කළ ගුණ සලකමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්වාදයට ඡන්දය දෙමු!


(2010 ජනවාරි 26 -W3Lanka) ලංකාවේ හයවන ජනාධිපතිවරණය අද පැවැත්වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 11098කදී 1,40,88,500ක් ජනයා ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටිති. 

මෙය ඉතිහාසයේ දූෂිත ම ජනාධිපතිවරණයයි. ජනාධිපති මහින්ද‍ රාජපක්ෂගේ ප්‍රචාරණය සදහා සියලු රාජ්‍ය සම්පත් හිරිකිතයකින් භාවිතා කෙරුන අතර මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මේ මොහොතේත් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර ගසනු ලැබේ. 



ඊයේ රාත්‍රියේ අලුවන ලද පෝස්ටරයක පිංතූරයක් අද දිනම්ණ මුල පිටේ ඇත.. දේශපාලන සටන් පාඨ නැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තේමාව 'කළ ගුණ සලකනු' යන භාවාතිශය අදේශපාලනික ඉල්ලීමයි. යුද්ධයේ විශාල කාර්යභාරයක් කළ සරත් ෆොන්සේකාට 'කළ ගුණ නො සලකනු' යන අදහස ද එතුළ ගැබ් වේ. 


කළ ගුණ සැලකීම උතුම් දෙයකි. ඒ සඳහා නොයෙකුත් ක්‍රම තිබේ. රු. දාහේ නෝට්ටු මූණතේ මූණත්තහඩුව මුද්‍රණය කිර දුන් විට ඉවසා දරා ගැනීම එක් කළ ගුණ සැලකීමකි. පසුගිය කා‍ලයේ උදේ සිට රෑ වන තෙක් 'මහ රජාණනේ' ගිතය ඇසීම තවත් ආකාරයකි. 


කළ ගුණ සලකනවා ය කියා රටේ නීතිය උල්ලංඝනය කිරීමට හා මහජන දේපල සූරා කෑමට ඉඩ දීමත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්වාදය වැළඳ ගැනීමත් කරන්නේ නම් ඔබ කරන්නේ රටටත්, ජාතියටත්, අනාගත පරම්පරාවලටත් මහත් ද්‍රෝහිකමකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා