Posts

Showing posts with the label අධ්‍යාපන අමාත්‍යංශය

අධ්‍යාපන ඇමති බඩුත් එක්ක ම මාට්ටු

(2011 මැයි 06,   W3Lanka )  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලනය යනු අවුල් ජාලයකි. සුදුසුකම් රහිතව දේශපාලන අනුග්‍රහය මත වැඩ බලන නිලධාරීන්ගෙන් හා ඊනියා දේශපාලන පළි ගැනීම් මුවාවෙන් පරිපාලන නිලධාරි පත්වීම් ලද නිලධාරීන්ගෙන් සමන්විත එය රටේ අධ්‍යාපනයේ පරිහාණියට ප්‍රධාන හේතුවකි.  අධ්‍යාපන කාර්යාල බොහොමයක අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වන්නේ නැත. බොහෝ කාර්යාලවල ඔවුන්ට හරි හමන් පුටුවක්, මේසයක් හෝ රාජකාරි සඳහා ගුරුවරුන් හමු වීමේ පහසුකම් නැත.  ඒ අතර ම අධ්‍යාපන පරිපාලන සේවයේ පහළ ශ්‍රේණිවල පුරප්පාඩු රැසක් ඇති බව ද කියැවේ.  අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා අයදුම්පත් කැඳවන ලදී. විභාග ගාස්තුව රු. 1000කි. ගුරුවරුන් 50,000කට වඩා මෙම විභාගයට අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එවිට විභාගය හොඳ ආදායම් මාර්ගයක් වේ. එහෙත්, අධ්‍යාපන අමාත්‍යංශය මෙම විභාගය පවත්වන්නේ හුදෙක් ආදායම් මාර්ගයක් ලෙස පමණක්දැයි සැක සිතෙන තත්වයක් මතු වී තිබේ.  අධ්‍යාපන පරිපාලන සේවයේ තෙවැනි ශ්‍රේණියේ තනතුරුවල වැඩබලන නිලධාරීන...

රු. 3000 පඩියට වැඩ කරන රජයේ සේවක පිරිසක් වීදි බසිති

Image
(2009 දෙසැම්බර් 04 - W3Lanka ) රු. 3000ක මාසික දීමනාවකට රජයේ පාසල්වල සේවය කරන දහස් ගණනක් ගුරු සහායකයෝ ජීවත් විමට ප්‍රමාණවත් දීමනාවක් ඉල්ලා ජනාධිපතිට සංදේශයක් භාර දීමට ඊයේ විහාර මහා දේවි උද්‍යානයේ සිට අරලියගහ මන්දිරය දක්වා පෙළපාලියකින් ගියහ. කොල්ලුපිටිය පොලිසිය මෙම ගුරු සහායකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.  දැනට ගුරු විද්‍යාලවල හා දුරස්ථව ගුරු පුහුණුව ලබන මෙම පිරිස එයින් අනතුරුව ස්ථිර කරන බවට රජය පොරොන්දු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. උතුරුමැද හා වයඹ වැනි පළාත්වල දුෂ්කර පාසල්වල ස්වේච්ඡාවෙන් ගුරු සේවයේ යෙදීමෙන් අනතුරුව ඔවුන් විසින් කරන ලද මාරාන්තික උපවාස ආදී උද්ඝෝෂණවලින් අනතුරුව ඔවුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගන්නා ලදී.  නැගෙනහිර පළාතේ මෙවැනි ගුරු සහායකයින් ගුරු සේවයට බඳවාගෙන ඇති බව ද ඒ අනුව කටයුතු කරමින් මෙම පිරිස ද ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ද, එතෙක් ඔවුන්ට රු. 10,000ක දීමනාවක් ලබා දෙන ලෙස ද, මෙවැනි ගැටළු මතු නො වන සේ සියලු බඳවාගැනීම්වලදී ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව කුටයුතු කරන ලෙස ද ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ගුරුවරු ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයේ

Image
(2009 ඔක්තෝබර්  08 - W3Lanka ) ගුරුසේවයේ නියුතු දෙලක‍ෂ විසිපන්දාහකට බලපාන ගැටළු රැසක් කාලයක් තිස්සේ අධ්‍යාපන ඇමතිවරයා විසින් නොසලකා හැරීමට විරෝධය පලකරමින් ඊයේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගුරුවරුන් උද්ඝෝෂණයක සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වී සිටි අයුරුයි මේ. ලංකා ගුරුසේවා සංගමය විසින් සංවිධානය කළ මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට ගුරුවරු විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. 2009 අයවැයෙන් රුපියල් මිලියන 3000ක් වෙන්කර තිබියදී වසර 12ක් තිස්සේ පවතින ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා නොවිසදීම, ගුරු උසස්වීම් ලබා දීමට විධිමත් වැඩපිළිවෙලක් නොමැතිකම, උසස්වීම්වලට අදාල හිඟ වැටුප් චක්‍රලේඛ මගින් කපා දැමීම, දේපළ ණය හා ආපදා ණය කප්පාදුව සහ අත්හිටුවීම, ගුරු සහායක පත්වීම් ලද ස්වේච්චා ගුරුවරුන් 3-II ශ්‍රේණියට බඳවා නොගැනීම ඇතුළු ගැටළු රැසකට විසඳුම් ලබාගැනීම මෙම සත්‍යග්‍රහයේ අරමුණ බව එහිදී අදහස් දැක්වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

'ඍජු' ස්රුජු කියා ශබ්ද කරන උතුරුමැද පළාත් අධ්‍යාපන ලොක්කන්ගේ 'බාසා වෙලුකම්'

(2009 ජුලි 30 - W3Lanka) මේ දිනවල රටේ අවධානයට ලක් වී තිබෙන පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳව කතිකාවට සහභාගි වෙමින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් 2009 මධ්‍ය වාර පරීක්‍ෂණය සඳහා නවවන‍ ශ්‍රේණිය සදහා ලබා දුන් ප්‍රශ්න පත්‍ර නිදසුන් ලෙස ගන්නා එප්පාවල රත්න බී. ඒකනායක පවසන්නේ එම ප්‍රශ්න පත්‍රවල භාෂාමය වැරදි පමණක් 48ක් ඇති බවයි. ප්‍රශ්න පත්‍රයේ පටන් ගත් තැනම අංක II වගන්තියේ "පිලිතුරෙන් - හා සැසදෙන" යන වචන දෙකම වැරදිය. ඒ වචන පිළිතුරෙන් හා සැසඳෙන ලෙස නිවැරදි විය යුතුය. එහි IIIවගන්තියේ "පිලිතුරු- භාර දෙන්න" යන වචන දෙකත් වැරදිය. ඒ වචන පිළිතුරු - බාරදෙන්න ලෙස නිවැරදි විය යුතුය. අංක 01 ප්‍රශ්නයේ වාන ප්‍රන්ත - සන්න යාසි යන වචන දෙකම වැරදිය. එය වියයුත්තේ වානප්‍රස්‌ථ - සන්‍යාසි යනුවෙනි. අංක 06 ප්‍රශ්නයේ "බමුනා" යන වචනය වැරදිය. එය නිවැරදි විය යුත්තේ "බමුණා" යනුවෙනි. අංක 07 ප්‍රශ්නයේ II කොටසේ "කලනොහැකි" වචනය වැරදිය. එය "නොකළහැකි" යනුවෙන් නිවැරදි විය යුතුය. අංක 08 ප්‍රශ්නයේ "ආනිසංස" වචනය වැරදිය....

ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නය ගැන ප්‍රශ්න පත්‍රයක්

Image
(2009 ජුලි 24, W3Lanka) ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හෙළි කළ වසර මැද වාර විභාග ප්‍රශ්න පත්තර සෙල්ලම් කීපයක් මෙසේ ය.  උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 09 ශ්‍රේණිය සඳහා සිසු දරුවන්ට ලබා දුන් බුද්ධ ධර්මය 1 ප්‍රශ්න පත්‍රයේ 16 වැනි ප්‍රශ්නය: "මෘත ශරීර ස්‌වභාවය, යහපත් දේශනා විලාසය, නිවන් අවබෝධය යන කරුණු අනුව බුදුන් වහන්සේ හඳුන්වන විශේෂ නාම වන්නේ...? (පිළිතුරු හතරක්‌ දී ඇත) 'මෘත' යනු 'මනා' නම් වචනය වැරදි ලෙස මුද්‍රණය කිරීමකි. එම ප්‍රශ්න පත්‍රයේ 23 වැනි ප්‍රශ්නය: "ශ්‍රී ලංකාවේ මුලින්ම "දේපිඨක ධර්මය ග්‍රන්ථාරූඪ කළේ කොහේද." "දේපිඨක" යන්න  "ත්‍රිපිටකය" ලෙස නිවැරදි විය යුතුය. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අටවැනි ශ්‍රේණිය සඳහා දුන් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ 26 වැනි ප්‍රශ්නය: "ගන්න හිතන දෙනු නොහිතන - ටිකක්‌ දීලා හු ක් ගන්න" මෙහි 'හු ක්' යන්න 'හුඟක්' ලෙස නිවැරදි විය යුතු ය. හු ක් ගන්න යනු පාර්ලිමේන්තුවේ සඳහන් කළ නොහැකි අසභ්‍ය වදනක් බව අනුර කුමාර...

රජයේ පාසල්වලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වන්නේ ඇයි?

Image
(2009 ජුලි 20) 1994 වසරේ 254,000ක් පමණ වූ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට අතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව 2008 වන විට 222,000ක් පමණ දක්වා පහත බැස ඇති බවද, ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පවසන්නේ කුඩා පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබීමට හේතුව රජයේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති බවයි. නිදසුනක් ලෙස පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගුරුවරුන් සේවයට යෙදවීම කුඩා පාසල්වල සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය පැහැර ගන්නා බව පවසන ජෝසප් කියන්නේ ඒ වෙනුවට පාසලේ පංති සංඛ්‍යාව අනුව ගුරුවරුන් ප්‍රමාණය තීරණය කළ යුතු බවයි.  2007දී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂම විසින් නිර්දේශ කරන ලද ආකාරයට ජාතික පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පංති ඉවත් කළ යුතු අතර, කුඩා පාසල්වලට පහසුකම් හා ගුරුවරුන් ලබා දී ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවිය යුතුය.  එහෙත් ජාතික පාසල්වල ව්‍යූහයේ වෙනසක් සිදු කිරීම පහසු නැති බව විදුහල්පතිවරු පෙන්ව...