ජයග්‍රහණය තිරසාර සාමයක් බව‍ට පත් කර ගැනීමට නම් ලංකාවේ රජය වහා අධිකරණය ප්‍රතිසංස්කරණය කළ යුතුයි - ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම

Created by me == Licensing == :en:sv:Bild:Supr...
(2009 ජුලි 02) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා ලබා ගත් ජයග්‍රහණය තිරසාර සාමයක් බව‍ට පත් කර ගැනීමට නම් ලංකාවේ රජය වහා අධිකරණය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම (International Crisis Group) නම් ලොව පිළිගත් බුද්ධිමය සංවිධානය පවසයි.


ජනවාර්ගිකත්වය නොසලකා සියලු දෙනාට සාධාරණත්වය ලබා දීමෙහි ලා ලංකාවේ අධිකරණය අසමත් බව එම සංවිධානයේ නවතම ප්‍රතිපත්ති වාර්තාවක් පෙන්වා දෙයි. කල් පවත්නා ජාතික සංහිඳියාවක් ඇති කර ගත හැක්කේ මානව හා ව්‍යවස්ථාමය හිමිකම් පූර්ණව ප්‍රතිෂ්ඨාපනය කළහොත් පමණක් බව එම වාර්තාව කියයි.


අධිකරණය ජනාධිපති හා ව්‍යවස්ථාදායකයේ බලතල පරීක්ෂාවට ලක් කරන ව්‍යූහයක් ලෙස කටයුතු කරනවා වෙනුවට දෙමළ ජනයා දේශපාලනිකව දුරස්ථ කිරීමට කටයුතු කර ඇති බව කණ්ඩායමේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. හිටපු අග්‍ර විනිශ්චයකාරවරයා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් සිංහල ජාතිකවාදී බලවේග අතර අන්තවාදීන් ශක්තිමත් වූ බව හේ පවසයි.


අර්බුද සමනය කරනවා වෙනුවට අධිකරණය නීතියේ පාලනය බිඳ දමා වාර්ගික ආතති උත්සන්න කළ බවද, සමාජය මිලිටරීකරණය වීම වැළැක්වීමට හෝ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් රැක දීමට හෝ කටයුතු නොකළ බවද, දේශපාලනීකරණය වූ විනිසුරු මඬුලු විසින් හිතවතුන් ආරක්ෂක වළල්ලක් ලෙස යොදා ගනු ලැබූ බවද, සතුරන්ට දඬුවම් කර, දෙමළ සුළුතරය සමග සම්මුතීනට එළඹීම බාධා කළ බවද, වැදගත් දේශපාලන ප්‍රශ්නවලට නිරන්තරයෙන් අත පොවමින් වාර්ගික ප්‍රශ්නයේදී සමථයකට එළඹීමේ ඉඩකඩ සීමා කළ බවද වාර්තාව පවසයි.


රජයේ අත්තනෝමතික ප්‍රඩණ්ඩත්වයන්හිදී කිසිදු ඉහළ හෝ පහළ හෝ උසාවියක් පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ සහතිකයක් හෝ සහනයක් ලබා නොදෙන බවද, පොලිස් අත්අඩංගුවේදී හිංසනය සුලබමුත් නීති විරෝධී හෝ නින්දා සහගත රඳවාගැනීම්වලදී ප්‍රමාණවත් සහන සැලසීමට අධිකරණය අකැමැති බවද තවත් කාරණා රැසක්ද මෙම වාර්තාවේ අඩංගු වේ. 


අලුත් අගවිනිසුරුවරයකු පත් කිරීම ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට අවස්ථාවක් බව පෙන්වා දෙන ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ වාර්තාව අධිකරණයේ ස්වාධීනත්වය නැවත පිහිටුවීමේ මූලික පියවර පිළිවෙලක් සහිතව විනිසුරන් පත් කිරීම හා මාරුකිරීම බව පෙන්වා දෙයි. දෙමළ ජනයා‍ට එරෙහිව අසමානුපාතිකව යොදාගෙන තිබෙන දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා වන දූෂිත හදිසි නීතිය සංශෝධනය කිරීමද මූලික අවශ්‍යතාවක් බව එය පෙන්වා දෙයි.


දේශපාලකයන්, විශේෂයෙන්ම ජනාධිපති, අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමේ හානිය වටහා ගන්නා තෙක් නීති ප්‍රතිසංස්කරණ හෝ ආයතන ගොඩනැඟීමි විසින් එතරම් ප්‍රතිඵලයක් ඇති නොකරන බවද, විනිසුරන්ගේ හා නීතිඥයන්ගේ ඒකාබද්ධ උත්සාහයකින් තොරව අධිකරණයට අත පෙවීමේ දේශපාලන මිළ අවම මට්ටමක පවතිනු ඇති බවද ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය ස්‍සභාපති ඩොනල්ඩ් ස්ටෙයින්බර්ග් පවසයි.




Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා