කඹුරුපිටිය පොලිස් නිලධාරියා මැරූ සැකකරුවන් සියල්ල මරා දැමුවේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා සඟවන්න ද?

කඹුරුපිටියේ පොලිස් නිලධාරියාත්, ඔහුගේ බිරිඳත් මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක ද අද පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබෙන බව වාර්තා විය. 

සුපුරුදු පරිදි ම මරා දැමීම සාධාරණීකරණය කිරීම පිණිස කතාවක් ගොතා තිබේ. මෙම ඝාතනයේ සැකකරුවන් හතර දෙනා ම මරා දැමුණු අතර ඔවුන්ගේ මරණ පිළිබඳ කතා එකිනෙකට සමාන ය. ඒ හා සමාන සිද්ධි තවත් රාශියක් පසුගිය කාලයේ සිදු විය. 

පොලිසියට පහර දෙන්නට හෝ පැන යන්නට උත්සාහ කළ විට සැකකරුවන් වෙඩි තබා මරා දමන ලද කතාව දැන් සාමාන්‍ය පොලිස් කතාවකි.

පොලිසියට මරා දමන්නට අවශ්‍ය අය මරා දමා මේ කතාව කීම ඉතා සුලබ ය. 

එහෙත් බිහිසුණු අපරාධ සුදු කළ සියලු දෙනා මේ අන්දමින් මරා දැමීමේ ප්‍රතිපත්තියක් ද පොලිසියට නැත. විශේෂයෙන් ම දේශපාලකයන්ගේ ආරක්ෂාව ලබන අපරාධකරුවන්ට මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ නැත. 

ඒ කියන්නේ මෙවැනි මරණ පිළිබඳ තීන්දු ගන්නේ පහළ මට්ටමින් නො වන බව නේ ද?

මෙම ඝාතනයේ සැකකරුවන් සියලු දෙනා මෙසේ කට උත්තරත් නැති වන අන්දමින් මරා දැමුවේ ඇයි?

මේ සැකකරුවන් මෙම පොලිස් නිලධාරියා ඝාතනය කළා නම්, එසේ කළේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට ද?

ඔවුන් සියලු දෙනා මේ අන්දමින් මරා දමනු ලැබුවේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා බේරා ගැනීමට විය නො හැකි ද? 


මේ සිද්ධිය පිටුපස මත්ද්‍රව්‍ය තිබෙන නිසා අනිවාර්යයෙන් ම පසුබිමේ ලොකු ලොකු දළකාරයන් ඉන්නවා විය හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ගිනි අවි සහ ගිනි කෙලි

    ReplyDelete
  2. වෙන්න බෑ පැරා. කොන්ත්‍රාත්තුව දෙන කෙනා වැරදිකාරයෙක් නෙවේ කියල මීට කලින් නිදහස් කරල තියනවනෙ.

    ReplyDelete
  3. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    සමහරු හිතන් ඉන්නේ අපි කොන්ඩේ බැන්ද චීන්නු කියල

    හැබෙයි අනිත් හෙමෝම දන්නවා කව්ද කොන්ඩේ බැදලා ඉන්නේනේ කියල

    දන වැඩේ කරවවපු සෙට් එක කාටවත් හොයන්න බැ

    විසිල් දාන කට්ටියත් ඔකේ

    ???????????

    ReplyDelete
  4. ලොක්කන්ට ලොකු උදවු තියෙනකොට මෙ වා අරුම නොවෙ. ලොකු ලොක්කො මෙවා කරන්නෙ ආවරන ඈතුව.අර ඈතුලෙ ඉන්න පොඩි ලොක්කා කරෙ මෙ රස්සාව නෙ.රුලෙන් පිට ගියොත් මෙ දෙන්නත් ටිකට් කපාගන්නව

    ReplyDelete
  5. ලොක්කන්ට ලොකු උදවු තියෙනකොට මෙ වා අරුම නොවෙ. ලොකු ලොක්කො මෙවා කරන්නෙ ආවරන ඈතුව.අර ඈතුලෙ ඉන්න පොඩි ලොක්කා කරෙ මෙ රස්සාව නෙ.රුලෙන් පිට ගියොත් මෙ දෙන්නත් ටිකට් කපාගන්නව

    ReplyDelete
  6. ලොක්කන්ට ලොකු උදවු තියෙනකොට මෙ වා අරුම නොවෙ. ලොකු ලොක්කො මෙවා කරන්නෙ ආවරන ඈතුව.අර ඈතුලෙ ඉන්න පොඩි ලොක්කා කරෙ මෙ රස්සාව නෙ.රුලෙන් පිට ගියොත් මෙ දෙන්නත් ටිකට් කපාගන්නව

    ReplyDelete
  7. ලොක්කන්ට ලොකු උදවු තියෙනකොට මෙ වා අරුම නොවෙ. ලොකු ලොක්කො මෙවා කරන්නෙ ආවරන ඈතුව.අර ඈතුලෙ ඉන්න පොඩි ලොක්කා කරෙ මෙ රස්සාව නෙ.රුලෙන් පිට ගියොත් මෙ දෙන්නත් ටිකට් කපාගන්නව

    ReplyDelete
  8. ලොක්කන්ට ලොකු උදවු තියෙනකොට මෙ වා අරුම නොවෙ. ලොකු ලොක්කො මෙවා කරන්නෙ ආවරන ඈතුව.අර ඈතුලෙ ඉන්න පොඩි ලොක්කා කරෙ මෙ රස්සාව නෙ.රුලෙන් පිට ගියොත් මෙ දෙන්නත් ටිකට් කපාගන්නව

    ReplyDelete
    Replies
    1. සිදුවීම් දෙස බලන කොට ආයුධ පෙන්වන්න එක්ක ගෙන යන අයත් අවසාන වශයෙන් සුරක්ෂිත නෑ.ලොක්කොත් එක්ක එකතුවෙලා වැරදි කරන කිසිම පොඩ්ඩෙක් සුරක්ෂිත නෑ.පාතාලයො විතරක් නොවෙයි ආරක්ෂක අංශ වලටත් මේක අදාලයි.

      Delete
  9. පොඩි තාක්ෂණික ප්‍රශ්නයක්.
    දැන් පොලිස් නිලධාරියා සහ බිරිඳ ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා (බලවතා) සාක්ශි විනාශ කරන්න අර 4 දෙනා මැරෙව්වා කියමු.එතකොට ඒ ඝාතන වලට සමබන්ධ (බලවතා ගෙන් අණ ලැබූ)පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් තව විශාල පිරිසක් (මිය ගිය සිව් දෙනා ගේ මරණ සම්බන්ධව විශාල සාක්ශි කරුවෝ පිරිසක්) ඉන්නවා නේද?
    කෙනක් තමන්ට එරෙහිව ඇති සාක්ශි මේ විදියට තව තවත් වැඩි කරගනීද?

    ReplyDelete
    Replies
    1. ඒක මෝඩ තර්කයක්.සිද්ධිය පිටුපස සිටි අය පොලිස් නිළධාරියාගේ මරණය හා ඔහුව මැරූ අය මරා දැමූ පසු සදාකාලිකව සැඟවෙනවා.ආයුධ පෙන්වන්න ගිය අය මරන්න අණ දෙන එක වෙනම කතාවක්.ඒකට කුඩු ජාවාරම් සමබන්ධ නෑ.ඒක සමාජය තැති ගැන්වූ අපරාධ කරුවන් මර්ධනය කියන ලේබලය පිටයි ඒ ඝාතන සිදුවෙන්නෙ

      Delete
  10. me para kiyana pakaya maha panditha huththek

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා