'ඒ කට්ටිය' ලංකාවේ පළමු පුවත්පත් කලාවේදී ගැහැනිය මරන්නට සැලසුම් කරති?


(2009 ඔක්තෝබර්  26 - W3Lanka) රජය දැඩි ලෙස විවේචනයට ලක් කිරීම නිසා කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් හා ප්‍රවෘත්ති කර්තෘ මුන්සා මුෂ්ටාක් යන මහත්මීන් නමට රතු තීන්තෙන් ලියන ලද මරණ තර්ජන ලිපි දෙකක් එම පුවත්පතේ කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ. ඔක්තෝබර් 22දා ලැබුණු මෙම ලිපි තැපැල් කර ඇත්තේ ඊට පෙර දිනයේ බව එම පුවත්පත කියයි. 


ලිපි අඩංගු වූ සුදු පැහැති කවර දෙකේ ම ලිපිනයේ කටුකුරුන්දවත්ත පාර යන්න ලිවීමේදී 'කටුකුරුන්වත්ත පාර' ලෙස ද යන්න වෙනුවට ඩ යනුවෙන් ලියා ඇත. සාමාන්‍යයෙන් ජෑන්ස් යනුවෙන් ශබ්ද කරන කර්තෘවරියගේ නම ජාන්ස් යයි ලියා තිබීම ද තවත් විශේෂත්වයකි.



ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර ද මෙවැනි ලිපි ඔහුට ලැබී තිබිණි. 


පුවත්පත් කලාවේදිනියක් මරන්නට ලංකාවේ මෙවැනි ඝාතන කරන අය තව ම 'සමත්' වී නැත.

පසුගිය සැප්තැම්බරයේදී නාඳුනන පිරිසක් සන්ඩේ ලීඩර් පළ කරන ආයතනයේ ම ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදිනී ඩිලීෂා අබේසුන්දරගේ නිවසට බලහත්කාරයෙන් කඩාවදින්නට උත්සාහ කළ අතර, ජුනිමාසයේදී ඉනටර්නිව්ස් ආයතනයේ සේවය කරන ක්‍රිෂ්ණි ඉෆාම් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යන ලදුව දිනක් සිරකරගෙන සිටින ලදී. 

Comments

  1. අර ලෝකයේ මොකද්ද එකක්ට තියෙන ලෑස්තුවේ තව තව උඩට ගන්න හිතනවා ඇති මේ කට්ටිය.

    ReplyDelete
  2. ලිප ගිනි මොලවන තෙක් දිය සෑලියේ. සෑපයක්යයි කකුලුව දිය කෙලියේ.

    මින් ඉහත දීද මෙවෑන්නන් සිටියත්, උන් එකෙක්වත් ඉතිහාසයට එක් වූයේ වීරයන් වශයෙන් නොව සුනඛයන් වශයෙනි.

    ReplyDelete
  3. ape maharajatumata mewa ganak natnam apit mas katu lewakaka uda bala imu

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා