Posts

Showing posts from 2018

දූෂණ දුරලීමට නිසි පියවර නොගැනීම හා දූෂිතයන් යළි බලය ඇල්ලීම

Image
අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 ලංකා පුවත්පතෙනි මෙම ලිපිය පළ වන පුවත්පතේ දාතම වන දෙසැම්බර් 9 කියන්නේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයයි. ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය විසින් පවත්වාගෙන යන දූෂණ සංජානන දර්ශකය අනුව ලොව රටවල් හා භූමි ප්‍රදේශ 180ක් අතර කරන ලද ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 2017 වසරේ සිටියේ 91වන ස්ථානයේ ය. කලින් අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 95වන ස්ථානයේ ය. ලබාගත් ලකුණු සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ ලකුණු දෙකකින් පමණි. 2016 වසරේ එය 36ක් වූ අතර 2017 වසරේ 38කි.  පසුගිය අවුරුදු පහක් ඇතුළත ශ්‍රී ලංකාව ලබාගන්නා ලකුණු අතර කැපී පෙනෙන වෙනසක් සිදු වී නැත. ශ්‍රී ලංකාව දූෂණය පැත්තෙන් සලකුණු කර ඇත්තේ සුළු ප්‍ර‍ගතියක් පමණි. දූෂණ වංචා නැති කිරීම සඳහා රටේ පවතින නීති මදි බැවින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මෙරට තුළ නීතිගත කරන බවත්, ඒ ඔස්සේ දූෂණ වංචා සෙවීමට අලුත් සංවිධානයක් ස්ථාපිත කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015 අගෝස්තු මහ මැතිවරණයට පෙර මහනුවරදී පැවැත්වුණු එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලියේදී පැවසුවා. පසුගිය රජය කළ දූෂණ වංචා පිළිබඳ පරික්ෂා කිරීමේදී

අතට ලැබුණු විප්ලවීය අවස්ථාව අත් නොහරිමු!

Image
– අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 අනිද්දා පුවත්පතෙනි. සති කීපයකට පෙර මෙම පුවත්පතට අපි මෙසේ පැවසුවෙමු. “මේ වන විට පැන නැගී තිබෙන බල අරගලය ……. හදිසියේ පැනනැගුණ තත්වයක් ලෙස අප දකින්නේ නැත. මෙම අර්බුදය පැනනගින්නේ ම, පවත්නා ක්‍ර‍මය රැකගැනීම සඳහා වඩා මර්දනකාරී පාලනයක් ඉල්ලා මධ්‍යම පන්තියේ පහළ තලය තුළ මතු වූ ජනප්‍රියවාදී රැල්ලත් සමගයි. බල අරගලයේ මුල එතැනයි. ජනාධිපති සිරිසේන  අසු වන්නේ එම රැල්ලේ බලපෑමට ය. මහින්ද රාජපක්ෂ ඉතා නිවැරදිව එතැනට ඇදී එයි. මේ වන විට එම බල අරගලය ප්‍ර‍ජාතාන්ත්‍රික සීමා තුළ සිදු විය හැකි උපරිම තලයට පැමිණෙමින් තිබේ.  එහි ප්‍ර‍තිඵලය පූර්ණ අරාජිකත්වයකි. ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය ආර්ථිකයක් මතට මෙම බල අරගලය කඩා වැටීම නිසා මෙම සමාජ ක්‍ර‍මය ඉතා ඉක්මණින් මුළුමනින් ම බිඳවැටෙන්නට අවස්ථාව උදා වී තිබේ. මේ වන විටත් රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත තත්වයකට පත් වී හමාර ය. මෙය විප්ලවීය මොහොතකැයි අප කියන්නේ ඒ නිසා ය. ජනතාවනි, විප්ලවීය අරගල, ජාතික විමුක්ති අරගල, හමුදා කුමන්ත්‍ර‍ණ ආදී ඕනෑම ආකාරයක පඹගාලක පැටලීමට සූදානමින් සිටින්න.” දිනෙන් දින ම තත්වය තීව්‍ර‍ වෙමින්

මිනීමැරුම්වලින් ප්‍ර‍කාශ වන ප්‍ර‍චණ්ඩත්වය අප වැපිරූ බීජවල අස්වැන්නයි

Image
පසුගිය සතියේ සිදු වූ භයානක අපරාධ සිදුවීම් දෙකක් සමාජය දැඩි කම්පනයකට ලක් කිරීමට හේතු විය. මාතර සිදුවීමේදී බාල වයස්කාර සිසු පිරිසක් විසින් තවත් 19 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කරන ලදී. දෙවන සිදුවීමෙහිදී මොනරාගල තරුණයකු විසින් තරුණියකගේ ගෙල මිරිකා මරා දමන ලදී. මාතර ඝාතනය සීසීටීවී කැමරාවක සටහන් වී තිබිණි. මොනරාගල ඝාතනය කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ කර තිබිණි. රූපවාහිනී හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම් අධි සංවේදී ලෙස වාර්තා කරනු ලැබීමට මෙම වීඩියෝ දර්ශන හේතු විය. සීසීටීවී දර්ශන සිද්ධියක අධි සංවේදීකරණය සඳහා අතිශය වැදගත් ය. මෙම සතියේ තවත් මෙවැනි සිද්ධියක් වාර්තා විය. එහෙත්, වීඩියෝ දර්ශන නැති නිසා සමාජය ඒ ගැන එතරම් කතා කළේ නැත. එම සිද්ධියේදීත්, පාසලේ ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරනු ලැබුවා. එයට සැක කරන ඝාතකයා වයස අවුරුදු 15ක සිසුවෙක්. මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ගම්බද ප්‍රදේශවලින් විතරක් නෙමෙයි. කොළඹ ප්‍ර‍සිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් පාසල් බිමේදී ම තවත් සිසුවකුට පහර දී අතක් කඩාදැමීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා වුණා. ඒ කාලෙ නම් මේ වගේ නැහැ

අමිල හිමිට සල්ලි දීපු කේස්සෙක ගැන වැඩිදුර විස්තර මෙන්න

Image
රජගල මට නම් අමිල හිමි හා තවත් සිවිල් සමාජ නියෝජිතයන් යූඇන්පිය හරහා සල්ලි ගැනීම ගැන කිසිම මෙව්ව එකක් නැහැ. මං නම් ගත්තෙත් නැහැ. ඉල්ලුවෙත් නැහැ. මට සල්ලි, ජොබ් හෝ බිස්නස් හෝ ඕනැකමක් තිබුණෙත් නැහැ. ලොකුවට නැති වුණාට මට අවශ්‍ය ප්‍රමාණයට මට ඒවා තිබුණා. අපි වැඩ කළේ ඒවාත් අවදානමේ හෙළාගෙන. ලොකු ලොකු දේවල් නෙමෙයි, මාධ්‍ය පැත්තෙන් වැඩිපුර වැඩ කරන්නට අවකාශයක් හදාගන්නට උවමනාව තිබුණත්, අපි ඇසුරු කළ මාධ්‍ය බුවාලා කියන්නෙ කුහකත්වයේ ඔස්තාද්ලා. උන් මුලින් ම කළේ අපට ගේම දෙන එක. සිවිල් සමාජ සෙට්ටෙකෙන් හෝ මාධ්‍ය සෙට්ටෙකෙන් හෝ යූඇන්පියෙන් හෝ අපේ අරමුණු සඳහා උපකාර නොලැබෙන බව අපි නම් බොහොම ඉක්මණින් අවබෝධ කරගත්තා. උන් ඉතාම සාමාන්‍ය කුහකයෝ. අපි වගේ උන්ගෙ පුක පස්සෙන් නොඑන, උන්ට ඕනැ විදියට නටන්න සූදානම් නැති එවුන්ගෙන් ගන්න පුළුවන් වැඩක් හෝ ගන්නට උන් බය වුණා. හැබැයි, අපි අපේ අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීම අත්හැරියෙ නැහැ. අපි වැඩ කළේ අපේ අතින් වියදම් කරගෙන. බ්ලොග් ලියනවාට, සෝෂල් මීඩියා සටහන්වලට අමතරව, සතිපතා පත්තර දෙකකටවත් අපි ලිව්වා. ඒ සියල්ල කළේ නොමිළේ. ඒවා කරන අතර ආර්ථිකය නඩත්තු කරන්නට වෙනම වැඩ කළා. පොතුත්

රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද? එය පැරදවිය යුත්තේ ඇයි?

Image
අජිත් පැරකුම් ජයසිංහ (අනිද්දා පුවත්පත 2018-12-02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර ඇති වූ කුමන්ත්‍රණකාරී ප්‍රතිසංවිධානය මගින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට මේ වන විට මාසයක් ගත වී තිබේ. බහුතර සහයෝගය නොමැති ආණ්ඩුව මෙම සටහන තබන මොහොත වන විට පාර්ලිමේන්තුව වර්ජනය කරමින් කැළෑ වැදී තිබේ. පාලනය අස්ථාවර තත්වයට පත් වී තිබෙන අතර එය අමාරුවෙන් තුලනය කරගෙන පවත්වාගෙන යන ලද ආර්ථිකයට මරු පහරක් එල්ල කර තිබේ. පසුගිය මාසයක ආර්ථික හානියෙන් මේ රටට ගොඩ ඒමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇත. නිදසුන් ලෙස, මූඩි ණය දර්ශකය විසින් ශ්‍රී ලංකාව පහළ මට්ටමක ශ්‍රේණිගත කිරීම ණය ලබාගැනීමේදී බරපතල ගැටලු ඇති කරයි. සහන පොළී මත විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ණය වාරිකය නවතා තිබේ. විදේශ සංචිත දුර්වල වීම ශ්‍රී ලංකාවේ ණය ලබාගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපාන අතර මුල්‍ය වෙළඳපොළෙන් ඉහළ පොළියට ණය ලබාගැනීමේ විකල්ප වෙත ඊනියා ආණ්ඩුව දැනටමත් යොමු වී තිබේ. එක්සත් ජනපදය, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාව සමග ගිවිසගැනීමට නියමිතව තිබූ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවා තිබේ. යුරෝප

විධායක ජනාධිපති ක්‍ර‍මය නම් දැලි පිහිය

Image
අප පහත දැක්වෙන සටහන තැබුවේ 2015 ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් මාසයේදී ය. මුල් ලිපිය මෙසේ ය:   අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය… විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය. අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය. ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. ජනාධිපති මුක්තිය ඉවත් කරන්න ජනාධිපතිවරයාට දැරිය හැකි ඇ

මහින්දගේ රට ගොඩනගන මැජික්වල ඇත්ත හෙළිදරව් වීම

Image
අජ ජිත් පැරකුම් ජයසිංහ, නොවැම්බර් 25දා අනිද්දා පුවත්පතෙනි කුමන්ත්‍රණයකින් බලය ඩැහැගත් සිරිසේන – මහින්ද බල හවුල 2015 ජනවාරි 8 හැටදෙලක්ෂයේ ජනවරමට පයින් ගසමින් බලය තහවුරු කරගනිමින් සිටියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් පැරදීම හෝ ව්‍යවස්ථාවේ ගරුත්වය හෝ තමන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නැතිකම හෝ නොතකා දිගටම බලයේ එල්ලී සිටින ගමන් මන්ත්‍රීවරුන් මිළ දී ගැනීම යළි ආරම්භ කර තිබේ. වසන්ත සේනානායක හා සුරේෂ් වඩිවේල් වැනි ලජ්ජා විරහිත ප්‍රාණීන් ආපසු යන්නේ ගත් මුදල් නිසා ඔවුන් මුහුණ දෙන තර්ජන නිසා විය හැකි ය. සදාචාරයක්, ආචාරධර්මයක් නැති ජනාධිපතිවරයකුට බලය ලැබුණු විට විධායක ජනාධිපති ධුරය ඔස්සේ සිදු විය හැකි නරකම දෙය පිළිබඳ සජීවීකරණයක් මෛත්‍රීපාල සිරිසේන විසින් සපයමින් සිටියි. මෙය වනාහි විධායක ජනාධිපති ක්‍රමය පමණක් නොව, සමස්ත සමාජ ක්‍රමය ම උඩු යටිකුරු කර වෙනස් කිරීමට පවා අවශ්‍ය නම් යොදාගත හැකි විප්ලවීය අවස්ථාවක් බව අපි කලින් ලිපියෙනුත් පෙන්වා දුන්නෙමු. එහෙත්, ලංකාවේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන විශ්වාසය මුළුමනින් ම නැති කරගෙන නැති බවත්, තවමත් තත්වය යහපත් අන්දමින් වෙනස් කරගැනීම කෙරෙහි බලාපො

බලය ඇල්ලුවට ණය කන්ද දැක්කාම දැන් සැප ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ, 2018 නොවැම්බර් 25 ලංකා පුවත්පතෙනි. මූඩිගේ ආයෝජන සේවායතනය කියන්නේ ආයෝජකයන්ට රජයන්ගේ සහ බැංකු ආදියේ ස්ථාවරත්වය පිළිබඳ විග්‍ර‍හ සපයන පිළිගත් ආයතනයක්. මෙම විග්‍ර‍හ ආයෝජකයන්ට ඉතා වැදගත්. ඔවුන් ආයෝජන සිදුකිරීමේදී මෙම විග්‍ර‍හ සැලකිල්ලට ගන්නවා. මූඩිගේ විග්‍ර‍හ අනුව කිසියම් රටක ආයෝජනය කිරීම අවදානම් සහගත නම්, ආයෝකයන් එක්කෝ ආයෝජනය නොකර ඉන්නවා. නැතිනම්, ඉහළ ප්‍ර‍තිලාභයක් තිබේ නම් අවදානම අරගෙන ආයෝජනය කරනවා. හරි ගියොත් ලොකු ලාභයක්. වැරදුණොත් ලොකු පාඩුවක්. මේක හරියට ප්‍ර‍මුඛ බැංකුව, සක්විති, දඬුවම් මුදලාලි, ඊටීීඅයි පන්නයේ  ව්‍යවසායවල ආයෝජනය කරනවා වගේ වැඩක්. හරි ගියොත් ලොකු ලාභයක් ලැබෙනවා. බැංකු, කොටස් වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වගේ ඒවා එහෙම නැහැ. ඒවායේ කරන ආයෝජන වඩා සුරක්ෂිතයි. හැබැයි ලාභය සාපේක්ෂව ඒ තරම් විශාල නැහැ. මූඩිගේ ආයෝජන සේවායතනය විසින් පසුගිය 20දා ශ්‍රී ලංකා රජය පිළිබඳ විග්‍ර‍හයක් නිකුත් කරමින් ඔවුන්ගේ රේටිං හෙවත් ප්‍රමාණනයන් තුළ ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ සිට බී-2 මට්ටම දක්වා පහත දැමුවා. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ආයෝජනය කිරීම ස්ථාවර වෙන්නට පුළුවන් වගේ ම අස්ථ

ලංකාවේ තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය

Image
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන සමාජ වෙනස වෙනුවෙන් තරුණයන් බලමුළුගැන්වීම පිළිබඳ වැඩසටහනකදී අද දින මට තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්නට තිබෙනවා. මේ අදහස් ටික ගොනු කරගන්නේ ඒ වෙනුවෙනුයි. තරුණ දේශපාලනය කොහොමත් සටන්කාමීයි. ලංකාවේ උතුරේත්, දකුණේත් රැඩිකල් තරුණ දේශපාලනය 1960 දශකය දක්වා ම කේන්ද්‍ර වුණේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සමගයි. 1950 දශකයේ මැදභාගයේ පටන් යම් ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ ලංකාවේ ආරම්භ වුණා. බස් ජනසතුව, වරාය ජනසතුව ආදී වශයෙන් හැඳින්වුණ වැදගත් ආර්ථික ව්‍යවසාය රජයට පවරාගැනීමේ ව්‍යාපාරය ඉදිරියට ගියත් එමගින් ලංකාවේ තරුණයන් බලාපොරොත්තු වූ අන්දමේ රැඩිකල් සමාජ වෙනසකට මුලපිරුණේ නැහැ. එහෙත්,  ලංකාවේ තරුණ දේශපාලනය සුවිශේෂ රැඩිකල්කරණයක් වන්නට පටන් ගත්තේ 1960 දශකයේ මුල්භාගයේදීයි. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සන්ධානගත වීම මෙයට මූලික හේතුවක් වුණා. ඒ හා සමාන්තරව ඇති වූ චීන -රුසියානු මතභේදය මත වඩා රැඩිකල් තරුණ කොටස් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල දෙසට ආකර්ශනය වීමක් ද දකින්නට ලැබුණා. ලංකාවේ රැඩිකල් තරුණ දේශපාලනයේ තිඹි

ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තර බලපෑම් සිදු වන පසුබිම

Image
– අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 18 ලංකා පුවත්පතෙනි) ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී ඔහු විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරන ලද කුමන්ත්‍ර‍ණය සමග මතු වූ දේශපාලන අර්බුදය තවමත් දිග්ගැසෙමින් තිබේ. මෙම අර්බුදය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අර්බුදයට පෙර සිට ම කඩාවැටෙමින් තිබුණු අතර දැන් එය තීව්‍ර‍ වී තිබේ. රුපියල බාල්දු වීමට එක් හේතුවක් වූයේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍ර‍තිපත්ති හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීමයි. අනෙක් පැත්තෙන් ලංකාව අපනයනවලට වඩා ආනයන සිදු කිරීම හේතුවෙන් ගෙවුම් ශේෂයේ ඇති වුණ වැඩි වීම ද රුපියල බාල්දු වීමට බලපෑවේ ය. මහින්ද බලයට පැමිණි පසු රුපියල බාල්දු වීම පාලනය කිරීම සඳහා කළේ වහ වහා සල්ලි අච්චු ගැසීමයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වල තිබුණු ඩොලර් මිලියන 50ක් මුදාහැරුණු බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය යනු කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දකි. එය සැබෑ සංචිතයක් නොවේ. එහි තිබෙන්නේ ද ණය ම ය. එහෙත්, විදේශ සංචිත පවත්වාගෙන යාම මහේක්ෂ ආර්ථික කළමනාකරණයේදී වැදගත් ය. ශ්‍රී ලංකා රජය ආර්ථිකය පවත්වාගෙන යන්