එක රටක්! එක පාතාලයක්!

(2009 ජුලි 17) ත‍්‍රස්තවාදය සහමුලින් අවසන් කළ රජය මත්කුඩු ජාවාරම්කරුවන්, කප්පම්කරුවන්, මැරවරයන්, මිනීමරුවන් ආදී සෑම අයකුටම එරෙහිව මේ වන විට යුද ප‍්‍රකාශ කර තිබෙන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා මුල්ලේරියාව පොලිසියේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය. 


පසුගිය දිනවල පාතාල නායකයන් ගණනාවක් ම අභිරහස් අන්දමින් මිය යාම හා මෙකී 'යුද ප‍්‍රකාශ' කිරීම අතර සම්බන්ධයක් තිබේ යයි අනුමාන කළ හැකිය. 


මාළිගාවත්තේ පසුගියදා කරන ලද වැටළීමකදී පාතාල කල්ලි සාමාජිකයන් යයි සැක කෙරෙන 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. එක් පාතාල කල්ලියක නායකයකු බව කියන ෆාජි නමැත්තා රටින් පලා ගිය බවට තොරතුරු ඇති අතර, ඔහුගේ සමීප ගෝලයකු මේ සතියේ කොළඹදී මරා දමා තිබිණි. 


ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයකු වන ආනමාලු ඉමිටියාස් ද මෑතදී පැහැරගෙන ගොස් මරා දමන ලදී. 

මෙම පාතාල කල්ලි පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී පවා මැද කොළඹ ඇතුලු ප්‍රදේශවල ආණ්ඩු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දක්වමින් ක්‍රියාත්මක විය. 


මේ අතර, රජයේ ප්‍රබල දේශපාලකයකුගේ අනුග්‍රහය ලබන එක් පාතාල කල්ලියකට මෙම 'යුද ප්‍රකාශය' එතරම් අදාළ වී නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි. 


මෙම පාතාළ කල්ලියේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක ‍පිරිසක් සති කීපයකට පෙර මෝදර ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු වූ රංජිත් රූපස් ප්‍රනාන්දු නමැත්තා කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් වධ දී මරා දමා තිබුණි. බරපතළ තුවාල සිදු කරන ලද ඔහුගේ පුත්‍රයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි. මෑතදී සිදු වූ තවත් අභිරහස් ඝාතන රැසකට මෙම කල්ලිය සම්බන්ධ බවට තොරතුරු ඇත.

Comments

  1. හැමෝම කැමති මේ පාතාලය නැතිවෙනව දකින්න මිසක් මේ ක්‍රමය නැතිවෙනව දකින්න නෙවෙයි. මේ පාතාලය කියන්නේ මේ ක්‍රමයේ අනිවාර්යයක් මිසක් අතපසුවීමක් නොවෙයි. පාතාලය නැති කරන්නනම් මේ කාලකණ්නි ක්‍රමය පෙරලල දාන්න ඕන. එදාට තමයි අලුත් ලෝකයක් ආරම්භ වෙන්නෙ.

    ReplyDelete
  2. අගමැතිටත් හොද පාතාලයක් ඉන්නවා පානදුරේ පින්වත්තේ. ඕවා මිනිස්සූ ඉස්සරහා සුදනෝ වෙන්න කියන කතා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා