ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මරණය නම් කළු වළාවේ රිදී රේඛාව


අජිත් පැරකුම් ජයසිංහ-  
2010 ජනාධිපතිවරණය පිළිබ පශ්චාත් විමසුම් පැවැත්වෙමින් තිබේ. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ද වේ. 


ජනවාරි 27දායින් උදා වී තිබෙන්නේ මැතිවරණ පිළිබඳ විශ්වාසය මුලූමනින් ම බිඳ වැටුණු යුගයකි. මේ මොහොතේ ජනතාව අභිමුව තිබෙන ප‍්‍රශ්නය වන්නේ විපක්ෂයේ සියල්ලන් ද මෙම තත්වය දරා ගන්නේ ද යන්නයි. එසේ නම් ජනතාවට සිදු වන්නේ කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලා දැමූ පොළොවෙන් ඉපැදෙනු ඇත්තේ ත‍්‍රස්තවාදයයි. එය මහත් අවාසනාවකි.  


ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙස විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලා ඇත. ලංකාවේ සිදු වන සිදුවීම් පිටුපස මිතුරු ස්වභාවයකින් පෙනී සිටින ඇතැම් රාජ්‍ය ඇති බව පෙනේ. පශ්චාත් යුද සමයේ ලංකාව දීප්තිමත් ප්‍රජාතන්ත‍්‍රවාදයක් හා ආර්ථීකයක් බවට පත් වනවාට අකැමැති රටවල් අප අසල ම සිටින බව නිසැක ය. ඔවුන් කැමති වන්නේ ලංකාව ලෝකය ම විසින් පිටු දකින ලද බුරුමයක් වනවාටයි. අභ්‍යන්තර අවුල් වියවුල්වලින් ගහණ සිය රාජ්‍ය අභිභවනය කර ලංකාව ඉදිරියට යාම වළක්වා ගැනීමට තිබෙන හොඳම උපායමාර්ගය එයයි.  


පශ්චාත් යුද සමයේ ප‍්‍රධාන ම අභියෝගය වන ජාතීන්ගේ ප‍්‍රශ්නය විසඳීම සඳහා ඉවහල් වන දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත්, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමටත්, ආර්ථීක සමෘද්ධිය අත්පත් කර ගැනීමටත් ඇති ජනතා අපේක්ෂා සුණු විසුණු වී ගොසිනි.  


එහෙත්, සෑම කලූ වළාවක ම රිදී රේඛාවක් ඇත්තා සේ මෙම අභාවාචක සිදුවීම පසුබීමේ ද එක් හෝ සුබවාදී ප‍්‍රාර්ථනාවක් තිබේ. මෙහිදී දක්නට ඇති එක ම සුබවාදී අපේක්ෂාව වනාහි අන් කිසිවක් නොව ගොඩනැඟිය හැකි විපක්ෂ සන්ධානයේ පුළුල්කම හා ප‍්‍රබලත්වයයි. 


ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීම සඳහා දායක වූ බොහෝ දෙනෙකුට ද මෙම සන්ධානය සමග එක් වීමට අද සිදු වී තිබේ. කෙසේ වෙතත්, එය වනාහි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වාමාංශිකයන්, පීඩිත ජාතීන්, කම්කරුවන්, ග‍්‍රාමීය නිර්ධනයන්, ශිෂ්‍යයන් ආදීන්ගෙන් සැදුම් ලත් පළල් පෙරමුණකි. 


එහි සමගිය හා අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම ද, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා වූ සන්ධානයක් ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම ද තෘණ මූල මට්ටම දක්වා ක‍්‍රියාකාරී සංවිධානයක් ලෙස විහිදුවීම ද අවශ්‍ය ය. සෑම ආකාරයක ම කොණ් කරන ලද හා පීඩිත ප‍්‍රජාවන්ගේ අපේක්ෂා නියෝජනය කරමින් නව යුගයක ප‍්‍රාර්ථනා හා සිහින පුබුදු කිරීමට මෙම සන්ධානය සමත් විය යුතු ය.  


ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරන්ගේ ද උකුසු ඇස යොමු වි තිබෙන්නේ මෙම සන්ධානය දෙසටයි. එහි නායකයන්ගේ චරිත ඝාතනය දැනටමත් ඇරඹී තිබේ. බීයපත් කිරීම්, තර්ජන, වරදාන. තනතුරු, මුදල්. ලාභාපේක්ෂා ආදිය හරහා මෙම සන්ධානයේ පුද්ගලයන් මිළ දී ගැනීම මෙහි මීළඟ අදියරයි. 


සාධනීය මැදිහත්වීම් සඳහා නායකත්වයක් නැතිකම ලංකාවේ සමාජයේ මුල් බැස ගත් ගැටලූවකි. දැන් අවශ්‍ය වන්නේ එවැනි නායකත්වයක් ගොඩනඟා ගැනීමයි. කවුරු වුණත් සරත් ෆොන්සේකා සටන්කාමී නායකයෙකි. අඩුම තරමේ ලක්ෂ 41ක් ලාංකිකයන්ගේ විශ්වාසය යම් මට්ටමකින් හෝ දිනා ගැනීමට ඔහු සමත් විය.

Comments

  1. දැනට ලාංකික සමාජය මුහුණ දෙන බරපතලම ගැටළුව මැතිවරණ වල විශ්වසනීයත්වයයි. මැතිවරණ කොමසාරිස් "බබා හුක=ම්" පාට් දමා අවශ්‍ය දේ කරගැනීමට ඉඩ සළසා දෙන ලදි.

    කෙසේ නමුත් අවසානයේදී විපක්ෂය මුහුණ දෙන බරපතලම ගැටළුව වන්නේ ඡන්දදායකයින් නැවත ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීමේ ගැටළුවයි. මේ අවස්ථාව වන විට බහුතරයක් (මාද ඇත=ළුව) ඡන්දය ප%කාශ කිරීම තේරැමක් නැති කාර්යයක් සේ සළකනු ලබයි. ජය පරාජය පොදු ධර්මතාවයක් වුවත් "පැරදවීම" එසේ නොවන බව පැහැදිලිය.

    ReplyDelete
  2. 58% of the people voted against your lies. That's what democracy is. You can go around spreading more lies and rumours, but it doesn't change the fact that you lost, and that the overwhelming majority of the Sinhalese rejected you. If you take away the Tamil/Muslim votes, only a very small percentage of Sinhalese have voted for your candidate.

    The leader of the opposition as well as the international community have accepted the result. Election monitors say that the minor incidents did not affect the outcome.

    You lost. Sri Lanka won.

    ReplyDelete
  3. @Bardo Flanks
    But manipulation does effect the outcome.

    ReplyDelete
  4. Bardo you like a frog in the well, you can see only narrow area as well as your thinking is narrow. come out from your well and open your mind to the world, you are enjoying for victory of MR, that's cheap thrill and will not last long. All the nation going forward march in the world, we are stagnating in the political bog , there is no room for reconciliation or constructive dialogue for national problem. Instead of positive approach for the national problem , politicians spreading racism again, God bless Sri Lanka

    ReplyDelete
  5. "කවුරු වුණත් සරත් ෆොන්සේකා සටන්කාමී නායකයෙකි."

    සටන්කාමී නායකත්වය නම් හරි. ඒ නිසානෙ හමුදාපති කළේ.

    සමහර අය හිතාගෙන ඉන්නවා ඡන්දෙ පැරදිලා ඉන්න මේ වෙලාවෙ, මහින්දට විරුද්ධව "සටන්" කරන්නත් සරත් මහත්තයා පටන් ගනීවි කියලා.

    (ආයුධ වලින් ගැටළුවක් වෙන්නෙත් නෑනෙ බෑණගෙ සමාගමකුත් තියෙනකොට.....)

    එහෙම වුණොත් ඔය රිදී රේඛාවට මොනව වෙයිද?

    "අඩුම තරමේ ලක්ෂ 41ක් ලාංකිකයන්ගේ විශ්වාසය යම් මට්ටමකින් හෝ දිනා ගැනීමට ඔහු සමත් විය."

    2005 වසරෙ රනිල් මහත්තයා ගත්තු ඡන්ද ලක්ෂ 47න් ලක්ෂ 6ක් විතර මේ පාර අඩු වුණේ ඇයිද දන්නෙ නැහැ නේද?

    ඒ අඩු වෙච්ච ඡන්ද ලක්ෂ 6ටත් වඩා වැඩියෙන් මහින්ද මහත්තයාට එකතු වෙලා තියෙන්නෙ ඔය සරත් මහත්තයා, ලාංකිකයන්ගේ විශ්වාසය යම් මට්ටමකින් හෝ දිනා ගැනීමට සමත් වූ නිසාද?

    ලංකාවෙ ජනතාව ජීවත් වෙන්නෙ පොළොවත් එක්ක ඔට්‍ටු වෙලා පොළොවෙ පය ගහලා........

    දැන්වත් සිහිනයෙන් මිදී පොළොවෙ පස් පෑගෙන්න අඩිය බිම ගහලා ඇවිදින්න බලන්න......

    ReplyDelete
  6. To Bulath

    ඒ කියන්නෙ ඔය පොළොවෙ ඉන්න ගමන් හොරකම් කළාට,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කැඩුවට, නීතිය උල්ලංඝනය කළාට, දුප්පතා තවත් දුප්පත් කළාට අත්තනෝමතිකව රට පාලනය කළාට කමක් නැතිව ඇති නේද?

    අනේ එහෙම නම් අපි අහසෙම ඉන්නම්, ඔයාල සැපෙන් සනීපෙන් ඉන්නකෝ.

    1977 ඉදන් 1994 වෙනකම් කට්ටියක් ඔය වගේ මහ පොළොවෙ හිටියා, එයාල අන්තිමේ මහ පොළොවටම පස් වුණා, බලමුකො.

    ReplyDelete
  7. Bardo Flanks-- If you take away the Tamil/Muslim votes, ....
    why do you want to take away the votes of the, are not they sri lankans too. their views does not matter. You are like MR. he also wanted tamils and muslims to be taken away.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා