ජනාධිපතිවරණ දූෂණයට වසරයි
(2011 ජනවාරි 26, W3Lanka ) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවන වරට ජනාධිපතිවරණය ජය ගෙන අදට වසරකි. එසේ ම, ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දඩයමි කිරීම ආරම්භ වන්නේ ද වසරකට පෙර අද වැනි දිනෙකයි. එසේ ම, වසරකට පෙර අද වැනි දිනක් උදා වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී තිබියදී ය. වසරකට ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය බොහෝ දෙනෙක් සැක කළ හ. දිනුවත්, දිනුවේ ලක්ෂ 18ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ද යන්න රාජපක්ෂ පිලේ අයගේ පවා සැකයට භාජනය විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිල බලය හා රාජ්‍ය දේපල භාවිතා කරමින් කළ ප්‍රජාතන්ත්‍ර හා සදාචාර විරෝධී එකකි. එවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී පවා තරගය තියුණු මට්ටමක තිබිණි. ජනවාරි 26 වන දින පස්වරු 1.30ට පමණ රාජ්‍ය ජනමාධ්‍ය විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී නැති බැවින් ඔහු දිනුවත් ජනාධිපති ධුරයේ දිවුරුම් දිය නො හැකි බවට මතයක් ගොඩනැඟුවේ පැවති අවිනිශ්චිත තත්වය නිසා ය. ඡන්ද විමසීම අවසන් වන්නට ආසන්නව තිබියදී ප.ව. 3.30 සිට පසුදින ප.ව...