එක රැයින් තාරකාවක් ‍වෙන්න කැමති නම් යුව රජ්ජුරුවන් ගැන ගීයක් කියන්න ඉදිරිපත් වෙන්න

මගේ නම අනිල් ගමගේ. යාලුවො කියන්නෙ සූර් අනිල් කියලා. අපිත් බොනවා තමයි. අරක්කු ටිකට ඕනැ වන්දිභට්ටකමක් කරන්න අපිත් සූදානම්. එත් ඉතින් කෝ අපට චාන්ස් එකක්. 

අපිත් ඉතින් එක එක ඒවා ලියනවා තමයි. ඒත් ඉතින් අපව කවුද දන්නෙ? දැන් මට හතළිහක්. හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ. එක රැයින් ජනප්‍රිය වෙන්න ඕනෑ කියලා මමත් තීරණය කළා. ඒ නිසා මමත් ගීයක් ලිව්වා. රජ්ජුරුවන් ගැන තව ලියලා වැඩක් නැහැනේ. ඒ නිසා මම යුව රජ්ජුරුවන් ගැන ලිව්වා. 


තනුව පරණ එකමයි. කොහොමත් ඉතින් එයාගෙ තනුවනේ මෙයා කියන්නේ. 


එක රැයින් තාරකාවක් වෙන්න කැමති නංගි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න හවසක මේ ගීය කියන්න.


ආයුබෝ වේවා! යුවරජා‍ණනේ


අප මහ රජුන් දුන් විවරණින් 
පාතාල යකෙක් පහළව ඇතේ 
ඒ යුව රජුන් පෑ පෙළහරින් 
කැලනියට පවා කෙළ වුණේ//

ආයුබෝ වේවා! යුවරජා‍ණනේ


පෙම්දස් පතුල සිඹිමින් - ගනිමින් අල්ලා චන්ද්‍රිකාවන්

ඡන්ද පන්දාහක් ගනිමින් 
වීරවංසගෙ මහිමෙන් 
දෙස් විදෙස් බඩ දඟලවාලයි 
යුවරජා‍ණනේ 


ආයුබෝ වේවා! යුවරජා‍ණනේ

ආචාර්ය නාමෙන් හොර උපාධි ද ගනිමින්
දුටුගැමුණු  ඉතිහාසයත් කා 
සිරස කෑ මැරයන්

දෙස් විදෙස් බඩ දඟලවාලයි 
යුවරජා‍ණනේ


ආයුබෝ වේවා! යුවරජා‍ණනේ

රචනය: අනිල් සූර් ගමගේ (නම්ගම් මන:කල්පිතයි)




Comments

  1. හික් හික්.....නියමයි...

    ReplyDelete
  2. kiyala wadak naha
    gayala wadak naha
    thawa kalekin
    indala wadak naha

    ReplyDelete
  3. මෙහෙම එකකුත් ඕක දැක්කම මතක් වෙනවා

    අප මහ බඹුන් - දුන් ඒ ගැලින්
    අපටත් ගොනෙක් පහළව ඇතේ
    ආයුබෝ වේවා ගොන් රජාණනේ

    මෙහෙම එකකුත් කටට ආවා

    අප රජතුමන් - දුන් විවරණින්
    අපටත් වලෙක් පහළව ඇතේ
    ආයුබෝ වේවා - වල් රජණෙනි

    අදාල අය හිතා ගන්න පුළුවන්නේ?

    ReplyDelete
  4. ෂාහ් මාරයි . . . ! හෙනම සිරා . . !

    ReplyDelete
  5. ගැලැපෙන පද රචනයක්... :D

    ReplyDelete
  6. මර්වින් සිල්වා හා තෝල්ස්තෝයි
    Posted by Taboo on July 18, 2009
    1. මොන තරම් අහිංසක මිනිසුන් සපා කෑවද, අපේ සත්වැනි මහින්ද මහ රාජෝත්තමයානන් වහන්සේ මර්වින් සිල්වා නැමැති සුනඛයා බැඳ නොදමන්නේ ඇයි? බැඳ දමනවා තියා, තමන්ගේ ප්රනතිරූපයට වන හානිය ගැන සිතාවත්, කෝපයෙන් වචනයක් වත් නොතෙපළන්නේ ඇයි?
    2. කැළණිය, පෑලියගොඩ පැත්තේ තමන් කරන හැම ව්යාිපෘතියක්ම මර්වින් සිල්වා ‘ඩී. ඒ. රාජපක්ෂ’ (දොන් ඇල්වින් රාජපක්ෂ, එනම් පිය-රජ්ජුරුවන් වහන්සේ) නමින් නම් කරන්නේ ඇයි? – (ලේඛකයා විශ්වාස නොකරන්නේ නම් ටිකක් පෑලියගොඩ, කැළණිය පැත්තේ ඇවිද බලන්න.)
    මේ බැලූ බැල්මට එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති ප්රකශ්න දෙකකි. නමුත් එකට ගත් කළ ප්රයඥාවන්තයකුට මිනිස් ජීවිතයෙහි ගුඪ පක්ෂය පිළිබඳව බොහෝ දේ උපකල්පනය කොට ගැනීමට ඒවා ආධාර කර ගත හැකිය.
    මොහොතකට මර්වින් සිල්වා අමතක කර තෝල්ස්තෝයිට එමු. මේ කියන්නට යන්නේ ‘යුද්ධය හා සාමය’ ලියූ සාහිත්ය ධරයාගේ ජීවිතයේ බොහෝදෙනකු නොදන්නා පැතිකඩකි.
    ප්රාතග්-කොමියුනිස්ට්, වැඩවසම් රුසියාවේ යස්නයා පොල්යානාහි ලෙව් නිකොලායෙවිච් තෝල්ස්තෝයි දිවි ගෙවන්නේ රදළ සිටුවරයකුට සැම අතින්ම ගැළපෙන ආකාරයටය. හැම රදළයකු ලෙසින්ම තෝල්ස්තෝයිද තම වැයික්කියේ හැම බිම් අඟලක්ම තමගේ රාජකාරි සීමාව කරගනී. මීට දුප්පත් ගොවියන්ගේ පැල්පත් වල කීරි ගහන පරණ ඇඳන්ද අයත්ය. රදළයා ඇතුළුගෙයි තම තරුණ රූබර දියණිය සමඟ යහන් ගත වෙද්දී ඇගේ පියා හූල්ලමින් පිලේ ඈඳිගෙන සිටියි.මොවුන් ගැබ්බර වූ විට (මේ ප්රා ග්-කොමියුනිස්ට් පමණක් නොව ප්රාිග්-කොන්ඩෝම් යුගයක්ද වේ.) සිටු මැදුරෙහි සේවය කරන නෝංජල් මිනිසකුට සරණ පාවා දෙනු ලබන්නේය. තරුණිය ලබන දරුවන් කාගේද යන්න ටික දෙනකුට රහසක් නොවන මුත් උප්පැන්නය ලියැවෙන්නේ අර නෝංජල් ‘පියාගේ’ නමටය.
    මේ තෝල්ස්තෝයිට අවමන් කිරීමකැයි වරදවා වටහා නොගත යුතුය. මෙය වැඩවසම් යුගයේ සාමාන්යන පිළිගත් සම්ප්ර්දායයි. රදළයකුසේ තෝල්ස්තෝයිද මේ ගැන දෙවරක් නොසිතුවාට සැක නැත. වඩා ආසන්න පරිසරයකට ආවොත් ලංකාවේ හොරණ ශ්රීයපාලිය බිහිකළ විල්මට් ඒ. පෙරේරාද මීට සමාන ජීවිතයක් ගතකළ රදළයෙකි. එවක සාරධර්ම අනුව මේවා අසාධාරණ හෝ අසම්මත චර්යාවන් සේ සැලැකුණේ නොවේ.
    සමාජය රැවටුවද ජීව විද්යාරව රවටනු බැරිය. කරදඬු උස්වන විට මෙකී දරුවෝද තම ජීව විද්යාසත්මක පියාගේ ගති ලක්ෂණ ප්රජදර්ශනය කිරීමට පටන් ගනිති. නෝංජල්ව ඇකිළී සිටිනු වෙනුවට රදළයන්ට පොදු ගතියක් වන ‘චණ්ඩිකම්’ ප්රතදර්ශනය කරන්නට පටන් ගනිති.තෝල්ස්තෝයිටද මෙබඳු මැර ‘අවජාතක දරුවකු’ සිටි බව සඳහන්ය. මේ සිය ගණනකින් එකකු විය හැකිය. පසු කලෙක ඔහුගේ අස්ස කරත්තයේ රියැදුරා වූයේ මේ තරුණයාය. කොයි තරම් පැමිණිලි ආවත් තෝල්ස්තෝයි තම ‘රියැදුරාගේ’ මැරකම් මුවින් නොබැණ ඉවසූ බවත් සඳහන්ය.
    තවමත් පූර්වාපර සන්ධි නොගලපා ගත්තවුන්ට මේ තොරතුරුද වැදගත් විය හැකිය.
    මහ රජ්ජුරුවන් වහන්සේගේ පිය රජ්ජුරුවන් වහන්සේ දොන් ඇල්වින් රාජපක්ෂද තෝල්ස්තෝයි බඳුම ප්‍රාදේශීය රදළයෙකි. මර්වින් සිල්වාගේ මෑණියන්ගේ ගම ද අයත් හම්බන්තොට වැයික්කිය පුරා තම අණසක පතුරුවාගෙන සිටි පාලකයෙකි. සුදු ඒජන්තයකුට සෙරෙප්පුවකින් ගැහුවාය කියන චණ්ඩියෙකි. මර්වින් සිල්වාගේ ‘පියා’ බව කියන විලියම් සිල්වා මේ පිය රජ්ජුරුවන් වහන්සේගේ වලව්වේ සුළු සේවකයකු වූ (දු)ටුගැමුණු (රා)ජ (ව)ංශයේ (ප්රෙරහේළිකා ඉවත් කොට තෙරෙන බාසාවෙන් කීවොත් ‘දුරාව’ නම් කුලයේ) නෝංජල් මිනිසෙකි. දැනට මහළුව ජරාජීර්ණවී සිටිතත් මර්වින් සිල්වාගේ මව තරුණ කාලයේ ඇහැට කණට පෙනෙන ගැටිස්සියක්ව සිටි බවද සිතා ගැනීම අසීරු නැත.
    මර්වින් සිල්වාගේ අද අප නිරීක්ෂණය කරන මේ අභූත හැසිරීම් රටාව වැඩවසම් ප්රාිදේශීය රදළ පාලනයේ කිළිටි පැතිකඩක් දක්වන නෂ්ඨාවශේෂයක් නොවිය නොහැකිද? මේ ප්රභභසනය මර්වින්ද සිල්වාගේ අධ්යපක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනියේ හරසුන් ටෙලි නාට්යොයක් සේ, දිගින් දිගටම නොනැවතී ගලා යාමේ රහස වතුරට වඩා රුහිරය ඝනකම්ය කියන ඉංගිරිසි කියමන (blood is thicker than water) මඟින් පහදා දෙනු නොලබන්නේද?
    මගේ මාක්ස්වාදී මිත්රdයන් නම් මේවා ‘ඕපාදූප’ කියා බැහැර කරණු ඇත. එහෙත් මාක්ස්වාදයට විෂය නොවන බොහෝ දේ අපේ වැඩවසම් දේශපාලනයේ තීරණාත්මක සාධක වන්නේය.

    ReplyDelete
  7. pathum has some point there...!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා