අලුත් සබරගමු ආණ්ඩුකාර: ගොදුර හා වාසනාවන්තයා

(ජුලි 06, 2009) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියකු වන ප්‍රියන්ත ජානක බංඩාර සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. හිටපු ආණ්ඩුකාර මොහාන් සාලිය එල්ලාවල මහතා‍ හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් සබරගමු ආණ්ඩුකාර තනතුර පුරප්පාඩු විය.

2005දී ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කරමින් සිටියදී මාරක රිය අනතුරකට සම්බන්ධ වූ ජ්‍යේෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂම විසින් ඔහුගේ වැඩ තහනම් කරන ලදී. එවකට නීති සංගමයේ සභාපති ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මෙය විවේචනය කරමින් පැවසුවේ එය එවකට අග විනිසුරු සරත් නන්ද සිල්වා අධිකරණ සේවා කොමිෂමේ සෙසු සාමාජිකයන්ගේ උපදෙස් ලබාගැනීමෙන් තොරව ඒක පාර්ශවිකව කරන ලද අසාධාරණ ක්‍රියාවක් බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු ජානක බංඩාර මහා භාරකාරවරයා ලෙස පත් කරන ලදී. 2008දී මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සේවකයකුගේ මානව හිමිකම් පෙත්සමක් විභාග කරන අතරතුර අග විනිසුරු සරත් නන්ද සිල්වා කරන ලද හානිදායක ප්‍රකාශයක් හේතුවෙන් ජානක බංඩාරට තනතුරින් ඉල්ලා අස් වීමට සිදු විය.

පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කරන ලදී.

ජානක බංඩාරගේ පියා 1987-89 ජවිපෙ කැරැල්ල සමයේ කැරැලිකරුවන් අතින් යයි විශ්වාස කෙරෙන අන්දමින් ඝාතනයට ලක් වූ අයෙකි. ඔහු කැරැල්ල මර්දනය කිරීමෙන් අනතුරුව වත්මන් පරිසර ඇමති චම්පික රණවකගේ මූලිකත්වයෙන් බිහි කරනු ලැබූ ජනතා මිතුරෝ සංවිධානයේ ප්‍රමුඛයෙක් ලෙස කටයුතු කළේය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා