ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය(Bpo) පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක්


(2009 ඔක්තෝබර්  27 - W3Lanka) ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) විසින් ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය(Bpo) පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක් ක්‍රියාවට නංවා ඇත.

මේ යටතේ තරුණ තරුණියන් පාසල් සිසු සිසුවියන් සහ ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙන්ම එම රැකියා සදහා යොමු වන ආකාරය පිළිබදව මෙම වැඩමුළු වලදී දැනුවත් කෙරේ.

 අනුරාධපුරය,බදුල්ල,ගාල්ල,හම්බන්තොට,මාතර,රත්නපුර,කුරුණැගල,මහනුවර ආදී දිස්ත්‍රික්ක වල ඉතා සාර්තක ලෙස මෙම වැඩමුළු පැවැත්වු බවත් ඒ සදහා සහභාගිවීමට තරුණ තරුණයන් සහ ශිෂ්‍ය ප්‍රජාව අතර දැඩි උනන්දුවක් පැවති බවත් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාකාරී සහයෝගයද මේ සදහා ලැබී තිබේ. www.futureisit.lk යන වෙබ් අඩවියෙන්  මේ පිළිබද වැඩි විස්තර ලබාගත හැක.

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election