නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුලට ගිය මහින්ද ගැන ජිජැක් කළ ප්‍රකාශය

Thamsanqa Jantjie
නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍යෝත්සවයේදී ලෝක නායකයන් කතා කරමින් සිටින අතර අපූරු සිද්ධියක් වුණා. බරක් ඔබාමා ඇතුළු අමුත්තන් සිටි ස්ථානයට නුදුරෙන් සිටගෙන පුද්ගලයෙක් සංඥා භාෂාවෙන් මේ කතා පරිවර්තනය කරන බවක් පෙන්නුවා. ඒත්, ඇත්තෙන් ම ඔහු විසින් කරන ලද අංග චලන කිසිදු සංඥා භාෂාවකට අයත් නො වන බව හෙළි වීමත් සමග මෙම සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

මේ පිළිබඳව පවත්වන ලද පරීක්ෂණයෙන් හෙළිදරව් වූ පරිදි මේ පරිවර්තකයා වූ 34 හැවිරිදි තම්සන්ක්වා ජැන්ට්ජි අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් කුලියට ගෙන යෙදවූ කෙනෙක්. ඔහු ජොහින්නස්බර්ග්හි 'ද ස්ටාර්' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කීවේ එ‍සේ වුණේ ඔහු ක්ෂණිකව භින්නෝන්මාද තත්වයකින් පෙළුණ නිසා බවයි. 

මේ පිළිබඳව 'ද ගාඩියන්' පුවත්පතට ලිපියක් ලියමින් ස්ලැවොක් ජිජැක් කියන කාරණය රසවත්. ඔහු කියන්නේ මෙවැනි නිරූපණවලින් ඇත්තට ම කරන්නේ බිහිරි අයට ඒ කතාව පරිවර්තනය කිරීමට වඩා එතැන සිටින බිහිරි නො වන වෙනත් අය සතුටු කිරීම බවයි.

මැන්ඩෙලා සමරු උත්සවයේ සත්‍යය මෙම සිද්ධියෙන් ප්‍රකාශ වන්නේ නැද්දැයි ජිජැක් අපගෙන් අසනවා. ඔහු කියන්නේ ජැන්ට්ජී මේ ලෝක නායකයන්ගේ කිඹුල් කඳුළු එහි සැබෑ අරුතින් පරිවර්තනය කළ බවයි. ඔහු පරිවර්තනය කළේ ඔවුන්ගේ අරුත් සුන්කමයි.

"ලෝක නායකයන් විසින් සමරමින් තිබුණේ අර්බුදය කල් දැමීමේ සාර්ථකත්වයයි. දුප්පත්, කළු දකුණු අප්‍රිකානුවන් සාර්ථක ලෙස සාමූහික දේශපාලන ඒජන්තයන් බවට පත් වූ විට ඒ අර්බුදය පුපුරනවා. ජැන්ට්‍ජී විසින් සංඥා කරමින් සිටියේ එතැන නොසිටි ඔවුන්ටයි. ඔහු දුන් පණිවුඩය වන්නේ මේ සම්භාවනීය අමුත්තන් ඇත්තෙන් ම ඔබ ගැන නො තකන බවයි. ඔහුගේ ව්‍යාජ පරිවර්තනය හරහා ඔහු සමස්ත උත්සවයේ ම පැහැදිලිව පෙනෙන්නට තිබුණු ව්‍යාජකම නිරූපණය කළා." -ස්ලැවොජ් ජිජැක්

මාතෘකාවෙන් කියූ ආකාරයට ජිජැක් මහින්ද ගැන වෙන ම මොකවත් කියලා නැහැ. වෙනම කියන්න ඕනැ නැහැනේ. මේක ඇතුළෙ තිබෙනවනේ කියන්න ඕනැ දේ. ලංකාවේ කළු ජාතිකයන් ලෙස සලකන්න පුළුවන් වාර්ගික, ආගමික සුළුතරයන් හා ආර්ථික වශයෙන් දිළිඳු බහුතරය මත වර්ණභේදවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යන මහින්දත් නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුලට ගියානේ හැබෑට!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

Comments

  1. /*.......ලංකාවේ කළු ජාතිකයන් ලෙස සලකන්න පුළුවන් වාර්ගික, ආගමික සුළුතරයන් හා ආර්ථික වශයෙන් දිළිඳු බහුතරය මත වර්ණභේදවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යන මහින්දත් ...........*/

    එක වෙනස්කමක් තියෙනවා. ඒක තමයි මහින්දට රටේ බහුතරයක් 2010 දී චන්දේ දී තිබීම.

    ReplyDelete
    Replies
    1. HALLO, ME ARA PUKA, CHOO, JEE, PADA, JOKKU AADEE TOPICS GENA NITHRA LIYANA KAKKA NEDA. MOKADA MACHAN MEHE.

      Delete
    2. ponna kathaa puka node hitapan

      Delete
  2. \\\\\\\\\ඔහු කියන්නේ ජැන්ට්ජී මේ ලෝක නායකයන්ගේ කිඹුල් කඳුළු එහි සැබෑ අරුතින් පරිවර්තනය කළ බවයි.\\\\\\\\\

    අන්තිමට ලෝකෙට වැරදි කරු උනෙත් ඔහුමයි....

    ReplyDelete
  3. [ලංකාවේ කළු ජාතිකයන් ලෙස සලකන්න පුළුවන් වාර්ගික, ආගමික සුළුතරයන්]
    හැබැයි ආර්ථිකව සුදු ජාතිකයින්

    ReplyDelete
  4. ඔබ සැමට වාසනාවන්ත 2014ක් පතමි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා