ගුරුවරු ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයේ


(2009 ඔක්තෝබර්  08 - W3Lanka) ගුරුසේවයේ නියුතු දෙලක‍ෂ විසිපන්දාහකට බලපාන ගැටළු රැසක් කාලයක් තිස්සේ අධ්‍යාපන ඇමතිවරයා විසින් නොසලකා හැරීමට විරෝධය පලකරමින් ඊයේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගුරුවරුන් උද්ඝෝෂණයක සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වී සිටි අයුරුයි මේ. ලංකා ගුරුසේවා සංගමය විසින් සංවිධානය කළ මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට ගුරුවරු විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

2009 අයවැයෙන් රුපියල් මිලියන 3000ක් වෙන්කර තිබියදී වසර 12ක් තිස්සේ පවතින ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා නොවිසදීම, ගුරු උසස්වීම් ලබා දීමට විධිමත් වැඩපිළිවෙලක් නොමැතිකම, උසස්වීම්වලට අදාල හිඟ වැටුප් චක්‍රලේඛ මගින් කපා දැමීම, දේපළ ණය හා ආපදා ණය කප්පාදුව සහ අත්හිටුවීම, ගුරු සහායක පත්වීම් ලද ස්වේච්චා ගුරුවරුන් 3-II ශ්‍රේණියට බඳවා නොගැනීම ඇතුළු ගැටළු රැසකට විසඳුම් ලබාගැනීම මෙම සත්‍යග්‍රහයේ අරමුණ බව එහිදී අදහස් දැක්වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න