ලංකාවට සුනාමියක් ආවයි කියල කියන්නෙ

   
(මම මේ ඡායාරූපය ගත්තේ සුනාමියෙන් ටික දිනකට පසුව කොග්ගලදි. මේ ඉන්නෙ ඇමරිකන් හමුදාව. ඒගොල්ලෝ ලෝක සිතියමක් උඩ ඉත්තො අදින සෙල්ලමක් කරමින් සිටි මේ ඡායාරූපය අපි ලොකු ප්‍රමාණයෙන් හිරු පත්තරේ දැම්මා.)

දෙදාස් හතරේ දෙසැම්බර් 26දා සුනාමිය විසින් ලංකාවේ මිනිසුන් හතළිස් දහසකගේ පමණ ජීවිත බිලි ගන්නා ලදී. 

එදා ඒ මිනිසුන්ගේ විපත හමුවේ ලෝක ජනයා හෙලූ කඳුළු ලංකාවට පැමිණියේ සුනාමි ආධාර ලෙසයි. 

සුනාමියෙන් බැට නො කෑ දේශපාලකයන්ට, නිලධාරීන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට මේ පශ්චාත් සුනාමි යුගය ආශිර්වාදයක් විය. 

සුනාමි අරමුදල් සොරා කෑ, නාස්ති කළ, ඥාති හා මිත්‍ර සංග්‍රහයට යොදා ගත් මිනිස්සු අදත් සුනාමියෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලති. 

සුනාමිය දවසේ මමත්, මගේ බිරිඳත්, මහත් අසීරුවෙන් මෝටර් සයිකලයෙන් පයාගලට ගියේ අපේ එක් ඥාතියකුගේ සුව දුක් බැලීමටයි. එම පවුල දිවි බේරාගෙන තිබුණමුත්, සුනාමිය විසින් ඔවුන්ගේ නිවස බිමට සමතලා කර තිබිණි. මගේ තරුණ නෑයා සුන් බුන් අතරින් මඩ තැවරුණ මදුරු දැලක් සොයාගෙන මා ඉදිරියට ආ ආකාරය මට අදත් මතක ය. 

ඔහු වැඩ කළ පාම් ගාඩ්න් හෝටලය ද සුනාමියෙන් කැඩී ගිය නිසා ඔහුට රැකියාව නොමැතිව සෑහෙන කාලයක් සිටින්නට සිදු විය. පසුව රජ පවුලේ අය මේ හෝටලය මිළට ගෙන ඔහුගේ රැකියාව සම්පූර්ණයෙන් ම නැති කර දැමුවේ ය. 

ඊයේ මම ඔහුගේ නිවසට ගියේ නත්තල සමරන්නටයි. සුනාමියෙන් නව වසරකට පසු ඔහු තිබූ තැන ම සිය නිවස යම් තරමක‍ට ගොඩනගාගෙන තිබේ. උත්සව භාණ්ඩ සපයන සුළු ව්‍යාපාරයක් කරන ඔහු නත්තල් දිනයේත් උදයේ වැඩක් සඳහා ගොස් පැමිණියේ ය. 

සිය ජීවිතය යළි ගොඩනගා ගන්නට ඔහු මේ නව වසර තුළ දැරූ වෙහෙස ඔහුගේ වතෙහි ද පැසෙමින් අැති හිසෙහි ද සටහන් වී තිබේ. 

ඔහුටත්, ඔහුගේ ඥාතීන් හා අසල්වාසීන්ටත් රජය විසින් සැලකිය යුතු උපකාරයක් කර නැත. ඔවුන් නැවත ජීවිතය ගොඩනගා ගත්තේ ආණ්ඩුව නිසා නො වේ. 

ඔහු මහන්සි වී වැඩ කරමින්, බදු ගෙවා ආණ්ඩුව රකියි.  

සුනාමියෙන් ගොඩ ගිය කාට කාටත් සුබ සුනාමියක් වේවා!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දැන් ඉතින් අපේ කක්කා තුමා දුවගෙන එයි මෙතනට..... හෝ හෝ ගාලා අඬන්න.....

    ReplyDelete
    Replies
    1. kaka
      kawda me umbata hamadaama gahana ewun. ay mun umbata gahanne............

      Delete
    2. දෙපිරිසක් ඉන්න පුළුවනි.

      1. කතන්දඑර බ්ලොගයේ රචකයා සමග පුද්ගලිකව තරහක් ඇති අය.

      2. කතන්දර බ්ලොගයේ අන්තර්ගත දේශපාලනයට වෛර කරන අය.

      වැඩි ඉඩ කඩ ඇත්තේ ඔය උඩින් ප්‍රතිචාරය තක්වා ඇති පුද්ගලාය වැනි අය දෙවෙනි කොටසට අයත්වීමටයි.

      Delete
  2. දැන් අර දිට්ඨදම්මවේදනීය කර්ම වගේ සංකල්පවලට මොකද වෙන්නේ? ඒවා අදින්නාදානයට අදාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා පලදෙයි කාලය නරක් වෙලා අපලය උදාවෙනකොට , මතකනේ කලින් හිටිය කට්ටියටත් වෙච්ච ‍දේ , ඔව්වා කවදාහරි පලදෙන එක දෙනවාමයි

      Delete
    2. එව්වා අදාල වෙන්නෙ අපේ සහෝදරයො මරපු එවුන්ට විතරයි....

      Delete
  3. කළුකර දිසාපත් ජයලත් ර වි දිසානායක සුනාමිය වේලාවේ කරපු මුල්ම වැඩේ තමයි කාමරය ඒ.සී කරපු එක. ආපු ලැප්ටෛාප් ගැන අහන්න ඔනෑ මිවිහගෙනුයි ගොට්ටි සුනිල් කියන ගබාඩා බාරකාරයාගෙනුයි තමයි.

    ReplyDelete
  4. meka liyana NGO eka niragamika ekek kiyala ujaru katha kiuwata. Naththala samarannanam amathaka karana ne wage. ane huke ubalatath ira payanawane ban. :D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා