සන්ධානය රූපවාහිනියට පොලු තියයි


(2009 ඔක්තෝබර්  22 - W3Lanka) මැතිවරණ සමයේදී ප්‍රවෘත්ති ප්‍රකාශයන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ප්‍රචාරයට යොදා ගන්නවාට අමතරව රජයට අයත් ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ රාජ්‍ය බලය පාවිච්චි කර ණයට දැන්වීම් පළ කර මුදල් නො ගෙවා පොලු තැබීමේ පුරුද්දක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇති බව හෙළිදරව් වී තිබේ. 


දැන්වීම් පළ කිරීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය 2005 ජනාධිපතිවරණයේදී හා 2006 පළාත් පාලන මැතිවරණයේදී පමණක් ජාතික රූපවාහිනියට රු. තුන් ‍කෝටි හතළිස් ලක්ෂයක් ද, ස්වාධීන රූපවාහිනියට රු. ලක්ෂ පනහක් ද ණය බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමති අනුර යාපා ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රී රණවීර පතිරණගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසීය. 

මේ අතර, ජාතික හෙළ උරුමය ද ජාතික රූපවාහිනියට රු.
493,000ක පොල්ලක් තබා ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා