පොලු තියා රටින් පැන්න මේ වංචාකරයෝ කොහිද? පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය කෝ?

(2009 ජුලි 10) ඉහළ වාසි සොයන මුදල් තැන්පත්කරුවන් රවටා රුපියල් කෝටි ගණනින් වංචා කර රටින් පළා ගිය මහා පරිමාණ වංචාකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරන බවට පොලිසිය කියා තිබෙන මුත් වසර ගණනකට පසුවත් ඔවුහු නිරුපද්‍රිතව රටින් පිට සැඟවී සිටිති.


මෙම වංචනිකයන් අතරින් ප්‍රමුඛයකු වන්නේ 2002දී රටින් පැනගෙන දැන් බ්‍රිතාන්‍යයේ වෙසෙන බව කියන  ප්‍රමුඛ බැංකුවේ සභාපති වූ රොහාන් පෙරේරායි. (ඡායාරූපය බලන්න) 2002 දෙසැම්බර් 19දා මුල්‍ය මණ්ඩලය විසින් ප්‍රමුඛ බැංකුවේ බලපත්‍රය අතහිටුවන ලදී. නමුත් ඊට පෙර 2002 ජුනි 28 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයකින් ප්‍රමුඛ බැංකුව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අරමුදල් තැන්පත් කිරීම සඳහා යෝග්‍ය බවට තෝරාගන්නා ලද බැංකු අතරින් එකක් ලෙස නම් කරන ලදී. මෙම බැංකුවේ මුදල් තැන්පත් කළ ඉහළ රජයේ නිලධාරීන් බැංකුවෙන් සන්තෝසම් ගත් බවට චෝදනාවක් එල්ල වී ඇත.


දැනට රිමාන්ඩ් භාරයේ සිටින මහා ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ බිරිඳ හා තැන්පතුකරුවන්ගේ මුදල් රුපියල් බිලියන ගණනක් වංචා කළ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල නමැති වංචාකාර ස්ත්‍රිය සිංගප්පූරුවේ නිරුපද්‍රිතව සිටින බවද වාර්තා වේ.


තවත් එවැනි වංචාකරුවකු වන සක්විති රණසිංහ රුපියල් කෝටි ගණනක් පොලු තියා රටින් පැන්නේය. ලොකු ටෝක් කෙසේ වෙතත් මේ කිසිවකුගේ වලිගෙවත් අල්ලා ගැනීමට ලංකාවේ පොලිසිය හෝ ජාත්‍යන්තර පොලිසිය සමත් වී නැති බව සංවේගයෙන් දැනුම් දෙමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා