බස බේරා ගැනීම ගැන සාකච්ඡාව පිළිබඳ 'දිවයින' වාර්තාවේත් බස් දොස්

(2009 ජුලි 13) ඉතා භයානක ලෙස සිංහල භාෂාව විනාශ වී ගෙන යන අන්දම දැක කම්පනයට පත් බව කියන භාෂා ප්‍රේමී විද්වත් කීපදෙනෙක්‌ බස බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම පිණිස මූලික සාකච්ඡාවක්‌ හෙට පෙරවරුවේ කොළඹ කොල්ලුපිටියේ රන්මුතු හෝටලයෙහි පැවැත්වෙනු ඇත.






පණ්‌ඩිත සිරි තිලකසිරි හා ඩී. එෆ්. කාරියකරවන විසින් කැඳවා තිබෙන මෙම සාකච්ඡාවට මහාචාර්ය විමල් බලගල්ල, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන, ග්‍රන්ථ කර්තෘ හරිශ්චන්ද්‍ර විඡේතුංග, ප්‍රවීණ ලේඛක කරු අමරසිංහ ප්‍රමුඛ කීපදෙනෙක්‌ම සාකච්ඡාවට සහභාගි වෙති. සිරි රණසිංහ, මහින්ද අබේසුන්දර, කරුණාදාස සූරියආරච්චි, සුන්දර නිහතමානි ද මැල්, ජටිල වැල්ලබඩ හා තිලකරත්න කුරුවිට බණ්‌ඩාර යන සිංහල පුවත්පත් කතුවරුන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇත. 


එය ඉතා හොඳ පියවරකි. මන්ද වැඩිපුරම බව කන්නේ මොවුහුය. නිදසුනක් ලෙස මෙම සාකච්ඡාව පිළිබඳ 'දිවයින' පුවත්පතේ පළ වූ වාර්තාවේ පවා භාෂා දෝෂ ඇත. එහි සාකච්ඡාව පැවැත්වෙන දිනය ලෙස සඳහන් වන්නේ '14 වැනි අඟහරුවාදායි'. මෙය ජුලි 14වෙනිදා, අඟහරුවාදා ලෙස නිවැරදි විය යුතු බව අපේ අදහසයි.

 




Reblog this post [with Zemanta]

Comments

  1. පත්තර සිංහල ගැන නම් කියල වැඩක් නෑ.
    ලඟදි දවසක ඉංගිරිසි උගන්නන අළුත් කලේසි ක්‍රමයක් ගැන දිවයිනේ ලිපියක් තිබුනා, ඇමරිකාවෙ ඉඳල ආපු කෙනෙක් එක්ක කතා කරල ලියපු. ඒකෙ සිංහල වැරදියි.
    ඉස්සෙල්ල සිංහල ඉඝෙන ගත්තොත් හොඳයි නේද කියලයි හිතුණෙ ලිපිය කියවපුවහම.

    kathandara.blogspot.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා