විදුලියත්, අන්තර්ජාලයත් නැතිව...........

ආසියාවේ ආශ්චර්යයේ මා ජීවත් වන මතුගම පැත්තේ මගේ ගමට අද දවසේ ම විදුලිය නැත. කොහොමත් සතියට දිනක් දෙකක්වත් උදේ සිට හිරු බැස යන තුරු ම විදුලිය නැත. එසේ විදුලිය නැති වන දින විදුලි බල මණ්ඩලයවත් නො දනී කියන්නේ අලුත්වැඩියා සඳහා බවයි.

ඊයේ සිට ටෙලිකොම් අනුතර්ජාල සබඳතාව හෝ දුරකථන ද ක්‍රියාත්මක වන්නේ නැත. අද දින දෙවන වරටත් දැන්වූ නමුත් හදන දිනයක් නො දනිමි. භූගත කේබල්වල වරදක් බව ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම් දී තිබේ.

මතුගම නගරයේ හතු පිපෙන්නා පැන නැඟුණු අන්තර්ජාල කැෆේ මේ වන විට වැසී ගොසින් ඉතිරි වී ඇත්තේ දෙකක් පමණි. පෞද්ගලික බස් නැවතුම්පල අසල පාතාලයේ පිහිටි කැෆේ එක බොහෝ විට ගේම් ගසන ළමයින්ගෙන් පිරිලා ය.

එතැනට යා යුත්තේ මුළු බස් නැවතුම්පොළේම මිනිසුන් මුත්‍රා කරන මුල්ලක් අසලිනි.මතුගම නගරයේ කොතැනකවත් පොදු වැසිකිළි කිසිවක් නැත.

පොදු වැසිකිලි ගැැන නො තකන ප්‍රාෙද්ශීය සභාව පොදු අවකාශ ගැන  සිතාවි ද? හැත්තෑව දශකයේ උද්‍යානයකට යෝජනා වී තිබුණු  නගරය මැද පිහිටි මනහර කඳු ගැටය පන්සලක් විසින් අල්ලාගෙන තිබේ. 

මේ පැත්තේ මහජන නියෝජිතයන්ට මේ පෙදෙසේ සුන්දරත්වය රැක ගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන කිසිදු අදහසක් හෝ දැක්මක් කවදාවත් තිබුණේ නැත. 

එහෙත්, මම මතුගමට ඇලුම් කරමි. ලක්ෂ ගණන් අටු ලිහිණියන් කොහෝදෝ සිට වළාකුළු සේ පැමිණ, නගරයේ විදුලි කම්බි මත ලැගුම් ගන්නා විට ඇසෙන, නෑසෙන කුරුළු තලබලය බලන්නට තව මඳ වේලාවක් නගරයේ සිටිය යුතු ය.  ඔවුන් එන්නේ හයයි  කාලට විතර ය. එතෙක් ප්ලේන්ටියක් බොන්නට කඩයකට ගොඩ වෙමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පිටුවහල් කළ ජයපාලන් කවියා ගේ තාත්තා මතුගම වෙළදාම් කළ බවත්, 1958 දී පමණ ඇතිවුණු කළබල නිසා පලා යන්නට සිදුවූ බවත් ලිපියක දුටුවා.

    ReplyDelete
  2. පොදු වැසිකිලි නැති කමින් දුක් විඳින්නේ කාතන්තා පක්‍ෂයයි. මා මේ ගැන කතාවක් ලියුවත් සමහර අය එය incontinence ප්‍රශ්නයක් යැයි වරදවා වටහා ගත්තා.

    http://kathandara.blogspot.com/2013/02/bladder-control-for-women-only.html

    !!!

    ReplyDelete
    Replies
    1. ඔහෙනං මහ කක්කපැකට් එකක් කක්කාකාරයෝ, හැම තැනම රෙන්ඩ එපා

      Delete
  3. ධර්මරත්නDecember 2, 2013 at 7:10 PM

    'එහෙත්,මම මතුගමට ඇලුම් කරමි'.ගොම ගොඩේ ඉන්න කුරුමිණියා වගේ.

    ReplyDelete
  4. මතුගම කියන්නේ අපේ ට්‍රාන්ස්ෆෝට් වෙල්ගමගේ ගම නේද? ඔච්චර පොර ටෝක් කියවන එයාගේ ගමට මේ තරම් වෙනස්කමක් කරනවද?

    ReplyDelete
  5. සර්, උඹලා වගේ කුපාඩි අව***ක වංශෙ කබල් ගාන නාකි බ්ලොග් පඩංගු කාරයන්ට ඔහොම තමයි වෙන්න ඕනා....හොද වැඩේ.....ඕකෙන්වත් මට්‍ටු වෙයිනේ.....

    ReplyDelete
  6. "ලක්ෂ ගණන් අටු ලිහිණියන් කොහෝදෝ සිට වළාකුළු සේ පැමිණ, නගරයේ විදුලි කම්බි මත ලැගුම් ගන්නා විට ඇසෙන, නෑසෙන කුරුළු තලබලය බලන්නට තව මඳ වේලාවක් නගරයේ සිටිය යුතු ය."

    හොඳ නිරීක්ෂණයක් ....................

    සාමාන්‍යයෙන් විදුලිය, අන්තර්ජාලය නොමැති අවස්ථාවලදී, අප කරනුයේ ඒ ගැන මැසිවිලි නගමින් ගේ තුලටම වී කනස්සලෙන් කුමක් හෝ කියවීමයි ,සුළු වැඩපලක් කිරීමයි. එලියට බැස අවට පහට කුරුල්ලෙක් දෙස බලා සිටීමක්, වත්තේ වැඩක් කිරීමක් නම් සිදු වන්නෙම නැත.

    ReplyDelete
  7. පැරා කොට්ටාව පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදාගනින්.... බිම්පණුවා වගේ කොට කොට ඉඩම් වලට තන්හාවෙන් හිටියට වැඩක් නෑ..... මතුගම කියන්නෙ කවදාවත් දියුණු වෙන්නෙ නැති ටවුමක්.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා