Posts

Showing posts from December, 2013

යුද අපරාධ හා අබ්දූල් කදීර් මුල්ලා ඝාතනය

Image
. අබ්දූල් කදීර් මුල්ලා එල්ලා මැරීමෙන් පසු ඉහත පළ වූ එල්ලා මරා දමන ලද මෙම මහළු මිනිසාගේ ඡායාරූපය මා තුළ කම්පනයක් අැති කළේ ය. කුමන අන්දමක ‍හෝ මරණ දඬුවම මම නම් හෙළා දකිමි. මිනිසකු මරා දැමීමේ අයිතිය තවත් මිනිසකුට මෙන් ම ආණ්ඩුවකට ද නැත. ලංකාවේ පාලකයන්, ආරක්ෂක අංශ, අතුරු හමුදා හා කොටි සංවිධානය විසින් යුද අපරාධ කරන ලද බවට චෝදනා එල්ල වේ. එම සියලු අංශ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත්, මේවා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වන්නේ ද නැත. මානව වර්ගයාට එරෙහි යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කිරීමට කිසිදු බලවත් පාර්ශ්වයකට ඉඩ නො දිය යුතු ය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විධිමත්, ස්වාධීන පරීක්ෂණ අවශ්‍ය ය. වැරදිකරුවන්ට දඬුවම් දීම ද අවශ්‍ය ය. මන්ද, අප ජීවත් වන සමාජයේ ශිෂ්ටත්වය පැවතිය හැක්කේ එසේ වන්නේ නම් පමණි. මෙහිදී බලවත් රාජ්‍යයන්, දුබල රාජ්‍යයන් කියා වෙනසක් ද නො තිබිය යුතු ය. ලංකාවේ මෙන් ම ඇමරිකාවේ ද යුද අපරාධ චෝදනා එක සමාන අන්දමින් විභාග කරන ස්වාධීන ජාත්‍යන්තර ව්‍යූහයක් ගොඩනගා ගැනීම සඳහා ලෝකය උත්සාහ කළ යුතු ය. එසේ නොමැති නම් සිදු වන්නේ යුද අපරාධ චෝදනා ද දේශපාලන අතකොලුවක් බ

සුරේඛා සමරසේනගේ අපූරු කවියක්

Image
සුරේඛා සමරසේන කිවිඳියගේ කවි නිතර ෆේස්බුක් හරහා කියවනවා. ඇය දේශපාලනික කවි ලියන කිවිඳියක්. මමත් එවැනි කවි ලියන්න කැමැත්තක් දක්වන කෙනෙක්.  ඇගේ මේ කවිය ම‍ගේ සිත් ගත්තා. මාධ්‍යවේදියෙකුට සුනන්ද දේශප්‍රිය මෙන් ජීවත්විය හැක රිචඩ් ද සොයිසා මෙන් මරණයට පත්විය හැක ව්‍යතිරේකයක් ලෙස අතුරුදන් විය හැක ගරිල්ලා නායකයෙකුට කරුණා අම්මාන් මෙන් අමාත්‍යවරයෙක් විය හැක ප්‍රභාකරන් මෙන් මිය යා හැක ව්‍යතිරේකයක් ලෙස අතුරුදන් විය හැක කවියෙකුට රත්න ශ්‍රී මෙන් මිය යා හැක චන්දරේ මෙන් අතුරුදන් විය හැක ව්‍යතිරේකයක් ලෙස නොලියා සිටිය හැක සිනමාකරුවෙකුට හදගම මෙන් ප්‍රස්තුතය ලාවට ස්පර්ශ කරමින් නූලට බේරගෙන ඉනියවන් වැනි චිත්‍රපටයක් කළ හැක ජයන්ත චන්ද්‍රසිරි මෙන් සමනළ සන්ධ්වනිය වැනි ගීත රූපරචනා කළ හැක සංජීව පුෂ්පකුමාර මෙන් ඩොලර් හිගමනේ යා හැක සෝමරත්න දිසානායක මෙන් සිරි පැරකුම් කළ හැක ව්‍යතිරේකයක් ලෙස චිත්‍රපට කිරීම වර්ජනය කළ හැක නළුවෙකුට නිළියකට රවී-මාලිනී මෙන් රගනොපෑවත් සම්මානනීය විය හැක ගීතාට මෙන් ඡන්දයට ඉදිරිපත් විය හැක අනෝමාට මෙන් නිරුවත් විය හැක අනර්කලීට මෙන් අඩනිරුවත් විය හැක ජැක්සන් මෙන්

‍කේන්දරකාරයන් චැනල් කිරීම

Image
දැන් ජ්‍යෝතිෂකාරයන්වත් දොස්තරලා වගේ චැනල් කරන්න පුළුවන්. රේඩියෝ එකේ දැන්වීම් යනවා ඒ චැනල් සේවාව ගැන. ජ්‍යෝතිෂකාරයන් විතරක් නෙමෙයි හොර වෙද්දුන්වත් මිනිස්සු චැනල් කරනවා. මං දන්න එක වෙද මහත්තයෙක් ඉන්නවා. මින‍ිහා සොයාගෙන හැම දිහාවෙන් ම ලෙඩ්ඩු එනවා. මේ පොර මීට කලින් ලංගම රියැදුරෙක්. ඉක්මනින් සල්ලි හොයන විවිධ ජාවාරම් කරලා හිරේ ඉන්න අතරෙදියි මිනිහා වෙද මහත්තයෙක් වෙලා තිබෙන්නේ. මම නම් එකහෙළා ම මේ ගර්හිත විද්‍යාවන් ප්‍රතික්ෂේප කරනවා. මේවා මගේ ජීවිතේ කිසිදු කටයුත්තකට සම්බන්ධ කර ගන්නේ නැහැ. අපේ හාමිනේත් මං ජාතියෙම තමයි. හැබැයි, එයා කියනවා, මේවායේ කිසියම් අප නො දන්න දෙයක් තිබෙන්න පුළුවන්. ඔව් ඉතින්, ඔය ඕනැ දේක අපි නො දන්න පැති ඕනැ තරම් ත‍ිබෙන්න පුළුවන් නේ. දැන් මෙහෙම ගනිමුකෝ. අපි කරන අනෙකුත් දේවල් කරන්නේ දන්නා දේ මත පදනම් වෙලා‍නේ. උදාහරණෙකට අපි දන්නවා බැංකුවේ සල්ලි දැම්මා ම සාමාන්‍යයෙන් එය ආරක්ෂිත බව හා සමහර විට සුළු පොළියක් හෝ ලැබෙන බව. කවුරුහරි කියනවා ලිබ්බොක්කේ වැළලුවා ම සල්ලි පැටව් ගහනවා ය කියලා. එහෙම කියලා ඔබ ඒක කරනවා ද? ඔබ වැඩ කරන්නේ දන්න දේ මත පදනම් වෙලා මිසක් නො දන්න දේ මත නො වෙය

ලංකාවට සුනාමියක් ආවයි කියල කියන්නෙ

Image
.        ( මම මේ ඡායාරූපය ගත්තේ සුනාමියෙන් ටික දිනකට පසුව කොග්ගලදි. මේ ඉන්නෙ ඇමරිකන් හමුදාව. ඒගොල්ලෝ ලෝක සිතියමක් උඩ ඉත්තො අදින සෙල්ලමක් කරමින් සිටි මේ ඡායාරූපය අපි ලොකු ප්‍රමාණයෙන් හිරු පත්තරේ දැම්මා.) දෙදාස් හතරේ දෙසැම්බර් 26දා සුනාමිය විසින් ලංකාවේ මිනිසුන් හතළිස් දහසකගේ පමණ ජීවිත බිලි ගන්නා ලදී.  එදා ඒ මිනිසුන්ගේ විපත හමුවේ ලෝක ජනයා හෙලූ කඳුළු ලංකාවට පැමිණියේ සුනාමි ආධාර ලෙසයි.  සුනාමියෙන් බැට නො කෑ දේශපාලකයන්ට, නිලධාරීන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට මේ පශ්චාත් සුනාමි යුගය ආශිර්වාදයක් විය.  සුනාමි අරමුදල් සොරා කෑ, නාස්ති කළ, ඥාති හා මිත්‍ර සංග්‍රහයට යොදා ගත් මිනිස්සු අදත් සුනාමියෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලති.  සුනාමිය දවසේ මමත්, මගේ බිරිඳත්, මහත් අසීරුවෙන් මෝටර් සයිකලයෙන් පයාගලට ගියේ අපේ එක් ඥාතියකුගේ සුව දුක් බැලීමටයි. එම පවුල දිවි බේරාගෙන තිබුණමුත්, සුනාමිය විසින් ඔවුන්ගේ නිවස බිමට සමතලා කර තිබිණි. මගේ තරුණ නෑයා සුන් බුන් අතරින් මඩ තැවරුණ මදුරු දැලක් සොයාගෙන මා ඉදිරියට ආ ආකාරය මට අදත් මතක ය.  ඔහු වැඩ කළ පාම් ගාඩ්න් හෝටලය ද සුනාමියෙන් කැඩී ගිය නිසා ඔ

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ

Image
මම මුලින් ම ෆේස්බුක් භාවිතා කළේ W3Lanka ප්‍රවර්ධනය කරන්නට ය. ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ. සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී බොහෝ පිරිමි එය පවත්වාගෙන යන තැනැත්තා ගැහැනියක යයි සිතා චැට් කරන්නට පැමිණිය හ. අප ලියූ ලිපිවල ස්ත්‍රීන් කෙරෙහි දක්වා තිබුණු ආකල්පය මෙම ගිනුම පවත්වාගෙන යන්නේ ගැහැනියක යයි සිතන්නට හේතු වන්නට ඇත. අප එම ගිනුම අතහැර දැමීමට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලයේ නිර්නාමිකව පෙනී සිටීම වෙනුවට නමින් හා වගකීමකින් යුක්ත පුරවැසියන් ලෙස කටයුුතු කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස දකින බැවිනි. අප මේ කතා කරන්නේ ජීවිතයේ දේශපාලනය ගැන මිස දේශපාලන ව්‍යාපාර ගැන නො වේ. එක් කාලයක ලංකාවේ ෆේස්බුක්හි කාන්තාවේ දුලබ වූ හ. ඒ කාලයේ ඇත්තෙන් ම ෆේස්බුක් විනීත කාන්තාවන්ට අනතුරුදායක අවකාශයක් විය. මා මීට පෙර ද මේ පිළිබඳව ලිපියක් ලියා ඇත.  ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි? අන්තර්ජාලයෙන් චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ පිරිමි කොණ තෙමා ගන්නේ ඇයි ද යන

නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුලට ගිය මහින්ද ගැන ජිජැක් කළ ප්‍රකාශය

Image
Thamsanqa Jantjie නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍යෝත්සවයේදී ලෝක නායකයන් කතා කරමින් සිටින අතර අපූරු සිද්ධියක් වුණා. බරක් ඔබාමා ඇතුළු අමුත්තන් සිටි ස්ථානයට නුදුරෙන් සිටගෙන පුද්ගලයෙක් සංඥා භාෂාවෙන් මේ කතා පරිවර්තනය කරන බවක් පෙන්නුවා. ඒත්, ඇත්තෙන් ම ඔහු විසින් කරන ලද අංග චලන කිසිදු සංඥා භාෂාවකට අයත් නො වන බව හෙළි වීමත් සමග මෙම සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. මේ පිළිබඳව පවත්වන ලද පරීක්ෂණයෙන් හෙළිදරව් වූ පරිදි මේ පරිවර්තකයා වූ 34 හැවිරිදි තම්සන්ක්වා ජැන්ට්ජි අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් කුලියට ගෙන යෙදවූ කෙනෙක්. ඔහු ජොහින්නස්බර්ග්හි 'ද ස්ටාර්' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කීවේ එ‍සේ වුණේ ඔහු ක්ෂණිකව භින්නෝන්මාද තත්වයකින් පෙළුණ නිසා බවයි.  මේ පිළිබඳව 'ද ගාඩියන්' පුවත්පතට ලිපියක් ලියමින් ස්ලැවොක් ජිජැක් කියන කාරණය රසවත්. ඔහු කියන්නේ මෙවැනි නිරූපණවලින් ඇත්තට ම කරන්නේ බිහිරි අයට ඒ කතාව පරිවර්තනය කිරීමට වඩා එතැන සිටින බිහිරි නො වන වෙනත් අය සතුටු කිරීම බවයි. මැන්ඩෙලා සමරු උත්සවයේ සත්‍යය මෙම සිද්ධියෙන් ප්‍රකාශ වන්නේ නැද්දැයි ජිජැක් අපගෙන් අසනවා. ඔහු කියන්නේ ජැන්ට්

ගීතා කුමාරසිංහ, මේජර් අජිත්, වේසි, පොන්නයා හා ස්ත්‍රීවාදිනිය

Image
නදීෂාගේ තිබෙන්නේ ආසියානු ලස්සන. ආසියාවේ මිනිස්සු බටහිර slim කෙට්ටුවට කැමති නැහැ. දැන් ගීතා කියනවා ඇය දකුණු පළාත් සභා මහ ඇමති වන්නට තරග කරනවා ය කියලා. ඒ එක්කම පසුගිය දිනෙක රැස්වීමකදී වලියක් යනවා. ඒකෙදි අර මේජර් අජිත් ප්‍රසන්න කියන දේශපාලකයා ගීතාට වේසි කියනවා. ඇය නිදා නොගත් මිනිහෙක් නැති බවත් කියනවා. එත‍කොට ගීතා ඔහුට බනිනවා පොන්නයා කියලා. ඊට පස්සෙ අජිත් ප්‍රසන්න උපවාසයක් ද මොකක් ද කරනවාලු. දැන් මෙතන තිබෙන දේ මෙන්න මෙහෙම දකින්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනයේ 99%ක් ම ඉන්නේ පිරිමි. උන් බහුතරය පල් හොරු. එතකොට උන්ට එ‍රෙහිව දේශපාලනයට එන අනෙක් අය වේසියෝ. ඊයේ මම ලංකාවේ ෆෝබ්ස් සඟරාවේ ලංකාවේ බලවත් ගැහැනු 50 ගැන පළ වූ ලිපියක් මෙහි දැක්වූවා. මම හිතන්නේ මේ කාන්තාවන් තුළ දේශපාලනයට එන්න කිසිදු අදහසක් නැහැ. අප දන්නා ආයතන බොහොමයක ප්‍රධානියෝ කාන්තාවෝ. මේ කාන්තාවෝ බොස්ලා විදියට හරි තදයි. අනම්‍යයි. මම දැනට කරන පූර්ණ කාලීන රැකියාවේත් මගේ බොස් කාන්තාවක්. අැය මට වඩා තරුණ කෙනෙක්. කාන්තාවන්ට විතරක් නෙමෙයි, මහත්මා ගති තිබෙන පිරිමින්ටත් ලංකාවේ දේශපාලනයේ සාර්ථක වන්න බැහැ. දේශපාලනයට පැමිණ තිබෙන සමරිසි ල

නදීෂා හේමමාලිටත් බිය පිරිමි හමුවේ ස්ත්‍රී බලය

Image
නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන එක ගැන සෑහෙන කට්ටියකට‍ ඩෝං ගිහින් තිබේ. ඔවුන් උත්සාහ කරන්නේ නදීකා හේමමාලි ගනිකාවක් ලෙස හඳුන්වන්නට ය. මට නම් නදීෂ‍ා හේමමාලි රඟපෑ කිසියම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් ගැන මතකයක් නැත. මම සාමාන්‍යයෙන් ‍ටෙලිනාට්‍ය නො බලමි. ඇය කුමන අන්දමේ කාන්තාවක් ද යන්න මම නො දනිමි. පළාත් සභාවලට තරග කරන අනෙක් එවුන්ගෙන් බහුතරය වන්නේ මැති අැමතිවරුන්ගේ ලේ ඥාතීහු, මැරවරයෝ, පාදඩයෝ, හොරු ආදීහු ය. ඔවුන් සමග සාපේක්ෂව ගත් කල නදීෂා, අනර්කලී, ගීතා ආදී ගැහැනුන් සමාජයට කිසියම් සේවාවක් කළ අයයි. ඔවුහු සිය රූ සපුවෙන් හෝ අප සනසා තිබේ. ඔවුන් දේශපාලනයට පැමිණීමත්, දැන් ඉන්න එවුන් දේශපාලනයේ සිටීමත් අතර වෙනසක් නැත. මෙතැන තිබෙන්නේ පිරිමින් තුළ ස්ත්‍රීන් කෙරෙහි සාමාන්‍යයෙන් පවතින භීතියයි. පහත පළ වන්නේ අප 2010දී මෙම ප්‍රශ්නය හා අදාළව ලියූ ලිපියකි. ‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman රියර්ගේට් බ්ලොගයේ ද ‍මේ පිළිබඳව 'නදීෂාගේ කකුල් වලට ඇති බය' මැයෙන් අගනා ලිපියක් පළ වී තිබේ. මේ අතර එචිලන් සඟරාව විසින්

පහේ ශිෂ්‍යත්වයේ සැබෑ ප්‍රශ්නය කුමක් ද?

Image
2016 සිට පහේ ශිෂ්‍යත්වය අහෝසි කර දමන බව ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.  පහේ ශිෂ්‍යත්වය යනු ඇත්තට ම ‍මේ රටේ දරුවන්ගේ අනාගත හැඩගැස්මට බලපාන බරපතල ගැටලුවකි. එය දරුවන්ට මහා පීඩනයකි. එහෙත්, මව්පියන් දරුවන් ඒ වෙත ඇද දමන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.  හොඳම දේ දරුවන්ට ය යන්න ඇත්තෙන් ම මහින්ද රාජපක්ෂ මහතා පවා පිළි ගනියි. රටේ හොඳම දේ තමන්ගේ දරුවන්ට ලබා දීමට ඔහු කටයුතු කර තිබෙන්නේ එහෙයිනි. ආණ්ඩුව හොඳම දේ තම ගජ මිතුරන්‍ට දෙන්නේ ද ‍ඒවා ඉන් පසු ඔවුන්ගේ දරුවන්ට දෙන්නට ය. ඉතින් අපි ද අපට පුළු පුළුවන් හැටියට හොඳම දේ දරුවන්ට දෙන්නට උත්සාහ කරන්නෙමු. ඉහළ පෙළේ ජනප්‍රිය පාසලකින් ඇත්තට ම අපට දරුවන් වෙත ලබා දිය හැකිව තිබෙන දේ මොනවා ද? ඒවායේ අධ්‍යාපනය හොඳ මට්ටමක තිබේ ද? නැත. ඒවායේ උගන්වන ගුරුවරු රටේ හොඳම ගුරුවරු ද? නැත. මේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරනවා ද? නැත.  එසේ නම්, ඇත්තේ මොනවා ද? මෙම ජනප්‍රිය පාසල්වලට අංක එකට ම ‍හොඳ නමක් තිබේ. ඒ නම ඇති වී තිබෙන්නේ ඉතිහාසය හා සම්ප්‍රදායන් නිසා ය. එසේ ම, එම පාසල්වලට යම් සංස්කෘතියක් ද තිබේ. ඒවාට එන්නේ මධ්‍යම පංතික දරුවෝ ය. ඒවායේ ක්‍රීඩා රැසක් ද, වෙනත

කැසිනෝ බදු සහන ගැසට් පත්‍ර

Image
සිංගප්පූරුවේ සෙන්ටෝසාහි කැසිනෝහලක් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ හා ග්ලෙනි වීදියේ යෝජිත කැසිනෝ ව්‍යාපාර සඳහා බදු සහන යෝජනා කරන ගැසට් පත්‍රයට ලින්කුව මෙන්න. අධ්‍යයනය කර අදහස් දැක්වීම සඳහා පක්ෂ, විපක්ෂ, පතෝල සියලු පාර්ශ්ව වෙනුවෙනි. අප වෙත ලබා දුන් නීතිඥ ජගත් ලියනඅාරච්චි සොයුරාට ස්තුතියි.  පසුගිය දවසක මම එක්තරා ආයතනයක් වෙනුවෙන් කැසිනෝ සම්බන්ධ පරිවර්තනයක් කළා. එය වනාහි සිංගප්පූරු අගමැති ලී හ්සියන් ලූං විසින් 2005 අපේ‍්‍රල් 18 දින එරට පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාවකි. සිංගප්පූරුවට කැසිනෝ හඳුන්වා දුන්නේ විස්තීර්ණ නිකේතන කියන නමින්. එයින් කියැවුණේ ඒවා හුදු කැසිනෝහල් නො වන, කැසිනෝහල එක් කොටසක් පමණක් වන හෝටල්, නිකේතන, සම්මන්ත්‍රණ ශාලා ආදියෙන් සමන්විත පුළුල් මධ්‍යස්ථානයක් බවයි.  දැන් ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවි විජේරත්නත් කියන්නේ ඔය කතාව ම තමයි. ඔහු කියන්නේ ඔහු ලොකු හෝටලයක් හදනවා. එතැනට තමන්ගේ ලියාපදිංචි කැසිනෝව ගෙන යනවා කියලායි. සිංගප්පූරුවේදී දක්නට ලැබුණු වෙනස වුණේ ඒ රටේ ආණ්ඩුව කොළේ වහලා ගහන්නේ නැතිව ප්‍රශ්නය ජනතාව එක විවෘතව සාකච්ඡා කිරීමයි. ඔවුන් කියනවා, ඇයි ඔවුන්ට මේ වැ

2013 පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකයේත් ලංකාව කළු පැල්ලමක්

Image
ලොකු කර බලන්න පිංතූරය මත ක්ලික් කරන්න ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාව ‍'දේශ සීමා නැති වාර්තාකරුවෝ' හෙවත් Reporters Sans Borders සංවිධානයේ 2013 වසරේ පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකය අනුව ලෝකයේ රටවල් 179ක් අතරින් ජයග්‍රාහී 162වන ස්ථානය හිමි කරගෙන තිබේ.  ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රගතියක් නැත්තේ ද නැත. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 163වන ස්ථානයේ ය.  161වන ස්ථානයේ සිටින්නේ රුවන්ඩාවයි. 163 ස්ථානයේ සිටින්නේ සවුදි අරාබියයි. අප සිටින තැන සිතා ගැනීමට එය ම ප්‍රමාණවත් ය. අපගේ පරමාදර්ශී රාජ්‍යයක් වන චීනය සිටින්නේ 173වන ස්ථානයේ ය. 1,2,3 ස්ථානවල සිටින්නේ ෆින්ලන්තය, නෙදර්ලන්තය හා නෝර්වේ ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

එළ කිරි බීම, ගව මස් කෑම හා මිහිතලය උණුසුම් කිරීම

Image
පසුගිය දවස්වල ලංකාවේ ගව මස් කෑම ගැන ලොකු කතා බහක් ඇති වුණා. ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් හාමුදුරු නමක් තමන් ම ඝාතනය කර ගත්තා.  ලංකාවේ මිනිස්සු ඈත අතීතයේ සිට ම මස් කෑ බවත්, බුද්ධාගමත්, මස් කෑමත් අතර ලොකු ගැටුමක් නො තිබුණු බවත් මෑත ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පවා දැක ගන්න පුළුවන්. ආගමික මූලධර්මවාදයන් ඉස්මතු වීමත් සමග කලින් වඩා ලිබරල් ලක්ෂණ කැටි කරගෙන සිටි බෞද්ධ සමාජයත් දැඩි ආගම්වාදී ස්වරූපයක් ගන්නට පටන් ගත් බව ඔබ දන්නවානේ. ඒ නිසා ගවමස් කෑම ගැන ලොකු විරෝධයක් රටේ ඇති වෙන්න පටන් ගත්තා.  හැබැයි, කුකුළු මස් කෑම සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. බෞද්ධයන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය කියා හිතෙන තරමට කුකුළු මස් කඩ හැම තැන ම පැතිරුණා.  කොහොමත්, නව ලෝකයේ පාරිභෝගිකයා සතුන් මරාගෙන මස් කන කෙනෙක් නෙ‍ාවෙයි. සතකු නො දැක, සකසන ලද මස් සුපිරි වෙළඳ සලෙන් මිළ දී ගෙන කෑම තමයි ඔහුගේ ක්‍රමය. කොහොම වුණත්, විශේෂයෙන් ම මිනිසාගේ ගව මස් කෑමේ රුචිය නිසා මිහිතලය උණුසුම් වීමේ ගැටලුව තීව්‍ර වෙලා.  මිහිතලය උණුසුම් වෙනවා කියන්නේ මොකක් ද? ෆොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා තාපය උරා ගැනීමේ

කලා මාෆියාවෙන් මිදෙන්න කලාව ගැන කතා කිරීම හා ඉංගිරි‍සියෙන් ලිවීම

Image
ටික දිනකට පෙර කියවූ අලුත් නවකතාවකින් විඳි රසය ගැන කතා කළ යුතු යයි සිතා ලියන්නට මුල පිරුවෙමි. එය දේශපාලනික කාර්යයක් ලෙස ද සලකමි. එහෙත්, එය ගැන පසුව ලියන්නට තබා ඊට පෙර මෙම සඳහන් කරමි. මෙය අගක් මුලක් නැති වැල්වටාරමක් විය හැකි ය. සාහිත්‍යය හා කලාව තුළින් නිරූපිත ජීවිතය ගැන කතා කිරීම අද දවසේ අතිශය දේශපාලනික කාර්යයකි. මන්ද, කලාව යනු මිනිසුන් සමාජ දේශපාලන සංවාදය සමග සම්බන්ධ වන ප්‍රධාන හා ගැඹුරු අවස්ථාවක් වන හෙයිනි. ඒ අරුතින් ගත් කල නවකතාව පවත්නා දේශපාලනයට වඩා දේශපාලනික වේ.  පසුගිය කාල‍යේ මම නවකතා හා වෙනත් කලා කෘති ගණනාවකින් මා විඳි රසය ගැන ලියුවෙමි. එහෙත් මට ලියන්නට අවශ්‍ය වූ කෘති දෙකක් ගැන මට ලියන්නට බැරි විය. එකක් අනුරසිරි හෙට්ටිගේ ලියූ කළුවරයි පුරහඳ නවකතාවයි. මා සිතන පරිදි මෑත කාලීන නවකතා අතරින් විශිෂ්ට ම කෘතිය එයයි.  අප ලාංකීය සාහිත්‍ය ‍මාෆියාවේ සීමා මායිම් ඉක්මවා ලෝකය වෙත යා යුතු යයි මම සිතමි. විශ්ව සාහිත්‍යය වෙත තිලිණ කරන්නට තරම් වැදගත්කමක් ඇති සිංහල සාහිත්‍ය කෘති ගැන සිතන විට මට මේ මොහොතේදී මුලින් ම සිහිපත් වන්නේ අනුරසිරි හෙට්ටිගේගේ කළුවරයි පුරහඳ කෘතියයි. ජනක ඉනිමංකඩ සහෝදරයා ප

සමාජවාදය දිනේවා! උතුරු කොරියාව භංග වේවා!

Image
"Despicable human scum Jang, who was worse than a dog, perpetrated thrice-cursed acts of treachery in betrayal of such profound trust and warmest paternal love shown by the party and the leader for him," උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ මාමා හා විශ්වාසවන්ත සගයකු වී සිටි Chang Song-thaekට මරණ දඬුවම දීමෙන් පසු උතුරු කොරියානු KCNA පුවත් ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ කොටසක්. පෙරටුගාමිත්වය (vanguardism) කියන්නේ කම්කරු පංතියේ වඩාත් ම පංති හැඟීම තිබෙන හා දේශපාලනික වශයෙන් දියුණු ම පිරිස විප්ලවය සංවිධානය කිරීම සඳහා පක්ෂයක් පිහිටුවාගෙන විප්ලවීය අරගලයේ නායකත්වය සියතට ගැනීමයි. ඒ කියන්නේ කම්කරු පංතියේ එක ම නියෝජිතයා තමන් බව ප්‍රකාශ කර ගැනීම වැනි දෙයක්. කොටි සංවිධානයත් තමන් දෙමළ ජනයාගේ එක ම නියෝජිතයා ලෙස ප්‍රකාශ කර ගත්තේ මේ හා සමාන මතවාදයකින්.  පෙරටුගාමිත්වය ගැන තිබෙන ලොකුම ගැටලුව තමයි, මේ පෙරටුගාමී නායකයන් පිරිස තෝරා ගන්නා ආකාරය. කවුරුද ඔවුන්ව තෝරා ගන්නේ. පෙරටුගාමිත්වයක් අවශ්‍ය වන්නේ සමාජයේ පංති විඥානයේ තිබෙන දුබලකම නිසා නේ. ඒ කියන්නේ තමන්ගේ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස

මගේ ලංකාවේ ජාතික කොඩිය

Image
උතුරු පළාත් සභාව පිහිටුවීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. එය දෙමළ ජාතිකවාදී දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව තුළ ස්ථාපනය කර ගැනීම සඳහා ඉවහල් වේ. එහෙත් එම ස්ථාපනය චිරස්ථායී කර ගැනීමේ අභියෝගය අවසන් වී නැත.  පළාත් සභා යනු බලය බෙදීමේ යාන්ත්‍රණයක් ලෙස දෙමළ ජනතාව විසින් කැමැත්තෙන් භාර ගන්නා ලද එකක් නො වේ.  දෙමළ ජාතිකවාදයේ පරමාදර්ශය වන්නේ දෙමළ ජාතිවාදී ඊලාම් රාජ්‍යයකි. සෑම ජාතියකට ම රාජ්‍යයක් හිමි විය යුතු ය යන්න පැරණි සංකල්පයකි. එය පැන නැගුණේ ධනවාදය මෙතරම් ගෝලීයකරණය වූ යුගයක නො වේ. ජාතික රාජ්‍යය වර්තමානයේදී ජාතික වශයෙන් පීඩාවට පත් වූවන්ගේ ‍ප්‍රශ්නයටවත් විසඳුමක් වන්නේ නැත. එහෙයින් අප එය ප්‍රවර්ධනය කළ යුතු නො වේ. ප්‍රාග්ධනය විෂයෙහි තව දුරටත් ජාතික රාජ්‍ය යනු අරුත්බර ව්‍යූහයක් වන්නේ නැත. හේතුව මේ වන විට ප්‍රාග්ධනය ජාතික දේශ සීමාවන් සිඳ බිඳ ලමින් තිබෙන හෙයිනි. ධනපතියාට සිය ප්‍රාග්ධනය ලෝකයේ ඕනෑම තැනක ආයෝජනය කළ හැකි වන ආකාරයට ලෝකයේ රාජ්‍ය ව්‍යූහය සැකසෙමින් තිබේ. එහි ජාතිකවාදී ලක්ෂණ අහෝසි වෙමින් තිබේ. ප්‍රාග්ධනය විෂයෙහි ජාතිකවාදයේ බලපෑම අවම වෙමින් තිබේ. ජ

කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය

Image
කතා කරන ඡායාරූපයක්. පොලිස් නිලධාරියා = දරදඬු නීතිය, කැටයම් චින්තකගේ මව = අසරණ වින්දිතයා. පිටිපස්සෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හා අදහසක් නැති ජනතාව. පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත. ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං! දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය. මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි: මගේ බලප්‍රදේශයේ ඕනෑම ‍පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්

අගමැති කුඩු ජාවරම් සමග සම්බන්ධ වූ රටක නීතියේ ආධිපත්‍යයට කුමක් වේද?

Image
අගමැතිවරයා ඉවත් කළ යුතු යයි උද්ඝෝෂණයක් දියත් වෙමින් තිබේ. ඉදිරියෙන් සිටින්නේ ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, මව්බිම පත්තරය වැනි බලවේග නිසා මෙය කොන්ත්‍රාත්තුවක් යයි සිතන්නට පුළුවන.  එවිට ඇති වන ගැටලුව වන්නේ මේ උත්සාහ කරන්නේ කාව අගමැති කරන්නට ද යන්නයි. අගමැති වීම යනු අනාගත ජනාධිපති වීම සඳහා සුදුසුකම් සපිරීමේ මුල් පියවරකි. ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඩී.බී. විජේතුංග  අගමැති පදවියට පත් කළේ ද වර්තමානයේදී කරන පරිද්දෙන් ම වෙනත් අය කපා රූකඩයක් ඉදිරියෙන් තැබීමට වුව ද ඩී.බී‍. විජේතුංග පවා මේ රටේ ජනාධිපති ධුරයට පත් වූයේ ය. ඒ අගමැති ධුරයේ තිබෙන බලය නිසා ය.  තමන්ට කලින් මැරේ යයි සිතන, අභියෝගයක් නො වන මහල්ලන් අගමැතිකමට පත් කිරීම ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තරම් අගමැති ධුරය සඳහා තරග කරන්නන් සංඛ්‍යාවක් වෙනත් කාටවත් හිටියේ නැත. කුමාර වෙල්ගම වැනි වියපත් බඹරුන්ගේ සිට මෛත්‍රී, ඩලස්, නිමල් සිරිපාල වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයන්ගේ සිට රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ දක්වා ම අගමැතිවරු වැහි වැහැලා ය.  ජාතික හෙළ උරුමය ඇතුළු බලවේග කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද යන

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දර ම පෙම් පුරාවත

Image
දස්කොන් - ප්‍රමිලා කතාව සිංහල ජනප්‍රවාදයේ එන සුන්දර ම ප්‍රේම කතාවයි. මීට පෙර ජෝන් ද සිල්වා ශූරීහු ද මෙම කතාව ඇසුරින් නාට්‍යයක් නිර්මානය කළේ ය. ජයලත් මනෝරත්නයන්ගේ අභිනව නාට්‍යය වන 'සෙල්ලම් නිරිඳු' සඳහා පාදක වන්නේ ද මෙම කතා පුවතයි. මීට පෙර මතුගම ශ්‍රවණාගාරයේදී ම ජයලත් මනෝරත්නගේ 'බූරුවා මහත්තයා' බැලීමට ගිය මම පළමු වතාව‍ට නාට්‍යයක් අතරමගදී නැගිට ආවෙමි. සෙනග හා අධික උණුසුම පමණක් නොව නාට්‍යයේ දුර්වලකම ද එසේ කරන්නට හේතු විය. වාර්තා රංගයක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සෙල්ලම් නිරිඳු නැරඹීමෙන් පසු මට සිතෙන්නේ එය ඉන් ඔබ්බට විහිදෙන විශිෂ්ට නාට්‍යයක් බවයි. මනෝරත්නයන් බලවත් පරිශ්‍රමයක් දරමින් සුවිසල් හැදෑරීමක් කර තිබේ.සෙල්ලම් නිරිඳු හුදු නා‍ට්‍යයක් පමණක් නො වේ. ඉතිහාස කථනයකි. නාට්‍යය තුළ ඉතිහාසය පිළිබඳ අපූරු කතිකාවක් දිග හැරේ. ඒ වනාහි ඉතිහාසඥයාගේ කථනය හා ජන කලාකරුවාගේ කථනය යන දෙක අතර ඇති පරස්පරතා හා සාම්‍යයන් පිළිබඳ කතිකාවකි. වෙනත් වචනවලින් කියන්නේ නම් විද්‍යාත්මක ඉතිහාසය හා ජන කතා අතර ගැටුම හා ඒකීයත්වය පිළිබඳ කතිකාවකි. දස්කොන් - ප්‍රමිලා කතාව පිළිබඳ ජනප්‍රවාදයේ ඇති සුඛන

වැද්දන් එක්ක ක්‍රිකට් මැච් ගැහිල්ල

Image
මේ දිනවල ආදිවාසී ක්‍රිකට් ගැහිල්ලක් බෝ වී තිබේ. මේ ක්‍රිකට් රැල්ල හැදුවේ මාධ්‍යවලිනි. මාධ්‍යවලින් දෙන ඕනෑ රැල්ලක් වැළඳ ගන්නට සූදානම් අපේ පාරිභෝගිකවාදී සමාජය ආදිවාසී ක්‍රිකට්වලට මාකට් එකක් හදා දුන්නේ ය.  අපේ ටවුමේද දිනක් මේ ක්‍රිකට් තරගයක් තිබිණි. එක්තරා ඇඟලුම් කම්හලක් ආදිවාසීන් සමග ක්‍රිකට් මැච් එකක් ගැහුවේ ය. මා එ් පිටිය අසලින් යන ‍මොහොතක වර්තමාන වාසීන් දෙපිරිසක් අතර ක්‍රිකට් තරගයක් තිබිණි. ආදි වාසීන් සමග තරගය තිබෙන්නට ඇත්තේ උච්චතම අවස්ථාවේ ය. ඒවා බලන්නට තරම් වැඩකට ගත නො හැකි කාලයක් අපට නැත.  ආදි වාසීන් ක්‍රිකට් ගහන එක ගැන ඔවුන්ගේ සංස්කෘතිය භාර සංස්කෘතික ඇමතිවරයා උරණ වී ඇති බව ද පසුගිය දිනවල වාර්තා විය. අද දිවයිනේ පුවතක වාර්තා වන්නේ ආදි වාසීන් හා නළු නිළියන් අතර ක්‍රිකට් තරගයක් පවත්වන්නට යන බවකි. ඒ සඳහා රුපියල් ලක්ෂයක් අය කරන බව ආදි වාසී ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා තිබේ. ඇත්තට ම සතුටු ය.  වැදි ජනතාව භාණ්ඩ හුවමාරුව වෙනුවට මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කර දැන් බොහෝ කාලයකි. වර්තමාන ලෝකයේ යම් පිරිසක් ආදි වාසීන් ලෙස ම සිටිය යුතු යයි නියම කරන්නට කාටවත් බැරි ය. තමන්ගේ සංස්කෘතිය ගැ

මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

Image
කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි. කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ.  කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇහැලේ