'ඍජු' ස්රුජු කියා ශබ්ද කරන උතුරුමැද පළාත් අධ්‍යාපන ලොක්කන්ගේ 'බාසා වෙලුකම්'

(2009 ජුලි 30 - W3Lanka) මේ දිනවල රටේ අවධානයට ලක් වී තිබෙන පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳව කතිකාවට සහභාගි වෙමින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

මඟින් 2009 මධ්‍ය වාර පරීක්‍ෂණය සඳහා නවවන‍ ශ්‍රේණිය සදහා ලබා දුන් ප්‍රශ්න පත්‍ර නිදසුන් ලෙස ගන්නා එප්පාවල රත්න බී. ඒකනායක පවසන්නේ එම ප්‍රශ්න පත්‍රවල භාෂාමය වැරදි පමණක් 48ක් ඇති බවයි.


ප්‍රශ්න පත්‍රයේ පටන් ගත් තැනම අංක II වගන්තියේ "පිලිතුරෙන් - හා සැසදෙන" යන වචන දෙකම වැරදිය. ඒ වචන පිළිතුරෙන් හා සැසඳෙන ලෙස නිවැරදි විය

යුතුය. එහි IIIවගන්තියේ "පිලිතුරු- භාර දෙන්න" යන වචන දෙකත් වැරදිය. ඒ වචන පිළිතුරු - බාරදෙන්න ලෙස නිවැරදි විය යුතුය. අංක 01 ප්‍රශ්නයේ වාන

ප්‍රන්ත - සන්න යාසි යන වචන දෙකම වැරදිය. එය වියයුත්තේ වානප්‍රස්‌ථ - සන්‍යාසි යනුවෙනි.

අංක 06 ප්‍රශ්නයේ "බමුනා" යන වචනය වැරදිය. එය නිවැරදි විය යුත්තේ "බමුණා" යනුවෙනි. අංක 07 ප්‍රශ්නයේ II කොටසේ "කලනොහැකි" වචනය වැරදිය.

එය "නොකළහැකි" යනුවෙන් නිවැරදි විය යුතුය. අංක 08 ප්‍රශ්නයේ "ආනිසංස" වචනය වැරදිය. එය "ආනිශංස" යනුවෙන් නිවැරදි විය යුතුය. 11 වැනි ප්‍රශ්නයේ

"මුලාවී" වචනය වැරදිය. එය මුළාවී යනුවෙන් නිවැරදි විය යුතුය. 13 වෙනි ප්‍රශ්නයේ "පිලිගැනීම" වචනය වැරදිය. එය පිළිගැනීම යනුවෙන් නිවැරදි විය යුතුය.

උතුරු මැද පළාතේ කලක් ගුරුවරයකු ලෙස සේවය කළ අයකු වන මා දන්නා පරිදි මෙම පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේත්, ගුරු උපදේශක සේවයේත්,

විදුහල්පති සේවයේත් යෙදී සිටින පුද්ගලයන්ගෙන් 75%කට වඩා දේශපාලන පත්වීම් ලැබූ නුසුදුස්සෝ වෙති. විශේෂයෙන්ම 1994න් මෙපිට ශ්‍රී ලංකා නිදහස්

පක්ෂ නායකත්වයෙන් යුත් රජයන් යටතේ මෙම ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රය දිගින් දිගටම දේශපාලනීකරණය වූ බව අපි නිරීක්ෂණය කළෙමු. විශේෂයෙන්ම,

උතුරුමැද පළාත් ප්‍රධාන ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක හා ප්‍රදේශය නියෝජනය කරන සෙසු ඇමතිවරු මෙම තත්වයට වගකිව යුතුය. අද වන විට අධ්‍යාපන

අධ්‍යක්ෂවරුන් සියලු දෙනාම පාහේ මෙම දේශපාලනඥයන්ගේ හෙංචයියෝ වෙති.

ඉගැන්වීමට වඩා පෞද්ගලික ව්‍යාපාරවලට මුල් තැන දුන් අප දැන සිටි එක් අලස පුහුණු ගුරුවරයෙක් දැන් කලාප අධ්‍යක්ෂවරයෙකි. මොහු ගණිතය ඉගැන්වූ

කාලයේ 'ඍජු කෝණය' ශබ්ද කළේ ස්රුජු කෝණය කියා ය. දේශපාලකයන්‍ට කඩේ යාම හැර වෙනත් කාර්යයක් නොදන්නා, මූලික භාෂා කුසලතා පවා

නොමැති මෙම පුද්ගලයන්ගෙන් ඉහත කී ආකාරයේ වැරදි සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නොවේ.



Comments

  1. අනේ අපේ අධ්‍යාපනේට මොකද උනේ . . . ! ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙලා කියල හිතෙනවා . . . අපරාදේ . . . !

    ReplyDelete
  2. අපේ තාත්තට (ගුරුවරයෙක්) දවසක් මල පැනල අධ්‍යාපන අධ්‍යක්ෂගෙ මූණට "ඔය පුටුවට තමුසෙට වඩා මමත් සුදුසුයි" කියල අම්මට මාරු වීමක් හම්බ උනා 60km විතර ඈත ඉස්කෝලෙකට. අම්ම තාත්තට බැන බැන අවුරුදු 2ක් ගියා එහෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා