ජවිපෙ චේ සමරයි ද? මරයි ද?
(2009 ඔක්තෝබර් 08 - W3Lanka) ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය අද චේ සමරයි. ඒ වෙනුවෙන් දේශනයක් හා සංස්කෘතික ප්‍රසංගයක් අද සවස 3:00 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.
අද දවසේ පුහු අදේශපාලනික ක්‍රම විරෝධීන්ගේ ද ජනප්‍රිය සංකේතයක් බවට චේ පත් වී සිටියි. එහෙත් අප සිතන පරිදි සමාජවාදී තරුණ සංගමය එවැනි සංවිධානයක් නොවේ.
ලෝකයේ සිටි සියලු ජනප්‍රිය විප්ලවවාදීන් සඳහා සමරු දින ජවිපෙ කැලැන්ඩරයට දමා ගත් විට ඔහේ නිකම් ම අවුරුද්ද ගෙවා ගන්නටත් පුළුවන් මුත්, ජවිපෙ ක්‍රියාධරයන් අතරින් කොටසකට හෝ එතනින් එහාට යන්නට උවමනාව තිබේ යයි අපි සිතමු.
චේ යනු මානව හෘදය සාක්ෂියේ ප්‍රතිමූර්තියකි. පීඩිත ජනයා වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය චේගේ සටන්කාමය ඇවිළවූ ප්‍රධාන සාධකයයි. අද දවසේ ජවිපෙ හෘදය සාක්ෂිය පරීක්ෂා වන්නේ කියුබාවට අත නො තබනු කියා ගසන පෝස්ටර්වලට වඩා මේ දිවයිනේ ම පීඩිත දෙමළ කතා කරන මිනිසාගේ අරගලය විෂයෙහි ජවිපෙ ප්‍රතිචාරයෙනි.
කියුබාවෙන් සමු ගෙන ගියායින් පසු 1965දී සිය දරුවන්ට ලිපියක් ලියමින් චේ ලියා යැවූ මේ කරුණ ජවිපෙට ද අදාළ වේ.

සියල්ලට ම වඩා, ලෝකයේ කොතැනක හෝ යම් හෝ පුද්ගලයෙකුට එරෙහිව සිදු වන අයුක්තිය පිළිබඳ ගැඹුරින් සංවේදී වන්න උත්සාහ කරන්න. විප්ලවවාදියකුගේ සුන්දර ම ගුණය වන්නේ එයයි.(ඡායාරූපය: චේ දරුවන් සමග)

චේත් පව්, ජ.වි.පෙ ත් පව්,විරවංශට විතරක් "විටමින්"සමාජයක්.
ReplyDelete