රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත එක් දිනකට තුන්දහසකට අධික මහජන ඇමතුම්


(2009 ඔක්තෝබර්  09 - W3Lanka) රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත එක් දිනකට තුන්දහසකට අධික මහජන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. 


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යයංශය, ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය, නීති ආධාර කොමිසම ඇතුලු ජනජීවිතයට ඉතා සමීප රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, අධිකාරි, බැංකු ඇතුලු රාජ්‍ය ආයතන සියයකට අධික ගණනක තොරතුරු හා සේවා පිලිබඳව ජනතාවට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීමෙන් ‍දැනුවත් විය හැක.

සති අන්තය රජයේ නිවාඩු දින ඇතුළු වර්ෂයේ සෑම දිනකම උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා ලබා ගැනීමට ජනතාවට හැකිවේ.

සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තොරතුරු විමසීමට ජනතාවට හැකි අතර ජංගම හෝ ස්ථාවර ඕනෑම දුරකතනයකින් අංක 1919 අංකනය කිරීමෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමට හැකිවීමද විශේෂත්වයකි.

විදේශිකයින්ට මෙන්ම විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයින්ටද + 94114707070 යන දුරකතන අංක වලට ඇමතීමෙන්ද www. gic.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද තොරතුරු ලබා ගත හැක.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප