ෆොන්සේකාට පක්ෂව දේශපාලන රැල්ලක් තිබුණා - දිනමිණ කියයි


(2010 ජනවාරි 16 -W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂව දේශපාලන රැල්ලක් රටේ තිබුණු බව අද දිනමිණ පුවත්පතේ කතුවැකිය පවසයි. දිනමිණට අනුව මෙම රැල්ල තිබී ඇත්තේ ෆොන්සේකා ජනාධිපතිවරණයට නාම යෝජනා දුන් අලුත වන අතර දැන් එය අඩු වී තිබේ. ජනාධිපතිවරයාට පක්ෂව රැල්ලක් තිබෙන බවක් එහි සඳහන් වන්නේ නැත.


විශ්‍රාමික ෆොන්සේකා මහතාට දේශපාලන රැල්ලක් තිබුණු බව සමහරු කියති. ඔහු දේශපාලන කරලියට පැමිණි පළමු දින කිහිපය තුළ ඒ කතාවේ කිසියම් ඇත්තක් තිබිණි. දැන් එම රැල්ල මුළුමනින් ම හේබා ගොසිනි. නැඟෙන හැම රැල්ලක් ම වෙරළ අබියස දී බිඳී විසිරී යන්නා සේ ෆොන්සේකා රැල්ල ද විසිරී ගොසිනි.

දිනමිණ පුවත්පත මෙතෙක් ප්‍රචාරය කළ අන්දමට නම් එවැනි දේශපාලන රැල්ලක් රටේ තිබුණු බව පිළිගත නො හැකි අතර එවැනි රැල්ලක් තිබිය හැකි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. නිදසුනක් ලෙස දිනමිණ පුවත්පතේ දෙසැම්බර් 19දා පළ වූ මෙම පුවත අනුව එවැනි රැල්ලක් කිසි සේත් තිබිය නො හැකිය.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සියයට 62.2 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ පවසති.
පසුගිය මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් දිස්ත්‍රික් නවයක් පදනම් කර ගනිමින් මේ සමීක්ෂණය සිදු කැර ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති.
තෝරාගත් දිස්ත්‍රික් නවයෙන් නියැදි 6200 ක් යොදා ගනිමින් මේ සමීක්ෂණය සිදු කැර ඇති අතර එම පිරිසෙන් 3254 දෙනකු ස්ථිර වශයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කැර ඇතැයි ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කෙළේය.
තෝරාගත් නියැදියෙන් 1292 දෙදෙනකු පමණක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් කැර ඇති අතර ප්‍රතිශතයක් ලෙස
එය සියයට 24.8 (24.8 %) බවත් ඇමැති වරයා පැවසීය. සමීක්ෂණය පවත්වන අවස්ථාව වන විට සිය ඡන්දය ලබා දෙන්නේ කාටද යන්න තීරණය නොකළ පිරිස හයසිය පනස් හතරක් වන අතර ප්‍රතිශතයක් ලෙස 126 % ක් වන බවත් ඇමැතිවරයා කීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කෙළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ක්‍රියාවලිය යටතේ සමීක්ෂණ දෙකක් මේ වන විට සිදු කර ඇති බවයි.
සිදු කරන ලද ප්‍රථම සමීක්ෂණය අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉතා ඉහළ මට්ටමකින් තහවුරු වී ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා