ලංකා ඊ නිව්ස් නිදහස්; පොලිසියට එරෙහිව නඩු නෑ


(2009 ඔක්තෝබර්  13 - W3Lanka) වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත පැහැරගෙන යාම පිළිබඳව දැන ගන්නට ලැබුණු තොරතුරක් අදාල බලධාරීන්ට දැනුම් දීම හේතුවෙන් නඩු පවරන ලද ලද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර හා ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ ඊයේ අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.


ඔවුන්ට එරෙහිව නඟන ලද චෝදනාව වූයේ පෝද්දල ජයන්ත පැහැරගෙන යාම පිළිබඳ පොලිසියට තොරතුරු වසන් කිරීමයි.

කෙසේ වෙතත්, පවතින මර්දනකාරී වටපිටාව හේතුවෙන්, මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට එරෙහිව පොලිසිය විසින් කරනු ලැබු අසාධාරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සුදානමක් නොමැති බව දැනගන්නට ලැබේ. 

(ඡායාරූපයේ ඉන්නේ සඳරුවන් සේනාධීර හා පෝද්දල ජයන්තයි)

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election