සරසවි සිසුන් 140ක් ආගිය දිහාවක් නැහැ -අන්තරේ

(2010 ජනවාරි 22 -W3Lanka) යුද්ධයේ අවසන් සමයේදී පීඩාවට පත් සරසවි සිසුන් 140ක් පිළිබඳ තවමත් තොරතුරු නැති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න පවසයි. 


උතුරේ අවතැන් කඳවුරුවල සිටි විශ්වවිද්‍යාල සිසුන් 343ක් පසුගිය දිනවල නිදහස් කර ඇති බව ද ඔහු පවසයි. 


පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍යා රාසයියා ද්වාරකා පැහැර ගෙන ගොස් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් රහසිගත ස්ථානයක සඟවා තබා ගැනීමෙන් මාස ගණනකට පසු මෑත කාලයේදී ඇගේ මව්පියන් විසින් ඇය බූස්ස රැඳවුම් කඳවුරේදී මුණ ගැසී තිබේ. එම දෙමාපියන් ද පසුගිය කාලයේ අවතැන් කඳවුරුවල සිරගතව සිට ඇත.

Comments

  1. Ah good one Jeppo. Now a perfectly legal detention by the Terrorist Investigations Department is an "abduction". Good to see you using NGO parlance.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා