රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක රට හදන්න පුළුවන්ද?

 

ලංකාවට මේ තත්වය ඇතිවෙන එක වළක්වන්නට ඉවහල් වන, ආණ්ඩුව දැන් කරන්නට යන ප්‍රතිසංස්කරණ මුලින්ම යෝජනා කළේ 2001-04 කාලෙ. ඒ කාලෙ ඒවා කරන්නට දරපු උත්සාහය වැළැක්වූයේ නැතිනම් පසුගිය අවුරුදු 20 තුළ අපි කොයි තරම් ඉදිරියට යන්නට තිබුණාද? විදුලි බල මණ්ඩලේ කෑලි කඩලා විකුණන්න හදනවාය කියලා ප්‍රතිව්‍යූහගත කිරීම වළක්වන්නට වර්ජන මෙහෙයෙව්වෙ කවුද? ජාතික සම්පත් විකුණනවාය කියලා ප්‍රබන්ධ නිර්මාණය කරමින් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වැළැක්වූයේ කවුද?

2004දි චන්ද්‍රිකා අල්ලගෙන ආණ්ඩු පෙරළලා, 2005දි අහක ඉඳපු රාජපක්ෂලාව රෙද්ද අස්සට දාගත්ත එවුන් කවුද? රටින් පිටවෙලා හිටපු බැසිල්ලා ගෝඨාභයලා ආපහු ලංකාවට ගෙන්වාගන්න පාර කැපුවෙ කවුද? උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරි තනතුරු උත්සවාකාරයෙන් පිරිනමමින් නවත්තලා තිබුණු රජයෙ රස්සා දීම නැවත පටන් අරගෙන ලක්ෂ හතක් වුණ රාජ්‍ය සේවය ලක්ෂ 14ක් කරන්නට මුලපිරුවෙ කවුද?

ඒ තමයි ජවිපෙ හා ඒ කාලෙ ජවිපෙ එක්ක හිටපු පෙසප. කුමාර් ගුණරත්නම් ඒ කාලෙ ජවිපෙ ප්‍රධාන චරිතයක්. ඒ කාලෙ අනුර කුමාරගෙත් බොස්.

රාජපක්ෂ ආණ්ඩුවට සහාය වුණ ජවිපෙ, පෙසප හා ඕමල්පෙ සෝභිත මන්ත්‍රී හාමුදුරුවො, කාදිනල්, චම්පික, රාජිත ආදීන් එක්ක අරගල කරලා රට හදන්න පුළුවන් කියලා ‘අරගලය’ හිතනවා නම්, රාජපක්ෂලා එක්ක මේ රට හදන්නට පුළුවන්ය කියල රනිල් හා වෙනත් අය හිතන එකේ තියෙන වරද මොකක්ද?

වැරදි නොකරපු කවුරුවත් මේ ශ්‍රී ලංකාවෙ නැහැ. සුදනො වෙන්න හදන බොහෝ ඉස්සන්ගෙ ඔලුවෙ තියෙන අසූචි ගැන ඉතිහාසය ගැන දන්න අය දන්නවා. ඉතිහාසය නොදන්න රෝං ජෙනරේෂන් එක අන්දවාගත්තාට ඇත්ත බොරු කරන්න බැහැ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා