බස කන දිවයින

(ජුලි 22, 2009 - W3Lanka)  දිවයින පුවත්පත වෙළඳපොළේ පෙනී සිටින්නේ සිංහල ජාතියේ මුරදේවතාවක සේ ය. 


ජාතියේ පදනම භාෂාවයි. එබැවින්, ජාතියේ මුරදේවතාවෝ අනිවාර්යයෙන් ම භාෂාවේ ද මුරදේවතාවෝ විය යුතු ය.


අපි ඇතැම් ඊනියා භාෂාප්‍රේමීන් සේ ජනතාවට දුරවබෝධ වියරණයක් මත පදනම්ව බස රැක ගත යුතු ය යන ස්ථාවරයක පිහිටා කටයුතු කරන පිරිසක් නොවෙමු. 


'වහරනු සෙරෙන් සපයා' යනුවෙන් සිදත් සඟරාවේ කී ලෙස ව්‍යවහාරයට ව්‍යාකරණය සැකසීමට අයිතියක් ඇතැයි අපි සිතන්නෙමු. 


එහෙත්, අමු අමුවේ බස නැසීම ඉවසා සිටිය හැකි කාරණයක් නොවේ. දිවයින මුදලාලිලාගේ මුරදේවතා භූමිකාව පසුපස වෙළඳ අරමුණු තිබිය හැකි මුත්, එම රාමුව තුළ හිඳිමින් හෝ සදාචාර සම්පන්නව කටයුතු කිරීමේ වගකීමක් මාධ්‍යවේදීන්ට තිබේ. 

"අලි මරලා මිනිස්සු ද?

මිනිස්සු මරලා අලි ද?"

මේ පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ 16වන පිටුවේ පළ වූ ලිපියක අපභ්‍රංස සිරස්තලයයි.


ගමේ ගොඩේ මෙවැනි වැඩවලට කියන්නේ අලි පාං කන වැඩ කියායි. 


වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමි ද ඒ අමාරුව?

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න