වැද්දන් එක්ක ක්‍රිකට් මැච් ගැහිල්ල

මේ දිනවල ආදිවාසී ක්‍රිකට් ගැහිල්ලක් බෝ වී තිබේ. මේ ක්‍රිකට් රැල්ල හැදුවේ මාධ්‍යවලිනි. මාධ්‍යවලින් දෙන ඕනෑ රැල්ලක් වැළඳ ගන්නට සූදානම් අපේ පාරිභෝගිකවාදී සමාජය ආදිවාසී ක්‍රිකට්වලට මාකට් එකක් හදා දුන්නේ ය. 

අපේ ටවුමේද දිනක් මේ ක්‍රිකට් තරගයක් තිබිණි. එක්තරා ඇඟලුම් කම්හලක් ආදිවාසීන් සමග ක්‍රිකට් මැච් එකක් ගැහුවේ ය. මා එ් පිටිය අසලින් යන ‍මොහොතක වර්තමාන වාසීන් දෙපිරිසක් අතර ක්‍රිකට් තරගයක් තිබිණි. ආදි වාසීන් සමග තරගය තිබෙන්නට ඇත්තේ උච්චතම අවස්ථාවේ ය. ඒවා බලන්නට තරම් වැඩකට ගත නො හැකි කාලයක් අපට නැත. 

ආදි වාසීන් ක්‍රිකට් ගහන එක ගැන ඔවුන්ගේ සංස්කෘතිය භාර සංස්කෘතික ඇමතිවරයා උරණ වී ඇති බව ද පසුගිය දිනවල වාර්තා විය. අද දිවයිනේ පුවතක වාර්තා වන්නේ ආදි වාසීන් හා නළු නිළියන් අතර ක්‍රිකට් තරගයක් පවත්වන්නට යන බවකි. ඒ සඳහා රුපියල් ලක්ෂයක් අය කරන බව ආදි වාසී ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා තිබේ. ඇත්තට ම සතුටු ය. 

වැදි ජනතාව භාණ්ඩ හුවමාරුව වෙනුවට මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කර දැන් බොහෝ කාලයකි. වර්තමාන ලෝකයේ යම් පිරිසක් ආදි වාසීන් ලෙස ම සිටිය යුතු යයි නියම කරන්නට කාටවත් බැරි ය. තමන්ගේ සංස්කෘතිය ගැන තීරණය කිරීම ඔවුන්ට භාර ය. එහෙත්, නවීන ලෝකයේ කිසිවකුට සෙසු සමාජයන්ගෙන් පූර්ණව හුදකලා වූ ජීවිත ගත කරන්නට බැරි ය. බලහත්කාරයක් වුවත්, ලෝක සම්මතයන්ට, සදාචාරයන්ට අනුගත වන්නට ආදි වාසීන්ට වුව සිදු වේ. උදාහරණයක් ලෙස දැන් ලංකාවේ වැදි ජනයා අතර වුව බාල වයස්කාර විවාහ ළමා අපචාර ලෙස සැලකේ. බාල වයස්කාරියක සමග එකට ජීවත් වීම නිසා වැදි තරුණයකුට නඩු පවරන ලද පුවතක් පසුගිය දිනවල වාර්තා විය. 

ආදි වාසීන් ලෙස අප හඳුන්වන්නේ මෑතක් වන තෙක් ම ලෝකයේ නූතන යයි සම්මත සමාජ ජ‍ීවිතවලට හැඩ නො ගැසුණු ජනතාවන් ය. භූගෝලීය හා වෙනත් හේතු නිසා මුළු ගැන්වී ජීවත් වූ මේ ජනතාව ද දැන් විශ්ව ගම්මානය වෙත පිවිස හමාර ය. විශේෂයෙන් ම ඔවුන්ගේ ජීවිත සංචාරක ආකර්ශනයක් වීම නිසා ඔවුන් නවීන ලෝකයට විවෘත වන්නේ අපූරු ආකාරයකට ය. 

නවීනත්වය ඔවුන් වෙත වේගයෙන් කඩා වදින මුත්, එය වැළඳ ගැනීම සඳහා සිය ප්‍රාථමික ලක්ෂණ තව දුරටත් රැක ගන්නට ඔවුන්ට සිදු වේ. උදාහරණයක් ලෙස ලංකාවේ වැදි ජනයා උඩට ඇඳුම් නො ඇඳ, සරොං ඇඳගෙන, මුදලට ක්‍රිකට් ගසති. 

ධනවාදය විසින් ආදි වාසීන් පූර්ණ කාලීන නළුවන් පිරිසක් බවට පත් කර තිබේ. ඔවුන්ට තිබෙන්නේ ආදි වාසීන් ලෙස රඟන්නට ය. හරියට අර වසන්ත බංඩාර සැපගන්නාරාළ ගොවිරාළට අඳිනවා වගේ ය. 

මෙහි තිබෙන ගැටලුව වන්නේ මේ ආදි වාසීන් හුදෙක් මුදල් සෙවීමට මිස නවීන ජීවිතයේ ‍අධ්‍යාපනය, උසස් වින්දනය වැනි වෙනත් අංශ වෙත යොමු නො වීමයි. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව හෝ ප්‍රෝඩාකාරී නළුවන් නො වී නවීන මිනිසුන් වන තැනට වැඩ කළ යුතුව තිබේ. ආදි වාසී සංස්කෘතිය නවීන සංස්කෘතිය සමග මුසු වී අලුත් සංස්කෘති නිර්මානය වනු ඇත. දුනු ඊතල හා කෙටේරි කටුගෙයි තැබිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අර ගොනා විරුද්ධ වී තිබුනේ ක්‍රිකට් ගැසීමට නොවේය. වැද්දෝ පුක එළියේ දමා ගෙන ඉන්නා එකටය. එහෙම ලෙඩ ඇද්දාට ඌ ඉන්නේ හොරුත් එක්ක අමුම අමු හෙළුවෙන්ය.

    ReplyDelete
  2. අද නම් වැදි ජනතාව කියා පිරිසක් ඉතිරිවී නැත. වැද්දන් අවසාන වශයෙන් හිටියේ 1970 දශකයේ මුල් භාගයේ පමණ යයි සිතමි. අද ඔවුන් තම වර්ග නාමය ආදායම් මාර්ගය බවට පත්කරගත් පිරිසක් විනා ආවේනික සංස්කෘතියේ ගැලී සිටින්නන් නොවේ. එය වැරදි නැත. ඔවුහු මනුෂ්‍යයෝය. බාහිර ලෝකයේ සංස්කෘතික බලපෑමෙන් මිදෙන්නට ඔවුන්ට නොහැකිය. සත්තු බලන්නට මෙන් වැද්දන් බලන්නට අදත් යන අයට අනුකම්පාවකි මා තුළ නම් ඇතිවන්නේ. අපි අපේ පැරණි ගමක ආකෘතියක් කොළඹ නගරයේ හදා ඒ ආකාරයට හැසිරෙන නළු නිලියන් යොදා සංචාරකයන්ට පෙවමින් කලේද, කරන්නේද අද මේ වැද්දන් කරන දේ ම ය. වැද්දෝ කල දුටුකල වල ඉහගනිමින් සිටිති. තව ටික කලකින් මේ නාඩගම අවසන් වන බව ඔවුහු දනිති. ඒ නිසයි ගාස්තුව ලක්ෂයක් වී තිබෙන්නේ. අපට වඩා හොඳින් ඔවුන් විවෘත ආර්ථිකය තේරුම් ගෙන ඇති සැටියකි මටනම් පෙනෙන්නේ.

    ReplyDelete
  3. මෙතන මහා ප්‍රෝඩාවක් යන්නෙ.අනික හැමතැනම වගේම මෙතනත් ප්‍රෝඩාව නොතිබුනොත් ඒකත් වරදක්නෙ.එන් ජී ඕ වලින් මේ ප්‍රෝඩාව මුලින්ම පටන් ගත්තා.දැන් ඒක හැමෝම ගෙනියනවා.සෙලිග්මාන් කියා ඇති ලෙස ලංකාවේ අන්තිම වැද්දන් ජීවත්ව සිට ඇත්තේ මේ සියවස මුලදීයි.සෙලිග්මාන් යනු වැද්දන් ගැන පර්යේශනයක් කළ පළමු විද්වතායි.ඔහුත් පවසා ඇත්තේ පසුකාලීන වැද්දන් සියල්ලෝම ප්‍රදර්ශක වැද්දන් ලෙසයි.එසේනම් දැන් සිටින්නන් ගැන කවර කතාද?

    වැද්දන් අද වන විට සුඵෝඛභෝගී ජීවන රටාවකට හුරු වෙලා.කලක් යන විට බිතැන්න ප්‍රදේශය අවට ගම් වලට වඩා දියුණුවක් ලබාවි.

    මම නම් ආදිවාසී සංකල්පයට විරුද්ධයි.ආදිවාසී යනු සෙසු සමාජයට සාපේක්ෂ්ජව මිනිසුන් කොටසකගේ අයිතිවාසිකම් අහිමිකිරීමක්.මගේ පැතුම මේ සියළු සංස්කෘතික විශමතා අහෝසි වී ( භාෂාවද ඇතුළුව ) ඒකීය මානව සමජයක් ලොව පුරාම ඇතිවේවාය යන්නයි.

    ReplyDelete
  4. මතුගම එවුනුත් දැන් අවුරුදු විස්සකට විතර කලින් වැද්දො වගේ තමා හිටියෙ..... මතුගමට ඉන්ටර්නෙට් තියෙනවනම් වැද්දො ක්‍රිකට් ගැහුවාම මොකද.......

    ReplyDelete
  5. ඔය පහල ෆොටෝ එක අනුව නම්, පැරාටත් වැදි කණ්ඩායමට සෙල්ලං කරලා කීයක් හරි හොයාගන්න අවස්ථාව තියනවා.... පොඩ්ඩක් කොන්ඩේ ගැටගහලා සරම් කොටයක් ඇන්දහම හරි....
    http://www.boondi.lk/CTRLPannel/WritersImages/Ajith%20Parakum%20Jayasinghe.jpg

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් ගේ මූණේ ඇඳී තියෙන්නේ සදාකාලික ශෝකයක් ද?

      Delete
    2. විප්ලවීය මුහුණු එහෙම තමයි..

      Delete
    3. පැරකුම් හූර ගේ කොණ්ඩ පොජ්ජ මෙතනින් බලන්න.
      http://www.youtube.com/watch?v=S8EDkaJzr3A

      !!!

      Delete
    4. අහක යන නෝ බෝල් වලට පිත්ත දාන්නෙ මක්කටෙ‍යි නේ පැරා ??

      අපි ගහන්නෙ වන් බම්ප් !!

      Delete
  6. Ajith mahattayo me blog eka karunakarla denwath wahala danna meke balanna awilla hamadama delowatama nathi comment dana lokaya gana jeewithya gana kisima gamburak nathi mita kalin liyapuewun wage amanayo rela meke hamadama reela reela ganda gassanawa. unta mathaka molepadena patak naha.

    ReplyDelete
  7. Ajith mahattayo me blog eka karunakarla denwath wahala danna meke balanna awilla hamadama delowatama nathi comment dana lokaya gana jeewithya gana kisima gamburak nathi mita kalin liyapuewun wage amanayo rela meke hamadama reela reela ganda gassanawa. unta mathaka molepadena patak naha.

    ReplyDelete
  8. සුද්දෝ එන්න කලින් වර්තමාන වාසීන් ක්‍රිකට් ගැහුවද? නෑනෙ..එහෙනම් ආදී වාසීන් ගැහුවට මොකද? ආදි වාසීන් දැන් සාමන්‍ය වාසීන් වෙලා...ජොබ් කරනවා... විශ්වවිද්යාලෙට යනවා... එතකොට ඒකත් එපා කියලද කියන්නේ?

    ReplyDelete
  9. වඩා සංවිධානාත්මකව, දඹානෙ අදිවාසී ගම්මානය සහ ක්‍රිකට් කණ්ඩායම, කිරි කොරහ නැටුම් කණ්ඩායම වගේ ඒ ආශ්‍රිත දේවල් මාකට් කර ගත්තනම් ඒගොල්ලන්ට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුලුවන් ආණ්ඩුවෙ සමුර්දිය නැතුව.

    ReplyDelete
  10. කොළඹ වැද්දෝ 'නයිට් රේස්' පදින කොට දාඹානේ වැද්දෝ ක්‍රිකට් ගැහැව්වම මොකද.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා