Posts

Showing posts from September, 2022

සමාජවාදය යනු රාජ්‍ය අයිතියද?

Image
  September 30, 2022   admin   Politics සී.ජේ. අමරතුංග සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වන විට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්‍රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසා ය.  කෙසේ වෙතත්, පොදු දේපළ ක්‍රමය ඇති කිරීමට රජය භාවිතා කළ හැකි බව කාල් මාක්ස් විශ්වාස කළ අතර එකල ප්‍රධාන සමාජවාදී ගුරු කුලයක් එයට විරුද්ධ වී ය. රජයට විරුද්ධව පෙනී සිටි එම පිරිස   හඳුන්වන ලද්දේ අරාජිකවදීන් වශයෙනි. ඔවුන්ගේ එක් විවේචනයක් මෙසේ ය. “ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත “ඔවුන් [මාක්ස්වාදීන්] පවසන්නේ ඒකාධිපතිත්වයකට (ඇත්ත වශයෙන් ඔවුන්ගේ ඒකාධිපතිත්වයට) ජනතාව කැමති දේ  නිර්මාණය කළ හැකි බව යි. මෙයට අපගේ පිළිතුර වන්නේ, කිසිම ආඥාදායකත්වයකට ස්වයං-ස්ථාවර වීම හැර වෙනත් අරමුණක් තිබිය නොහැකි බවයි. එයට කළ හැකි වන්නේ  එය ඉවසා සිටින මිනිසුන් වහල්භාවයට පත් කිරීම පමණකි. නිදහස නිර්මාණය කළ හැක්ක

රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක රට හදන්න පුළුවන්ද?

Image
  September 29, 2022   admin   Politics ලංකාවට මේ තත්වය ඇතිවෙන එක වළක්වන්නට ඉවහල් වන, ආණ්ඩුව දැන් කරන්නට යන ප්‍රතිසංස්කරණ මුලින්ම යෝජනා කළේ 2001-04 කාලෙ. ඒ කාලෙ ඒවා කරන්නට දරපු උත්සාහය වැළැක්වූයේ නැතිනම් පසුගිය අවුරුදු 20 තුළ අපි කොයි තරම් ඉදිරියට යන්නට තිබුණාද? විදුලි බල මණ්ඩලේ කෑලි කඩලා විකුණන්න හදනවාය කියලා ප්‍රතිව්‍යූහගත කිරීම වළක්වන්නට වර්ජන මෙහෙයෙව්වෙ කවුද? ජාතික සම්පත් විකුණනවාය කියලා ප්‍රබන්ධ නිර්මාණය කරමින් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වැළැක්වූයේ කවුද? 2004දි චන්ද්‍රිකා අල්ලගෙන ආණ්ඩු පෙරළලා, 2005දි අහක ඉඳපු රාජපක්ෂලාව රෙද්ද අස්සට දාගත්ත එවුන් කවුද? රටින් පිටවෙලා හිටපු බැසිල්ලා ගෝඨාභයලා ආපහු ලංකාවට ගෙන්වාගන්න පාර කැපුවෙ කවුද? උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරි තනතුරු උත්සවාකාරයෙන් පිරිනමමින් නවත්තලා තිබුණු රජයෙ රස්සා දීම නැවත පටන් අරගෙන ලක්ෂ හතක් වුණ රාජ්‍ය සේවය ලක්ෂ 14ක් කරන්නට මුලපිරුවෙ කවුද? ඒ තමයි ජවිපෙ හා ඒ කාලෙ ජවිපෙ එක්ක හිටපු පෙසප. කුමාර් ගුණරත්නම් ඒ කාලෙ ජවිපෙ ප්‍රධාන චරිතයක්. ඒ කාලෙ අනුර කුමාරගෙත් බොස්. රාජපක්ෂ ආණ්ඩුවට සහාය වුණ ජවිපෙ, පෙසප හා ඕමල්පෙ සෝභිත මන්ත්‍රී හාමුදුරුවො, ක

මේ මොහොත මොකක්ද? අපි කරන්නෙ මොකක්ද?

Image
  September 29, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මගේ නම් දේශපාලනය ඉතාම සරලයි. වම විසින් නිර්මාණය කළ හැකි අරාජිකත්වයකට වඩා තිබුණු සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-රාජ්‍ය මූලික ආර්ථික සමාජ ක්‍රමය පවා සාපේක්ෂව හොඳයි. ඒ නිසා තියෙන එක රැකගන්න තමයි මං වැඩ කරන්නෙ. ඒකට හේතුව, තියෙන ක්‍රමය කඩලා බිඳලා විනාශ කරදාන්න කට්ටිය හිටියට අලුත් එකක් හදන්න කවුරුවත් නැහැ. කිසි කෙනෙකු ප්‍රායෝගික විකල්ප යෝජනා කරල නැහැ. ඒ වගේම, එහෙම ප්‍රායෝගික විකල්ප නිර්මාණය කිරීමේ වගකීමක් කවුරුවත් භාරගන්නෙත් නැහැ. අරගලයෙ මුල් යුගයෙ තිබුණෙ ගෝඨා ගෝ හෝම් කියන ප්‍රමුඛ සටන් පාඨය. ගෝඨා ගෙදර පලයන්, ඊට පස්සෙ වෙන දේ අදාළ නැහැ වගේ කතාවක්. ඉතින් ගෝඨා ගියා. රනිල් ආවා. දැන් සටන් පාඨය රනිල් රාජපක්ෂ ගෙදර පලයන්. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියන එක නැවතත් අදාළ නැහැ. පැවතුණු රාජපක්ෂ ක්‍රමය අවුල් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ක්‍රමයට තවදුරටත් ඉදිරියට යන්නට බැරිවීම නිසා තමයි ලංකාවේ වර්තමාන අර්බුදය නිර්මාණය වුණේ. අපි ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනැ. කොහොමද? සමාජවාදයෙන්ද? ලිබරල් හෝ නව ලිබරල්වාදයෙන්ද? මං නම් කියන්නෙ එහෙම නෙමෙයි, අපි හොයාගන්නට ඕනැ මේ

ජිනීවා ගැන ආණ්ඩුවේ මූලෝපාය

Image
  September 28, 2022   admin   International සමබිම අතිරේකය, අනිද්දා පුවත්පත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් විදේශ ඇමති අලි සබ්‍රි විසින් පවත්වන ලද කතාවෙන් ලංකාවේ වත්මන් රජයේ මූලෝපාය ගැන ඉඟියක් ලබාගත හැකිය. පහත දැක්වෙන්නේ එම මූලෝපායේ මූලික ලක්ෂණයි. 46/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීම ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේ ප්‍රගතියක් අත්කර ගැනීම ස්වාධීන ආයතනවල ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත ලබා දී ඇති අඛණ්ඩ සහයෝගය සහ සම්පත් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ආර්ථික ප්‍රකෘතිමත් වීම කෙරෙහි රජයේ ක්ෂනික අවධානය යොමු වන අතරම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් ප්‍රගමනය සඳහා සමාන ප්‍රමුඛතාවක් ලබාදීම එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් පිහිටුවීම හරහා එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සංවාදය පුළුල් කිරීම ස

ණයට ගෙන පාටි දැමීමෙන් පසු අනාගතය

Image
  September 28, 2022   admin   Politics ඉදිරි සති දෙක තවත් අමාරුද? අජිත් පැරකුම් ජයසිංහ විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමෙන් අනතුරුව දැන් ශ්‍රී ලංකාවේ අවධානය යොමුවී තිබෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම කෙරෙහිය. දැනට ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඉන්දියාව මෙම සාකච්ඡා පසුගිය සැප්තැම්බර් 16දා සුහද අයුරින් ආරම්භ කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය. ඉන්දියාව මේ වන විට චීනය පසුකරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණයදෙන්නා බවට පත්වී තිබේ. මේ වසරේදී පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ ණය හා මුදල් හුවමාරු ආදිය ලෙස ඩොලර් බිලියන හතරක ණය සපයා තිබේ. ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍යාධාර ලබා නොදෙන බවට පසුගිය සතියේ රොයිටර් පුවත් සේවය විසින් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසුවේ ඉන්දියාව හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට උපකාර කරන බවයි. විශේෂයෙන්ම වැදගත් ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන ආයෝජන ප්‍රවර්ධනය කරන බව ද, මේ වන විටත් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 3.5

බුක්ෆෙයා සිතුවිලි

Image
  September 28, 2022   admin   Life අජිත් පැරකුම් ජයසිංහ ළමයින්ට පොත් ප්‍රදර්ශනය බලන්න ඕනැ කිව්ව නිසා සර්ජරියෙන් පස්සෙ සුවවුණ දුව පෙන්නන්න දොස්තර හමුවෙන්න ගිය ගමන් ගියා. දවල් දෙකට කාර්පාක් ෆුල්. BMICH වටේ වට දෙකක් ගිහිනුත් ඇල්ටො කබල ඔබාගන්න තැනක් හොයාගන්න බැරිවුණා. පස්සෙ විජේරාම පාරෙ කිලෝමීටරයක් විතර එහා තැනකට අමාරුවෙන් ඔබලා පයින් ආවා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සිංදු දෙකක් කියනවා බලපු එක තමයි කරපු එකම වැදගත් වැඩේ. පොත් නම් බැලුවෙත් නැහැ වැඩිය. ඔයිල් පැල්ලම ගෙදර ගෙනත් කියවන්න පටන් ගත්තා. වෙනස්. අපට ඕවා ගැන උපදෙස් දෙන්න හැකියාව අඩුයි. හැබැයි, සංස්කාරක භූමිකාවේ වැදගත්කම අවබෝධ වෙනකල් ලංකාවෙ පොත් ප්‍රකාශනය සම්මාන සඳහා ඇප්ලිකේෂන් දැමිල්ලෙන් එහාට ප්‍රොෆෙෂනල් වෙන්නෙ නැහැ. සම්මාන සඳහා පොත් ලිවීමේ හා කියවන බව ප්‍රදර්ශනය කිරීම සඳහා පොත් කියවීමේ ආසාව පාලනය කරගැනීම ජීවිතයේ ඉහළ අවධියක්. හැබැයි, මොන ආකාරයකින් හරි සමාජයට වැදගත් අත්දැකීම් හා දැනුම බෙදාගන්න. අඛණ්ඩව ප්‍රශ්න කරන්න. සංවාද කරන්න. සතුට සඳහා කියවන්න. පොත්පත්වල ඇති සියලු දේ ඇත්ත යයි විශ්වාස නොකරන්න. පරිවර්තනය කරන සහතික ප්‍රින්ට් කරන්නයි, ඒවා දාල

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්

Image
  September 26, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම හැර වෙන කුමක් කරන්නද යන්න සම්බන්ධයෙන් විසඳුමක් නැතිකමයි. දැනට වාමාංශිකයන් විසින් ඉදිරිපත් කර තිබෙන විසඳුම් යෝජනා පහත දැක්වේ. 1. රාජපක්ෂලා හොරකම් කළ මුදල් ආපසු ගැනීම: මෙහිදී තිබෙන මූලික ගැටලුව වන්නේ රාජපක්ෂලා කොතරම් හොරකම් කළාද යන්න නොදන්නා නිසා ඇති තරම් බිංදු අගට දමා ගණන් හැදීමයි. ඊළඟ ප්‍රශ්නය වන්නේ රටේ ජාතික ධනයට ඇත්තටම සිදුවුණේ කුමක්ද යන්න නොසොයා සියල්ලට හේතුව සොරකම යයි සිතීමයි. සොරකම සම්බන්ධයෙන් ගත්තත්, සමස්තය රාජපක්ෂවරුන්ට පැටවීමෙන් විශාල වංචනිකයන් පිරිසකට ආරක්ෂාව ලැබෙන අතර, සොරකම් චෝදනාවම ජෝක් වී ගොස් ඇත. 2. ඇමති මණ්ඩලය අඩු කිරීම: රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පමණක් නොව 500ක් පමණ වන සංස්ථා, මණ්ඩල, අධිකාරි, සමාගම් වැනි රාජ්‍ය ව්‍යවසාය ද, රජයේ අතකොලු වන විවිධ සේවා සමුපකාර සමිති ආදිය ද සහිත දැවැන්ත අ

වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් කිච කරන කෑම

Image
  September 25, 2022   admin   Food අජිත් පැරකුම් ජයසිංහ 2017 ගංවතුරෙන් පස්සෙ අපේ ඔෆිස් එකෙන් එකතු කරපු ආධාර වගයක් බෙදන්න මායි තව ඔෆිස් එකේ කීපදෙනෙකුයි ගියා බදුරලිය පැත්තෙ ගමකට. ඒ වෙනකොට ආධාර ලෝභය පැතිරිලා තිබුණෙ ජනතාව අතර. අපිත් එක්ක කතාකරපු එක ගෑනු කෙනෙක් අඬ අඬ කිව්වා මහත්තයා ක්‍රීම් ක්‍රැකර් කන්න කැමති නැහැ, ඒ වුණාට අද උදේට ක්‍රීම් ක්‍රැකරුත් කෑවාය කියලා. මේ වෙනකොට අරාජිකවාදී ධාරාවේ ප්‍රධාන මාධ්‍යය වන සිරස බත් මුට්ටි වීඩියෝ කරමින් විකාශය කරන්නට පටන් අරන්. කාලා ඉවර වෙලා හෝදන්න වතුර දාලා තියෙන බත් මුට්ටියකුත් ඊයෙ පෙන්නුවා, බලන්න මේ බත්මුට්ටිවලට වෙලා තියෙන දේ කියලා. එහෙමට මන්දපෝෂණ පෙනුමක් නැති ළමයි වරකා කනවා, ජෑම් ගෙඩි කනවා එහෙමත් පෙන්නනවා. වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් හා අරගලෙන් කිච කර දමන කෑම ඉතා පෝෂ්‍යදායී ආහාර. ලංකාවේ එවැනි ආහාර ඉතා සුලබයි. ගම්වල නම් පොඩ්ඩක් මහන්සි වෙනවා නම් මෙවැනි ආහාර ඕනෑ තරම් සොයාගත හැකියි. කොස්ඇට, සිය ගණනක් පළා වර්ග, වෙල් මාළු, වැව් මාළු, ගඩාගෙඩි වගේම මාතලීගෙ වාහනේ, දුවන පුහුල්, ගස් ගෝන්නු වගේ ජාති ගම්වල තවමත් අපතේ යනවා. ටිකක් මහන්සි වෙන්නයි ඕනැ. න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික අර්බුදය හා ආණ්ඩුව

Image
  Adapted from praja.lk

දරුවන්ගේ පෝෂණ ගැටලුවෙන් දේශපාලන වාසි නොසොයන්න

Image
  September 22, 2022   admin   Life ආහාර මිල ඉහළ ගිය බවත්, පෝෂණය සම්බන්ධ ගැටලුවක් මතුවී ඇති බවත් බොරුවක් නෙමෙයි. හැබැයි, තවමත් හාමත් වෙන්නට සිදුවන ප්‍රශ්නයක් ලංකාවෙ තියෙනවද? පෝෂණය ගැන අපේ මිථ්‍යා මත වෙනස් කරගන්නට ඕනැ. මිල අධික කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් නෙමෙයි. ප්‍රෝටීන් ලබාගැනීම සඳහා වෙනත් විකල්ප භාවිතා කළ හැකියි. විස්කෝතු, පීසා, ක්ෂණික නූඩ්ල්ස්, සෝයාමීට්, සොසේජස්, අයිස්ක්‍රීම්, රෝල්ස්, කොත්තු, බනිස්, හොට්ඩෝග්, ෆ්‍රයිඩ් රයිස්, පැණි බීම වැනි ආහාරපානවල මිල අධිකයි. රසෙන් ඉහළ වුණත්, ගුණෙන් අවමයි. ඒ වගේම ශරීරයට අහිතකර බොහෝ දේ අඩංගුයි. ග්‍රාමීයව ගෙවත්තෙන් සොයාගත හැකි බොහෝ අල, පළා, ගෙඩි, එළවළු, පලතුරු, නැවුම් කිරි වගේම වැව්මාළු, වෙල්මාළු, කුඩා මුහුදු මාළු ආදියත් පෝෂණයෙන් ඉහළ මුත් රසය පිළිබඳ කාරණා නිසා අපට මගහැරෙනවා. ඒ වගේම මේවා පිසගැනීම සඳහා කාලය හා ශ්‍රමය අවශ්‍ය වීමත් එසේ වීමට හේතුවක්. අප ගතකරමින් ඉන්නේ දුෂ්කර කාලයක්. මේ වකවානුවේදී අප හැමට පැරණි ජීවන විලාසයන් වෙනස් කරන්නට සිදුවෙනවා. එහිදී අපේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත්. එය දේශපාලන වාසි ලබාගැනීම සඳහා අධි සංවේදීකරණය නොකර සාක්ෂ

ජිනීවා: වගවීම වැඩි දියුණු කරන යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි – නුවන් බෝපගේ

Image
  September 21, 2022   admin   Human Rights එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පරිහාණියට පත්වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට මෙම යෝජනා කෙටුම්පත මගින් නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳ කේන්ද්‍රීය කණ්ඩායම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මලාවි, උතුරු මැසිඩෝනියාව හා මොන්ටිනිග්‍රෝ යන රටවල් මෙම කණ්ඩායමට අයත්ය.  2021 මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගන්නා ලද අංක 46/1 දරන යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේ බලය හා විශ්වාස කළ හැකි චෝදනා එල්ල වී ඇති  පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව ඉලක්ක ගත තහංචි, එනම් දේපළ තහනම් කිරීම් හා ගමන් බිමන් තහංචි පැනවීමේ බලය සාමාජික රටවලට ලබාදී ඇත. යුද්ධය පැවැති සමයේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන ආරක්ෂක හමුද

කැච් මිස් වෙන්නෙ ඇයි?

Image
  September 21, 2022   admin   Politics ක්‍රිකට්වලදි කැච් මිස් වෙන්න ප්‍රධාන හේතුව හරියට බෝලෙ එක්ක ඇහැ තබාගන්නේ නැතුව අවධානය කඩාගන්න එක. පන්දු රකින්නාට පිතිකරු හෝ පිත්ත නෙමෙයි වැදගත්. බෝලෙ තමයි වැදගත්. ඇහැ නිතරම බෝලෙ රැඳිලා තියෙනවා නම්, බෝලෙ එනකොට බෝලෙත් එක්ක චලනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ඉන්න තැනට පිටුපසින් පන්දුව බිම පතිත වෙන, උඩ පැනලා කැච් එක ගන්නත් බැරි, අමාරු තත්වයකදී හරියට ඇහැ රඳවාගෙන බෝලෙත් එක්ක චලනය වෙනවා නම් පස්සෙන් පස්සට නොගිහින් ආපහු හැරිලා ඉදිරියට යමින් කැච් එක ගන්න පුළුවන්. කැච් එක හරියටම අල්ලගත්තට පස්සෙ තමයි බෝලෙ උඩදාන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා තමයි කැච් එක ගත්ත බව පෙන්නන්න බෝලෙ උඩදාන්නෙ. බෝලෙට අමතරව බවුන්ඩරි ලයින් එකටත් ඇහැගහගන්න පුළුවන් ඒක්ස්ට්‍රා ස්පෙෂල් කට්ටියට තමයි. මොක වුණත්, බේසික්ස් එහෙමම තමයි. කැචස් වින් මැචස් කියලා කියමනකුත් තියෙනවා. ඒ කියන්නෙ කැච් නිසා තමයි මැච් දිනන්නෙ. ඔය ඔක්කොම අස්සෙ ක්‍රිකට් බයි චාන්ස් කියල එකකුත් තියෙනවා. ඒ කියන්නෙ වාසනාව ඉතා වැදගත්. හැබැයි මැච් ෆික්සිං හෙවත් තරග පාවාදීම් කියලා ජාතියකුත් ක්‍රිකට් ව්‍යාපාරයේ තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙ

ලක්ෂ්මන් කුරේ හා ත්‍රස්තවාදය සම්බන්ධ උභතෝකෝටිකය

Image
  September 17, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 18 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි. ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයෙක්. ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියායි. ඔහු හදාවඩාගත් පියා වන සරනේලිස් දයාවංශ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතෙක් බවත්, ලක්ෂ්මන් කුරේට පොලිස් අධිකාරිවරයකු වන්නට සිරිසේන උදව් කළ බව කියැවෙනවා. ලක්ෂ්මන් කු⁣රේ අවුරුදු 14ක සිට සිටින්නේ රිමාන්ඩ් භාරයේයි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවෙන් ඔහු මේ වසරේ නිදහස් වුණා. ඔහුට එරෙහිව තවත් චෝදනාවක් තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හෙලිකොප්ටර් යානය ගොඩබෑමට නියමිත වූ බදුල්ල ක්‍රීඩාංගනයක වැළලූ බෝම්බයක් සහ තවත් ආකාරවලින් ජනාධපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමයි. ඔහු පිළිබඳ තොරතුරු හෙළිකරන්නේ කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු විසිනුයි. පිටියේ වැළලූ බෝම්බයක් ද සොයාගනු ලැබුවා. ජනාධිපති ඝාතනය සම්බන්ධ අධිචෝදනා පසුගිය සතියේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළා. ත්‍රස්තවාදය වැළැක

ARE MORE SRI LANKANS LEAVING THE COUNTRY?

Image
  September 15, 2022   admin   English   News Media Spokesperson of the Department of Immigration and Emigration, Deputy Controller, Piyumi Bandara, said, reported by The Island. She said from Jan 1, 2021, up to Aug 30, this year 1,013,992 had obtained new passports, and 1,050,024 Lankans had left the country. Is there an increase in outward migration as highlighted by some media? We found the following facts from the Immigration and Emigration Department. Adapted from praja.lk

ගෑස්වලින් කොමිස් ගැහුවද? කොමිස් ප්‍රශ්නෙට මොකක්ද කරන්නෙ?

Image
  September 14, 2022   admin   Politics චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා . මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි. එහෙම නොකර කෙළින්ම නිගමනවලට එන එක ප්‍රොෆෙෂනල් නැහැ.මේ ලිපිය කියවන්න. ඒකෙ විස්තරය තියෙනවා.  https://www.silumina.lk/…/%E0%B7%80%E0%B7%90%E0%B6%A9… කොමිස් කියන්නෙ බිස්නස්වල සාමාන්‍ය දෙයක්. මාකටිංවලදි තමන්ට බිස්නස් ගේන එකාට සලකන එක සාමාන්‍ය තත්වයක්. ධනේශ්වර නිෂ්පාදනයෙදි හා සේවාවන්වලදි මේක ඉතා සාමාන්‍යයි. නිෂ්පාදනයට වඩා බ්‍රෑන්ඩ් එකත්, ඊටත් වඩා මාකටිනුත් වෙළඳපොළේදි ප්‍රමුඛයි. සරල උදාහරණයක් ගත්තොත්, ඉන්ෂුවරන්ස් පොලිසි එකක් විකිණුවාම රජයට අයත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම පවා රක්ෂණ නියෝජිතයාට විශාල කොමිෂන් එකක් ගෙවනවා. රජයට සැපයුම් කරන වැඩේ නිසානෙ මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. රජයේ නීති අනුව කොමිස් ගන්න බැහැ.

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි

Image
  අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත. ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීම ආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය තවත් දුරය. එය වෙත ළඟාවීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? මෙම කාර්ය මණ්ඩල එකඟතාව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණයකරුවන් සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා ඉදිරියට ගෙනයාමට උත්තේජනයකි. එහෙත්, ණය අඩුකිරීමේ සාකච්ඡාවලට කල්ගත වනු ඇත. ජපානය හා ඇමරිකා එක්සත් ජනපදය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වී තිබීම ද සහනයකි. මෙම පසුබිම තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් හරහා ණය ලබාදීම සඳහා අව

බලය, ප්‍රජාතන්ත්‍රවාදය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාව

Image
  September 10, 2022   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බදු සංවේදී කාරණා ඇතුළත්වීම ඊට හේතුවයි. කලින් ප්‍රකාශ කළ නොහැකි යෝජනා කිහිපයක් තිබෙන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රසිද්ධ කිරීමේ තීරණය ගත යුත්තේ මුදල් ඇමතිවරයා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ සමගි ජන බලවේගයේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි. සජබ මේ අවස්ථාවේ කටයුතු කරන ආකාරය තුළ යම් කඩාකප්පල්කාරී උවමනාවක් ඇතැයි සිතිය හැකි ලක්ෂණ තිබෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. රාජ්‍යය සම්බන්ධ සියලුම දේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් තීරණය කරන්න බැහැ. ඇතැම් තීරණ, තීන්දු ගැනීම සඳහා රාජ්‍යය තුළ නිශ්චිත ව්‍යූහයන් නිර්මාණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට අපරාධකරුවෙකුට දෙන දඬුවම තීරණය කරන්නෙ මහජනතාව එකතු වෙලා නෙමෙයි. සමහර විට, රාජ්‍යය වෙනුවෙන් ඒ තීරණය ගන්නේ එක් මහාධිකරණ විනිසුරුවරයෙකු වෙන්නට පුළුවන්. මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කරන්නෙ සමස්ත මහජනතාව එකතු වෙලා නෙමෙයි. ජනාධිපතිවරයා විතරයි ඒක තීරණය කරන්නෙ. ඒ සියල්ල ප