වසර 2009-10 සමයේ ඇති වූ ඌරු උණ වසංගතය නිසා ලක්ෂ දෙකක් ජනයා මියගිහ හ. 2014-16 සමයේ ඇති වූ එබෝලා වසංගතයෙන් 11,000කට වඩා ජනයා මියගිය හ. වඩා සෙමෙන් මරණය ගෙන එන වයිරසයක් වූ එච්අයිවී විසින් 1981 සිට මේ දක්වා කාලය තුළ මිලියන 25-35 අතර ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන හමාර ය. වසර 1918-19 සමයේ ඇති වූ ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාෙවන් මියගිය සංඛ්‍යාව මිලියන 40-50 අතර වේ. මිහිතලය උණුසුම් වීම, දේශගුණික විපර්යාස, පරිසර දූෂණය හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මීළඟ අභියෝගය පුරෝකථනය කිරීම දුෂ්කර ය. කෙසේ වෙතත්, එකක් පැහැද