කොටින්ට එරෙහි යුදමය ජයග්‍රහණයේ ආර්ථික ප්‍රතිලාභ: රු. කෝටි 2000කට වැඩි ආයුධ ඇණවුමක් අවලංගුයි

(2009 ජුලි 16) යුද්ධය නිමා වීමත් සමගම ලංකාව චීනයෙන් ඉල්ලා තිබුණු ඩොලර් මිලියන 200ක් හෙවත් රු. කෝටි 2281ක් වටිනා යුදමය දෘඪාංග සහ පතුරම් ඇණවුමක් අවලංගු කිරීමට හැකි වූ බව ඊයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙහි වැඩ භාර ගත් ජනරාල් සරත් ෆොන්සේකා මාධ්‍යවලට පැවසීය. 

මෙම ඇණවුම යුද සමයේදී නම් ප්‍රමාණවත් වූයේ මාස 3-5 අතර කාලයක අවශ්‍යතා සඳහා පමණක් බව ද හේ කීවේය.


මෙම ඉතිරි කර ගත් මුදලින් කොටසක් හමුදාවල දෛනික වියදම් සඳහා වෙන් කරන බවද ඔහු පැවසීය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා