අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ

මම මුලින් ම ෆේස්බුක් භාවිතා කළේ W3Lanka ප්‍රවර්ධනය කරන්නට ය. ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ.

සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී බොහෝ පිරිමි එය පවත්වාගෙන යන තැනැත්තා ගැහැනියක යයි සිතා චැට් කරන්නට පැමිණිය හ. අප ලියූ ලිපිවල ස්ත්‍රීන් කෙරෙහි දක්වා තිබුණු ආකල්පය මෙම ගිනුම පවත්වාගෙන යන්නේ ගැහැනියක යයි සිතන්නට හේතු වන්නට ඇත.

අප එම ගිනුම අතහැර දැමීමට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලයේ නිර්නාමිකව පෙනී සිටීම වෙනුවට නමින් හා වගකීමකින් යුක්ත පුරවැසියන් ලෙස කටයුුතු කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස දකින බැවිනි. අප මේ කතා කරන්නේ ජීවිතයේ දේශපාලනය ගැන මිස දේශපාලන ව්‍යාපාර ගැන නො වේ.

එක් කාලයක ලංකාවේ ෆේස්බුක්හි කාන්තාවේ දුලබ වූ හ. ඒ කාලයේ ඇත්තෙන් ම ෆේස්බුක් විනීත කාන්තාවන්ට අනතුරුදායක අවකාශයක් විය. මා මීට පෙර ද මේ පිළිබඳව ලිපියක් ලියා ඇත. 

ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?

අන්තර්ජාලයෙන් චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ පිරිමි කොණ තෙමා ගන්නේ ඇයි ද යන්න විමසා බැලීම රසවත් කරුණකි.

සෙක්ස් කියන වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් තුන්වන එක ළඟ එක වසරටත්, 2013දීත්, ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි. (ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව මෙතැනින් කියවන්න)

සෙක්ස්, සෙක්ස් වීඩියෝ, ‍ෆ්‍රී සෙක්ස් වැනි ඉතා වියුක්ත වදන් යොදා සෙවුම් කරන්නෝ ආධුනිකයෝ ය. නැතිනම් හරි හමන් ඉංග්‍රීසි දැනුමක් නැති අය ය. 

උදේ හවා බණ අහන, පිරිත් සජ්ජායනා කරන, ජාති වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, සාන්ත දාන්ත තීන්ත කූඩු වන ලංකාවේ  පිරිමින්ගේ (ගැහැනුනුත් ඇතුළත්ව) යථා ලෝකය ඔවුහු අන්තර්ජාලය තුළ සොයනු දක්නට ලැබේ.

නීතිමය, ආර්ථික හා සමාජමය හේතූන් මත තමන් සිර වී සිටින ඕලාරික ලිංගික ලෝකවලින් පිටතට පැමිණ තමන්ගේ ලිංගික ෆැන්ටසිය සොයන්නට ඔවුහු අන්තර්ජාලය භාවිතා කරති. 

එබැවින් ලංකාවේ මිනිසුන්ගේ අන්තර්ජාල නියෝජනය බොහෝ විට ව්‍යාජ ය. ඇතැමෙක් පූර්ණ ලෙස ම ව්‍යාජ ලෙස පෙනී සිටිති. බොහෝ දෙනෙකුගේ අන්තර්ජාල නියෝජනය විශාලනය කරන ලද එකකි. කාන්තාවක නම් ෆොටෝෂොප් භාවිතාවෙන් වැඩිපුර සුදු වෙති. පිරිමි නම් පෙනී සිටින්නේ ගැඹුරු කටහඬක් ඇති, උස මහත, ඉතා කඩවසම් පුද්ගලයන් ලෙසයි.

ෆේස්බුක්හි ගැහැනුන් ලෙස පෙනී සිටින ඇතැමෙක් පිරිමි ය. ඇත්තෙන් ම මේ ඔවුන්ගේ යටි සිතෙහි ජීවත් වන ගැහැනිය විය හැකි ය. නැතිනම්, සම ලිංගික ආශාව විය හැකි ය. 

සමරිසියන් ගැන කතා කරන විට ෆේස්බුක් ඔවුන්ට ද සිය ආශාව සොයා යන්නට යොදා ගැනෙන අවකාශයක් වී තිබේ. සමරිසි පිරිමි ගණනාවක් ම මගේ ෆේස්බුක් මිතුරන් අතර සිටිති. මේ අතරින් ඇතැමෙක් අන්තර්ජාලයට පිවිසෙන්නේ දඩයක්කාරයන් ලෙසිනි. සිය ගොදුරු ෆේස්බුකියට පිවිසෙන තෙක් ‍ඔවුහු කුරුමානම් අල්ලාගෙන සිටිති. ඇතැමෙකුගෙන් බේරී ෆේස්බුකියට පිවිසෙන්නට බැරිකම නිසා ඇතැමෙක් අන්ෆ්‍රෙන්ඩ් කර දමන්නට සිදු වූ අවස්ථා ද තිබේ. 

යම් අසහනකාරී මානසිකත්වයන්ගෙන් පෙළෙන ගැහැනු ද අන්තර්ජාලයෙන් සිය ලිංගික ‍ෆැන්ටසි සොයා යති. බොහෝ කාන්තාවන් ෆේස්බුකියේ කරන්නේ තමන්ගේ පිංතූර දැමීම පමණි. ඒ දැමූ සැණින් ඒවා වයිරල් වේ. මාර ලස්සනයි, සෙක්සි ආදිය පමණක් නොව ඍජුව ලිංගික ආරාධනා පවා කරනු දක්නට ලැබේ. එහෙත්, දැන් දැන් මෙම ප්‍රවණතාවේ අඩුවක් තිබේ. මඳක් හෝ සක්‍රිය ෆේස්බුක් කාන්තාවන් සොයා මිතුරු ඉල්ලීම් ගලා එන්නේ තොග ගණනිනි.

රජය විසින් අන්තර්ජාලය පිළිබඳ නීති තද කිරීම ද මෙම වර්ධනයට ඉවහල් විය. ටයි දාගෙන මහත්වරුන් ලෙස රැකියා කරමින් ෆේස්බුකියේදී වනචාරීන් ලෙස හැසිරුණු ඇතැමෙකුට රැකියා අහිමි වූ අවස්ථා ද පසුගිය කාලයේ තිබිණි. දැන් බොහෝ අන්තර්ජාල කැෆේ ද අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම අධෛර්යය  කරන ආකාරයට සකසා තිබේ.

අන්තර්ජාලයේ සිය සැබෑ අනන්‍යතාවෙන් පෙනී සිටීම ද වර්ධනය වෙමින් තිබෙන ආකාරයක් නිරීක්ෂණය කළෙමි. කලින් වෙනත් නම්වලින් පෙනී සිටි අය දැන් සිය සැබෑ අනන්‍යතාව වෙත මාරු වෙමින් සිටිති. එපමණක් නොව, "අහවල් නමින් පෙනී හිටියේ මම. හී! හී!" කියමින් චූන් වන්නෝ ද හමු වෙති. 

තවමත් බ්ලොග් අවකාශය නම් ව්‍යාජ අනන්‍යතාවන්ගෙන් පිරී තිබේ. තමන් ‍කරන අදහස් ප්‍රකාශ කිරීම් නිසා රජයෙන් හා වෙනත් අයගෙන් කරදර වේ යයි බියක් මේ පිටුපස තිබේ. රජය හොඳ යයි සහතිකයක් දෙන්නට බැරි වුණත්, මේ ව්‍යාජ අනන්‍යතා පිටුපස තිබෙන්නේ බියට වඩා වෙනත් කාරණයකි. ඒ තමන් කරන ප්‍රකාශයේ වගකීම් භාර ගන්නට තිබෙන බියයි. නැතිනම් නිදහසේ කුණුහරුප කියන්නට තිබෙන ආසාවයි. 

අප මෙම බ්ලොගයෙහි නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නට දී තිබෙන ඉඩකඩ ඇතැමෙක් වෙනත් බ්ලොග්කරුවන්ට බැන වදින්නට ද භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. 

පාසල් සිසුන් හා තරුණයින් බොහෝ දෙනෙක් ෆේස්බුක්හි කරන්නේ චැටි කිරීමයි. ඔවුහු ඉඳහිට තමන්ගේ පිංතූරයක් හෝ බැනරයක් වැනි දෙයක් ෂෙයා කරති. එහෙත්, බොහෝ කාලයක් ෆේස්බුක්හි ලොග් ඉන් වී සිටිනු දක්නට ලැබේ. 

අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වගකීමක් සහිත පුරවැසි අවකාශයන් බවට පත් කිරීම සඳහා අපට ද කළ හැකි දේ තිබේ. එකක් අන්තර්ජාලයේ සිටින වංචනිකයන් හඳුනාගෙන ඔවුන්ගෙන් හැකි තරම් ඈත් වීමයි. එවැන්නෙක් තමන්ගේ මිතුරු ලැයිස්තුවේ සිටින්නේ නම් පහසුවෙන් අන්ෆ්‍රෙන්ඩ් කළ හැකි ය. 

අප වැනි දේශපාලනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමට උත්සාහ කරන අයට තරාතිරම නො බලා ෆේස්බුක් මිතුරු ඉල්ලීම් පිළි ගන්නට සිදු වන මුත්, පෞද්ගලික ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යන අයට සැබෑ මිතුරන් පමණක් තම ගිනුමට ඇතුළත් කර ගැනීමට පුළුවන. තමන්ට මෙතරම් ෆේස්බුක් මිතුරන් සංඛ්‍යාවක් සිටින්නේ යයි උදම් අැනීම ‍තේරුමක් නැති දෙයකි. ෆේස්බුක් මිතුරෝ වනාහි බෙහෙවින් ම ව්‍යාජ පිරිසකි. සැබෑ මිතුරුකම් ඇත්තේ ස්පර්ශ ලෝකයේ ය.‍

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මං ඉන්න දිහාවේ FACE BOOK හොඳ අද්යාපන මෙවලමක් විදිහට පාවිච්චි කරනවා. අපි ඉතින් හැම දේම නැට්ටෙන් අල්ලගන්න අය නේ

    ReplyDelete
  2. අන්තර් ජාලය තුල නොමැති ස්‌වයං විනය ගැන පැරා අතින් ලියවුනු හොඳ ලිපියක්. අප රටේ ජන සමාජය තුල ස්වයං විනයක් නොමැතිවීම අන්තර් ජාලයේ පමණක් නොව මහමගදී,ඉස්පිරිතලයේදී,ආදී වශයෙන් ජනතාව ගැවසෙන සැම තැනකදීම දකින්නට තිබෙන කාරණයක්. මිනිසුන් මෙහෙම ආත්මාර්ථකාමිව හැසිරෙන ආකාරයට හේතු සෙව්වොත් නරකද?

    ReplyDelete
  3. ෆේස්බුක් විතරක් නෙමෙයි,විමල් විරවංශගේ ලංකා සී නිවුස් එකේ, නෙත් එෆ් එම් රේඩියෝව මිලට ගත් ගොසිප් 9 එකේ(දැන් නෙත් එෆ් එම් රේඩියෝව විසින් මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ 33000.lk ලෙසය) කොමෙන්ට් බැලුවම පේනවා පැරකුම් සහෝදරයා කියන දේ.

    මම හිතන්නේ සමහර කොමෙන්ට් දාන්නේ 33000 එකේ අයම තමයි. පැරකුම් සහෝදරයාගේ වෙබ් අඩවියේ කොමෙන්ට් දමන්න පුර්ණ නිදහසක් තියෙන නිසා යම් සංයමයකින් යුතුවයි කොමෙන්ට් වැටෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරනය තමයි පැරකුම් සහෝදරයගෙ වෙබ් අඩවිය.මේකෙ කොමෙන්ට් දාන හැමෝම සංයමයකින් දමන්නෙ.මෙතන ජාතිවාදයවත් කුණුහරපවත් අනුන් හෙලා දැකීමවත් නෑ.හේතුව එබදු න්‍යාය පත්‍ර මේ අඩවියට නැති නිසා.මම නම් වශයෙන් කියන්නෙ නෑ.බලන්න ඔබ කියපු අනෙක් අඩවි වල ප්‍රවෘත්ති වල මාතෘකා දමන්නෙ මොන තරම් පහත් විදියටද?එක් අඩවියක වෙනත් ආගම් හා ජාතීන්ට ( විශේෂයෙන් මුස්ලිම් ) ට අපහාස වන කොමෙන්ට් හැර වෙන කිසිවක් පළ වෙන්නේ නෑ.රටේ ජනතාව ජාති ආගම් ලෙස කොටවන්නේ ප්‍රශ්න අමතක කරවීමට බව නොදන්න කෙනෙක් නෑ.

      නිදහස කිසිවෙක් වැරදියට භාවිතා කරන්නේ නෑ.නමුත් පීඩිතභාවය තුලින් මතුවන්නේ අන්තවාදයන්.ඇයි මුස්ලිම් රටවලින් අන්තවාදයට සරු පසක් වී ඇත්තේ.

      සෙක්ස් ගූගල් වලින් සොයා පෙරමුණට පැමින ඇත්තේ දකුණු ආසියානු රටවල්.

      එක්කෝ සයිබර් අවකාශයට පිවිසෙන ලාංකිකයා අන්තවාදියෙක් වෙන්න ඕන.එහෙම නැත්නම් පිටරටකට වෙලා නිදහසේ අද්හස් ප්‍රකාශ කරන්න ඕන.මෙහෙ ඉන්නවනම් දැලි පිහියෙන් කිරි කන්න ඕන.මේ පීඩිත හාවය තුල මානසිකව අගුලු වැටී ඇති ලාංකිකයා ෆ්‍රී සෙක්ස් ,සෙක්ස් වීඩියෝ කියමින් සර්ච් කරනවා.

      ඒකටත් තහනමක් වැටුනොත් ඔවුනුත් ජාතිවාදීන්,ආගම්වාදීන් ලෙස බුකි ගත වේවි.

      Delete
  4. ෆෙස්බුක් එකේ වැඩිපුරම ෆේක් ප්‍රොෆයිල් හදන්නේ ආසියානු රටවලින් බව වරක් නිවුස් එකක කියෙව්වා මතකයි.

    ReplyDelete
  5. ඉතාම වටිනා ලිපියක්.නිර්නාමිකත්වය ෆේස්බුක් හි පමනක් නොවෙයි බ්ලොග් අවකාශයේත් දැකිය හැකියි.ඊට හේතුව අපේ සමාජයේ පීඩිත සොභාවයයි.ලිංගික වශයෙන් පමනක් නොවෙයි මතවාදීමය ලෙසත් අප පීඩිතයි.උදාහරනයකට මම බලන්න.මම නිර්නාමිකව පෙනී සිටින්නෙක්.ඇයි ඒ.මම ආණ්ඩු විරෝධී ලිපි ලියන්නෙකුත් නොවෙයි.එහෙත් මේ ප්‍රස්ථා පිරුළ බලන්න.

    " වික්ටර් අයිවන් කරන දේ ටෝනි එම්මානුවෙල් කිරීම සුදුසු නැත."

    මෙයින් බොහෝ දේ සිතා ගත හැක.මම සයිබර් අවකාශයට පැමිණි මුල්දිනවල එහි කිසියම් අවංක භාවයක් දුටුවෙමි.පිටත ලෝකයේ නැති සුන්දරත්වයක් දුටුවෙමි.
    එහෙත් නිර්නාමික කොමෙන්ට් කරුවන් යනු මිත්‍යාවක් බවත් එකම කෙනා විවිධ නම් වලින් පෙනී සිටින බවත් මම තේරුන් ගත්තෙමි.
    කලකට ඉහත ටයර් වලින් බේරීමට යත්න දැරූ බලුවංශලා අයි පී ඇඩ්‍රස් ආරක්ෂක අංශ වලට දෙන බවට තර්ජනය කළ පසු මම ඔවුන් ගැන කලකිරුනෙමි.
    මතවාදීමය වශෙයන් යමක් නිදහස්ව කීමේ හැකියාවක් ලාංකිකයාට නැත.ඒ පැත්තෙන් ලාංකිකයා පීඩිතය.මේ නිසා නිතරම ඇනෝය.ඒ එක පැත්තකි.

    ලිංගික වශයෙන් ද මහ පොලවේ නොපවතින සදාචාරයකින් ලාංකිකයා වසා තබා ඇත.

    නමුත් මේ සඩාචාරය රකින කෙනෙක් නැත.නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටිති.ලිංගික වශයෙන් තොරතුරු දැනගැනීමට ඇති බාධාත් ( ලිංගික අධ්‍යාපනය )එය මහා අරුම පුදුම දෙයක් ලෙස ආගමික හා සමාජයීය දඩෝරියන් විසින් ගෙන යනමතවාදත් නිසා මේ පීඩනය උත්සන්න කරවයි.ස්ත්‍රී සිරුර මහානර්ග වස්තුවක් ලෙස වසා තබන නිසා ලාංකිකයා නිතරම කුතුහලයෙනි.

    එසේ වසා නොතැබූ පෙර රජ දවස පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට කාන්තාවකට පයින් යා හැකිව තිබුනාලු

    එකල කතුන් උඩුකයට කිසිවක් ඇද නැත.උඩුකය වසා ඊනියා ලැජ්ජාවක ස්ත්‍රිය සිරකළේ මුස්ලිම් රැල්ලෙන් පසුය.උඩුකය නිරුවත්ව සිටි හින්දු කාන්තාව සාරියෙන් ඔලුවද වැසුවේ ඉන් පසුය.ගෞරව මරන( honour killing ) යැයි මිණීමැරුම් ඇතිවුනේ ඉන් පසුය.

    මේ ලිංගික පීඩනයෙන් සමාජය නිදහස් කළ යුතුය.

    ReplyDelete
  6. තමන් ‍කරන අදහස් ප්‍රකාශ කිරීම් නිසා රජයෙන් හා වෙනත් අයගෙන් කරදර වේ යයි හුඹස් බියක් මේ පිටුපස තිබේ
    ajith....meka hubas biyak kiyana eka niwaradi naha. mama gaththoth mama karana job eka ekka mehema prasiddiye aandu virodi matha pala karanda baha

    indika

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදි ය. 'හුඹස්' නම වචනය වෙනස් කරමි.

      Delete
  7. පැරා අන්තර් ජාලයෙන් ෆැන්ටසිය සෙවීම වරදක්ද? අන්තර් ජාලය හරහා එකදු ලිංගික ජවනිකාවක් සේයාරුවක් හෝ නොබැලුව අයෙක් වෙත්ද?

    ReplyDelete
    Replies
    1. කිසිදු වරදක් නැත. එහෙත් එය කළ යුත්තේ තවත් අයකු අසීරුවට පත් නොවන අයුරිනි.

      Delete
  8. මා ජිවත් වෙන රටේ ෆේස්බුක් පාවිච්චි කරන්නේ මා ඇතුළු බහුතර ශ්‍රීලාංකිකයන් පාවිච්චි කරන අරමුණු වෙනුවෙන් නොවේ ,, ෆේස් බුක් ඉතාම පලදායි විදියට පාවිච්චි කරන්නේ ,, සියලුම රජයේ ආයතන ..පාර්ලිමේන්තුව සදහා පවා නිල ෆේස්බුක් පිටුවක් තියෙනවා ,, ඒ වගේ සියලුම රුපවාහිනි නාලිකා වල ප්‍රවුර්ති සහ වැඩසටහන් ගැන පවා ෆේස් බුක් පිටුවේ අතුලත් කරනවා ,, සියළුව ප්‍රවුර්ති වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් අවසානයේ සුබ පැතුමක් සමගම වැඩි විස්තර සදහා අපේ fb] එක සමග එක් වන්න කියනව ,, පුංචි ව්‍යාපාර කරන වෙළෙන්දා ,, දේශපාලකයා පවා තමන්ගේ නිල fb පිටුව පවත්වාගෙන යනවා.. ඒ වගේම පාසල් ළමයි අතරත් ගොඩක් ජන්ප්‍රිරියයි.. ෆේස්බුක් නිසා යම් ප්‍රශ්නයක් ඇති වුනොත් ඒ ගැන ඉතාම ඉක්මනින් හොයා බලලා විසදුම් දෙනවා.. මිනිස්සුන්ව නිතර දැනුවත් කරනවා ,, ඒ වගේම ගිය සතියෙත් මාර්ක් සක්සර්ස්බර්ග් එක්ක සාකච්චා පැවැත්තුවා ෆේස් බුක්හි සේවා වැඩිදියුණු කිරීම ගැන , ඊට පෙර කීප වතාවකම මං නිව්ස් වලට දැක්කා ,, ඔහු මේ රටට ඇවිත් පවා යම් යම් අලුත් දේවල් කරනවා ..

    කියන්න දේවල් බොහෝයි අපේ රටේ ෆේස්බුක් භාවිතය ගැන ,,

    ReplyDelete
  9. දේශපාලනය කතා කරන බ්ලොග් සහ වෙබ් අඩවි නම් නිර්ණාමිකව කරාට කමක් නැහැ... මොකද රිචඩ් ගිය ගමන කීදෙනෙක් ගියාද ? ඉස්සරහටත් යයි...මැරිච්ච කෙනා වැරදි කාරයා වෙයි... පිහිය හිරේ යයි..

    ReplyDelete
  10. මා නම් මුලින් තිබූ මගේ පුද්ගලික ගිනුමට අමතරව කතන්දර බ්ලොගය සඳහා අළුත් ෆේස් බූක් ගිනුමක් ඇරඹුවා. එහි මිතුරු සීමාව ඉක්මවා ග්‍රි පසු දෙවෙනි ගිනුමකුත් ඇරඹුවා. ඒවා බොහෝ විට භාවිතා වෙන්නේ බ්ලොගයේ ප්‍රචාරක කටයුතු සඳහා පමණයි.

    මෙන්න මේ සිද්ධිය ඇතිවෙන දවස වෙන කොට මගේ පුද්ගලික ගිනුමේ මා මුණ ඝැසි හෝ දුරකතනයකේ හො ්කතා කර නැති අයත් මිතුරන් සිට හිටියා.

    http://kathandara.blogspot.com/2011/03/how-they-hacked-my-account-well-before.html

    නමුත් එදායින් පසු මා ඒ ගිනුමෙන් පුද්ගලිකව දන්නා අය හැර අන් අයව අයින් කළා.

    විවිධ අරමුණු සහිතව ගිනුම් දෙකතුනක් පවත්වාගෙන යෑමේ අවුලක් නෑ!

    ReplyDelete
  11. /* අප මෙම බ්ලොගයෙහි නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නට දී තිබෙන ඉඩකඩ ඇතැමෙක් වෙනත් බ්ලොග්කරුවන්ට බැන වදින්නට ද භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. */

    හෙහ්, හෙහ්!

    මං මුලින්ම කමෙන්ට් ඛලා නං අදත් බලා ගන්න තිබුණා!

    ReplyDelete
  12. man kawadawath Face book idala naha. mage mahaththaya engek. Man tama iganagannawa.man private campus wala igana gaththata nidahas adyapaneta garukaranawa adatath. mage sahodaraya, mahaththaya nidahas adyapanen uparima pala nela gaththo.private campus wala inna kollo kello gana man amuthuwen kiyanna onanaha. polowe paya gahapu ekek hoyaganna kattak kanna ona. ida hita innawa bethakata dekata.udema aharala facebook eken okkatam hi kiyala, pinthurayak share karala jivath wena kattiaya thama . pawena loka wala jivath wena jivi kottasayak. ewagema internet kiyanne lankawe kollonta kellanta porak wime madyak.hoda widiyat pavichchi karana ayath innwa, thamange nathi magulak uluppa penwime hakiyawa thiyenawa facabook ekata. kotinma personalitya hadaganime mewalamak . pinthure dakkam pora unata katha karanakotayi therenne muge porathwaya…

    ReplyDelete
  13. @“සෙක්ස් කියන වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් 2013දීත්, ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි“

    ඇයි හිතාමතාම අමතක කරන්නේ "Lord Buddha" වචනය වැඩියෙන් ම සර්ච් කරන්නේ අප බව.(නොදන්නා කමද?)

    http://www.google.com/trends/explore#q=Lord+Buddha

    ReplyDelete
    Replies
    1. @ජයශ්‍රී

      සම්බන්ධතාවය ඉතා පැහැදිලියි නේද?!!!!

      - Dimithri

      Delete
    2. @ජයශ්‍රී

      මා අදහස් කලේ, සෙක්ස් සහ ලෝර්ඩ් බුද්ධා යන දෙකම සොයන්නේ එකම තැනකින් වීම පුදුම සහගත (සහ හාස්‍යජනකද) විය හැකියි. නමුත් මේ සෙවීම් දෙක අතර ඇති සම්බන්ධය ඉතා පැහැදිලියි...

      - Dimithri

      Delete
    3. @ ජයශ්‍රී,

      යම් කෙනෙක් හොයන්නෙ තමන් නොදන්නාදේ. ඒ අනුව ලෝකයෙ ලිංගිකත්වය ගැන වගේම බුදු හාමුදුරුවො ගැනත් නොදන්නම පිරිස ලාංකිකයො කියල උපකල්පනය කලොත් ඒත් වැරැද්දක් නෑ නේද?

      Delete
    4. @Ravi,AnonymousDecember 26, 2013 at 12:21 AM
      ඒ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද?

      @ Ravi
      නොදන්නම පිරිස නෙවෙයි බන්, දැන ගැනීමට කැමති පිරිස. වැඩි විස්තර අවැසි පිරිස . නැතිනම් ලන්ඩන් ගැන Uk මිනිස්සු වැඩියෙන්ම සර්ච් කරන්නේ මොකද http://www.google.com/trends/explore#q=london

      Delete
    5. මම හිතන්නේ හේතුව ඔක නෙවෙයි. එකම හේතුව වෙබ් පේජස් වලට බුක් මාර්ක්ස් දැමීමට නොදන්නාකම.
      (මම දන්න සමහරු සෑම විටකම තම e mail එකට පිවිසෙන්නේ search එකේ gmailහෝ yahoo mail කියල ටයිප් කරල)

      Delete
  14. http://google.com/trends/explore#q=Lord+Buddha
    http://google.com/trends/explore#q=Budda
    http://google.com/trends/explore#q=Buddist

    ReplyDelete
  15. Cnews හා 33000.lk වෙබ් අඩවි වල කමෙන්ට් දමෙන්නේ ඔවුන්මය යැයි Anonymous ලෙස චෝදනා කලේ මාගේ ගොසිප් අඩවියට කට්ටිය එන්නේ නැති නිසා ඇතිවූ කෝපයෙනි. ගොසිප්9 වෙබ් අඩවිය මිලට ගෙන 33000.lk ලෙස පවත්වාගන යන්නේ නෙත් FM නොව වලින් නොව සිරස විසින් බවට මාගේ ඉහත කමෙන්ට් එක නිවැරදි කිරීමට උවමනාය.

    ReplyDelete
  16. බ්ලොග් ලෝකයේ ව්‍යාජ අනන්‍යතාවයකින් පෙනී සිටිනවාට වඩා මා එය දකින්නේ එදිනෙදා ජිවිතයේ පවතින අනන්‍යතාවයෙන් තොරව පෙනී සිටීමක් ලෙසයි. මා එය දකින්නේ ඉතාම වටිනා දෙයක් ලෙසයි.
    යමෙකු යම් අදහසක් ප්‍රකාශ කරන විට එම අදහසට ලැබෙන වටිනාකම, ඔහුට පවතින සංස්කෘතිය විසින් ලබා දී ඇති වටිනාකම (ඔහු කොච්චර පොරක්ද ) මත විචලනය වේ. හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බැලීම අප කාගේත් බොහෝ වශයෙන් පවතින්නෙකි. පාසලක තිබෙන ගැටළුවක් ගැන විදුහල්පතිට තිබෙන අදහසට වැඩ හොද අදහසක් සිසුවෙකු ලග තිබිය හැක. රෝහලක තිබෙන ගැටළුවක් ගැන වෛද්‍යවරයෙකුට තිබෙන විසදුමට වඩා හොද විසදුමක් රෝහල් කම්කරුවෙකු ලග තිබිය හැක. නමුත් එදිනෙදා ජිවිතයේ අදහසට වඩා පුද්ගලයා ඉස්මතු වෙන නිසා අදහස් වලට නියම වටිනාකම නොලැබෙයි.
    අනෙක් අතට එදිනෙදා ජිවිතයේ තමන්ට තිබෙන ස්ථානය (සමාජය හමුවේ තමාගේ ප්‍රතිරූපය ) මේන්ටේන් කිරීමට සිදුවන නිසා අවංක අදහස් ප්‍රකාශ වීම අඩුය. නමුත් බ්ලොග් ලොව තුල අදහස් ප්‍රකාශ කිරීමේදී එවෙනි කාරනා මත ඩිපෙන්ඩ් වීමක් නැත.

    ReplyDelete
  17. අපි පුංචි කාලේ පරිගණකයක් තියා ටයිප් රයිටරයක්වත් ක්‍රියාකරන්න දැන සිටියේ නැහැ. මම පරිගණක ඉගෙනගත්තේ අවුරුදු 40 ත් පැන්නට පස්සේ. අවුරුදු 15 දී විතර තමයි මගේ යාලුවෙක් මට හස්තෝපක්‍රමය සහ සමලිංගික හැසිරීම ප්‍රායෝගිකව කියාදුන්නේ. අවුරුදු 17 දී විතර මට සමලිංගික බව ජීවිතයටම අප්‍රිය වුනා. විරුද්ධ ලිංගික ආකර්ෂණයට නැඹුරුවුනා.

    අපේ සමාජ සංස්කෘතික ආගමික වටපිටාව තුළ ලිංගිකත්වය පාලනය කරන්න හදන්නේ මහා අමන විදිහකට නෙවෙයිද? අපි අතරින් අති මහත් බහුතරයකට (මමත් ඇතුළුව) අනියම්/රහස්‍ය ලිංගික චර්යා රටාවක් තිබෙනවා නොවේද? බස් එකේ කෝච්චියේ යනකොට ඇතිල්ලීම, බස් එක පාර අයිනේ ගෑණු නාන ළිඳක් ළඟ නැවැත්තුවම කට ඇරගෙන බලා හිඳීම, කීදෙනෙක් කරනවද? අදවනවිට ලිංගික ග්‍රහණයෙන් මිදෙන්නට අපේ කාන්තාවන් කොපමණ වෙහෙසක් රහසිගතව දරනවද? මෙවැනි රහස් ජීවිත සහිත, සමාජයේ මතුපිටින් පරමාදර්ශී චරිතත් තිබෙනවා නොවේද?

    මටනම් හිතෙන්නේ අපි පරිගණක අධ්‍යාපනය වැඩිපුරම දෙන්න ඕනේ වැඩිහිටි පරපුරට. තමන්ගේ දරුවා ගෙදර පරිගණකයෙන්, තම ජංගම දුරකථනයෙන් මොනවද කරන්නේ කියලා දන්නේ නැති දෙමවුපියන් ගණන හිතාගන්න බැරිතරම් විශාලයි.

    අපි හැමදෙනාටම කාමාශාව තියනවනේ. ඒක අරුමයක් නොවෙයිනේ. නමුත් අද තාක්ෂණය මගින් ගැටවර විය ඉලක්ක කරගනිමින් කෙරෙන වෙළඳ ප්‍රචාර නිසා ඉක්මනින් පුබුදුවන ඔවුන් සීමාව නොදැන ක්‍රියාකරනවා. දවස පුරා ඇහෙන බණ වලින් වර්තමානය ඉලක්ක කරගෙන බණ කියන්නේ 1% ක් පමණ. තවමත් වඳුරාගේ සහ වටුවාගේ කතාවෙන් බණ කියන්නේ. දැන් කියන්න ඕනේ වර්තමානය අලලා ගන්න උදාහරණ වලින්. බණ ඇසීම විහිළුවක්. බොහොමයක් ගෙවල්වල රේඩියෝ එකේ බණ දාලා මිනිස්සු ගෙදර වැඩ කරනවා.

    වැඩිහිටි පරපුර මෝඩ සිතුවිල්ලක ඉන්නවා අපි දන් පින් කරනවිට තරුණ පරපුර අපි පස්සෙන් එයි කියලා. ඔවුන්ට පරිගණක තාක්ෂනය ඉගැන්වුවොත් ඔවුන් අතර ඉන්නවා තමන් අනාදිමත් කාලයක සිට ගෙන ආ දැනුම නවතාවයකින් යුතුව තරුණ පරපුරේ මනසට බලපෑමක් ඇතිවන ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන් අය.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න ඕන ඔය කතාව තමයි.නමුත් මට ඔබට වගේ සාර්ථකව හිතට වදින විදියට වචන ගලපන්න බෑ.ඔබේ කොමෙන්ටුව ශ්‍රේෂ්ටයි

      Delete
  18. I am happy to see everyone had commented without insulting the "Admin"
    Please go on like that

    ReplyDelete
  19. I am happy to see everyone had commented without insulting the "Admin"
    Please go on like that

    ReplyDelete
  20. " ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ.

    සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී.. "

    "එපමණක් නොව, "අහවල් නමින් පෙනී හිටියේ මම. හී! හී!" කියමින් චූන් වන්නෝ ද හමු වෙති."

    ReplyDelete
  21. අන්තර්ජාලය හරහා ලිංගිකත්වය සෙවීම මගින් තෘප්තිමත් වීම පාරෙ යන ගෑනු හෝ දැරිවියන් කෙළසීමට වඩා හොඳයි කියා මට හිතෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා