ජනරාල් සරත් ෆොන්සේකාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සුළු ජාතින්ගේ විරෝධය



(2009 ඔක්තෝබර්  21 - W3Lanka) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මීළඟ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් දරණ උත්සාහයෙන් සුළු ජාතික පක්ෂ කැළඹීමට පත්ව තිබේ. 

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දෙන්නේ නම් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රජාතනත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් අද එජාප නායකත්වයට දැනුම් දි ඇත.


දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීකාන්ත හමුදා නිලධාරීන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට මංගල සමරවීර මන්ත්‍රීවරයා උත්සාහ කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දැඩි සිංහලවාදියකු ලෙස ප්‍රසිද්ධ වී සිටීම ලංකාවේ 24%ක් වන දෙමළ හා මුස්ලිම් ජනතාව අසහනයට පත් කිරීමට හේතු වී තිබේ. 


2008 සැප්තැම්බර් 23දා කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ පහත සඳහන් පරිදි ය. "මා දැඩිව ම විශ්වාස කරන පරිදි මේ රට අයිති සිංහලයන්ටයි. සුළුතර ප්‍රජාවන් සිටින අතර අපි ඔවුන්ට අපේ මිනිසුන් ලෙස සලකමු. 75%ක බහුතරය වන අප යටත් නො වන අතර අපට මේ රට ආරක්ෂා කිරීමට අයිතියක් ඇත. අපි ශක්තිමත් ජාතියක් වෙමු. ඔවුන්ට අප සමග මේ රටේ ජීවත් විය හැකි ය. එහෙත්, සුළුතරයක් වන ඔවුහු නො මනා ඉල්ලීම් නො කළ යුතු ය." (I strongly believe that this country belongs to the Sinhalese but there are minority communities and we treat them like our people...We being the majority of the country, 75%, we will never give in and we have the right to protect this country...We are also a strong nation ... They can live in this country with us. But they must not try to, under the pretext of being a minority, demand undue thing.)

Comments

  1. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කතාව සියයට දෙසීයක් සත්‍ය කතාවක් ඕක තමයි ඇත්ත ඒක කවුරුත් වටහාගතයුතුයි. මමනම් මොන පක්ෂෙකින් එතුමා ජනාදිව්පතිවරනයකට ඉදිරිපත් උනත් කැමතියි. එහෙත් එ.ජා.ප සහ ජ්.වි.පෙ යන පක්ෂ වලින් ඉදිරිපත් වී එතුමාත් විහිලුවකට ලක්නොවේවා කියලා කියනවා හැරෙන්න වෙන මොකුත් නෑ

    ReplyDelete
  2. Sarath Fonseka is TRUE. Sulu jatheen asadarana illeem nokala yuthui. We support Sarath Fonseka.

    ReplyDelete
  3. prashnaye maulata yanna mahatwaruni.api hemaoma minissu.hemotama samana ayitin lebiya yutui.sinhalayage thanhawai athmartakamikamai tamai hemadama heneta hitiye.Mr.Fonseka kiyana widiyata eda demala minissunta tamange minissunta widiyata selakuwanan me prashne ne.sinhalayange boru manayayi,deshapalakayane bala lobayayi rata winasha kala.eda sulu jatinta samanawa selakuwanan ada mehema wenne ne.meka sinhala rata newe,api hemogema rata.amataka karanna epa sinhalayan demalunta karapu kenehilikam.(you shud read ''srilankan tigers'' and then speak)
    :pradee

    ReplyDelete
  4. යුද්ධ ජයග්‍රහනයට සාර්ථක හමුදා නායකත්වයක් වගේම දුරදක්නා දේශපාලන නායකත්වයක් අවශ්‍යමයි. තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. මහින්ද යුධ ජයග්‍රහනයේ තනි අයිතිකරු නොවනවා සේම සරත් පොන්සේකාටත් යුද්ධයේ තනි උරුමකරුවා විය නොහැකියි. යුද්ධය ජයගැනීම සඳහා මහින්ද සතුවූ දේශපාලන දැක්ම ඉතා විශාලයි. ඔහු ජනාධිපති නොවූවා නම් අදත් ප්‍රභාකරන් ජීවත් වෙනවා. සරත් පොන්සේකා හමුදාපති වූ පමණින් යුද්ධය දිනන්න බැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා