හිස සුන් මළ කඳන්, අත් පා කැපූ සිරුරු කොළඹින් හමු වන්නේ ඇයි?
පසුගිය සතියේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හිස හා අත් පා සුන් මළකඳක් හමු විය. එම මළ සිරුරේ ම පා දෙක ඊට පැය කීපයකට පෙර ආසන්න ප්‍රදේශයක කුණු ඇලකින් හමු විය. ඒ ආසන්න වකවානුවේ ම කුණු වූ මළසිරුරක් දියවන්නා ඔයෙන් හමු විය. එම සිරුරේ ම අතක් නාවල ඇලකින් හමු විය. ඒ අතේ නියපොතු ගලවා වධ දී තිබිණි. මේ සිරුරුවල අත් පා කපා තිබුණේ එක පිහි පහරකින් පළපුරුදු මස් කපන්නකු විසිනි. මෑත කාලයේදී කොළඹින් පුද්ගල අතුරුදහන්වීම් වාර්තා නො වූ බව පොලිසිය කියයි. එතකොට මේ මරා දමන ලද පුද්ගලයෝ කවුරු ද? මෙය පාතාල කල්ලි අභ්‍යන්තර ගැටුමකැයි පොලිසිය සැක කරයි. තවත් සැක කළ යුතු පැති තිබේ. මේ අය වෙනත් ප්‍රදේශවලින් පැහැරගෙනැවිත් ඝාතනය කළ අය විය හැකි ය. මේ පසුගිය කාලයේ පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි පුද්ගලයන් විය හැකි ය. කිසියම් අන්තවාදී දේශපාලනික, ආගමික කල්ලියක් මේ පිටුපස ඉන්නවා විය හැකි ය. කෲර අන්දමින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළසිරුරු ප්‍රදර්ශනය කිරීම දේශපාලනික අරමුණකින් කරනවා විය හැකි ය. එසේ නම්, ඒ කාගේ අරමුණක් ද? මේවා විමර්ශනය කළ යුතු ය. එසේ ම, වහාම මෙම තත්වය පාලනය කර ගත යුතු ය....