කෝච්චි ගිලින යක්කුන්ට මෝටර් ආමිචර් කජ්ජක්ද?

(2009 ජුලි 20, W3Lanka) මෑතකදී දුම්රිය එන්ජින් සඳහා අමතර කොටස් ගෙන්වීමේදී නිසි තත්ව පරීක්‍ෂාවකින් තොරව එය සිදුකිරීම හේතුවෙන් රුපියල් ලක්‍ෂ 150ක පමණ මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී ගොස් ඇතැයි දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය පවසයි.

එම සංවිධානය හෙලි කරන පරිදි, දෙපාර්තමේන්තු ඇණවුම් අංක
RJJMM 3197$06 යටතේ M-04 වර්ගයේ දුම්රිය එන්ජින් සඳහා කැනඩාවේ හිටෙෂි ආයතනයේ දේශීය නියෝජිතයා වන පැසිපික් ග්ලෝබල් පුද්ගලික සමාගම හරහා ට‍්‍රැක්ෂන් මෝටර් ආම්චර් 06 ක් අලූතින් මිලදී ගැනීම සඳහා ඇණවුම් භාරදීමෙන් පසු 2009. 07. 08 දින ට‍්‍රැක්ෂන් මෝටර් ආම්චර් 06 දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ආනයන බදු රහිතව එකක් රුපියල් ලක්‍ෂ 29 ක් වැනි මුදලකට ට‍්‍රැක්ෂන් මෝටර් ආම්චර් ගෙන්වුවද ලැබී ඇත්තේ ඒවා බව තාක්‍ෂණික ඇගයීම් කමිටුව තීරණය කොට ඇත. 

එසේ වුවත් අදාල උපාංග නිසි පරීක්‍ෂාවෙන් තොරව මුදල් ගෙවීම නිසා මහජන මුදල් ලක්‍ෂ 173 ක් රටට අහිමිවී ඇති බව දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා